Powered By Blogger

Thursday 30 March 2017

සම්මාන හා අවමාන -3 නොහොත් දේශපාලුවන් පොර කිරීම

බ්ලොග් සම්මාන දෙන නෙළුම් යාය සම්මාන උළෙල ගල්, මුල් හා මල් මැද තුන් වන වතාවටත් පවත්වන්නට යෙදුණ මොහොතක සම්මාන ගැනත්, සම්මාන අස්සේ සිදුවන අවමාන ගැනත් මෙතෙක් මා ලද අත්දැකීම් මත නොකී කතාවක් ලියන්න ගත්තා. ඒත් කතාව දිග වෙන නිසා කොටස් දෙක-තුන බවට පත් වුණා. අද ලියන්නේ අවසාන කොටසයි.

පෙර ලියූ කතා වල link මෙසේයි.

සම්මාන හා අවමාන

සම්මාන හා අවමාන-2 නොහොත් ඝාතකයින් අතින් සම්මාන

තුන්වන අවසන් කොටස ලියන්න පමාවක් ගත්තෙ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලට සහභාගි වෙලාම ඒ අත්දැකීම් එක්ක ලියන්නම් කියලයි. ඒත් ඒ ගැන විවිධාකාර අදහස් ලියැවී ඇති නිසා තවත් එකම දේ කියන එකේ තේරුමක් නෑ. කොහොමත් නොකියාම බැරි ටිකක්  විතරක් කියන්නම්.

ඒකත් ලියන්නෙ නෙළුම්යාය සම්මාන ගැන ගොඩක් දේවල් කලිං ලිව්ව නිසයි. නැත්නම් නවකතා පළමු ස්ථානයට මුදලින් රු. ලක්ෂ 7 1/2 ක් සහ සෙසු නිර්දේශ පහකට රු. ලක්ෂය ගානෙත්, කවි හා කෙටිකතා පළමු ස්ථානයට මුදලින් රු. ලක්ෂ 2 1/2 ක් හා නිර්දේශ තුනකට රු. පනස්දාහ බැගිනුත් ගෙවන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ගත්තම පළමු තැනට සොච්චමක් දීල නිර්දේශ වලට ලී කෑලි, කඩදහි කෑලි දෙන බ්ලොග් සම්මාන ගැන මොනා කතා කරන්නද..



ඒකෙන්ම පේනව සම්මාන උළෙලකට පිළිගැනීමක් එන්නෙ ලොකු හෝටල් වල උත්සවේ ගත්තම නොවෙයි සම්මාන තේරීමේ විවෘතභාවය හා ප්‍රදානය කරන මුදලේ අගය එක්කයි කියල.

නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙලෙ විනිශ්චය මංඩලය ‍උත්සවය දවසෙ හෙළිදරව් කරනව කිව්වට මේ දක්වාම ප්‍රසිද්ධ කරල නැති පාටයි. මීට කලිං අය-වැය වාර්තා යට ගියා වගේ මේකත් යට ගියත් පුදුම වෙන්න දෙයක් නෑ. 

සම්මාන උළෙල ගැන මට තියෙන ප්‍රධාන විවේචන තමයි....

* හෝටලයක උත්සවය ගත්ත එක නොවෙයි. ඒත් සම්මානලාභීන්ට දෙන්න සල්ලි නැතිව හෝටලයට හා සංග්‍රහ වලට අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීම

- මේක හොඳින් දැනෙන්නෙ මේ වගේ ශාලාවක් මීට අඩු මුදලකට කොළඹින් සකසාගත හැකි නිසයි.

* හෝටලයක්ම ගන්න ඕනෙ මානසිකත්වයක් තියෙනව නං ඒ සඳහා කාටත් පහසුවෙන් ප්‍රවාහන පහසුකම් ගන්න පුළුවන් කොළඹ නගරයේ හෝටලයක් තෝරා නොගැනීම
- උදේ පාන්දර 5 ට ගලෙන්බිඳුනවැව ඉඳන් සම්මාන උළෙලට ආව සම්මානලාභියෙක් (පළමු තැන නොවන නිසා ඔහුට මුදල් ත්‍යාගයක් නැහැ) බත්තරමුල්ලෙ ඉඳන් පිටකොටුවට ඒ රාත්‍රියෙ යන්න පොදු මගී සේවාවක් නැති නිසා කොයි තරම් අපහසුතාවට පත් වෙන්න ඇද්ද? මා ඔහුව බොරැල්ලෙ පිටකොටුව බසයට ගෙනැවිත් හැරලද්දි කිව්ව ගෙදර යද්දි පාන්දර 5 වෙයි කියල. හැම සම්මානලාභියෙකුටම කීයක් හරි දුන්න නං හෝටල් වලට වියදම් කළාට වඩා කොයි තරම් අගේද? (ඒ වගේ අපහසුතාවට පත් කීප දෙනෙකුටම කල්‍යාණමිත්‍ර ප්‍රවාහන පහසුකම් දුන්න කියල කීප තැනකම ලියැවිලා තිබුණ. තවත් එහෙම කළ අය ඇති.

* දේශපාලුවන් ගෙනාව විතරක් නොවේ බ්ලොග්කරුවන්ගෙ පානෙන් එළිය බලමින් තමන්ගෙ සැඟවුණ උවමනාවන් නිර්ලජ්ජිතව ඉටු කර ගැනීම
- කලිං දෙවතාවෙම නිසා කරුව ගෙනාවම කියමුකො. හොඳ ව්‍යාපාරිකයෙක් විදිහට දේශපාලනයට ආව නිසා සල්ලි පිල්ලි ගහන්නෙ නෑ කියමුකො. (මේ මජර සිස්ටම් එක පවත්වා ගෙන යන, හොරුන්ට එරෙහි නොවන නිසා විවේචන ඇතත්) ඒත් රාජිත වගේ අවස්ථාවාදී, ජන විරෝධී, ජන සංහාරක දේශපාලුවෙක් ගෙනාව මදිවට  පට්ට හොරෙකුට නිවේදක නිවේදිකාවන්ට බලපෑම් කොට "නූතන සේනක බිබිලේ" යනුවෙන් කියවීම. තමංගෙ පවුලේ පාටියකට ගෙන්නල ඕනෙ ගොං කතාවක් කියල ඇමැත්තල ඇන්දුවට අපට කාරි නෑ. ඒත් මේ පජාති වැඩේ කළේ බ්ලොග් ලියන්නන්ගෙ කරපිටිං ගිහිනුයි.

* කාල කළමනාකරණයක් හා උත්කර්ශය දැනෙන විදිහට අළෙල ඉදිරිපත් නොකිරීම
-කිසිම ඉවෙන්ට් මැනේජර් කෙනෙක් නැතිව යම් යම් අඩුපාඩු මැද ගියවර සම්මාන උළෙල මොන්ටිසෝරි අංග එක්ක හරි කළානෙ. මේ පාර ඉවෙන්ට් මැනේජර්ස්ලට බාර දීල ගමෙි අවුරුදු උත්සවේ නැත්නම් ඉස්කෝලෙ විවිධ ප්‍රසංගයක් වගේ කිසිම පිළිවෙළක් නැතිව ඔහේ ඇදි ඇදි ගිය එක මාරම අපරාදයක්. හොඳ අයිටම් තිබිලත්. අනෙක දේශපාලුවට යන්න ඕනෙ වුණාම වැදගත්ම සම්මාන ටික දීල දානව කියන්නෙ සම්මානයට අවමන් කිරීමක්.

