Powered By Blogger

Thursday 13 August 2015

හෘද(ය) සාක්ෂියේ කතිර කතා

හ ඡන්දයක් අභිමුඛව සිටිමින් ඡන්ද කෙරුවාවෙ මතකය අතීතයට රැගෙන යද්දි නැවතුණේ 2005 ජනාධිපතිවරණයෙයි, මහමැතිවරණයෙයි.

ස්වර්ණවාහිනි‍යේ ඉන්දැද්දිම ජනතා විමුක්ති පෙරමුණේ  ප්‍රචාරක අංශය එක්ක විවේක ලැබෙන පරිදි වැඩ කරමින් සිටි නිසා මේ ඡන්ද දෙකේදිම මට ප්‍රචාරක කමිටුවට සම්බන්ධ වන්නට ආරාධනා ලැබුණා.


පක්ෂයේ මාධ්‍ය අංශය භාරව සිටි ගම්ලත් හරිම නිහතමානී, නම්‍යශීලී පුද්ගලයෙක් වුණ නිසා මගේ විෂයය වූ වීඩියෝ විශේෂාංග මෙන්ම දැන්වීම් නිර්මාණය කිරීමේදී මාදිවෙල මංත්‍රී නිල නිවාසයක පිහිටි ස්ටුඩියෝ එකේ වැඩ කරන එක පහසුවක් වුණා.


සිරසේත්, ස්වර්ණවාහිනියේත් නිෂ්පාදන අංශයේ අත්දැකීම් බහුල ජයන්තගෙන් ලද සහයත් අමතක කරන්නම බැහැ.


2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට උපරිමයෙන් කඩේ ගොස්, ඔහු සිංහාසනාරූඪ කිරීම හරිද, වැරදිද නැත්නම් ජයග්‍රහණයෙන් පසු පැත්තකට වී අත සෝදා ගෙන පාරම්බෑම හරිද, වැරදිද කියා තක්සේරු කිරීම මේ මොහොතේ වැදගත් නොවුණත්, පසු කාලීනව ජ.වි.පෙ. මුහුණ දුන් අර්බුද රැසක මූල බීජය එතැන කියා මට සිතෙනවා.


මහින්ද ජනාධිපති කරවා සති කිහිපයක් ගත වන්නට පෙරම "පුටුවේ ඉන්දෙව්වා වගේම පුටුවෙන් ඇද දාන්නෙත් අපි" කියා සිරි අයියා (සෝමවංශ අමරසිංහ) කෑ මොරදුන් අයුරු මට මේ දැන් ඇහෙනවා වගෙයි.




සිරි අයියාගේ කටට බ්‍රේක් නැති බව පක්ෂය අවබෝධ කොටගෙන සිටින බව මා දැන ගත්තේ පක්ෂයේ 40 වන සංවත්සරය වෙනුවෙන් "දිදුලඹර" නමින් ජ.වි.පෙ. ඉතිහාසය පිළිඹිබු වූ වාර්තා විචිත්‍රාංයේ පිටපත සකසා අධ්‍යක්ෂණය කරන්නට දවස් ගණන් ඔහු සමග තොරතුරු කතා බහ කරද්දී මෙන්ම ජනාධිපතිවරණයේදී මහින්ද දිනවිය යුත්තේ ඇයි කියා පැහැදිලි කරමින් "නව යුගයක අරුනැල්ල" නමින් රූපවාහිනී ප්‍රචාරාත්මක විචිත්‍රාංගය නිර්මාණය කරද්දීයි.


"දිදුලඹර"  

https://www.youtube.com/watch?v=NBKMH_MyUAE

"නව යුගයක අරුනැල්ල" 

https://www.youtube.com/watch?v=mARfxbTit-k

මේ අවස්ථා දෙකෙන් පළමු අවස්ථාවේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන් මට ලැබුණ උපදෙස වූයේ සිරි අයියා කියන දේවල් තාර බර හැර යොදා ගන්නා ලෙසයි. දෙවන අවස්ථාවේදී පක්ෂයේ නියමුවන් වූ ටිල්වින්, විමල්, අනුර කුමාර, ලාල්කාන්ත, බිමල් වැන්නවුන්ගේ Voice cut ගත්තත් සිරි අයියාගේ ප්‍රකාශයක් ලබා ගැනීමට උපදෙස් ලැබුණේ නැහැ.


සිරි අයියා මොනා කියයිදැයි විජිතලා, අනුරලා, විමල්ලා විපිළිසර වුණා. දැන් ඔහු කියන දේ ඇහුවම ඔවුන්ගේ අනියත බිය සාධරණ යැයි හිතෙනවා.


"නව යුගයක අරුනැල්ල" ට අදහස් දැක්වූ ජ.වි.පෙ. නියමුවන් රටේ ගැලවුම්කරු මහින්ද රාජපක්ෂ බව අවධාරණය කළේ මහින්දගේ ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති රැගත් මහින්ද චින්තනය ඔසවා තබමින්. එදා ඔවුන් රනිල්ගේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ පතුරු ගැහුවා.


