Powered By Blogger

Tuesday 21 February 2017

අහෝසි කරමුද ? නියාමනය කරමුද ?


SAITAM කියන්නෙ පෞද්ගලික විශ්වවිද්‍යාලයක්. සල්ලි ගෙවලයි ඉගෙන ගන්න වෙන්නෙ.

ලංකාවෙ රාජ්‍ය විශ්වවිද්‍යාල වලට රිංගන්න A/L වියසිදුරෙන් අහස දකින්නට බැට කන දරුවන්ට පිටරට විශ්වවිද්‍යාලයකට සල්ලි පූජා නොකොට රට ඇතුළෙම ඉගෙන ගන අවස්ථාවක් සයිටම් විශ්වවිද්‍යාලෙන් ලබා දීල තියෙනව.

එහි මේ ආකාරයේ පාඨමාලා පවත්වා උපාධි ප්‍රදානය කරනව.

  









ඒ සයිටම් ගැන කෙටියෙන්. 
නැත්නම් මේ සටහන වෙළඳ දැන්වීමක් වෙනව. ඒත් ඔය ටික නොකිය මාතෘකාවට එන්න බෑ.

ඔය අතරවාරෙ තවත් නහුතයක් ආයතන ලංකාව ඇතුළෙම උපාධි දෙනව. සල්ලි අය කරල උගන්නල. 

ඒ නැතත් සමහර දෙමාපියො ඉඩකඩම් උගස් කරල හරි පිටරට යවල උගන්නනව.








සල්ලි අය කරල උගන්නන එක මොන්ටිසෝරි පංතියෙ ඉඳං 5 වසරෙ ශිෂ්‍යත්වෙ හරහා සාමාන්‍ය පෙළ දක්වා හැම පංතියක් වෙනුවෙන්මත්, උසස් පෙළටත් විතරක් නොවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල කථිකාචර්‍යවරුම සල්ලි අය කරල උගන්නන බාහිර උපාධි පංති දක්වාම සිද්ධ වෙන නිසා සමාජෙට ජීර්ණය වෙලා. ඒ මදිවට ආංඩුවෙ ඉස්කෝල වලට ළමයි දාන්නෙ පගාවට. නැත්නං ජාත්‍යන්තර පාසැලකට. ඒකටත් සල්ලි දීල.

දැන් මේ කිසිම දෙයක් ගැන කට ඇරියෙ නැති උදවිය සයිටම් එකෙත් වෛද්‍ය උපාධිය විතරක් අල්ල ගෙන මාරාන්තික සටනකට එළැඹිලා.

දැන් කියයි සයිටම් උපාධියෙ ප්‍රමිතියක් නෑ කියල. එතකොට හැටහුටාමාරක් උපාධි දෙන තැන්වල ප්‍රමිතිය ගැන කවුද කටක් අරින්නෙ. මං අහන්නෙ මොන්ටිසෝරි අධ්‍යාපනේ ඉඳලම. ශිෂ්‍යත්වෙ ඉඳලම. 6,7,8,9 පංතිවල ඉඳලම. OL, AL ඇතුළුව. බාහිර උපාධි පංති වල.

තර්කය සරලයි. ඒවයෙ හරියට ඉගැන්නුවෙ නැත්නං ළමයට ඉහළ ප්‍රතිඵල ගන්න බෑ.

ඉතිං සයිටම් දොස්තරල වෙන්න ඉගෙන ගන්න ළමයින්ටත් එහෙම කරමු.

උගන්වන දේ විතරක් නොවෙයි ඉගෙන ගත්තට පස්සෙත් නියාමනය කරමු. ඔය රට රටවල  ගිහිං වෛද්‍ය උපාධි අරං එන අයව වෛද්‍ය සභාව නිකංම පිළිගන්නෙ නෑනෙ. මේ අයවත් ඒ ක්‍රමවේදෙට යටත් කරමු.

ඕනෙ නං අත්වැරදීම් වෙන අයගෙ දොස්තරකම අහෝසි කරන්නත් බලපත්‍ර ක්‍රමයක් හදමු. හැබැයි සයිටම් දොස්තරලට විතරක් නොවේ. රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් එන දොස්තරලටත්.