සම්මාන වලට අවමාන සිද්ධ වුණෙත්, වෙන්නෙත් අද ඊයෙ ඉඳල නොවෙයි කියල කලිං ලිපි දෙකේදිත් උදාහරණ දැක්වුවනෙ.

කියන් ගියොත් ඉවරයක් නෑ. ඒත් මේ අවසන් ලිපියෙත් කීපයක් සඳහන් කරන්නම්.

මේක නං නොකී කතාවක් නොවෙයි. පත්තරේටත් ලියල නොකී කතාවලත් සඳහන් කළ කතාවක්.

මේ 90 දශකයෙ. රංජිත් මල්ලියාවඩුගෙ "ඇස් ලැබීම" කවි පොතට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබිය යුතුව තිබුණා. අදාළ වසරේ එතරම් ප්‍රතිභාන්විත කවි පොතක් නොතිබූ නිසා. ඒත් මල්ලියාවඩු තරුණයෙක් නිසා මේක නොදී ඉඳීවි යැයි සැකයක් තිබුණ. මොකද ඒ කාලෙ සාහිත්‍ය සම්මාන ලැබුණෙ ජ්‍යෙෂ්ඨයන්ටම නිසා.

කිව්වත් වගේ සම්මානෙ ලැබුණෙ  වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍රයේ සිටි
රොහාන් පියදාසගේ "මට බෑ" කියන අජූත කවි පොතට. ඒ අතර අපට කනිං කොනිං ආරංචි වුණා විනිශ්චය මංඩලේ තීන්දුව කලිං දා රෑ වෙනස් කරලයි මේ සම්මානෙ දීල තියෙන්නෙ කියල.

දැන් වගේ නොවෙයි ඉස්සර. සම්මාන දුන්නට පස්සෙ දවසක ඒ ගැන ප්‍රසිද්ධ පසුවිපරම් සංවාදයක් පවත්වනව.

ජෝන් ද සිල්වා රඟහලේ මේ සංවාදය පැවැත්වුවා. කමල් පී. අලහකෝන් වගේ රැඩිකල් කවිකෙුත් එක්ක මං සෙට් වෙලයි ගියේ කේස් එක අදිමු කියල. 

සාහිත්‍ය අනුමංඩලේ සභාපති මහාචාර්ය මිනිවන් පී. තිලකරත්න සම්මාන දීම ගැන පම්පෝරියක් ගැහුව.

කමලුත් මාත් ප්‍රේක්ෂකාගාරයේ ඉඳං ප්‍රශ්න කරන්න පටන් ගත්ත. මුලින් ලෙස්සල යන උත්තර දෙමින් හිටිය මහාචාර්යතුමාට තේරෙන්න ඇති අපි සියල්ල දැනගෙනයි ගේම ඉල්ලන්නෙ කියල.

 "කවියට හිමි සම්මානෙ හිමි වෙලා තිබුණෙ රංජිත් මල්ලියාවඩුට කියල අපි දන්නව. ඒක වෙනස් වුණේ කෙහොමද? කවුද කැපුවෙ. ඔබතුමාද...වෙනින් කෙනෙක්ද ?"

මිනිවන් මහත්තය ඉදිරියට ආව.

"ඔව්...සම්මානෙ තැපුව තමයි. එක රතු පෑන් පහරින් කැපුව. කැපුවෙ ඇමති. ඉතිං මට මොකද ?"

ඔය කරුලටත් එහා දේශපාලන සුදු රෙදි ඇඳගෙන උන්න වි.ජ.මු. තමයි ඒ කාලෙ සංස්කෘතික ඇමති.

සම්මාන අවමානෙට පාත්‍ර වෙනව කියද්දි මතක් වුණේ දැනට අවුරුදු කීපෙකට කලිං සිනමා සම්මාන උළෙලකදි තමන්ට ලැබුණ සම්මානෙ ගන්න වේදිකාවට නැග්ග ප්‍රසන්නගෙන් නිවේදකය අදහස් විමසුව.

ප්‍රසන්න ගත් කටටම කිව්වෙ නැතැයි "ලංකාවෙ සිනමාවයි, සිනමා උළෙල වලයි අතර කිසිම සම්බන්ධයක් නෑ" කියල.

ඒ මයික් එක අතට දීල ඉල්ලං කෑව අවස්ථාවක්. 

දේශපාලුවො උස්සන්න ගොං කතා කියනවට මයික් එක බලෙන් අතට අරං  සන්නස්ගල මෙදා පාර දුන්න ප්‍රහාරෙ නං රාජකීයයි. "නූතන බිබිලෙ ගියාද?" ගූ කප්පරක් කාපු එකාට ආමවාතෙත් ගඳක්ද කියන්නැහෙ PRRAජිතලටයි, උන්ට ගොංපස් අල්ලන උංටයි මේව දැනෙන්නෙවත් නැතිව ඇති. 

සම්මාන උත්සව වලට යන්න උනන්දුවක් නැති වුණාට එහෙම යන්න වෙච්චි අවස්ථා නැත්තෙමත් නෑ.

90 දශකයේ මුල පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ "මාගේ දේශය අවදි කරනු මැන" ශිෂ්‍ය සාහිත්‍ය උළෙලේ පළමු සම්මාන ප්‍රදානෝත්සවයට ගියේ එවකට ආචාර්ය මංඩලයේ සේවය කරමින් ඊට පසුබිමින් සහය දුන් අයෙකු හැටියටයි. ඇරත් ඒ උළෙලේ තේමා ගීතය ලිව්වෙත් මං නිසා. ඇරත් මේ උත්සවේ සම්මාන පුදන්න ජරාජීර්ණ දේශපාලුවො ආවෙත් නෑ.

"හන්තානේ කඳුපාමුළ වැගිරෙන
ලේ කඳුලැ'ලි දෝ මේ ගලන්නේ

මහවැලි දිය කඳ සේ....." කියලයි ගීය ආරම්භ වුණේ.

ඊට අවුරුදු දහයකට විතර පස්සෙ චන්ද්‍රිකා ජනාධිපති කාලෙ ජනාධිපති මන්දිරේ පැවැති 'ජනාධිපති සිනමා සම්මාන' උළෙලට ගියේ හඳගමලත් එක්ක. "‍මේ මගේ සඳයි" චිත්‍රපටයට සම්බන්ධ වෙලා උන්නත් සහය අධ්‍යක්ෂලාට සම්මාන නොදෙන නිසා බයක් හැකක් නැතිව ගිහිං ජනාධිපතිතුමිය එක්ක වයින් ටිකක් බීල ආව.