ජනතාව ඉදිරියේ ධනපති පංතියේ දේශපාලකයෙකු පිළිබඳ ඉහළ තක්සේරුවක් කරමින් ඔහුව බලයට ගෙන එන්නට තීරණාත්මක දායකත්වයක් ලබා දී අනතුරුව පසෙකට වී හිඳිමින් හුදු විවේචනයෙන් පමණක් ජාම බේරාගැනීමේ දේශපාලනය එදත් මට ප්‍රශ්නයක් වුණා.


ඒත් එදා මගේ රාජකාරිය වූයේ ඔවුන් පවසන දේ වාර්තා කිරීම පමණයි.


වැඩසටහනේ පූරිකා කාරිය ඉටු කළ කල්හාරී, ගායනයටත් වඩා පිටපතක් අනුව රූපවාහිනී ඉදිරිපත් කිරීමට දක්ෂ බව මා දැනගත්තේ එදායි. (ඉහත වීඩියෝව නැරඹුවොත් මා කියන දේ ඔබට වැටහේවි.)


ඒ වගේම ප්‍රවාරාත්මක දැන්වීම් සඳහා පෙනී සිටි දයාදේව වැන්නවුන්ගේ නිහතමානී කැපකිරීමත්, පසුබිම් කථනය කළ ප්‍රබල ගුවන් විදුලි හඬ පෞරුෂයකින් හෙබි අමරසිංහගේ දායකත්වයත් අමතක කරන්න බැහැ. අද මේවා කී දෙනෙකුට මතකද දන්නේ නැහැ.

අක්ෂි වෛද්‍යවරයෙකු ඇස් පරීක්ෂා කරද්දී රෝගීන්ගේ අක්ෂි කාචයේ සීනුවක ලාංඡනය දකින ආකාරයේ වූ දැන්වීමේ අක්ෂි වෛද්‍යවරයා ලෙස රංගනයේ යෙදුණේ දයාදේවයි. මේ සඳහා තම වෛද්‍ය මධ්‍යස්ථානය ලබා දුන්නේ එවකට ජ.වි.පෙ. අදෘශ්‍යමාන අභ්‍යන්තර නායකයා වූ ගැමුණු (ගුණරත්නම්)ගේ මස්සිනායි.

ඒ වගේම උදෑසන අවදි වන විට විවිධ ආගම්වලට සම්බන්ධ සීනු, ඝණ්ඨාර හැඬවෙනු ඇසෙන දැන්වීමේ පෝරේ පන්සලේ ඝණඨාරයත්, ගම්පහ පැත්තේ උදිත සම්බන්ධීකරණය කළ කතෝලික පල්ලියේ සීනුවත්, ටොරිංටන් කෝවිලේ සීනු හැඬවීමත් යොදා ගත්තා මතකයි.

මේ දැන්වීම් වල මූලික සංකල්පය එවකට පක්ෂයේ ප්‍රචාරක ලේකම් වූ වීරවංශගේ. එකී සංකල්පයන් වඩාත් ඔප මට්ටම් කොට ආකර්ශනීය දෘශ්‍යාවලියක් බවට පත් කිරීමට අපට වඩාත් වෙහෙස වන්නට සිදු වුණේ ඉතා අඩු සම්පත් වලින් වැඩ කරන්නට සිදු වූ නිසයි.

මේ කාර්යයේදී ස්වර්ණවාහිනියේ රැකියාව කළ හිතවත් කැමරා ශිල්පීන්ගෙන් ලැබුණේ විශාල දායකත්වයක්.

ඉන් වසර 15 ට පසු ජ.වි.පෙ. සිය දේශපාලන ගමන් මගේ තවත් තීරණාත්මක මොහොතක ජනතා ප්‍රසාදය උරගා බැලීමේ සූදුවේ යෙදෙනවා.

ප්‍රධාන ධාරාවේ පක්ෂයක් හෝ සංධානයක් සමග එක් වී තරග කිරීමේදීත්, තනිව සටන් කිරීමේදීත් ජනතා ප්‍රතිචාරය කෙසේ වනු ඇද්දැයි දැනගන්න සූදුව කෙලින්නම වෙනවා.

එදා මේ පසුපස සිටි කී දෙනක් අද පක්ෂය සමග ඉන්නවාදැයි මේ ලියන මොහොතේ ආවර්ජනය කරන්නට සිතුණා.

