Powered By Blogger

Monday, 13 June 2016

වළේ හූවෙන් අහිමි ජීවිත



මේ සංගදිය වුණේ හන්තාන අඩවියේ උපාධියට කඹුරන කාලෙදියි  ඕං.

කොටින්ම කිව්වොත් ශිෂ්‍යයා කාලෙදි.


ඒ කාලෙ සොකක්, ඩොකක් විතරක් නොවෙයි වළේ නාට්‍යයක් ප‍ෙන්නුවත් අපි එතැන ඇති. ඒ තරමටම ඇම්ම. ගාය.


සොක කිව්වෙ film society එකෙන් පෙන්නන වෘතාන්ත චිත්‍රපටියකට. Society කියන වචනෙ තමයි සොක වෙලා සොකෙන් පෙන්නන 
චිත්‍රපටිවලට සොක කිව්වෙ.


“අද සොක බලන්න යන්නෙ නැද්ද ?” කියල ඇහුවම ඕනෙ කෙනෙක් දන්නව කලාගාරෙ චිත්‍රපටයක් පෙන්නන බව. සොකට ගෙනාවෙ අපූර්ව විදෙස් චිත්‍රපට. අවුරුද්දටම ෆිල්ම් බලන්න කොටු කපන කාඩ් කෑල්ලක් ඒ කාලෙ හැටියට රුපියල් දහයකටද කොහෙද තමයි විකුණුවෙ.


ඩොක කිව්වෙ Documentary නැත්නම් වාර්තා චිත්‍රපටි වලට. ඩොක පෙන්නුවෙ නොමිලෙ. ගොඩක් කපල්ස් හවසට කම්මැලි හිතුණම ඩොකට ගියා.


වළ ගැන කියන්න ගෙහුං සොක, ඩොක ගැනනෙ කිව්වෙ.

අවුරුද්දකට වතාවක් වළ සතිය එනවනෙ. වළේ නාට්‍ය බලන්න නං අහල පහල ගං වලිනුත් පවුල් පිටිං එනව. ඒ මුදලට කොහෙන්වත් නාට්‍යයක් බලන්න බැරි නිසාම නොවෙයි. වළේ නාට්‍යයක් බලන එක අපූරු අත්දැකීමක් නිසා.


එක අතකින් එළිමහන් රංග පීඨයක, පිණි බාමින් නළු නිළියන් හා බොහොම සමීපව නාට්‍යයක් නරඹන එක වෙනස්ම අත්දැකීමක්.


අනෙක් අතට වළට ගේන්නෙ ඒ ඒ වසරෙ හොඳම වේදිකා නාට්‍ය තමයි. හූවක් නැතිව පේරාදෙනි වළේ නාට්‍යයක් පෙන්න ගන්න ලැබෙනව කියන්නෙ විශාල ජයග්‍රහණයක් විදිහටයි බොහොමයක් නාට්‍යකාරයො සළකන්නෙ.


සරච්චන්ද්‍ර වළ කියලත් හඳුන්වන පේරාදෙනි සරසවියෙ එළිමහන් රංග පීඨය පිහිටල තියෙන්නෙ ගලහ පාරෙ හිල්ඩා ඔබේසේකර නේවාසිකාගාරය ආසන්නයේමයි.


හිල්ඩ එකේ බැල්කනියට නැග්ගම පහළින් තියෙන වළ පේනව. රඟපානවත් පේනව. ඒත් සමහර වෙලාවට දෙබස් පැහැදිලිව ඇහෙන්නෙ නෑ.


මේ කියන දවසෙ පෙන්නන්න නියමිත වෙලා තිබුණෙ නාට්‍යකලාව පිළිබඳ පශ්චාත් උපාධිය දැරූ ලංකාවේ හිටිය එකම ආචාර්යවරයා වූ දිවංගත සාලමන් ‍ෆොන්සේකාගේ “අහිමි ජීවිත” නාට්‍යය.


කවුරුත් නාට්‍යය ගැන ලොකුවට බලාපොරොත්තු තියාගෙන උන්නෙ සාලමන් ෆොන්සේකා කියන්නෙ පිටරට ගිහිං නාට්‍යකලාව හදාරල ආව කෙනෙක් නිසයි.


ඔන්න නාට්‍ය දර්ශනය පටංගත්ත කියමුකෝ.


