Powered By Blogger

Thursday 18 July 2019

වැරදිලා හොඳ දත් ගැලවීම…..


මා ආලෝචනා අන්තර්ජාල සඟරාවට ලියන  නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  නොකීකතා පෙළක් .


නාවික රෝහල පිහිටා තිබුණේ පුහුණු විද්‍යා පීඨයට යාබදවයි. අපව කුඩා කණ්ඩායම් ලෙස ඊට සහභාගී කරනු ලැබුවා. මා විටින් විට මද දුරකින් නිතිපතා දුටු පුහුණු වන නාවික සෙබළිය හා කතාබහ කරන්නට ලැබුණේ මෙසේ රෝහලට ගිය විටයි. ඇයත් පැමිණ සිටියේ වෛද්‍ය පරීක්ෂණ සඳහායි. ඒ මා විශ්වවිද්‍යාල සිසුවෙකුව සිටියදී මහනුවර ගුවන්විදුලි සේවයේ වැඩසටහන් වලට සහභාගි වීම සඳහා ගිය විට හඳුනාගත් ශිල්පිනියක වූ ලංකා සොයුරියයි. ගුවන්විදුලි නාට්‍ය හා විචිත්‍රාංග සඳහා අප දෙදෙනා එකට හඬ කවා තිබුණා. ඒත් නාවික හමුදාවේදී ඇය සාමාන්‍ය සෙබළියක් හා මා අධිකාරීලත් නිලධාරියෙකු ලෙස විශාල පරතරයක් නිරායාසයෙන්ම ගොඩනැඟී තිබුණා.
නාවික රෝහලේ සිවිල් තාක්ෂණ ශිල්පියෙකු ලෙස රැකියාව කළ අනුර බී. සෙනෙවිරත්න කවියා මුණ ගැසීමෙන් පසු නාවික හමුදාව ගැන බොහෝ තොරතුරු දැන ගත්තා.
දන්ත රෝහලට ගොස් දත් පරීක්ෂා කළ පසු මගේ වම් යටි හක්කේ නරක් වූ දතක් ගැලවිය යුතු බව දන්ත වෛද්‍ය සින්නයියා තීරණය කළා. ඒ, අප නාවික හමුදාවට බැඳෙන විට Midshipmen වූ මෑතකදී නාවික හමුදාපති ලෙස කටයුතු කළ ට්‍රැවිස් සින්නයියාගේ පියතුමායි. විශ්‍රාම වයසට ළංව සිටි කොමාන්ඩර් සින්නයියා වැරදි දත් ගලවන්න රුසියෙක් බවයි ජ්‍යෙෂ්ඨයින්ගේ අදහස වුණේ. එහි සත්‍යාසත්‍යතාව කවරක් වුවත් මා දත ගලවන්න ගියේ පරාණ බයේ.....

ඉතිරිය  පහත link එකෙන් ආලෝචනා  අන්තර්ජාල සඟරාවෙන් කියවන්න.

No comments:

Post a Comment