එවකට ජ.වි.පෙ. නිල නායකත්වය දැරූ සිරි අයියා, නොනිල නායකත්වය දැරූ ගැමුණු, ප්‍රචාරක ලේකම් වූ විබ්බා, මාධ්‍ය අංශය භාරව සිටි ගම්ලත්, කලාකරුවන් සමග සුහද සම්බන්ධතා ගොඩනැගූ ලසිත්, ලංකා පත්තරේ කළ ධර්මෙ, චන්දන වැන්නවුන් අද පක්ෂය සමග නැති වීමේ අඩුව වර්තමාන නායකත්වයට දැනෙනවද දන්නෙ නැහැ.

කාලෙන් කාලෙට නියමුවන් පක්ෂය හැර යද්දී අවශේෂ ජනතාවද ආවෝ ගියෝ වීම ගැන එක අතකට පුදුම විය යුතුත් නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනයේදී තාවකාලිකව නවාතැන් ගන්නා අම්බලමක් වීමේ වැරැද්ද කොතනදැයි වර්තමාන නායකයන් හෝ විමසා බලන්නේ නම් රටට සුබදායකයි.

මා එහෙම කියන්නේ කවර අඩුපාඩුකම් මැද වුවත් ජ.වි.පෙ.ට එක් වන පහළ මට්ටමේ කාඩරයන්ගේ අවංකභාවය හා කැපවීම ගැන ඇති ගෞරවයෙනුයි.

මෙදා වතාවේ බලයට පත්වන කවර පක්ෂයක් හෝ හැසිරවීමේ සුක්කානම ජ.වි.පෙ. ට ලැබේදැයි තක්සේරු කරමින් අනාවැකි කියනවට වඩා මේ දවස් කීපය ඉවසන්න මා කැමතියි.

ඒකට හේතුව ලංකාවේ ඡන්දදායකයන්ගේ හැසිරීම හරිම අවස්ථාවාදී, චංචල මෙන්ම අදේශපාලනික බව මා සිතන නිසයි. 


පුදුම වෙන්න දෙයක් නැහැ. ජ.වි.පෙ. වැනි ජනතාවගේ පෙර ගමන්කරුවා කියන පක්ෂෙකුත් වතාවක් මිලිටරි නායකයෙකු බලයට පත් කරන්නට කඩේ යාමේ අන්ත අදේශපාලනික තීන්දුව ගත්තේ...

ඉතිං තවත් නම් කවර කතාද...?





38 comments:

  1. ජවිපෙ ගැන මෙවර චන්ද කාලය තුල කියවූ නිවැරදිම හා රසවත්ම කියවීම..

    ReplyDelete
    Replies
    1. දකින දේ අව්‍යාජ ලෙස කීම නිසා වෙන්න ඇති.

      Delete
  2. "නව යුගයක අරුනැල්ල" පිටපත නම් ලාමක ආතල් එකක් ලෙසයි මට මුලින්ම දැකපු දවසේ හිතුනේ. රඟපෑම්, රඟපෑම් බවත් පේනවා!

    ReplyDelete
  3. ලංකා පත්තරේ කළ ධර්මෙල, චන්දනල නැතු උනාට ජවිපෙ නායකයට යෝධ හයියක් වෙන්න අලි ඉන්නවනෙ.....

    ReplyDelete
    Replies
    1. ගමරාල අලියගෙ නැට්ටෙ එල්ලී දිව්‍ය ලෝකෙ යෑම මතක් වුණා...

      Delete
  4. ගුනරත්නම්ගේ මස්සිනා කියුවේ ධම්මික පතිරණද

    ReplyDelete
    Replies
    1. නැත. ගුණරත්නම්ගේ බිරිඳගේ බාළ නැගණියගේ ස්වාමිපුරුෂයා.

      Delete
  5. Did you read Wikileaks which reveals that the U.S. Embassy in Colombo had provided with dollars to JVP!!! The party of Rohana Wijeweera receives USA dollar for its election campaign. Today everyone can see how Anura K is canvassing for Ranil Wickramasinghe! This man has been placed in the JVP by CIA.

    ReplyDelete
    Replies
    1. I did not get a chance to read. When this was happened? Any link to read the article?

      Delete
    2. Anura Kumara was attacking Ranil in his recent campaign speeches . Politicians are strange animals

      Delete
  6. ජවිපෙ ඉතිහාසයේ කීප විටක්ම ගත්ත තීරණාත්මක තීන්දු බොහොමයක් අසාර්ථකයි. මොකද මට පෙන විදිහටනම් ජවිපෙ තාමත් බලාපොරොතු වෙන්නේ ලැබ ජනප්‍රියත්වය විතරයි ,ඒ පිළිබඳව ඔවුන්ට නොතේරුනාට .
    හෙන්රි අයියා රුපවාහිනිය ගැන කරපු විස්තර කියෙව්වම මතක් වුනේ ,කාලයක් මාත් ටයි මාමා සහ අතුල රන්සිරිලාල් මහතා යටතේ ආධුනික හඬ කැවීම් ශිල්පියෙකු හැටියට කටයුතු කරපු කාලය . මහා ලොකු දෙයක් නොකෙරුවත් ඒ කෙටි කාලය තුල සුන්දර(හා අසුන්දර) මතක සටහන් රාශියක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ටයි මහත්තයා ළඟ පුහුණු වුණා නං හොඳ හොඳ රසකතා, සිද්ධි ඇතිනෙ බෙදාහදා ගන්න වටින....