ස්වර්ණවාහිනියෙ ඉද්දි නං "සරසවි" සම්මාන උළෙලට යන්න වුණා රාජකාරි වැඩ වලට. ඒ එක්කම ස්වර්ණවාහිනියෙන් අයින් වෙලා ඉවෙන්ට් කරන්න ගත්ත ගමං "ජනාධිපති සිනමා සම්මාන", "රයිගම් ටෙලි සම්මාන" දෙකකට යන්න වුණ කතා කලින් ලියල තියෙනවනෙ. ඒ ඉතිං රස්සාවට තමයි.

ඒ ඇරෙන්න පොතපත ලිව්වත් ස්වර්ණ පුස්තක, ගොඩගේ, රාජ්‍ය යනාදී සාහිත්‍ය උත්සව වලට කවමදාවත් ගිහිං නෑ වගේම යන්න අදහසකුත් නෑ. මොකද මේ සේරම දේශපාලනීකරණය වෙලා. නැත්තං සම්මාන දෙන්නෙ කල්ලිවාදී විදිහට.

හමෝටම සැඟවුණ උවමනාවල් Hidden Agenda's තියෙනව තමයි. ඒත් ඒව සම්මාන අස්සට තැවරුණාම බලු කක්ක පෑගුණා වගේ තමයි...ගඳ ගහනව.

ඉඳහිට හිතවතෙක් හිතවතියක් ආරාධනා කළාම නොගොහිං බැරිකමට සම්මාන උත්සව වලට ගිහිං පැත්තකට වෙලා ඉන්න අවස්ථාවල් තියෙනව තමයි.
 
එහෙම ගිහිං නෙ ගිය වතාවෙ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලෙ     සම්මාන ප්‍රදානයට වේදිකාවට නගින්නත් වුණේ. 

ඉදිරියටත් සම්මාන උත්සව වලට නොගොහිං බැරිකමට යයි. ඒත් ජරාජීර්ණ (හැමඑකාම එහෙම තමයි) දේශපාලුවො අතිං නං සම්මාන අරං සම්මානෙටත් අවමාන කරන්නෙ නං නෑ කියල දැඩි අධිෂ්ඨානයක් තියෙනව.

සම්මාන හා අවමාන ගැන තුන් ඈඳුතු නොකීකතා මෙතෙකින් නිමයි....


 








39 comments:

  1. යහපාලනේට ම ගැලපෙන ගොම්බිජ්ජො ටිකක් එකතුවෙලා සම්මාන ගොන් පාට් දාලා අනාගත්තා! එච්චරයි!

    ReplyDelete
    Replies
    1. සම්මාන ලැබීම නවකයින්ට උත්තේජනයක්. ධෛර්යයක්. ඒ වැඩේ හරියට නොකර තමන්ගෙ මට්ටමට හා පෞද්ගලික ඕනෑ එපාකම් වලට අනෙකුන් පාවිච්චි කරන එක කොතන සිද්ධ වුණත් මෙතන වටින්නෙ නෑ. ස්වාධීනකම වචනයට සීමා වෙලා බෑ.

      Delete
    2. කවුරුත් අනාගත්තේ නම් නැහැ. නාට්‍යය වෙලාවේ (අන්තිම) එකේදී කට්ටිය එලියට දුවන් ගියා මිසක් කන්න. ඉතම් සාර්ථකව පැවැත්වුන. ආපු නැති අය දන්නේ කොහොමද මේවා. ප්‍රා ජේ බොරු කිව්වා වත්ද?

      Delete
  2. සාරසට දැන් බැරියැ අය වැය ඉල්ලන්න පටන්ගන්න. මාතෘකාව මොකක් උනත් ප්‍රශ්නයක් නැහැ, නෙලුම් යායට කෙලින්න පුළුවන් නම්!

    ReplyDelete
    Replies
    1. දැන් අවශ්‍යතාවයක් නැහැ ගරු ඇනෝ තුමෝ..... මම ලියපු බ්ලොග් පෝස්ට් වලින් හා කොමෙන්ට් වලින් බොහෝ දෙනාගේ ඇස් ඇරුනා. බොහෝ දෙනා සින්දුව මොකද්ද කියලා අඳුනාගත්තා.

      දැන් ඒ පිලිඹඳ මගේ වගකීම ඉවරයි!

      Delete
    2. එහෙම කොහොමද සරසතුමා වගකීම් වලින් පලා යන්නෙ.
      අහල නැද්ද "කුම්බලා මාලු කෑවානම් විඳවාපන් බළලෝ" කියල.

      අනෙක සරසතුමා ලිව්ව බ්ලොග් පෝස්ට් වගේම කොමෙන්ටු ඇත්ත වෙන විදිහට මේ හාදයො හරියටම වැඩ කළේ අත යට ගනුදෙනුවක්ද සැකයි. හැක..හැක..

      Delete
  3. රාජිත සේනාරත්න ගැන වෛරයෙන් ලියා තිබේ. රාජිත වනාහි ජාතිවාදයට එරෙහිව කුමන පක්ෂයේ සිටියත් සටන් කරන්නෙකි. ඔහු අගය කිරීමට එයම ප්‍රමාණවත්ය. ජාතිවාදීන්ට ඔහු සතුරෙකි.

    ReplyDelete
    Replies
    1. අත්තෙන් අත්තට පැනීමේ අවස්ථාවාදී දේශපාලනය කරමින් දත් ගලවා නැව්පතියෙක් බවට පත්වූ, බේත් ජාවාරම් කිරීම නිසා වරක් මංත්‍රීකම පවා අහිමි කරගත් කොළඹ විශ්වවිද්‍යාලයේ වධකාගාරය පවත්වා ගෙන යමින් නොනිළ ඝාතක කණඩායමක් වූ PRRA සංවිධනයට නායකත්වය සපයමින් තරුණයින් 1222 ක් අතුරුදන් කළ බවට ප්‍රචලිත , අද ඉංදියාවේ ගෘහස්ථ නිෂ්පාදන බාළ බෙහෙත් අඩු මිලට ගෙන්වා බේත් මිල අඩු කළා යැයි පම්පෝරි ගසන දේශපාලුවෙක් ගැන එසේ ලිවීම ජාතිවාදිකමක් හා ගැටගැසීම බංකොලොත් උත්සහයකි.

      Delete
    2. රාජිත විතරක් නෙමේ ඩිලාන්,පාලිත තෙවරප්පෙරුම ඒ වගේ තමයි.ජාතිවාදී නැහැ.උන්ගේ අගය කරන්න තියෙන එකම දේ එක විතරයි අනිත් දේශපාලුවන්ට සාපේක්ෂව.

