Powered By Blogger

Monday 28 October 2019

ඡන්ද කෙරුවාව ගැන මගේ අදහස් කෙටියෙන්.


ගේ ජීවිත කාලයේ මේ දක්වා පළාත් පාලන, පළාත් සභා, ජනමත විචාරණ, මහ මැතිවරණ හා ජනාධිපතිවරණ ඡන්ද ගණනාවක් පැවැත්වෙනවා දැක තියෙනවා. මැතිවරණ දේශපාලනය ගැන ඒ තරම් විශ්වාසයක් නොතබන මාව ඡන්ද පොළට ගොස් ඇත්තේ තුන්වතාවක් පමණයි. සමහර කාලයන්හිදී මගේ නම ඡන්ද හිමි නාම ලේඛනයන්හි තිබුණෙත් නැහැ. ඉන් අදහස් වන්නේ මා ඒ පිළිබඳ එතරම් උනන්දුවක් නොදැක්වූ බවයි. මෙහි දී ප්‍රධාන වශයෙන් කිව යුත්තක් වන්නේ කිසිදු පළාත් පාලන, පළාත් සභා හා පාර්ලිමේන්තු නියෝජිතයෙකු වෙනුවෙන් හෝ පක්ෂයක් බලයට ගෙන ඒම සඳහා මා ඡන්දය පාවිච්චි කොට නොමැති බවයි.

මා ඡන්දපොලට ගිය වාර තුනෙන් ද ජනාධිපතිවරයෙකු පත් කිරීම සඳහා මා ඡන්දය පාවිච්චි කොට ඇත්තේ දෙවතාවයි. අනෙක් වතාව වන 88 ජනාධිපතිවරණයේ දී මා කළේ තැපැල් ඡන්දය කටු ගා දැමීමයි. ඊට හේතුව වූයේ එවකට මා කළ රැකියාව අනුව අඩුම ගානේ තැපැල් ඡන්දය හෝ නොදැමීම සුදුසු නොවන බව තේරුම් ගැනීමයි. තැපැල් ඡන්දය දෙන ස්ථානයට නොයාමෙන්, ඡන්දය වර්ජනය කරන්නෙකු යැයි මා පිළිබඳ අනෙකුන් අතර අවිනිශ්චිතතාවක් ඇති කළ යුතු නැතැයි මා සිතුවා.


මගේ පළමු ඡන්දය 1982 වසරේ දී ලබා දුන්නේ රෝහණ විජේවීරටයි. ඒ වන විට ජනතා විමුක්ති පෙරමුණේ හිතවාදියෙකු හෝ ආධාරකරුවකු නොවූ මා ඒ තීන්දුව ගත්තේ එවකට රට පාලනය කළ අන්තනෝමතික පාලකයා වූ ජේ ආර් ජයවර්ධන තමන්ගේ ප්‍රතිවාදියා වූ සිරිමා බණ්ඩාරනායක ගේ ප්‍රජා අයිතිය අහෝසි කොට තනි රේස් එකක් යන අවස්ථාවක විකල්ප බලවේගයකට සහාය දිය යුතු යැයි සිතූ නිසයි. ඒ අවස්ථාවේ කිසිසේත්ම ජයග්‍රහණය කිරීමට ශක්තියක් නොතිබුණ, එසේම තම පක්ෂයේම නායකයින්ගේ කකුලෙන් ඇදීමට ලක් වූ හෙක්ටර් කොබ්බෑකඩුවට ඡන්දය දෙනවාට වඩා විජේවීරට ඡන්දය දීමේ අර්ථයක් තිබුණා. එහෙත් විජේවීරට ලැබුණු ලක්ෂ තුනකටත් අඩු ඡන්ද ප්‍රමාණය කියා පෑවේ මැතිවරණයකින් විකල්ප බලවේග තේරීමේ උත්සාහයක් හෝ ඡන්දදායකයා වෙත නැති බවයි. ඡන්ද ප්‍රතිඵලය ඇසීමෙන් රෝහණ විජේවීර පවා අපේක්ෂාභංගත්වයට පත්වූ බවයි මා අසා තිබෙන්නේ.