වළ පිරෙන්න සෙනග. ඉඩ නැතිවද, ගජේට සෙට් වෙන්නද මංදා සෑහෙන පිරිසක් වළෙන් එළියෙත් උන්නා.


නාට්‍ය නිවීහැනහිල්ලෙ වේදිකාගත වෙනවා.


වැඩි සද්දබද්ද තියෙන, දැඟලිල්ල තියෙන නාට්‍යයක් නොවුණ හංදා එච්චර ගෝ එකක් තිබුණෙ නෑ.


මෙන්න එකපාරටම උඩහින් මෙහෙම සද්දයක් ආව.


“තව ටිකාක් හයියෙන් ‍කිව්ව නාං........” කියල.


දෙබස් එතරම් සද්දෙට ඇහෙන්නෙ නැති නිසාද කොහෙද මීයකට පිම්බ වගේ සද්ද බද්ද නැතිව උන්න ප්‍රේක්ෂකාගාරය මදක් සලිත වුණා. කසුකුසුවක් මතු වුණා.


සුපුරුදු විදිහට තැනින් තැන  “ෂූ.....” සද්දයක් ආවම හැමෝම නිහඬ වුණා.


ටිකකින් ආහෙම උඩහින් හයියෙන් සද්දෙ ආවා. ඒ හඬ  නාට්‍යයේ දෙබස් අබිබවා පැතිරුණා.


“ ඇහෙන්නෙ නැතෝ...තව ටිකාක් හයියෙන් ‍කිව්ව නාං........”


ඒ එක්කම ප්‍රේක්ෂකාගාරයෙන් “ඒයි මෝඩයා.....” කියල එකෙක් කැගැහුවෙ උඩහින් සද්දෙ දාන එකාට.


ඒ එක්කම වළේ තැනින් තැන “කටවහපන් මෝඩයා...”, “ ඒයි මෝඩයා” වගේ දෙබස් සද්දෙට මතු වුණා.


ඒ එක්කම හැමෝම මොනාහරි කතා කරන්න පටන් ගත්ත නිසා විශාල ඝෝෂාවක් පැතිරුණා.


මේ ඝෝෂාව නවතන්න “ෂූ....” සද්දෙට පුළුවන් වුණේ නැහැ.


ඒ එක්කම "හූ......." සද්දෙකුත් ආව.


ආයෙ කියන්න දෙයක් ඇතැයි. කැම්පස් එකේ හූවක් ආවොත් ආයෙ ලේසියෙන් නවත්තන්න කියලයැ.


අර බණ්ඩාරනායක අගමැතිටත් හූ කිව්ව එකේ. 


හැබැයි බණ්ඩාරනායක නං කිව්වලු “ලොකු නරිය ආවම පොඩි නරි හූ කියන එක පුදුම වෙන්න දෙයක් නොවෙයි” කියල. එතකොට හූව කොහෙන් ගියාද නැති වුණාලු.

ඒත් සාලමන් ෆොන්සේකාට ඒ ඉවසිල්ල තිබුණෙ නෑ.


නළු නිළියො වේදිකාව පිටුපස ඉද්දි වේදිකාවට තනිවම ආව ආචාර්යතුමා කෝපයෙන් කෑ ගැහුවා.


“ මොකාද හූ කියන්නෙ. නාට්‍ය බලන්න බැරි උන් පලයව්. විශ්වවිද්‍යාලෙ කිව්වම මං හිතුවෙ බුද්ධියක් තියෙන උං ඉන්න තැනක් කියල. දැං බලද්දි මුං සේරම නරි”


ඔය වචනම නොවුණත් ඔය වගේ සද්දයක් දැම්ම.


ආයෙ මොන ජගතට කියන්නද...


මුළු වළම විතරක් නොවෙයි වළෙන් පිටතත්, හිල්ඩා ශාලාවෙත් එකම හූවකින් ගිගුම් දෙන්න පටංගත්තා.


ඊට පස්සෙ සක්කරය ආවත් හූව නවත්තනව බොරු.


නාට්‍ය නවත්තල අකුලං යනකල්ම හූව නැවතුණේ නෑ.


ඔන්න “අහමි ජීවිත” නාට්‍ය දර්ශනය අහිමි කොරගත්ත හැටි.


සේරම අවසන් වෙලා සාමකාමී වුණාමයි දැනගත්තෙ.