එතකොට බඩේ ගෝස්ට් කෑලි දාල මහන අයගෙනුයි,  නිරපරාදෙ අත් කකුල් කපන අයගෙනුයි ලෙඩ්ඩු බේරෙයි.

තව එකක්. සයිටම් ළමයින්ට නිසි පුහුණුවක් නෑ කියන්න නං එපා. ඒක ගන්න නොදෙන්නෙත් ඔය කෑගහන කට්ටියක්මනෙ. ඒකටත් ඉඩ දීල පුහුණුවත් නියාමනය කරමු.


පෞද්ගලික උපාධි "කඩ" එපා කියන අයට පෞද්ගලික ඉස්පිරිතාල, චැනලිං, ඩිස්පැන්සරි "කඩ"ත් එපා කියල සටන් පාඨ අලුත් කරගන්න  යෝජනා කරමින් මගේ සටන් පාඨය:


පෞද්ගලික විශ්වවිද්‍යාල අහෝසි නොකරනු. නිසි ලෙස නියාමනය කරනු..!

පෞද්ගලික රෝහල්, චැනලින් සෙන්ටර් හා ඩිස්පැන්සරි අහෝසි නොකරනු. නිසි ලෙස නියාමනය කරනු..!!







25 comments:

  1. අපි කොච්වර තර්ක කරත් මස් රාත්තල ඉල්ලන එකා වෙනස් වෙන්නේ නෑ . ඇත්තටම හෙන්රි කියන නියාමනය හොඳයි. හැබැයි නියාමකයාත් ජාත්‍යන්තර නියාමනයකට යටත් කල යුතුයි .

    ReplyDelete
    Replies
    1. ඉල්ලල දෙන්නෙ නැති වුණාම ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරල ඉල්ලීම් දිනා ගන්න එකනෙ ක්‍රමේ. මෙතන ප්‍රශ්නෙ ඇයි තේරුමක් නැතිව මස් රාත්තලම ඉල්ලන්නෙ කියන එකයි. අනෙක දොස්තරලගෙ හයියෙන් තමයි නායකත්වය දෙන දේශපාලන ව්‍යාපාර දැන් දුවන්නෙ. නැත්නං අනෙක් "කඩ" ගැන කතා නැත්තෙ මොකෝ.

      Delete
  2. // පෞද්ගලික විශ්වවිද්‍යාල අහෝසි නොකරනු. නිසි ලෙස නියාමනය කරනු..! //

    වැරදියි...
    ඔයිට වඩා ටිකක් පොලයිට් වෙලා මෙන්න මෙහෙම එන්න හිටන්

    " කරුනාකර පෞද්ගලික විශ්වවිද්‍යාල අහෝසි නොකන්න. නිසි ලෙස නියාමනය කරන්න"

    ReplyDelete
    Replies
    1. එහෙම ඉල්ලල නං මෙච්චර කල් ඉටු කරල නෑ නේද හිටං ?

      Delete
  3. පෞද්ගලික විශ්වවිද්‍යාල අහෝසි නොකරනු. නිසි ලෙස නියාමනය කරනු..!

    පෞද්ගලික රෝහල්, චැනලින් සෙන්ටර් හා ඩිස්පැන්සරි අහෝසි නොකරනු. නිසි ලෙස නියාමනය කරනු..!! x 2

    මගෙත් මතය ඕකමයි.

    සයිටම් වලින් එන ඉංජිනියරින් ග්‍රජුවෙට්ස් ලා ගේ දැනුම ඇත්තටම හොඳයි. පොඩ්ඩක් සයිට් වල කට්ට කන්න හොර ගතියක් තියෙනවා. ඒක හදා ගන්න එක සීනියර්ස් ලගේ වැඩක්.. ට්‍රේනින් පීරියඩ් එකේදී බොහෝ විට ඒක හරියනවා. ඉතින් ඇයි ඕක දොස්තරලට ආදේශ කර ගන්න බැරි?

    ReplyDelete
    Replies
    1. ඉස්සර කටුබැද්දෙ ඉංජිනේරුවො ෆීල්ඩ් එකට ගියාමත් ඔහොම කතා තිබුණ. ඒත් ඒව ටික කාලෙකින් හරි ගියා. මුල් කාලෙ කට්ට කන්නෙ නැතිව පැවැත්මක් නෑ.