      Delete
  4. දිග වැඩියි. හොඳට හෝ නරකට හෝ දෙකටම ( එය විවේචකයාගේ මතය ) මං නම් කැමති උත්සව ශෝට් ඇන්ඩ් ස්වීට් ( බිටර් හෝ සවර් වුනත් කමක් නෑ ශෝර්ට් නම් ) තියනව නම්.
    ලංකාවෙ හුඟක් උත්සවල නැත්තෙම ශෝර්ට් තමයි. ඔක්කොම ලොකු අය නිසා ලෝන්ග්ස් වලටමනෙ කැමති

    ReplyDelete
    Replies
    1. //ඔක්කොම ලොකු අය නිසා ලෝන්ග්ස් වලටමනෙ කැමති //
      ලොකු අය කියල හිතං ඉන්න නිසාද?
      :D

      Delete
  5. නෙළුම් යායට දේශපාලකයෝ ගෙන එම ගැන මගේ ලොකු විවේචනයක් නැහැ.නමුත් ගැටලුව තියෙන්නේ ඒ විදියට දේශපාලකයින්ට අරාධනා කිරීම ගැන බ්ලොග් සම්මාන උළෙලේ සංවිධායකයින් දක්වපු අදහස් ගැන.මොකද පළමු වැනි සම්මන උළෙලේ කරු ආවම කිව්වේ එන්න කිව්වේ නැහැ අහලා ආවේ වගේ කතාවක්.දෙවැනි ගමන කරු ආවේ තොරතුරු පනතේ පියා විදියට.දැන් මේ ගමන ආවෙත් ඒ හේතුව මතමද ?කෙලින්ම කිව්වා නම් ඉවරනේ අපි දේශපාලකයින්ට ආරාධනා කරනවා කියලා.අනිත් එක මට මතකයි සංවිධායකයෝ කියලා තිබ්බා රාජිත ආවත් ඔහු අතින් සම්මාන දීමක් වෙන්නේ නැහැ කියලා.හැබැයි වෙලා තියෙන්නේ අනිත් පැත්ත.එකත් කිව්වා නම් ඉවරනේ රාජිත එනවා වගේම ඔහු අතින් සම්මාන ප්‍රධනය කරනවා කියලා.එහෙනම් වැඩේ අහවරයිනේ.

    //වි.ජ.මු. තමයි ඒ කාලෙ සංස්කෘතික ඇමති.//
    2001 රනිල්ගේ ආණ්ඩුව කාලේ වෙන්න ඇති මට මතක විදියට විජමු සංස්කෘතික හා අධ්‍යාපන ඇමති.තූ නොදකින් ඔහොම ඇමතිලා.

    ReplyDelete
    Replies
    1. සංවිධානය ඉවෙන්ට් මැනේජ්මන්ට් එකකට දුන්නට පස්සේ ඒ ගොල්ලෝ කියපු විධිහට තමයි මමත් ලීවේ රාජිත සම්මාන දෙන්නේ නැහැ කියල. හැබැයි සම්මාන දුන්නත් මට අවුලක් නැහැ. මනෝජ් මල්ලි ජවිපෙ දේශපාලකයෝ ගෙන්නුවා නම් ඔහොම කියනවද? මම ඇත්තටම සමන්ත විද්‍යාරත්න මහතාට නම් කතා කලා . එතුමා එදාට වෙන වැඩක් දාගෙන තිබුන. රාජිත එනවා කියල ම දන්නේ ගොඩක් පස්සේ. නමුත් එහෙම වුනාය කියල සම්මාන උකෙක්ක වර්ජනය කරන්න මම යන්නේ නැහැ. මගේ අවුරුද්දක මහන්සිය.

      Delete
    2. අනික මනෝජ් මාරු කරලා කතා කරන්නේ. පලවෙනි අවස්ථාවේ කතා කලේ තොරතුරු පනත නිසා තමා . දෙවන අවස්ථාවේ එතුමත් මතක් කලා සම්මාන උළෙලේ තියනවද කියල. රාජිත ට ආරාධනා කරපු හේතුව අහගන්න ඇතිනේ නිවේදිකාව අතින්. ඒකට මගේ සම්බන්ධයක් නම් නැහැ.

      Delete
  6. /// නමුත් ගැටලුව තියෙන්නේ ඒ විදියට දේශපාලකයින්ට අරාධනා කිරීම ගැන බ්ලොග් සම්මාන උළෙලේ සංවිධායකයින් දක්වපු අදහස් ගැන.මොකද පළමු වැනි සම්මන උළෙලේ කරු ආවම කිව්වේ එන්න කිව්වේ නැහැ අහලා ආවේ වගේ කතාවක්.දෙවැනි ගමන කරු ආවේ තොරතුරු පනතේ පියා විදියට.දැන් මේ ගමන ආවෙත් ඒ හේතුව මතමද ?කෙලින්ම කිව්වා නම් ඉවරනේ අපි දේශපාලකයින්ට ආරාධනා කරනවා කියලා.අනිත් එක මට මතකයි සංවිධායකයෝ කියලා තිබ්බා රාජිත ආවත් ඔහු අතින් සම්මාන දීමක් වෙන්නේ නැහැ කියලා.හැබැයි වෙලා තියෙන්නේ අනිත් පැත්ත.එකත් කිව්වා නම් ඉවරනේ රාජිත එනවා වගේම ඔහු අතින් සම්මාන ප්‍රධනය කරනවා කියලා.එහෙනම් වැඩේ අහවරයිනේ. ///

    හොර හිත කියන්නේ ඒ වගේ චරියාවකටයි...

    ReplyDelete
  7. සම්මාන විනිශ්චය කරන්න දායක උණු අයගේ නම් එතැනදී අජිත් ධර්මකීර්ති ගේ කතාවේදී කියුවා. සිංහල අංශයේ අංශ 16 ටම සම්මාන විනිශ්චය කරේ මමත්, අජිත් ධර්ම ත්, ලක්මාල් කන්දෙවිදාන හෙවත් අටම්පහුර ත්. ඉවාන් පවුලුෂා මේකට මුලදී සම්භන්ද වෙලා හිටියත් අසනීපෙන් මස ගානක් ඉන්න උන නිසා පසුව ඉවත් උනා. සිංහල අංශයේ හොඳම බ්ලොග්කරු සම්මානය තේරීම සඳහා අපි තුන් දෙනාට අමතරව LNW එකේ චන්දිම විතාන (ඔව් රතු වරෙන්තුදාරියා තමයි :) සහ නාලක ගුනවර්දන තමන්ගේ චන්දය ප්‍රකාශ කරා. මීට අමතරව අවුරුද්දේ මුල ඉඳල අපි දැනුම් දීලා තිබ්බ විදියට තුන්වෙනි පාර්ශවයකට තමන් කැමති නම් එක එක කැටගරියට නිර්දේශ ලෙස ඉදිරිපත් කරන්න අවස්ථාව දීලා තිබුනා. එහෙම ආපු නිර්දේශ වලටත් විශේෂ අවධානයක් යොමු කළා. ඒ ගැන තවත් ගැටළු තියෙනවනම් උත්තර දෙන්න පුළුවන්.

    ඔබ දක්වල තියෙන බොහෝ අඩුපාඩුකම් පුද්ගලිකව මාත් දැකපුවා. ඒ ගැන එකඟයි. මට සංවිධාන වැඩ වෙනුවෙන් වෙහෙසෙන්නට විවේක නැති නිසා මම මුලින්ම එයින් ඉවත් උනා. ඒ වගේම කිසිම ඇක්ටිව් බ්ලොගර් කෙනෙක් මේ සංවිධාන වැඩ වලට උදව් කරේ නෑ. අඩුම තරමින් අජිත් ධර්මා වත්. බ්ලොගර්ස් ලා මිට වැඩිය උදව් කරානම් මේක තව පිළිවෙලක් කරගන්න පුළුවන් කියන මතයේ තමයි මම ඉන්නේ.

