කලකට පෙර තැබූ සටහනක් කෙටි කොට ආයෙම ලියන්න හිතුණේ කිසියම් කාරණයකට අප හිතවත් ඉංජිනේරු මහාචාර්යවරයෙක් අංජනමක් බලන්න කට්ටඬියෙක් හොයාගෙන යන බව කිව්වමයි.
කොහොමටත් ගස්, ගල් වන්දනා කළේ නැති මං පුංචි කාලෙ දෙමාපියන් පුරුදු කරපු පිළිම වන්දනාවත් නැවැත්තුවා. ඒ එක්කම නැකැත්, වෙලාවල්, ලග්න පලාපල, අංජනම් බැලීම්, සාස්තර ඇසීම යනාදී විද්‍යාවෙන් අර්ථකථනය නොවන මිත්‍යා හුරුපුරුදු වලින් මිදුණා.
වාහනේ පිළිම, කොන්ත එල්ලන් යන්නෙත් නෑ.
පාර අයිනෙ තියෙන කානික්ක කැටවලට, පිං කැටවලට සල්ලි දාන්නෙත් නෑ. රාහුකාලෙ බලන්නෙත් නෑ. ආසිරි පැන් ඉහ ගන්නෙත් නෑ. පිරිත් නූල් ගැටගහන්නෙත් නෑ. සුර, බොරලික්කං එල්ල ගන්නෙත් නෑ. පන්සල්, පල්ලි දැක්කම ආසනෙන් නැගිටින්නෙත් නෑ.
මේ ටික ලිව්වෙ ඒවා විශ්වාස කරන අය විවේචනය කරන්න, හෙලා දකින්න නොවේ.
ඉහතින් සඳහන් කළ මගේ මිතුරා තවත් මිතුරියකගේ උපදෙස් මත වෙනත් මිතුරෙකු වෙනුවෙන් ඒ ගමන යනව කිව්වම හිතුණේ මිනිස්සු ගිලෙන්න ගියාම වැල්පොටවල් වල වුණත් එල්ලෙනවා නේද කියලයි.
මමත් ඔබ ඉහත සදහන් කල මිත්‍යාවන් කිසිවක් විශ්වාස කරන්නෙ නැහැ.ඒ වගේම ඒවා කිසිවක් පිලිපදින්නෙත් නැහැ.
ReplyDeleteසටහන ගොඩක් කෙටියි වගේ දැනුනා...මාතෘකාවෙන් ඉස්මතු කරන දේ සටහනේ විස්තර වෙන්නෙ නැති නිසා..
ReplyDeleteමේ වගේ දේවල් විශ්වාස කරන එකට උගත් කම කොතරම් දුරට සම්බන්ධයක් තියෙනවද කියන එක ප්‍රශ්ණාර්ථයක්...කොතරම් උගත් උනත් සමහර ආකල්ප උගත් කමත් එක්ක බලන කොට ඉතා පසුගාමී චරිත ඉන්නවා..
ජීවීතය ගැන බලාපොරොත්තු අන්තිම තිතක් දක්වා හීනී වෙලා යනකොට මේ වගේ දේවල් වල එල්ලෙනවා. ඒක ඒ තත්වයටම වැටිච්චි එක්කෙනෙකුට විතරක් සමහර විට තේරේන දෙයක්...ඒත් අතහැර ගන්න තරම් බුද්ධියක් තියෙනෙ කෙනෙක් මේ වගේ දේවල් වලට යොමුවෙන එකක් නෑ..ඒකට උගත්කමට වඩා අවශ්‍යවෙන්නේ බුද්ධිය..මේ වගේ බලාපොරොත්තු නැති වෙච්චි ජීවීතවලට බලාපොරොත්තු දීලා තමන්ගේ මඩිය තරකරගන්න හදන හොර වෙද්දු, කට්ටඩියෝ ඕනා තරම් ඉන්නවා.
+++++++++++++++++++++++++
ReplyDelete