      Delete
  4. නියාමනය කිරීම තමයි වැදගත්.තවදුරටත් ඉන් එහාට ගිය සාධාරණත්වයක් මන් බලාපොරොත්තු වෙනවා

    ReplyDelete
    Replies
    1. කෝඳුරු තෙල් හත් පට්ටෙකුත් ටිකක් ඉල්ලනව වගේ වැඩේ කෙරෙන්න නොවෙයි නොකෙරෙන්නනෙ සද්දෙ දාන්නෙ.

      Delete
  5. පෞද්ගලික විශ්වවිද්‍යාල අහෝසි නොකරනු. නිසි ලෙස නියාමනය කරනු..!
    පෞද්ගලික රෝහල්, චැනලින් සෙන්ටර් හා ඩිස්පැන්සරි අහෝසි නොකරනු. නිසි ලෙස නියාමනය කරනු..!!

    එහෙම බැරිම නං

    පෞද්ගලික විශ්වවිද්‍යාල අහෝසි කරනු.
    පෞද්ගලික රෝහල්, චැනලින් සෙන්ටර් හා ඩිස්පැන්සරි අහෝසි කරනු.
    ටියුෂනුත් සහමුලින් අහෝසි කරනු!

    ReplyDelete
    Replies
    1. බැරිම නං පෞද්ගලික රෝහල්, චැනලින් සෙන්ටර් හා ඩිස්පැන්සරි අහෝසි කර,
      ටියුෂනුත් සහමුලින් අහෝසි කර ළමයින්ගේ විභාගවලට කෙළවා ජීවිත වලටත් කෙළවමු.

      Delete
    2. පොඩ්ඩක් ටැපලුනා වගේ,
      ජිවිත වලට කෙළවන එක නම් පෙරටුගාමී, ජවිපෙ කණ්ඩායම් කොහොමටත් කාලෙන් කාලෙට කරනවනේ,
      එතකොට කොහොමද ළමයින්ගේ විභාගවලට කෙළවන්නේ ?

      Delete
    3. මේ යන විදිහට ටියුෂන් අහෝසි කළොත් විභාග ඇන ගන්නවා ....ඉතිං කෙළවෙන්නෙ නැද්ද..

      Delete
    4. ඉස්කෝලෙත් ඉතින් උගන්නනවනේ. ටියුෂන් නොයන අයත් ඉන්නවා විභාග පාස් වෙලා ඉදිරියට යන.
      කොහොමත් ඔය අතරේ Z ඉස්කොර් කතාවකුත් තියෙනවනේ.

      Delete
  6. සයිටම් රජයේ ප්‍රමිතියට අනුව තම ප්‍රමිතිය පවත්වාගෙන ඉදිරියට යා යුතුයි.

    පොඩි නයා කෑවට නොමැරෙන ලොකු නයා කෑවාම පමණක් මැරෙන අපූරු ප්‍රතිපත්තිය ගැන නම් පස්සපැත්තෙන් හිනා.. එක වසරේ සිට උපාධිය දක්වාම මුදලට විකිනුනු රටක වෛද්‍ය විද්‍යාලයට පමණක් එරෙහිවීම විහිළුවක් .. රටේ මානව සම්පත දියුණු කරන්න ඕන කියන ජවිපෙත් කියන්නෙම සයිටම් වහපිය කියලයි.. අනේ මන්ද.. වෙලාවකට දොන්.. තවත් වෙලාවකට සිමොන්..

    ලෝකේ දියුණුයි කියන හුඟක් රටවල උපාධිය විකිනෙන්නේ මුදලට.. එහෙව් රටවල සිසුන් වැඩවර්ජන උද්ගෝෂණ නැතුව ශිෂ්‍ය ණය අරන් ඉගෙනගෙන ලෝකෙත් එක්ක ඉස්සරහට යද්දී අපේ රටේ නොමිලේ උපාධිය හිමිවෙන එවුන් උන්ගේ වටිනා කාලය නාස්ති කරගෙන පුද්ගලික විශ්වවිද්‍යාලය එපා කියල උද්ගෝෂණය කරනවා මහා පාරේ... අන්තිමේ උන්ට කලින් පුද්ගලික විශ්වවිද්‍යාලෙන් එලියට එන එකා හොඳ ජෝබේ එකක එල්ලෙනවා.. අරුන් අපිට රැකියා දියව් කියල බෝර්ඩ් එකක් එල්ලගෙන පිටකොටුවේ ඉස්ටෙෂන් එක ඉස්සරහ අවුවේ වේලෙනවා.. මටනම් දැනෙන්නේ අනුකම්පාවක් පමණයි.