    බ්ලොග් තෝරන එක හරිම අමාරු, මහන්සි සහ කාලේ කන වැඩක්. ඒ ගමන් සංවිධාන වැඩ වලටත් ඔලුව දාන්න කොහොමත් බෑ. ඉතින් මේකට ගොඩක් දෙනෙක්ගේ සහයෝගය තියෙනවනම් වැඩේ ලේසිවෙයි. ඉදිරියේදී නෙලුම්යායක් තියෙයිද නැද්ද දන්නේ නෑ. තිබුනොත් මම විනිශ්චය කාට හරි බාර දීලා සංවිධාන වැඩ වලට උදව් වෙන්න කැමතියි. POP (Passing Out Parade) එකක් කරනවා වගේ ලස්සනට ටයිමින් වලට කරන්න පුළුවන් එකක් මේක.. :)

    ReplyDelete
    Replies
    1. //ඒ වගේම කිසිම ඇක්ටිව් බ්ලොගර් කෙනෙක් මේ සංවිධාන වැඩ වලට උදව් කරේ නෑ. අඩුම තරමින් අජිත් ධර්මා වත්.// ඔන්න ඔන්න ඉතින්. බ්ලොග් තේරුවා, කියෙව්වා මදිවට ආවත් එක්ක. ඉවෙන්ට් මැනේජ්මන්ට් එකට නුදුන්න නම්, මම කියපු විධිහට මහවැලි කේන්ද්‍රයේ කලා නම් මම මිට වැඩිය සක්‍රියව එකතු වෙනවා. එහෙම නැති නිසා මම මුලික වැඩ වලදී නිහඬව හිටිය.

      Delete
    2. //මම කියපු විධිහට මහවැලි කේන්ද්‍රයේ කලා නම් මම මිට වැඩිය සක්‍රියව එකතු වෙනවා. එහෙම නැති නිසා මම මුලික වැඩ වලදී නිහඬව හිටිය. //
      අපිත් හෝටල් වලට යන එක විවේචනය කළ එක හරි එහෙනං...
      :D :D :D

      Delete
    3. //ඔබ දක්වල තියෙන බොහෝ අඩුපාඩුකම් පුද්ගලිකව මාත් දැකපුවා. ඒ ගැන එකඟයි. මට සංවිධාන වැඩ වෙනුවෙන් වෙහෙසෙන්නට විවේක නැති නිසා මම මුලින්ම එයින් ඉවත් උනා. ඒ වගේම කිසිම ඇක්ටිව් බ්ලොගර් කෙනෙක් මේ සංවිධාන වැඩ වලට උදව් කරේ නෑ. අඩුම තරමින් අජිත් ධර්මා වත්. බ්ලොගර්ස් ලා මිට වැඩිය උදව් කරානම් මේක තව පිළිවෙලක් කරගන්න පුළුවන් කියන මතයේ තමයි මම ඉන්නේ. //

      මෙහෙම කට්ටියට කියන්නෙ ඉවෙන්ට් මැනේජර්ස්ල නොවෙයි ඉවෙන්ට් ඩැමේජර්ස්ල.

      ‍බලොග් ලියන අය ගිය වතාවෙ හොඳින් කාල කළමනාකරණය කළා. POP කරපු ඇත්තන්ට මේව පංජංද කිව්වලු. ඒත් සැඟවුණු අරමුණු එක්ක ඕව කරන්න වෙන එකයි අවුල.

      Delete
    4. //‍බලොග් ලියන අය ගිය වතාවෙ හොඳින් කාල කළමනාකරණය කළා.//මේකනම් මාර කතාවක් . හෙන්රි ගිය පාර එක විවේචනය කලා ඒක ළමයින්ගේ වැඩක් කියල. දැන් කියනව ඒක හොඳයිලු.

      Delete
  8. //නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙලෙ විනිශ්චය මංඩලය ‍උත්සවය දවසෙ හෙළිදරව් කරනව කිව්වට// හෙන්රි කොයි වෙලවේද ආවේ? නැත්නම් මම කියපුව ඇහුනේ නැත්ද?

    ReplyDelete
    Replies
    1. මම පටං ගන්න කලිං ආව. ඇයි අජිත් එද්දිම මට කතා කළේ. ඔබ කතා කරද්දි ඉඳගෙන උන්නෙ. ඒත් සද්ද බද්ද අස්සෙ වෙන්න ඇති නම් ඇහුණෙ නෑ.

      හැබැයි වෙනත් සම්මාන උත්සව වල විනිශ්චය මංඩලේ නම් කියවන්නෙ නිවේදකයින්. එහෙම වුණා නං අවධානය වැඩි වෙනවා.

      අනෙක අජිත් පිළිගැනීමේ කතාව කරන්න ඇවිත් ස්තූති කතාවක්නෙ කළේ. නොකළෙ පිළිගැනීම විතරයි.

      Delete
    2. සමරු කළඹෙ සම්මාන නිර්දේශ නාමාවලිය නොදාපු එකත් ලොකු අඩුවක්. විනිශ්චය මංඩලේ නම් ඒකෙම දාන්න තිබුණා.

      Delete
    3. ස්තුතී කතාවක් තිබ්බේ නැති නිසා වැඩ කරපු අයට ස්තුතී කරන එක මුල ඉඳන්ම කලා. හෙන්රිගේ ලයිෆ් ටීවී වැඩ ටිකක් බලන්න ඕනේ. 100% නිවැරදිද කියල. හෙන්රි කතා කරන විධිහට 100% ක් නිවැරදිව තමා හැම දේම කරන්නේ. බලාගෙන ගියාම.

      Delete
    4. ස්තූත් කතාවක් හරියට නොකිරීම වෙන දේවල් එක්ක පටලව ගන්න එපා. ආපහු හැරිල බලන්න..පිළිගැනීමේ කතාව ස්තූති කතාවක් වුණේ නැද්ද කියලා. මම නං අහල නෑ..උත්සවයක් පටන් ගනිද්දිම ස්තූති කතා කරනවා. මේව සරල කාරණා. ටී.වී. කරනව වගේ නොවෙයි.

      Delete
  9. නෙලුම් යාය මෙතෙක් කල් ආ මග, මෙවර සම්මාන උළෙල, නෙලුම් යාය සම්මාන උළෙලට අනුබද්ධ කතිකාවන් සියල්ලට අනුව මාගේ ස්වාධීන මතය නම් නෙලුම් යාය බ්ලොග් කරුවන්ගේ කරපිටින් තමුන්ගේ සඟවාගත් දේශපාලන අරමුණක් පසුපස හඹා යනවා යන්නයි.. බ්ලොග් නවකතා අංශයෙන් මා වෙත දෙවන ස්ථානය හිමිවී තිබුනත් පිටකොන්දක් සහ හර්දසාක්ෂියක් සහිත පුද්ගලයකු වශයෙන් මා හට එම සම්මානය භාරගන්නට නොහැකියි. එයට පළමු හේතුව මා විසින් ලියාගෙන යන කතාව තවම ලියා අවසන් නොකළ එකක් වීම. දෙවන හේතුව සම්මාන පිරිනැමීම සම්භන්ධව ස්වාධීන විනිශ්චයක් සිදුවී නොමැති බවට දැනෙනා හැගීම..බුද්ධිමත් සහ ස්වාධීන විනිශ්චයක් සිදුවුවානම් ලියා අවසන් නොකළ කතාවක් නවකතා සඳහා යෝජනා වන අවස්ථාවේදීම ඉවත්කළ යුතුයි. තුන්වැන්න නෙලුම් යායේ සඟවාගත් දේශපාලන අරමුණ.