මා දෙවෙනි වතාවට පුද්ගලයෙකුට ඡන්දයක් පාවිච්චි කර තිබෙන්නේ 2010 වසරේ දී. ඒ මහින්ද රාජපක්ෂටයි. 2005 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ උවමනාව මත මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා ප්‍රචාරාත්මක තලයේ වැඩ කටයුතු කළත් ඒ වසරේ ඡන්ද හිමි නාමලේඛනයේ මගේ නම තිබුණේ නෑ. මේ පිළිබඳව එවකට ජවිපෙ ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ හා පැවසූ මොහොතක ඔහු විමසුවේ ඔයා මේ කට්ට කන්නෙ ඡන්දෙවත් නැතිවද කියායි. 

මගේ පුතාට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා හැඳුනුම්පත හැදීමේදී තමයි ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුලත් කර ගන්න සිදු වුණේ. 2010 වසරේ දී මා මහින්ද රාජපක්ෂට ඡන්දය දුන්නේ ඇයි? ඒ කිසිසේත්ම මහින්ද කෙරෙහි වූ ප්‍රසාදයකින් නොව සරත් ෆොන්සේකා නමැති යුද හමුදාපතිවරයා බලයට ගෙන ඒම මරිමෝඩ, අමනොඥ තීරණයක් බව විශ්වාස කළ නිසයි. ඒ සඳහා ඡන්දය දවසේ මහනුවර සිට කෝට්ටේ ඡන්දපොළට ආවා මට හොඳින් මතකයි. එතෙක් වූ කවර නොගැලපීම් මත වුවද පක්ෂය විවේචනය නොකළ මා ජනතා විමුක්ති පෙරමුණෙන් සම්පූර්ණයෙන්ම දුරස්ථ වන්නේත්, ඔවුන් ගන්නා අහිතකර තීන්දු විවේචනයට ලක් කරන්නට පටන් ගන්නේත් ඉන් පසුවයි.

ඉන් අනතුරුව මගේ ජීවිත කාලයේදී තුන්වන වතාවට ඡන්දපොළට යන්නේ මේ වතාවේදී. ඒ 1982 වසරේ දී ගත් ප්‍රාගෝගික නොවන තීන්දුව ගන්නට නොවේ. විකල්ප බලවේගයක් මැතිවරණයකින් ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය නම් ඒ සඳහා යොදා ගත යුත්තේ පළාත් පාලන, පළාත් සභා හෝ මහ මැතිවරණ ඡන්දවලදී සුදුසු නිගෝජිතයින් තෝරා පත් කිරීම බවයි අද මා විශ්වාස කරන්නේ. එසේ නොමැතිව ජනතාවගෙන් බොහෝ දුරින් සිටින විකල්ප බලවේගයක් වෙනුවෙන් ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කරනවා යනු රටේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් කිසිදු සාධනීය ලක්ෂණයක් පෙන්නුම් කරන තීරණයක් බවත් මා හිතන්නේ නෑ. එසේ තීන්දුවක් ගන්නවා දවසක් උදා වනු ඇත්තේ අනිකුත් මැතිවරණ හරහා කිසියම් විකල්ප බලවේගයක් ජනතා විශ්වාසය දිනා ගත් පසුවයි.

රටේ අනාගතය පැහැදිලිව නිශ්චය කෙරෙන අවස්ථාවක් වන ජනාධිපතිවරයෙකු තෝරාගැනීම පක්ෂ හා ප්‍රතිපත්ති දේශපාලනයෙන් එහා ගිය පුද්ගල සාධක මත තීන්දු වන්නක් බව මගේ විශ්වාසයයි. ඉතිහාසය පුරා පත්වූ ජනාධිපතිවරුන් අපට සාක්ෂාත් කොට දී ඇති සත්‍යය එයයි. ජයවර්ධන, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී මේ වන විට ඒ බව ඕනෑවටත් වඩා පෙන්වා දී තිබෙනවා. මේ අවස්ථාවෙම ඉදිරියේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය වන්නේ සජිත් වැනි නොමේරූ එසේම කිසිදු ආකාරයක රාජ්‍යතාන්ත්‍රික හැකියාවක් පෙන්නුම් නොකරන, කතාවෙන් ක්‍රියාවෙන් සහ භාවිතයෙන් කිසිදු ධනාත්මක ලක්ෂණයක් පෙන්නුම් නොකරන පුද්ගලයෙකු මේ රටේ පාලකයා කිරීමට දායක වනවාද යන්නයි.