      Delete
    2. ජ.වි.පෙ. තීන්දු ගන්නෙ අධිතක්සේරුව මත....මේ මොහොතෙත් එය ඉතිහාසයේ යළිත් වතාවක් ඔප්පු වෙමින් පවතිනවා....

      Delete
  7. ලංකාවේ ඡන්දදායකයන්ගේ හැසිරීම හරිම අවස්ථාවාදී, චංචල මෙන්ම අදේශපාලනික බව මම ද සිතමි. අපි 17 වෙන දේ බලාගෙන ඉමු. ජ.වි.පෙ හිතන තරමට රටේ මිනිස්සු ඡන්දෙ නොදේවි කියන විෂ්වාසය මට තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු කයිය ගහනවා. ජේ.වී.පී. එකට මෙදා පාර දෙන්න ඕනෙ කියනවා....හැබැයි ඡන්ද පොළට ගියාම මොකක්ද විචිකිච්චාවක් හැදිල අලියට, අතට, පුටුවට, බුලත් කොලේට, හංසයට, ඉබ්බට, ගෙම්බට කතිරෙ ගැහෙනවා.
      ඔන්න ඕකට හේතුව තමයි හොය‍ෙ ගන්න ඕනෙ.
      අහසෙන්එන්න කියන්න වගේ මෙදා පාර අත වෙව්ලනනෙ නැති වෙයිද බලමු...

      Delete
  8. ඔය කියන වකවානුවේ වීරවංශ පෙනි සිටියේ විමලසිරි ගම්ලත් නමින් නේද? මෙතැන ගම්ලත් කියන්නේ ඔහුටද වෙන කෙනකුටද හෙන්රි

    ReplyDelete
    Replies
    1. නැහැ...විමලසිරි ගම්ලත් උන්නේ 94 ට පෙර නේ....මේ වෙන කෙනෙක්. කෙටි චිත්‍රපට හදන, ගුරු ගීතය" වෘතාන්ත චිත්‍රපටයත් හැදුව ගම්ලත්.

      Delete
    2. upali gamlath.Horana thaxila old boy.85 A/Lbatch

      Delete
  9. සෝමවංශගේ ඉවත් වීමත් ජවිපෙට අාශීර්වාදයක් වුණා....... මිනිස්සු බහුතරයක් දැන් ජවිපෙ දිහා බලන්නේ අර පරණ මූණ ඉවත් වූ නිසයි..... ඒක මාර අමුතු විදිහේ වෙනසක්

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද.....ඔව්...මිනිස්සු අලුත් මූණු දකින්න කැමතියි. මතකනෙ 94 චන්ද්‍රිකාගෙ සම්ප්‍රාප්තිය...

      Delete
  10. ඔය සෝමවංශ පක්ෂෙන් ගිය එක නම් ලොකු දෙයක්. මොකද මිනිහා ලංකාවට ආපු දවසෙ ඉඳලම තිබුණෙ විප්ලවයකින් බලේ ඇල්ලීම කියන මෝඩ සංකල්පෙ. මිනිහගෙ සමහර කතාවල ඉඳල හිටල ඕක එළියට පනිනවා. මිනිහගෙ කලින් නායකයා ඇතුළු ජවිපෙ පැරණි පරම්පරාව හැම තිස්සෙම හිතන්නෙ මේ ලංකාවෙ ඉන්නෙ හරිම බූරුවො ටිකක්, උන්ට මේ දියුණු සමාජවාදී සංකල්ප තේරෙන්නෙ නෑ, ඒ නිසා උගත් කියන සුළු පිරිසක් වුණු ශිෂ්‍යයො එක්ක එකතුවෙලා සන්නද්ධ විප්ලවයක් මගින් පාලන බලය ඇල්ලීම හැර ජවිපෙට ප්‍රජාතන්ත්‍රවාදීව රටේ බලයට එන්න බෑ කියන අදහස. හැබැයි ඒ පැරණි බූරු පරම්පරාවට නොතේරෙන එකමදේ තමයි ඔය සජවාදී විප්ලව පැවතුණු හැම රටක්ම එක්කො රාජාණ්ඩු එහෙම නැත්නම් ඒකාධිපතියන්ට යටත්ව පැවති දූෂිත, පිරිහිච්ච සමාජ. ඒවයෙ අවම ප්‍රජාත්න්ත්‍රවාදයවත්, පුද්ගල නිදහසවත් නෑ. සුළු පිරිසක් අති බහුතරය සූරන්කන සමාජයක්. ඒත් ලංකාවෙ එහෙම නෑ. ලංකාවෙ ආණ්ඩු පෙරලෙනවා ඡන්දවලින්, අවම ප්‍රජතන්ත්‍රවාදය හා නිදහස තිබුණා ඒකාධිපතියන්වූ, ජේආර්, ප්‍රෙමදාස හා මහින්ද යුගවලත්. ඒ නිසා ඔය විප්ලව ලංකාවෙ කරන්න බෑ. දැන් ජවිපෙ තමයි නියම ට්‍රැක් එකේ ඉන්නෙ. අනුරගෙ කතාවලට නූතන තරුණ පරපුර ආකර්ෂණය වෙලා, විශේෂයෙන්ම නාගරික උගත් මධ්‍යම පන්තිය, කලාකරුවො, උගතුන්, වෘත්තිකයන්. ඒ නිසා මේවා නොදිරවන සෝමෙ ඇතුළු පැරණි නඩයට දැන් ජවිපෙ කියන්නෙ වහ කදුරු.