    දේශපාලනය = ජනතාවගේ කරපිටින් තමුන්ගේ පුද්ගලික අරමුණට යන ගමනේ ජනතාව ගොනාට ඇන්දවීම..
    නෙලුම් යාය = බ්ලොග් කරුවන්ගේ කරපිටින් තමුන්ගේ පුද්ගලික අරමුණට යන ගමනේ බ්ලොග් කරුවන් ගොනාට ඇන්දවීම..

    ReplyDelete
    Replies
    1. ඔහොම කියන්න එපා මෙයා, අර ඕ දහය විස්ස තිහ හතලිහ ගැනල තෝරපු හොඳම බ්ලොග් එකේ නෝනලාගේ නළලේ තියන් ඉන්න අහවල් ඒවා පහලට එයි!

      Delete
    2. මල්ලි මේ මෙහෙම කියමු. මෙන්න අවසන් ලිස්ට් එක:

      http://ambalangodakatha.blogspot.com/2016/04/1.html වාදී ස්වර සංධ්‍වනි


      http://sithumkavipotha.blogspot.com/2016/06/159-01.html කිරුලක උරුමය

      https://ahasenenna.blogspot.co.uk/2016/04/1.html අමුතු කතාවක්
      https://vibheeshana2.blogspot.com/2016/04/1.html සමාවෙන්න හංසි... http://sudupoosa91.blogspot.com/2016/04/blog-post.html නිර්සත්වයෝ

      මෙතන ඔයාට මම නම් දෙවෙනි තැන දුන්නේ නැහැ. නමුත් ඔයා විසින් ලියන ඒවා (ඉන්දියානු කතා පෙලේ සිට) නිසා අප ලබන සතුට ගැන, ඔයාට ලැබෙන කොමෙන්ට් ගැන කතා කරා ඔයාට දෙවන ස්ථානය ගියේ ඒ නිසා. අනිත් නිර්දේශ කරුවන්ව පාවලා දෙන්න මම යන්නේ නැහැ. සාමුහික වගකීමක් ඇතිව කල දෙයක් නිසා. නමුත් අපි ඔයාගේ බ්ලොගයට , ලියන දේට කැමතියි. සම්මානයට නිර්දේශ වුනේ ඒ නිසා. මම නම් ඔයාව පෞද්ගලිකව දන්නේ නැහැ.

      Delete
    3. //තුන්වැන්න නෙලුම් යායේ සඟවාගත් දේශපාලන අරමුණ. // මේකට මෙහෙම දෙයක් කියන්නම්. අර සරසා ලියල තියෙන දේශපාලන අරමුණ වෙන්න ඕනේ. එයා මහින්දගේ පැත්තේ. එනිසා සාධාරණයි. ඔයත් ඒ පැත්තේද? එහෙම නම් ඔයත් හරි. දැන් ඔයාල දන්නවද ගිය ආණ්ඩුව කාලේ ලැප්ටොප් දීල එක්තරා කුමාරයෙක් සමාජ ජාල වැඩ සංවිධානය කලා කියල. ඔයා ඒකටත් එහම කියනවද. මම නම් කියන්නේ නැහැ මල්ලි. මොකද ඒ ගොල්ලන්ට එහෙම කරන්න අයිතියක් තියනවා. සිරිකොතේ එවුන්ටත් , ජවිපෙ එවුන්ටත් අනික් මෙකි නොකී එවුන්ටත් ඕක කරන්න පුළුවන්. දේශපාලන පක්ෂ බ්ලොග් ලියන කොට, මුදල් දීල සමාජ ජාල වල වැඩ කරන කොට ඕක සැඟවුන කෙහෙල්මලක් කියන්නේ වැඩේ නොදන්න කට්ටිය. බටහිර රටවල - බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය, කොන්සර්වට්ව් පක්ෂය විතරක් නෙමේ පුටින් ගේ ගෝලබාලයොත් ඉන්නවා ඕව කරන. මොකක්ද ප්‍රශ්නේ. මේවා තියෙන්නේ ඒවාටම තමයි. මෙහෙ කම්කරු පක්ෂේ එන්ෆිල්ඩ් ශාඛාවට බ්ලොග් එක හදල දුන්නේ මම. මුදලට නෙමේ. ඒකෙ ඉන්න යාළුවෙක් උදව්වක් ඉල්ලුව හදල දෙන්න කියල.
      නෙළුම් යාය මේ තුන්වැනි එකට එනකම් බ්ලොග් තේරුවේ , අරන් ආවේ දේශපාලන බලපෑමකින් තොරව. ඒක මට සහතික කරලා කිව්ව හැකි.
      හැබැයි අර දයලේක්තික ප්‍රතිවිරෝධය වගේ සරසා ගහන්න ගහන්න මේ පැත්තෙන් කට්ටිය ශක්තිය පෙන්වන්න යෑම මටත් නම් විහිළුවක් වුණා. රාජිත ගැනත් මට හිතෙන්නේ නම් එච්චරයි.
      අනික බ්ලොග්ලෝකය දේශපාලකයන්ට ඇවිල්ල හසුරුවන්න පුළුවන් හරි වෙන මොකෙක් හරි එකෙක්ට හසුරුවන්න පුළුවන් කියල කවුරු හරි කියනවා නම් එක්කෝ ඔයාල බ්ලොග් ගැන දන්නේ නැහැ. නැත්නම් දැනගෙන හංගනවා.
      මට නම් කියන්න තියෙන්නේ එහෙම හිතෙන කෙනෙක් ඉන්නවා නම් කොරල බලමු කියන්න විතරයි. එකකට තර්ජනයක් ආවොත් ඒක වහල වෙන එකක් පටන් ගන්නවනේ මල්ලි. දැන් මෙහම ලිව්වා කියල තරහා වෙන්න එපා හරිද. අපි අම්බලන්ගොඩ කථා කියවන්න එන්න එපැයි.

      Delete
    4. //සරසා ගහන්න ගහන්න මේ පැත්තෙන් කට්ටිය ශක්තිය පෙන්වන්න යෑම මටත් නම් විහිළුවක් වුණා. //
      අජිත්ට විහිළුවක් නොවුණ නං තමා පුදුමෙ. ලියන කියන දේ හැටියටත්, සම්මාන සංකල්පෙ ගෙනා කෙනා හැටියටත් ඒක එහෙම වෙන්න ඕනෙ.
      ඒ බව මේ මොහොතෙ වුණත් එළිපිට කිව්ව එක ගැන මම අජිත්ට ගරු කරනවා.