නැත. කිසිසේත්ම එය එසේ විය යුතු නැත. ආගාධයේ මුවවිටට තල්ලුවී සිටින රට ප්‍රපාතයට ම ඇද වැටෙන්නට ඉඩ දිය යුතු නැත. මහා ලොකු බලාපොරොත්තු නොවෙතත් අවශ්‍ය වන්නේ රට මේ අගාධයෙන් අඩුම තරමින් පහළට වැටීම නවත්වා ගැනීමටය. ඉන් එහා කිසියම් ආකාරයක සාධනීය ඉදිරි පියවර ගන්නේ නම් ඒවා බෝනස් ය. ඒ සඳහා මා ඉදිරියේ කිසිදු විකල්ප බලවේගයක් සිය ශක්තිය පෙන්නුම් කොට නොමැත. ඔවුන් සිටින්නේ දිනුම් කණුවට බොහෝ ඈතින්ය.



එහෙයින් සජිත් ප්‍රේමදාස බලයට පත්වීමෙන් සිදුවන්නට නියමිත මහා විනාශයෙන් රට ගලවා ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දෙන්නට තුන්වැනි වතාවට ඡන්දපොළට යන්නෙමි. ඒ වෙනුවෙන් මගේ ශක්ති ප්‍රමාණයෙන් කළහැක්කක් කරමි. ඉතිරි සියලු ගනුදෙනු ඉන්පසුවය.





සෙස්ස පස්සට....

20 comments:

  1. Fantastic, I am taking early holidays to go to SL and vote Gota.

    Only qualification Sajith has is his age, nothing else. He has no education not done a job in his lifetime, not earn cent, all his and his fathers life is financed by us.

    Also 88/89 killers and bank robbers are with him. Biggest problem is Ranil, Sajith and Ranil will be worse than MS and RW. Aba saranai

    ReplyDelete
  2. The way you think is same as mine

    ReplyDelete
  3. වැරදිලා හෝ ඔබේ අපේක්‍ෂකයා දිණුවොත්, ඔබට රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ හෝ රූපවාහිනියේ සභාපති තනතුර ලැබේවා යැයි පතමි!
    😁

    ReplyDelete
    Replies
    1. හෙන්රි වර්ණකුලසූරියMonday, October 28, 2019

      රසිකත් ඉන්නෙ ඒ මානසිකත්වයෙන් කියල හිතුවෙ නෑ. ඉතිහාසයේ යෝජිත තනතුරු බාර නොගත් මා ජනාධිපතිවරණයේ ගෝඨාගේ ජය වෙනුවෙන් පෙනී සිටින්නේ තනතුරු බලාගෙන නොවේ. ඔය හැම තනතුරටම වඩා ආර්ථික හයියක් හා නිදහසක් ඇති රැකියාවක් කරන මා නොවැ.17 න් පසුවත් මෙහෙමම තමයි.

      Delete
  4. /* මගේ පළමු ඡන්දය 1982 වසරේ දී ලබා දුන්නේ රෝහණ විජේවීරටයි. ඒ වන විට ජනතා විමුක්ති පෙරමුණේ හිතවාදියෙකු හෝ ආධාරකරුවකු නොවූ මා ඒ තීන්දුව ගත්තේ */

    එදා 1982 ඔක්තෝබරයේ දී ජවිපෙ හිතවාදියෙකු හෝ නොවූ ඔබ, මාස නමයක් ඇතුළත, ජවිපෙ අණ ක්‍රියාත්මක කරන අයෙකු වූ හැටි නම් හරි පුදුමයි හෙන්රි!