    ReplyDelete
    Replies
    1. /මිනිහගෙ කලින් නායකයා ඇතුළු ජවිපෙ පැරණි පරම්පරාව හැම තිස්සෙම හිතන්නෙ මේ ලංකාවෙ ඉන්නෙ හරිම බූරුවො ටිකක්,....../

      බොරුවක් නෙවේ, හැබැයි ඒ අවබෝධයෙන් ප්‍රයෝජනයට ගත්තේ ජෙප්පෝ නෙවෙයි, මහින්ද සහ විමල්

      Delete
    2. කෝසල
      ++++++++++++++++++

      Delete
  11. මම හිතන්නේ නැහැ හෙන්රි අයියා ජවිපෙ කිසිවෙකු සමගින් නැවත සංධානගත වේවි කියා.මීලග පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ප්‍රභල හඬ ඔවුන් වනු ඇති.ඒ තුලින් 2020 පත් වෙන පාර්ලිමේන්තුවේ ප්‍රධන විපක්‍ෂය වීමේ අපේක්‍ෂාව ඇතුව ඔවුන් ක්‍රියා කරන බවකුයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ලිපියට දාන කමෙන්ටුවත් මෙතන දාන්නං.

      ලංකාව ඇතුලෙ පවතින්න පුළුවන් ප්‍රධාන පක්ෂ දෙකකට විතරයි. (වාර්ගික කණ්ඩායම් හැරුනම) තුන්වැනි බලවේගය කියන්නෙ දීර්ඝ ක‍ාලීනව පවත්වා ගන්න පුළුවන් දෙයක් නෙවේ. ප්‍රධාන පක්ෂ දෙකේ තාවකාලික අවුල් එක්ක පමණයි තුන්වැනි බලවේගයකට ඉඩක් තියෙන්නෙ. ජවිපෙ දැඩි මහන්සියක ප්‍රතිපලය විදියට විටින් විට සිදුවන කඩාවැටීම් (මේ කඩාවැටීම්, මේ ක්‍රමය ඇතුලේ අනිවාර්ය අංග) අතරෙ තවමත් රැඳී සිටින්න සමත් වෙලා තියනව.
      නමුත් ඉදිරියට යන්න නං සෑහෙන්න ඈත ඉලක්කයක් වෙච්ච දෙවැනි තැන දිනාගත යුතුයි. ඒ සඳහා මම හිතන විදියට ආණ්ඩුවකට සම්බන්ධ වෙලා ඔවුන්ගේ හැකියාව පෙන්වියයුතුයි. මධ්‍යම පන්තිය (සහ පහල පන්තිය) දිනාගත හැක්කේ එවිට. ජවිපෙ ඇමති ධූර දැරූ කාලයේ කල දේවල් ගැන හුඟ දෙනෙකුට තියෙන්නෙ සුභවාදී අදහසක් නෙවේ. ඒ කාලයේ ඔවුන් හොරකම් නොකලත් වැඩක් කලෙත් නෑ කියන එක මුල්බැහැපු කාරණයක්.

      පහුගිය දවසක යූඇන්පී පාක්ෂිකයෙක් එක්ක කල කතාවේදී ඔහු කිව්ව සමූපකාර ඡන්දෙ දිනුවට පස්සෙ ජවිපෙ ඒවායේ පාලනය කල සාර්ථක ආකාරය ගැන. විශේෂයෙන්ම ගුරුවරුන්ගේ ණය මුදල් ගෙවීම් ආදිය ඉතා ක්‍රමවත්ව සිදුකල ආකාරය ගැන ඔහු කතා කලේ ප්‍රශංසා මුඛයෙන්. ජවිපෙ කලර්ස් පෙන්නන්න කාලෙ හරි. ඉස්සරහට යන්න නං කතාවට අමතරව වැඩ කරල පෙන්නන්නම වෙනව.

