Powered By Blogger

Monday 1 April 2024

Mindfulness- සිහිය හා තරින්දි

 

 
2021 වසරේ මුල් භාගයේ මට ආරාධනාවක් ලැබුණා මානසික සෞඛ්යයට අදාළ අධ්යාපනික ප්රචාරාත්මක වීඩියෝ වැඩසටහන් 5 ක් නිර්මාණය කිරීමට.
 
මානසික සෞඛ්යය යටතේ විවිධ විෂයය පරාසයන් 5 ක්. 
 
මට මේ අලුත් අත්දැකීමක් වුණේ ලබා දෙන දත්ත මත රූප රචනයත් කළ යුතු වූ නිසයි. ඒ කියන්නේ නුහුරු විෂයයන් ගැන මටත් අවබෝධයක් ගන්න සිද්ධ වුණා.
 
එසේම මෙහි කොන්දේසියක් වුණේ ප්රේක්ෂකයා තිරයේ දකින දක්ෂ හා ප්රසිද්ධ නළු නිළියන් යොදා ගත යුතු බවයි. ඊට හේතුව ඔවුන් දෙන පණිවිඩ පහසුවෙන් ප්රේක්ෂක මනසට ග්රහණය වෙනු ඇති බවට මෙහි නිෂ්පාදන කණ්ඩායම විශ්වාස කිරීමයි.
 
වීඩියෝ වැඩසටහන් හතරකට තෝරාගත් නළු නිළියන් ගැන එකඟ වුවත් "Mindfulness-සිහිය" නමින් වූ මිනිත්තු 3 ක වීඩියෝවේ රඟපෑම සඳහා සුදුසු, තරුණ, සුන්දර, දක්ෂ රංගන ශිල්පිනියක් තෝරාගැනීම අභියෝගයක් වුණා.
 
මා ටෙලිනාට්ය නොබලන නිසා මෙය වඩාත් අපහසු වුණා. කීපදෙනෙක් පැවසූ නම් කීපයක් අතරින් මා ඒ වනවිට අසා නොතිබූ තරින්දි ප්රනාන්දු නමැති නිළිය ගැන සොයා බැලුවේ අන්තිමටයි. ඇගේ රංගනයක් දෙකක් දැකීමෙන් මගේ සිත ඇදී ගියා. නම අනුමත වුණා. 
 
"කරලා බලමු. දෙබස් නැති මේ රංගනය ලේසි නෑ..." ප්රමුඛ වෛද්යවරයා කීවා. 
 
තරින්දි මේ රංගනය විශිෂ්ට ලෙස නිම කළා. ඇය පිටපත ඉතා නිවැරැදිව තේරුම් ගත්තා. අනවශ්ය එක් අංග චලනයකින්, සාත්වික අභිනයකින් Mindfulness යන්න වැරැදි ලෙස අර්ථගැන්වෙන්න ඉඩ තිබුණා.
අද තරින්දි සම්මානලාභී ප්රකට නිළියක්. ඇය ඉතා වේගයෙන් ප්රේක්ෂක ආකර්ශනය දිනාගනිමින් ඉන්නවා.

එදා ඈ ප්රකට කළ රංගන කෞශල්යය පහළින් ඇති වීඩියෝවෙන් නරඹන්න.
 
 

4 comments:

  1. ලස්සන ලිපිය.ඔබ තුමා මේ මානසික සෞඛ්‍යය පිලිබද වීඩියෝවේ නිර්මාන කාර්‍යයේ ප්‍රමුඛයෙක් බව දැනගැනීමට ලැබීම මට මහත් සතුටක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඔබ තුමාට.
      සංකල්පය දුන්නා. පිටපත් ලියා මා අධ්‍යක්ෂණය කළා.

      Delete
  2. 🧐
    කඩදාසි පමණක් දැමිය යුතු කසල බඳුනට ඊයම් කොළයක් දාන්නේ හොඳ සිහියෙන් විය නොහැක.
    එයින් කියවෙන්නේ කොච්චර හොඳ සිහියෙන් සිටියත් අන්තිමේ දී වැරදෙනවා කියන එක ද?

    ReplyDelete
  3. මා නරඹන්නේ තෝරාගත් ටෙලිවිෂන් මාලා නාටක පමණක් වුවත් මේ නිලිය මා දැක තියෙනවා වගේ මතකයි. ඒ සහෝදරයා නිර්මාණයේ විය යුතුයි.

    ReplyDelete