Powered By Blogger

Friday 5 July 2019

නාවික හමුදාවට කෙල්ලො ඇවිත්…!


මා ආලෝචනා අන්තර්ජාල සඟරාවට ලියන  නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  නොකීකතා පෙළක් .



හමුදාවේ සමහර නිලතල ඉංග්‍රීසියෙන් ලියන ආකාරය අප මුලදී  නොදැනුම්වත්කමින් උච්චාරණයේ දී වැරැද්දූ අවස්ථා මෙහි සඳහන් කරන්න කැමතියි. Lieutenant යනු ලුතිනන්වරයායි. එම වචනය උසුරුවන්නේ ලෙෆ්ටිනන්ට් කියායි. ඒත් මුලදී අප කියෙව්වේ ලියුටිනන්ට් ලෙසයි. එසේම කර්නල් යන නිලය ඉංග්‍රීසියෙන් ලියන්නේ Colonel ලෙසයි. එය කොලොනෙල් ලෙස අකුරු දෙස බලා උච්චාරණය කළ අවස්ථා තිබුණා. අධිකාරිලත් නිලධාරීන්ගේ නිලයන් උපලුතිනන්ගෙන්  පටන්ගෙන අද්මිරාල් දක්වා වෙනස් වෙද්දී Seaman ගෙන් පටන් ගන්නා සෙසු නිලයන්හි උසස්ම නිල නාමය වූයේ Master Chief Petty Officer යි. නාවික හමුදාවේ Sub Lieutenant වරයෙකුට වඩා Master Chief Petty Officer කෙනෙකුට සැලකීම් ලැබුණා. සාමාන්‍ය නාවික සෙබළෙකු ලෙස නාවික හමුදාවට බැඳී Master Chief Petty Officer දක්වා උසස්වීම් ලැබ අනතුරුව උප ලුතිනන්වරයෙකු ලෙස අධිකාරි ලත් පතිරාජ පසු කලෙකදී අප හා පැවසුවේ සිංහ රැළේ  පිටු පසින් ම යනවාට වඩා බලු රැළේ ඉස්සරහින් යන එක ආඩම්බර බවයි. (මේ රසවත් කතා පසුවට.) 


ඉතිරිය  පහත link එකෙන් ආලෝචනා  අන්තර්ජාල සඟරාවෙන් කියවන්න.
නාවික හමුදාවට කෙල්ලො ඇවිත්…!

No comments:

Post a Comment