      Delete
    2. //මම හිතන්නේ නැහැ හෙන්රි අයියා ජවිපෙ කිසිවෙකු සමගින් නැවත සංධානගත වේවි කියා.//
      මෙහෙම අපි කී පාරක් හිතුවද අප්පා.... ආයෙත් එහෙම හිතමු.

      Delete
    3. //ඉස්සරහට යන්න නං කතාවට අමතරව වැඩ කරල පෙන්නන්නම වෙනව.//
      රාජ්...හරියට හරි. වැඩ කරල පෙන්නන්නම වෙනව.

      Delete
    4. Forgive my ignorance but who is this 'Henry aiya'? I am sure it's not the late Henry Jayasena the dramatist and actor you are referring to?

      Delete
  12. //ලංකාවේ නාගරික මධ්‍යම පංතියට හුරුබුහුටි සුරතලෙක් මුන ගැසී තිබේ. මහාචාර්යවරුන්ගේ සිට නීතිඥවරුන් දක්වා, ව්‍යාපාරිකයන්ගේ සිට ‘සමාජ ජාල ක‍්‍රියාකාරීන් ’ දක්වා නොසිතූ විරූ පරාසයක පිරිසක් ජනතා විමුක්ති පෙරමුනට ඡන්දය දෙන්න යැයි ඉල්ලා පෙරට පැමින තිබේ. මීට වසර කිහිපයකට පෙර, ජවිපෙට ඡන්දය දෙන්න යැයි ඉල්ලා සිටියහොත්, නිසැකවම උපහාසයෙන් සිනාවනු ඇති බොහෝ අය මෙවර තමුන් ජවිපෙට ඡන්දය දෙන බව ප‍්‍රකාශ කරති. නගරබද මධ්‍යම පංතික තීරු අතර පෙර නුවූ විරූ ජනප‍්‍රියත්වයක් මේ වනවිට ජවිපෙ වෙත ලැබී තිබෙන බව ඉතාමත් පැහැදිලිය.

    ඒ විසල් ජවිපෙ පේ‍්‍රමය කුමක්ද?

    ‘ජවිපෙ බලවත් කල යුත්තේ ඇයි?’ යන්නට ප‍්‍රකටව ලැබෙන පිලිතුර වන්නේ ‘පාර්ලිමේන්තුව තුල ශක්තිමත් විපක්ෂයක භූමිකාව’ ජවිපෙ විසින් ඉටු කරනු ඇති බවයි. පත්වන ආන්ඩුව කුමක් වූවත් එහි සොරකම් ඇල්ලීමට ජවිපෙට පුලුවන්. ඒ අනුව නාගරික මධ්‍යම පංතිය විසින් ජවිපෙට පවරන්නට සූදානම් වන්නේ සොරකම් ඇල්ලීමේ භූමිකාවය. ජවිපෙ විපක්ෂයට සුදුසු බව පුන පුනා කීමේ විලෝමය කුමක්ද? ජවිපෙ ආන්ඩු බලයට නුසුදුසු බවයි.//
    ඉහත කොටස උපුටා ගැනීමකි රාමචන්ද්‍රෙග් අඩවියෙන් http://ramachandrageadaviya-ramachandra.blogspot.com/2015/08/blog-post_13.html

    ReplyDelete
    Replies
    1. රාමචන්ද්‍ර කියන, උගත් මධ්‍යම පාන්තිකයන් ජවිපෙට කැමතියි කතාව හරි. මොකද මාක්ස්වාදීන්ගේ විවේචනය ඒක තමයි. හැබැයි ඉතිං ඒගොල්ල කියන දේ කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙවේ. ඒ අතින් බැලුවම ජවිපෙ ඊට වැඩිය ප්‍රායෝගිකයි. ජවිපෙට තියන ආකර්ශනය පොතේ මාක්ස්වාදීන්ට දරාගන්න බෑ.

      Delete
  13. අමතක තළ ඉතිහාසයක් මතක් කොට දුන්න එක හොඳයි. මා වඩාත් කැමති මේ ලියවිල්ල යටින් දිවෙන සදය උපහාසයටයි.කන්න ඕනෙ වුණාම කබරගොයත් තලගොයා වීමේ න්‍යාය.

    ReplyDelete
    Replies
    1. කබරගොයත් තලගොයා වීමේ සුපුරුදු න්‍යාය.