    ReplyDelete
    Replies
    1. /////රටේ මානව සම්පත දියුණු කරන්න ඕන කියන ජවිපෙත් කියන්නෙම සයිටම් වහපිය කියලයි.. අනේ මන්ද.. වෙලාවකට දොන්.. තවත් වෙලාවකට සිමොන්.. ////////////////

      +++++++++++++++++++++++++

      Delete
    2. මම මගේ දරුවව බැරි අමාරුකම් මැද්දෙ වුණත් සල්ලි ගෙවල පිටරට යවල ඉගැන්නුවා. අවුරුදු 22 ට කලින් අවුට් වෙලා දැන් අගේට රස්සාව කරනවා. එකක් එයාට අවශ්‍ය දැනුම ලංකාවෙ රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් ලැබෙන්නෙ නෑ. අනෙක අම්බලන්ගොඩ කතා කියන්නැහෙ තාමත් අවුට් නොවෙන්න ඉඩ තිබුණා.

      Delete
  7. දැන් සයිට්ම් ප්‍රශ්නයට ජනාධිපති මැදිහත්ව විසදුමක් දෙනවා කිව්වා නේ.එයාගේ විසදුම අනුව ඕක වැහිලම යන්නත් පුළුවන්. පෞද්ගලික අධ්‍යාපනය ලබන්න යමෙකුට අවශ්‍ය නම් ඒ අයිතිය රටේ තියෙන්න ඕනේ.නිදහස් අධ්‍යාපනය කියලා අධ්‍යාපනයේ නිදහස නැති කරන්න දෙන්න හොඳ නැහැ.අනිත් අතට මේවයේ ප්‍රමිතිය ගැන රජය හොයා බලන්න ඕන.රජයේ ආයතන තියෙන්නේ මෙව්වා නියාමනය කරන්න තමයි.

    ReplyDelete
    Replies
    1. ඔය සරල කාරණේ තේරෙන්නෙ නැද්ද...නොතේරෙනව වගේ ඉන්නවද...විරුද්ධ වෙන්නො අවස්ථාවාදියො විදිහටයි මට පේන්නෙ.

      Delete
  8. සම්පූර්ණයෙන් එකඟයි , නියාමනය කියන වචනේවත් මේ විරෝධතා කරුවන්ගෙන ඇහෙන්නේ නෑ

    ReplyDelete
  9. නියාමනය කිරීමත් නියාමනය කරන්න වෙයිද :D

    නිසි අධීක්ශණයක් යටතේ පවත්වාගෙන යනවා නම් සහ බඳවාගැනීම් නිවැරදිව සිදුවෙනවා නම් කාටවත් විරුද්ධ වෙන්න උවමනාවක් නැතිවෙයි.

    ReplyDelete
    Replies
    1. ඒ වෙනුවෙන් නේද සටන් කළ යුත්තේ. අහෝසි කරනු කියන්නෙම අවස්ථාවාදී සටන් පාඨයක්. එක එක කණ්ඩායම් තමන්ගේ අරමුණු ජයගන්න. සමහරු නොදැනම අතකොලු වෙලා.

      Delete
  10. අර්ථවත් කතිකාවක්. මේවගේ දේවල් රට වෙනුවෙන්, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තීන්දු, තීරණ අය හෝ අඩුම තරමින් ඒ අයගේ ලේකම් තුමන්ලා හා තුමියන්ලාවත් කියවලා බලනවාද කියලා සැකයි, හිටං.

    ReplyDelete
  11. 2x2 polu rata beduwanam hoda. wadawarjana karana dostaka mudalalilata oluwata denna

    ReplyDelete