    ReplyDelete
    Replies
    1. හෙන්රි වර්ණකුලසූරියMonday, October 28, 2019

      ඒ් ඒක්කම තමයි කොක්ක වැදුණේ. බන්ධනාගාරගත වුණේ. නාවික හමුදාවට බැඳුණේ...

      Delete
  5. තමන් කැමති එකෙක්ට ඡන්දේ දවසේ ගිහිල්ලා කතිරේ ගහලා ඡන්දේ දාපං මෙතන උන්ගේ ඇට ලෙවකකා පුක දෙන්නේ නැතිව.

    උඔ කැමැති එකා අපේ කැමැති එකා වෙන්නේ නෑ. අපේ කැමැති එකා උඹේ කැමැත්ත වෙන්නේත් නෑ.

    ReplyDelete
    Replies
    1. හෙන්රි වර්ණකුලසූරියMonday, October 28, 2019

      මං කැමති ඒකාටම කැමති වෙයංකො බං.

      Delete
  6. Ayiye oyage okkoma sessa passata thamayi. Anith kotasa eyi kiyal kata aran balan hitapu lassana post kiyak sessa passata kiyala antharsdhana wunada?.....:)

    ReplyDelete
    Replies
    1. හෙන්රි වර්ණකුලසූරියMonday, October 28, 2019

      අයියෝ...උන්නු ගමන් බ්ලොක් ලිවිල්ලෙන් වෙන ඒවට පැන්නම මිස් වෙන්න ඇති. දැන් නම් ඒව මොනාද මතකත් නෑ. නිවාඩුපාඩුව හාරවුස්සල බලන්නම්. සෙස්ස පස්සට හොඳේ...

      Delete
  7. ගෝඨාභය රාජපක්ෂ වැනි මිලිටරි කරුවෙක් බලයට පැමිණිම වැලැක්වීම සඳහා මගේ ශක්ති ප්‍රමාණයෙන් කළහැක්කක් කරමි මාද කරමි.

    ReplyDelete
    Replies
    1. ගෝනි බිල්ලන්ට පෙන්නා කොල කොටි , ප්‍රා වැනි මිනීමරු කන්ඩායම් ලවා තරුණයන් පැහැර ගෙන ධර්ම චක්කරයේ දමා ලින්ගය ලාච්චුවට තද කර තලා ගුදයේ කටු කම්බි බස්සා දෙතිස් වදය දී මරා ටයර් මත පුච්චන කාලයක් නැවත ගෙන ඒමට සජිත් ට හා රනිල්ට චන්දය දෙන්න

      පියානෝ මැරුවේ 60000-70000 ක් පමණ පිරිසකි. සජිතයා ආවොත් තරුන්යන් ලක්ශ 2 ක් වත් මරා දමනවා සිකුරුය.

      Delete
    2. හෙන්රි වර්ණකුලසූරියFriday, November 08, 2019

      පියානෝ නවතපු තැනින් පටන් ගන්න බවට පාරම් බාන පුතානෝ...

      Delete
  8. චන්ද කෙරුවාවට මම හොදටම කැමතියි. මොකද නිවාඩුවක් හම්බ වෙන නිසා. වෙන නම් අපිට හම්බ වෙන දෙයක් නෑ. ප්‍රදාන පක්ෂ වලින් ඉල්ලන දෙන්නා ගැන බැලුවම හොදටම තේරෙනවා දෙන්නම අනිත් අයගේ රුකඩ දෙකක් මිස නියම ජනතා නායකයන් නෙවෙයි කියලා. චන්දෙන් පස්සේ රටටම ඇදිරි නීතිය වැටෙන දෙයක් වුනොත් අපිට තව දවස් දෙක තුනක් නිවාඩු හම්බ වෙනවා. නරක සිතුවිල්ලක් වුනත් ඒක තමයි පුද්ගලික අංශයේ සාමාන්‍ය රැකියාවක් කරන දෙනෙක්ගේ අදහස.