      Delete
  14. හෙන්රි අයියාගේ නොකී කතා පොතේ අවසන් මාතෘකා කිහිපයේ පරණ ජවිපය සහ නූතන ජවිපය ගැන විචාරාත්මකව ලියූ කොටස් කියවා තිබෙනවා... ඒ වගේම ජවිපය මූලික කොටගෙන දේශපාලනය සහ ජීවිකාව ගෙනගිය පුද්ගලයන් සමහරුන් කාලානුරූපව වෙනස් වී තිබීමත් එහි මනාව පෙන්වා දෙනවා. සිරි අයියාගේ පරණ තියරි නූතන ජවිපයට ගැලපෙන්නේ නැතුව ඇති. කවුදෝ කිව්වා වගේ විජේවීර මේ වනතුරු ජීවත් වූවා නම් ඔහුත් අද ජවිපයේ සිටින එකක් නෑ කියන එකයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. //විජේවීර මේ වනතුරු ජීවත් වූවා නම් ඔහුත් අද ජවිපයේ සිටින එකක් නෑ //

      බරපතළ ප්‍රකාශයක් වගේ පෙනෙන හිතන්නට වටින කතාවක්.

      Delete
  15. හෙන්රි, දිදුලඹර වැඩ සටහනේ පසුබිම් කථනය කරුණාරත්න අමරසිංහ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්...කරුණාරත්න අමරසිංහ තමයි. එතුමාගේ ශ්‍රමයට නියමිත මිල ගෙවා පසුබිම් කථනය කරවා ගත්තේ හඬ පෞරුෂය ඉතා වැදගත් කියා සිතූ නිසයි.

      Delete
  16. පහුගිය මැතිවරණ දෙක ගත්තාම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මහජන නියෝජිතයින්ගෙන් රටට් වටිනා බුද්ධිමත් අදහස් හුඟක් මිනිස්සු අතරට ගියා කියල මම හිතනවා.. එත් JVP එකේ වර්තමානය වෙනකොට ඉදිරියෙන් ඉන්න අනුර කුමාර, ටිල්වින් සීල, ලාල් කාන්ත, බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති ,විජිත හේරත්,සමන්ත විද්‍යාරත්න වගේ මහත්වරු ඇරුනාම මිනිස්සු අතරට යා හැකි හඬක් JVP එක ඇතුලෙන් ඇහුනේ නැහැ කිව්වොත් බොහෝ දුරට හරි ඇති.. කෙටියෙන් කිව්වොත් JVP නායකයා විදිහට හිරපු සෝමවංස අමරසිංහ කියන පුද්ගලයාගේ හඬ උනත් මිනිස්සු අතරට ගියේ නැහැ.. මොකද සොම්වන්සගේ ඇතුලෙන් මිනිස්සු අතරට ය්යවන්න පුළුවන් බුද්ධිමත් තාර්කික අදහස් එලියට ආවේ නැහැ.. මෙච්චර කාලයක් JVP එක පක්ෂයක් විදිහට ඉදිරියට අරන් ගියේ මම කලින් කියපු පුද්ගලයින් කිහිපදෙනා විතරයි කියලයි මම පුද්ගලිකව විශ්වාස කරන්නේ..

    එම පුද්ගලයින්ගේ තර්කානුකුල මතවාද කොයිතරම් ද කියනවනම් උග්‍ර ශ්‍රීලංකා කාරයෙක් වෙච්චි මමත් ලංකාවෙන් පිට ඉඳගෙනත් JVP එකට චන්දයක් හදන්න උත්සහයක් ගත්ත. එත් මහමැතිවරණ ප්‍රතිපලයෙන් පසුව වැටහුණු එකම දේ නම් මිනිස්සු JVP එක කියන දේවල් තර්කානුකුලව පිගත්තත්, JVP එක මහජන මුදල් හොරකම් කරන්නේ නැහැ කියන දේ පිළිගත්තත් JVP එකට චන්දයක් දෙන්න මිනිස්සු ඉදිරිපත් උනේ නැහැ.. JVP එකත් එක්ක දුෂණය පිටුදකින්න මිනිස්සුන්ගේ තිබ්බ උද්යෝගය චන්දය ප්‍රකාශ කරන වෙලාවේදී තිබිල නැහැ කියල අකමැත්තෙන් උනත් විශ්වාස කරන්න සිද්ද උනා.

    JVP එකට චන්දෙ දෙවි කියන විශ්වාසයෙන් හිටපු චන්දෙ දාල ඇවිත් කිව්වේ අවසන් මොහොතේ UNP එකට චන්දෙ දුන්න කියලයි.. එකෙන් වැටහෙන්නේ මිනිස්සු JVP එක පාවිච්චි කරන්නේ සත්‍ය තොරතුරු දැනගන්න පමණක්ද කියන දේ ටිකක් විමසලා බලන්න වෙනවා..

