Powered By Blogger

Wednesday 31 May 2023

විජේවීර සොයා යාම

 


"කතා කෝච්චිය" YouTube නාළිකාව පටන් ගත්තට පස්සේ මේ වන විට පෙට්ටි 06 ක් අමුණලා තියෙනවා.

බන් දැනට අන්තිමේට අමුණපු පෙට්ටිය තමයි "විජේවීර සොයා යාම"

මගේ කතා කෝච්චියේ අන්තිමට අමුණපු පෙට්ටිය

"විජේවීර සොයා යාම" මෙතැනින් බලන්න.

ඒ කතාංගයෙන් මා ඩොක්‍යුමෙන්ටරි නිර්මාණයට එළැඹුණු ආකාරය ගැනත් මා හැදූ වාර්තා වැඩසටහන් කීපයක් ගැනත් සඳහන් කළා. විජේවීර සොයා ගියේ "දිදුළඹර" නමින් ජවිපෙ 40 වසරක ඉතිහාසය පිළිබඳ කළ විචිත්‍රාංගය වෙනුන්.

"දිදුළඹර" මෙතැනින් බලන්න.
.
එක්කම 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ වෙනුවෙන් "මහින්ද දිනවිය යුත්තේ ඇයි ? තේමාව යටතේ හැදූ ප්‍රචාරාත්මක වැඩසටහන ගැනත් සඳහන් කළා.

 "නව යුගයක අරුණැල්ල" මෙතැනින් බලන්න.

මේවා ගැන කතා කළේ ඉතිහාසය සිහිපත් කරන්නට මිස අන් චේතනාවකින් නොවේ. අපට ඉතිහාසයෙන් ගැලවෙන්න බෑ. ඒත් ඉතිහාසයේ එල්බ සිටිය යුතුත් නෑ. අපට වගේම ජවිපෙටත් එය එක වගේ සාධාරණ විය යුතුයි.
ජවිපෙ ප්‍රචාරක අංශයේ ඉල්ලීමට දැනට දශක කීපයකට පෙර මා මේ වාර්තා හා ප්‍රචාරාත්මක රූපාවලි නිර්මාණය කළේ වෙනත් ලාබ
ප්‍රයෝජන තකා නොව පක්ෂය වෙත වූ බැඳීම නිසයි.



All 

No comments:

Post a Comment