මුලින්ම කෑ ගහල තියෙන්නෙ හිල්ඩා ශාලාවෙ බැල්කනියට වෙලා නොමිලේ නාට්‍ය බලපු එකෙක්. මිනිහට උඩට ඇහෙන්නෙ නැති නිසයි “තව ටිකාක් හයියෙන් ‍කිව්ව නාං........” තියල සද්දෙ දාල තියෙන්නෙ.
ඒකටයි මෝඩයා කියල ප්‍රතිචාර දක්වල තියෙන්නෙ.


සාලමන් ෆොන්සේකා හිතල තියෙන්නෙ නාට්‍ය හොඳ නැති නිසා එතුමාට මෝඩය කිව්ව කියලයි.


ඒකයි තරහ ගිහිං වේදිකාවට ඇවිත් බනින්න පටංගෙන තියෙන්නෙ.


අන්තිමේට වුණේ සල්ලි වලට ටිකට් අරං නාට්‍යය බලන්න ආව අයට නාට්‍යය අහිමි වීමයි.


ඒකනෙ කියන්නෙ හූවක් නැතිව පේරාදෙනි වළේ නාට්‍යයක් පෙන්න ගන්න ලැබෙනව කියන්නෙ විශාල ජයග්‍රහණයක් කියල.







කෙටිකතා එක්ක කවි   කියවන්න. මෙතැනට යන්න 

34 comments:

  1. වල සන්විදානය කොරනා කලා මන්ඩලේ ශිශ්යයෙකු ලෙස ද ආචාර්ය මන්ඩලේ නියෝජිතයෙකු ලෙස ද නියෝජනක කල ඇත්තෙමි.....

    මතක් වුනාමත් සන්තෝසයි....

    ReplyDelete
    Replies
    1. ඔහේ හිටියේ ශිශ්ය මණ්ඩලේද ශිෂ්ණ මණ්ඩලේද

      Delete
    2. බලන් යද්දි ස ර ස ත් නිකංම ඉඳල නෑ එහෙනං.

      Delete
    3. // කලාමැදිරියාMonday, June 13, 2016
      pala pala boru nokiya //

      හ්ම්ම්ම්....
      ඇනෝ දාන්න ගිහින් වෙච්චි අකලන්චියක්!
      දැන් මේ කොමෙන්ටුව මකලා දානවා එහෙම නෙවෙයි... (මැකුවොත් හිරේ )

      Delete
    4. //නොකී කතාMonday, June 13, 2016
      බලන් යද්දි ස ර ස ත් නිකංම ඉඳල නෑ එහෙනං.//

      වලේ නාට්ය උත්සවේ ටිකට් විකුනන්න එක එක සන්ගම් කලා මන්ඩලයෙන් ටිකට් පොත් පිටින් බාර අරගෙන මුදල් නොගෙවා එහෙට මෙහෙට වීම් අනන්තයි අප්‍රමානයි හිටන්...!

      Delete
    5. // AnonymousMonday, June 13, 2016
      ඔහේ හිටියේ ශිශ්ය මණ්ඩලේද ශිෂ්ණ මණ්ඩලේද //

      කලා මණ්ඩලේ..... Art Council

      Delete
  2. මට නම් මතක අවසානය තෙක් බැලූ බවයි. ඒ ස්ටෙඉන්බෙක් ගේ Of mice and men පොතේ (පසු කලෙක කියවූ) මතකය ද මන්දා?

    ReplyDelete
    Replies
    1. මට මතක නාට්‍යය අතරමග නැවතුණ බවයි. නැත්නං කලබලේ ඉවර වෙලා ප්‍රේක්ෂකයො කොටසක් යන්න ගියාට පස්සෙ ඉතිරි ටික පෙන්නුවද දන්නෙ නෑ.