    JVP එක පහුගිය චන්ද ව්‍යාපාරය ඇතුලේ කියා හිටියේ පක්ෂ, පාට බලන්නේ නැතුව රට නිවැරදි දිශාවට පදවන්න දායක වෙන්න කියලයි.. මෙතැනදී මම JVP එක කොතැනවත් වරදක් කරා කියල අදහස් කරන්නේ නැහැ (88/89 වැරදුන තැන ඇරෙන්න )...අපේ රටේ චන්ද දායකයින් ගාල්ලෙන් ගීතා සහ මුතුහෙට්ටිගම වගේ උදවිය පාර්ලිමේන්තු යවද්දී මාතරින් සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තු යැව්වේ නැහැ.. ඒ වගේම දුෂණ වංචා චෝදනා තියන උදවිය පාර්ලිමේන්තු යවද්දී බිමල් රත්නායක සහ ලාල් කාන්ත පාර්ලිමේන්තු යවන්න අපේ රටේ මිනිස්සු ඉදිරිපත් උනේ නැහැ.. ඒ වගේ සිද්දීන් එක්ක අපිට වක්‍රාකාරයෙන් තේරම් යන්නේ මිනිස්සුන්ට, වඩා වැදගත් වෙන්නේ උගත්කම බුද්ධියට නෙවෙයි අපේක්ෂකයා නියෝජනය කරන පක්ෂය කියන එක නෙවෙයිද??? ලාල් කාන්තා, බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති වගේ ජනප්‍රිය බුද්ධිමත් පුද්ගලයින් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකින් ඉදිරිපත් උනානම් එකෙන්ම පාර්ලිමේන්තු යනවා කියල මම හිතනවා..පිස්සු මරගාතයක් වෙන පබා 22000 ක් මනාප ගනිද්දී බිමල් රත්නායක මනාප ගන්නේ පබාට වඩා දෙගුණයකටත් වඩා මදක් අඩුවෙන්.. ඒ කියන්නේ මිනිස්සුන්ට වැදගත් පක්ෂය කියන එකයි.. ජනප්‍රිය පක්ෂෙන් පොල්පිත්තක් චන්දෙ ඉල්ලුවත් මිනිස්සු චන්ද දෙන්න ලැහැස්තියි කියන එකයි..

    මගේ තර්කය සහ අදහස මේකයි.. JVP එකේ මේ ඉහත නම් කියවුන පුද්ගලයින් (සෝමවංශ ඇරුනාම ) ළඟ තියන දේශපාලන දැනුම රටේ පාලනයට එකතු උනොත් රටට යහපතක් වෙයි කියල මම හිතනවා.. එත් විකල්ප බලවේගයක් විදිහට JVP එක මිනිස්සුන්ට කියන්නේ පක්ෂ පාට බලන්නේ නැතුව විකල්ප බලවෙගෙට චන්දෙ දෙන්න කියල.. එත් මේ පැවති මැතිවරණයෙ දිහා මැදිහත්ව බැලුවාම තේරුම්ගන්න පුළුවන් සත්‍යය තමයි ප්‍රධාන පක්ෂ දෙක කොයිතරම් හොරා කෑවත් ජනතාව එම පක්ෂ දෙකටම තමයි චන්දය දෙන්න වැඩි කැමැත්තක් දක්වන්නේ කියල.. තව දුරටත් පැහැදිලි කරොත් මිනිස්සු පක්ෂ පාට වෙනස් කරන්න කැමති නැහැ කියන එකයි..

    මම මේ විස්තර ලියල යෝජනා කරන්න යන්නේ වෙනත් අදහසක්..JVP එක සත්‍ය වශයෙන්ම මිනිස්සුන්ට ආදරෙයිනම්, රටට ආදරෙයිනම් , පක්ෂ පාට බේදයක් නැතුව JVP එකට චන්දෙ දෙන්න කියන JVP එකට බැරිවෙයිද පක්ෂ පාට බේදයක් නැතුව එයාලගේ පක්ෂෙම දිනවන්න උත්සහ කරන්නේ නැතුව මොකක් හෝ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට එකතු වෙලා බුද්ධිමත් දේශපාලන දැනුම රටේ ජනතාවට වැඩක් වෙන විදිහකට යෙදෙව්වනම් යහපත් වෙයි නේද.. මිනිස්සු චන්දයක් දෙන්න අකමැති වෙන පක්ෂයක් බදාගෙන තව අවුරුදු පනහක් සීයක් බලන් ඉන්නවට වඩා හොඳ නැද්ද වර්තමානයේ ගලාගෙන යන දේශපාලන ප්‍රවාහයටම එකතු වෙලා අවංකව රටට වැඩක් කරානම්.. දැනට ඉන්න JVP සාමාජිකයින් රටේ ධනය හොරකම් නොකරාවි කියන විශ්වාසය තියෙන නිසා පක්ෂය දිනනකම් බලන් ඉන්න එක සාධාරණ නැහැ නේද...

    මේක අදහසක් විතරයි..මමත් වාසියට සල්ලි වලට පක්ෂ මාරු ක්‍රමය පිළිකුල් කරන කෙනෙක් උනත් රටේ යහපත වෙනුවෙන් සද්භාවයෙන් රට ගැන හිතුවොත් මගේ තර්කය සාධාරණ නැද්ද

    ReplyDelete