      හැබැයි ඔය සරස ගෙනා සැඟවුණ අරමුණු කතාව නං අනුමත වුණා. ඒකට ශක්තිය පෙන්නන්න ගිහිනුයි එහෙනං මේ ඉල්ලං කාල තියෙන්නෙ. සරස එතරම්ම ප්‍රබලයි කියල මං දැනන් උන්නෙ නෑනෙ හිටං..

      Delete
    5. අජිත් අය්යේ.. මට වෙනත් පොස්ට් වලට කමෙන්ට් වැටුනා කියල ඊට හාත්පසින්ම වෙනස් සහ සම්මානයකට නුසුදුසු පෝස්ට් එකකට සම්මානයක් දීම නොකළයුතු ක්‍රියාවක් විදිහටයි මම දකින්නේ. මමත් ඔයාගේ පොස්ට් බොහොම අසාවෙන් කියවන පාඨකයෙක්. ඔබේ ලිවිල්ල ගැන මගේ ඇගයීම බොහොම ඉහලයි. ඒත් සම්මාන උළලේ අන්තර්ගතය ගැන මගේ විවේචනය මෙහෙම ඉදිරිපත් කිරීම ගැන මා එක්ක පුද්ගලිකව අමනාප වෙන්න එපා. මම ඔයාව පුද්ගලිකව දන්නෙත් නැහැ. මම මේ ගොඩනගන්නේ මත වාදයක් විතරයි.

      නෙලුම් යාය සඟවාගත් දේශපාලන අරමුණ යන විවේචනය ඇතුලේ ඔයා හිතනවානම් මම මහින්ද පාක්ෂිකයෙක් කියල ඒක ඔයාලට වෙච්ච වැරදීමක්. සරසා වගේ දේශපාලනේට ආවඩන පුද්ගලයෙක් නෙවෙයි මම. දේශපාලනය ඇතුලේ තියන නිරුවත් භාවය ඔයාලට වඩා මම සමීපව අහල දැකල තියන කෙනෙක්. ඒකට හේතුව ඔයාල බොහොම ගෞරවාන්විතව අහන දකින දේශපාලන චරිතවල අභ්‍යන්තරය සැබෑ ස්භාවය මම සජීවීව ඇහින් දැකලා, කනින් අහලා තියන නිසා. ඒ නිසා ලංකාවේ දේශපාලනය මම දකින්නේ කොහෙන් හරි කාලා තමුන්ගේ බඩ පුරවගන්න ව්‍යාපාරයක් විදිහට. ඒ නිසා සාහිත්‍ය පැත්තට බර වියයුතු සම්මාන උළෙලක් දේශපාලන මුහුණුවරකින් ඉදිරිපත් කිරීමේදී මගේ විවේචනය එය සඟවාගත් අරමුණක් යන්නයි.

      කවදාක හෝ දේශපාලන බලය වෙනත් පක්ෂයක් විසින් අත්පත් කරගත්ත දවසක ඒ බලයේ සිටින පක්ෂයේ නියෝජනය ඇතුව නෙලුම් යාය පැවැත්වුවත් එදාටත් මගේ මේ විවේචනය ඉදිරිපත් වෙයි. එජාපෙ, ශ්‍රී ලං නි පෙ, ජවිපෙ, මහින්දගේ පක්ෂේ සහ එකී මෙකී කුමන දේශපාලන පක්ෂයක් උක්ත වුනත් සාහිත්‍ය උළෙලකට දේශපාලනය ගෑවීම යනු එහි වටිනාකම හෑල්ලු වීමක් ලෙසයි මම දකින්නේ. මොකද ලංකාවේ දේශපාලනය තමුන්ගේ බඩගොස්තරය වෙනුවෙන්ම සිදුවන්නක් නිසා.

      Delete
    6. පුද්ගලික අමනාපයක් නැහැ. ඔබගේ ලිපිය නිර්දේශ කල අය පිළිතුරක් දෙනවා නම් හොඳයි. නමුත් සාමූහික වගකීම අනුව මම කැමති නොවුනේ ඔබගේ බ්ලොග් අඩවිය මත තීරණය කරලා. එහෙම කරනන් අපට පුළුවන්. නවකතාව ට එන ප්‍රතිචාර හොඳනම් කියන්නේ ඒක හොඳයි කියන එක.
      //නෙලුම් යාය සඟවාගත් දේශපාලන අරමුණ යන විවේචනය ඇතුලේ ඔයා හිතනවානම් මම මහින්ද පාක්ෂිකයෙක් කියල ඒක ඔයාලට වෙච්ච වැරදීමක්. // මම ඔයා ඒ පැත්තේ කියල කිව්වේ නැහැ. ප්‍රශ්නයක් අහල තියෙන්නේ.
      // ඒ නිසා ලංකාවේ දේශපාලනය මම දකින්නේ කොහෙන් හරි කාලා තමුන්ගේ බඩ පුරවගන්න ව්‍යාපාරයක් විදිහට. // බොහොම හරි.
      //ඒ නිසා සාහිත්‍ය පැත්තට බර වියයුතු සම්මාන උළෙලක් දේශපාලන මුහුණුවරකින් ඉදිරිපත් කිරීමේදී මගේ විවේචනය එය සඟවාගත් අරමුණක් යන්නයි. // දැන් ඒ සම්මාන උළෙලේ තිබ්බ දේශපාලන මුහුණුවර මොකක්ද?
      කරු ජයසුරිය, රාජිතට අමතරව තවත් අයත් සම්මාන දුන්න. ගිය වැඩ පිළිවෙලේ අංගවල දේශපාලනය තිබ්බේ නැහැ.
      //උක්ත වුනත් සාහිත්‍ය උළෙලකට දේශපාලනය ගෑවීම යනු එහි වටිනාකම හෑල්ලු වීමක් ලෙසයි මම දකින්නේ// මේකට විරුද්ධව මම මුකුත් කියන්න යන්නේ නැහැ. එංගලන්තේ කරනවා වගේ උත්සව කරන්න ලංකාවේ බැහැ කියන එක මම වටහාගෙන ඉවරයි.
      ඔය දන්නවද මෙහෙ තියන් සිංහල අලුත් අවුරුදු උත්සව සහ වෙනත් ලංකාවේ අයගේ දේ වලට පළාතේ කවුන්සිලර් (දේශපාලන) , මන්ත්‍රී මෙන්ම තානාපති කාර්යාලේ අයත් ගෙන්වන බව, සාහිත්‍ය උළෙලක් වුනත්. ගෙන්වන්නේ නැත්තේ වාමාංශික පක්ෂ වලිජ් කරන ඒවා වලට විතරයි.

      Delete
    7. අජිත් අයියේ මම මෙතන මතු කරන්නේ මතවාදයක් විතරයි. පුද්ගලික එදිරිවාදීකම් මගේ නැහැ. එකඟ වෙන්න පුළුවන් තැනදී මම ඕනෑම කෙනෙක් එක්ක එකඟ වෙනවා. එකඟද වෙන්න බැරි තැනදී මම අම්ම තාත්ත එක්කවත් එකඟ වෙන්නේ නැහැ. ඔයා මෙතන සන්විධායකයෙන් නොවුනානම් සම්මානයක් හිමිවියයුතු නිර්මාණ කරුවෙක් ඔයා.. ඒ ඔයා ලියන දේවල් වලට මගේ තියන ඇගයීම.