      Delete
    2. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින් වුණු පමණින්, ඒ සියලු දෙනාම "ඩයි-හාඩ්" නාට්‍ය රසිකයින් යැයි සිතීම විහිළුවකි. ඒ කෙසේ වෙතත්, එළිමහන් රඟහලක අඩු තාක්‍ෂණයක් සහිතව රඟ දැක්වෙන නාට්‍යයක් නැරඹීමට මනා ශික්‍ෂණයක් අවශ්‍ය වේ. රාත්‍රී කෑමෙන් පසු එළිමහන් රංග පීඨයක ගල් ආසන මතට ගාල්වෙන තරුණ වියේ කණ්ඩායම් මානසිකත්වෙන් (pack mentality) යුතු විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් වනාහී ඒ ශික්‍ෂණය ඉතා හොඳින් තියේ යැයි සිතිය හැකි ප්‍රාණීන් කොටසක් නොවේ.
      මෙහිදී පැක් මෙන්ටලිටි හෙවත් කණ්ඩායම් මානසිකත්වය යනුවෙන් මා අදහස් කළේ එකෙකු හූ කීවොත්, ඌ හා කණ්ඩායම් ගත වීමට තවත් පිරිසක් සිටිනවා ය යන අරුතෙනි.
      එනිසා, නාට්‍ය දර්ශනයක් අතරතුර, ප්‍රේක්‍ෂක අවධානය ගිලිහී යන මොහොතක හූ හඬක් මතුවීමත්, ඇතැම් විට එය ඔද්දල් වීමත් කිසිසේත් ම පුදුමයක් නම් නොවේ.
      සිව් වසරක් තුළ ලද මගේ පේරාදෙණිය වළේ සුන්දර නොවන නාට්‍ය අත්දැකීම් අතරින් මුලින් ම මා සිහියට එන්නේ ඇමරිකානු නවකතාකරු ස්ටෙයින්බෙක් ගේ "ඔෆ් මයිස් ඇන්ඩ් මෙන් (Of mice and men)" ඇසුරින් සාලමන් ෆොන්සේකා ගේ නිපදවූ "අහිමි ජීවිත" නාට්‍යයේ පේරාදෙණිය වළේ දර්ශනයයි. මුලින් ම වළ අසල පිහිටි හිල්ඩා ඔබේසේකර ශාලාවේ සිට නොමිලේ නාට්‍යයේ අර්ධ දර්ශනයක් නැරඹූ සිසුවෙකුගෙන් ලැබුණේ යැයි මගේ මතකයේ ඇති යමක් කියා කෑ ගැසීමට පසුව ඇතිවුණු විවිධ බාධාවන් ගේ අවසානය වූයේ නාට්‍යය නවතා සාලමන් ෆොන්සේකා සභාව ඇමතීමයි.
      අපේ ජ්‍යෙෂ්ඨ සිසුවෙකු වූ හෙන්රි වර්ණකුලසූරිය ගේ මතකය අනුව එදා නාට්‍යය එතැනින් ම හමාර විය. මගේ මතකය නම් මද විරාමයකින් පසුව නාට්‍යය නැවත ඇරඹී අවසානය දක්වා පැවතුණු බවයි.
      https://rasikalogy.blogspot.com/2016/07/my-two-cents-worth.html

      Delete
  3. අපෙත් වලක් තිබුනා, අපි යද්දී ඒක තනිකර කැලෑවෙන් වැහිලා තිබුනේ...
    එක පාරක් අපි ඔය කැලේ සුද්ධ කරලා එළි පෙහෙළි කරලා මොකක්ද මන්ද එකක් එතන පෙන්නුවා...
    එතනින් පස්සේ ආපහු ඒක කැලේට යට උනා...

    ReplyDelete
    Replies
    1. ඒ වළ තිබුණෙ කොයි ඉසව්වෙද..

      Delete
    2. කජු කැලේ සහ අපාය ආසන්නයේ...
      (මොරටුවේ)

      Delete
    3. දැකල තියෙනවා. අපරාදෙ කැලෑවට අරින්නෙ.

      Delete
  4. බංඩාරනායක හුව නැවැත්තුව කතාව මම අහල තියෙන්නේ මෙහෙම . බංඩාරනායක කතව පටන්ගත්තාලු මෙහෙම " ladies and gentleman " එතකොටම හුව පටන්ගෙන. බංඩා ටිකක් හුව යන්න ඇරල ආයේ මෙහෙම පටංගත්තලු"ladies , gentleman and those in between " කියල ඊට පස්සේ කට්ටිය මීයට පිම්බා වගේ අහගෙන හිටියලු !

    ReplyDelete
    Replies
    1. අපි නං ඇහුවෙ හූ කතාව තමයි

      Delete
    2. http://www.newnownext.com/ruby-rose-welcomes-ladies-gentleman-and-everyone-in-between-at-emas/10/2015/

      http://www.themaneater.com/stories/2008/4/8/ladies-gentlemen-and-everything-between/

      Delete
  5. මෝඩය කවුද? ප්‍රොපාද, හුකියපු උන්ද??? මට හිතෙන්නේ හූ කියපු උන් කියල....