    ReplyDelete
  9. මටත් හිතට එකඟව ගෝඨාභයට හෝ සජිත්ට ඡන්දය දෙන්නට නොහැකිය. එය පාවිච්චි කරන්නෙත් AKD වෙනුවෙනි!

    ReplyDelete
    Replies
    1. හෙන්රි වර්ණකුලසූරියFriday, November 08, 2019

      ඔබේ අයිතිය.

      Delete
  10. ඔබේ ලිපිය කියවූ විට තේරෙන්නේ ඔබේ පළමු කැමැත්ත ජවිපෙට වුවත්, ජවිපෙ පැහැදිලිවම දිනන්නේ නැති නිසාත්, ඔබේ අවසානම තේරීම වන සජිත් ජයග්‍රහණය කිරීම වැළැක්වීමට අවශ්‍ය නිසාත් ඔබ ගෝඨාභයට ඡන්දය දෙන බවයි. මගේ ප්‍රමුඛතා අනුපිළිවෙල මෙසේ වුනානම් මා කරන්නේ ජවිපෙට ඡන්දය දී ගෝඨාභයට දෙවන මනාපය දීමයි. එසේ කිරීමෙන් අවශ්‍ය කටයුතු දෙකම සිදු වේ. දිනීමට ඉඩක් නැති කම මත හා අකැමැති අපේක්ෂකයා තේරී පත් වීම වැළැක්වීමට බොහෝ දෙනෙකු ඡන්දය පාවිච්චි කරන තුරු තෙවන පක්ෂයකට කවදාවත් ඔලුව ඉස්සිය නොහැකිය. පළාත් සභා හෝ ප්‍රාදේශීය සභා මැතිවරණයකදී වුවත් වෙන්නේ එයයි. අකැමැති අපේක්ෂයා තේරී පත් වීම වලක්වන අතරම තෙවන පාර්ශ්වයකට තල්ලුවක් දීමට හොඳම අවස්ථාව තිබෙන්නේ ජනාධිපතිවරණයකදීය. පළාත් සභා හෝ ප්‍රාදේශීය සභා මැතිවරණයකදී මේ අවස්ථාව ලැබෙන්නේ අදාළ තෙවන පාර්ශ්වයට යම් අවම ඡන්ද ප්‍රමාණයක් ඇත්නම් පමණි. නමුත්, ජනාධිපතිවරණයකදී දෙවන මනාපය යොදා ගනිමින් අනවශ්‍ය පුද්ගලයා ජයග්‍රහණය කිරීම වළක්වමින් ඡන්ද දෙතුන් දාහක් පමණක් ගන්නා අයෙකුට වුවද පළමු මනාපය දීමේ හැකියාව තිබේ. ඔබේ පළමු කැමැත්ත තිබෙන්නේ ජවිපෙට නොව ගෝඨාභයටනම් මෙය අදාළ නැත.

    ReplyDelete
    Replies
    1. හෙන්රි වර්ණකුලසූරියFriday, November 08, 2019

      දෙවෙනි මනාප ගණන් කරන්නෙ නැති නිසා ඒ යෝජනාව පිළිගන්න බැහැ.
      අනෙක මගේ ප්‍රමුඛතා අනුව මුලටම පෙසප- ඒ කියන්නෙ දුමින්ද ....
      මහමැතිවරණයේදී පෙසප වෙනුවෙන්. මේ තීරණාත්මක මොහොතේ ගෝඨා..

      Delete
  11. තම තම ණැන පමණින් දැනගත යුතු
    තමන්ගෙ ඡන්දය තමන් කැමති කෙනෙකුට
    කෙසේ වෙතත් තම මතය නොපැකිලව එක එල්ලේ අකුරු කිරීම ගැන ඔබට ස්තූතියි

    ReplyDelete
    Replies
    1. හෙන්රි වර්ණකුලසූරියFriday, November 08, 2019

      මේ තීරණාත්මක මොහාතේ කෙලින් පෙනී සිටීමේ වගකීමක් තියෙනවා.

      Delete