      සම්මාන උළලේ දේශපාලන මුහුණුවර කියන දේ "දේශපාලනය" කියන වචනෙට ලංකාවේ දෙන අරුත එක්ක කැටිවුන චෝදනාවක් නෙවෙයි අජිත් අයියේ. මම ඒ චෝදනාව කරන්නේ මෙන්න මේ නිසා.. නෙලුම් යාය වෝටර්ස් එජ් එකේ උළෙල පවත්වන්න බර පන දරනවානම්, එවෙන්ට් මැනේජ්මන්ට් කොම්පැනියකට මුදල් ගෙවන්න බරපැන දරනවානම්, කෑම බීම බොහොම ඉහලින් සපයන්න බර පැන දරනවානම් ( මම කියන්නේ එව්වා බොහොම හොඳ දේවල්) ඇයි නෙලුම් යාය විසින් බ්ලොග් තේරීමේ කටයුත්තට ඒ සම්භන්ධව විද්වත් දැනුමක් තියන ඒ සම්භන්ධව වුර්තීයමය දැනුමක් තියන විනිෂ්‍ය මඩුල්ලක් සඳහා බර පැන දරන්න උනන්දුවක් නැත්තේ??? මම මෙතැනදී බ්ලොග් තෝරපු ඔයාලව අවතක්සේරු කරනවා නෙවෙයි. නෙලුම් යායට තිබුනේ නැද්ද මේ විනිශ්චය අහවල් මහාචාර්ය වරයා, අහවල් සාහිත්‍ය වේදියා, අහවල් විද්වතා ඉන්නවා කියන තැනට මේ සම්මාන උළෙල ගේන්න.. එතැනදී මගේ චෝදනාව නෙලුම් යායට එහෙම අවශ්‍යතාවයක් තිබුනේ නැහැ කියන එකයි. මම කියන දේවල් ප්‍රායෝගිකව කරන්න අමාරු වෙන්න පුළුවන්.. ඒත් ඒ දේවල් අනිවාර්යෙන් වියයුතු දේවල් නෙවෙයිද???

      සම්මාන ප්‍රධානය ගැන කියනවනම් ...

      උළෙලක ප්‍රසිද්ධිය වෙනුවෙන් දේශපාලනය ගෑවීම පහසුම මාර්ගය නම් ශ්‍රී ලාංකීය දේශපාලනයේ සාහිත්‍යයට සම්භන්ධ දේශපාලකයින් ඇත්තෙම නැද්ද මේ වැඩේට ගෙන්වන්න.. අද එකක් කියන හෙට එකක් කියන අද එක පක්ෂෙක ඉන්න හෙට තව පක්ෂෙක ඉන්න දේශපාලුවෙකුගෙ අතින් සම්මානයක් ගැනීම ආඩම්බරයක් කියල හිතන පුද්ගලයින් ඇති.. ඒත් මටනම් ඒක ලැජ්ජාවක්.. අපිට සම්මාන දෙන මිනිස්සු අපිට වඩා ගුණාත්මක අතින් උසස් වියයුතුයි කියන මතයේ මම ඉන්නවා..

      ඔයාල කරපු සම්මාන උළෙල හරිම ශෝක්, මාරු අනේ කියන පුද්ගලයින් ඔයාලව තව තවත් දක්කන්නේ වලට වග වටහාගන්න ඔයාලට බුද්ධිය තිබිය යුතුයි. මම එහෙම නොවෙන නිසා තමා මේ දේවල් ප්‍රසිද්දියේ කියන්නේ. ඊළඟ අවුරුද්දෙත් නෙලුම් යාය කරද්දී ඔයාලට වැඩියෙන් වැදගත් වෙන්නේ හුරේ දාපු අය කියපු දේවල්ද ප්‍රසිද්දියේ වෙඩි තියපු අපි වගේ අය කියපු දේවල්ද කියලා වටාගන්න ඔබලාට බුද්ධිය තිබිය යුතුයි.

      Delete
    8. //ඔයාල කරපු සම්මාන උළෙල හරිම ශෝක්, මාරු අනේ කියන පුද්ගලයින් ඔයාලව තව තවත් දක්කන්නේ වලට වග වටහාගන්න ඔයාලට බුද්ධිය තිබිය යුතුයි. මම එහෙම නොවෙන නිසා තමා මේ දේවල් ප්‍රසිද්දියේ කියන්නේ. ඊළඟ අවුරුද්දෙත් නෙලුම් යාය කරද්දී ඔයාලට වැඩියෙන් වැදගත් වෙන්නේ හුරේ දාපු අය කියපු දේවල්ද ප්‍රසිද්දියේ වෙඩි තියපු අපි වගේ අය කියපු දේවල්ද කියලා වටාගන්න ඔබලාට බුද්ධිය තිබිය යුතුයි.//

      ++++++++++++++++++++++++

      Delete
  10. නොකී කතා හොදට කියල තියෙනවා.

    මට අනුව නම්, හිට්ස්, කමෙන්ට්ස්, ෆලෝවර්ස් ලා තරම්, සම්මාන බ්ලොගකට වටින්නෑ.

    ReplyDelete
    Replies
    1. // හිට්ස්, කමෙන්ට්ස්, ෆලෝවර්ස් ලා තරම්, සම්මාන බ්ලොගකට වටින්නෑ.//
      පැහැදිලිවම සෑම්...සම්මානයක් කියන්නෙ චුවින්ගම් එකක් විතරයි.

      Delete
    2. දැන් සෑම් එතකොට:
      නොකී කතා ගේ යහළුවෙකු වන "දසත සැරිසර " එකට සම්මනයක් හිමි වෙලා බුකියේ දාල තියනවා. නොකී කතා හෙන්රි සුභ පැතුම් දාල තියනවා. ඒ චුවින්ගම් වලටද?
      "අනිත් කොන ", බෝධිනී අවුරුදු 10 බ්ලොග් කරල සම්මානයක් ලැබිල සතුටු වෙනවා. සත්‍ය නිර්මාණි සම්මනය ගගණන් එනකොට වේදිකාවට මමත් ඉතා සංවේදී වුණා. ඔය කතාව ඒ හැමෝටම පුංචි අපහාසයක් වගේ දෙයක් නේද සහෘද බ්ලොග්කරුවන්ට. එහෙම නෙවෙයිද?

      Delete
    3. "දසත සැරිසර " එකට පමණක් නොව මම දන්න බොහෝ අයට සුබපැතුවා. මා සම්මාන බලාපොරොත්තු නොවුණත් නවකයෙකුට සම්මානයකින් උත්තේජනයක් ලැබෙන බව දන්නවා. ඒ අනුව මා සම්මාන විරෝධියෙකු නොවෙයි. ඒත් දෙන සම්මානය ගරුත්වයක් ඇතිව දිය යුතු බවට මා බොහෝ අවස්ථාවල පෙනී හිටිනවා. බ්ලොග් සම්මාන පමණක් නොව කවර සම්මානයකදී වුවත්.

      Delete