    ReplyDelete
    Replies
    1. හූ කියපු උන්ට නොවෙන්නං අනෙක් උං මෝඩයා කියල කෑ ගැහුවෙ. ප්‍රොෆා තමයි වැරදියට තේරුම් ගත්තෙ.

      Delete
  6. පේරා කැම්පස් එකේ අත්දැකීම ලැබුවේ ඇවිදගන්න හැකි වුණ කාලේ ඉදලාමයි... මොකද කියනවානං මේ කොමෙන්ටුව දාන මගේ ගෙදරත් පේරාදෙණියේමයි..... ඔය කැන්ටින් හැම එකකම වගේ ගිහිල්ලා ඉදලා තියෙනවා. කොටින් ම කිව්වොත් හෙන්රි අයියේ ඉස්කෝලේ යන කාලේ විෂයන් ඉගෙන ගන්නත් උදව් කලේ හොස්ටල් හිටපු අයියලා. ගෙදරත් කාමර කීපයක් විවි සිසුන්ට දීලා තිබුණ නිසා තවත් සම්බන්ධකම වැඩිවුණා. ඉතින් වල සතියට අනිවා යනවා. නාට්‍ය බැලිල්ල කලේ ඒ කෙන්මයි. පස්සේ අපේ විවි කාලෙන් පස්සෙත් මල්ලිලා නංගිලා එහේ ඉන්නකල් වලසතියට ගියා..... එ්ත් දැන් කවුරුත් නැහැ....... දැන් වල සතියේ නාට්‍යය බැලිල්ලත් නැහැ....... ඔන්න ඕකයි වගේ අත්දැකීම....................

    ReplyDelete
    Replies
    1. රජවත්තෙද, මහකන්දෙද උන්නෙ...නැත්නං පැණිදෙනිය පැත්තෙද... ඔය කොයි පැත්තෙනුත් වළ බලන්න ආවනේ.

      Delete
    2. කැම්පස් අයියලා එකසිය ගානට ගල් ලෝඩ් බාගන්න ඇති පේරා මලයාගෙන්

      Delete
  7. දැන් නම් නාට්ටිය නෑ.. ආයෙත් හෝල් වල රූකඩ නම් පෙන්නනවා..

    ReplyDelete
    Replies
    1. රූකඩ නං පාර්ලිමේන්තුවෙත් පෙන්නනව නේද ?

      Delete
  8. මාර සොමියක්නේ ඒක .

    ReplyDelete
  9. කමල් අද්දරආරච්චිත්,මහේන්ද්‍ර පෙරේරාත් ඔය කියන අචාර්ය සාලමන් ෆොන්සේකාගේ ගෝලයන් බවයි අසා ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. කමල්ල, මහේන්ද්‍රල සාලමන් ෆොන්සේකගෙන් ඉගෙන ගන්න ඇති. ඒත් මේ ගොල්ල මතු වුණේ නම අමතක විදෙස් නාට්‍යකරුවෙකුගෙන් බවයි මගේ මතකය.

      Delete
  10. වලේ අත්දැකීම් නෑ නෙව. බඹරසර පොත මතක් උනා.ඒ පොත් පෙලේ ලස්සනට කියල තියෙනවා වලේ ආරම්භය එහෙම.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බඹරසර පොත් කියවල නෑ. හොයාගෙන කියවන්න ඕනෙ. පොඩි විස්තරක් කියන්න බැරිද මේ පොත් ගැන.

      Delete
  11. පී.එම්.ජයතිලක නීතීඤ්ඤ මහතා තමයි ලියලා තියෙන්නෙ.
    බඹරසර එක්කම තව පොත් දෙකක් ඈඳෙනවා.නම් මතක නෑ.කැම්පස් එන තැන ඉඳන් දිගටම අත්දැකීම් බොහොම රසබරව ලියල තියෙනවා.පේරා ගිහිලා තියන එක්කෙනෙක් කියවනව නම් පොත කියවනකොටත් හූවක් කියවෙයි නිකන්ම.

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් හොයාගෙන කියවන්න දොළදුකක් ආවා. ස්තූතියි ඔත්තුවට.

      Delete
    2. මල් මාවත, බඹරසර, හන්තානේ ගීතයක්. පී එම් ජයතිලකයන් ලියු තුන් ඈදුතු කතාවක්.

      Delete