ඔන්න ආයෙම නොකී කතා ලියන්න පටන් ගන්නවා.
මෙදා පාර ලියන්නෙ සයිබර් අවකාශයේ.....
කලින් වතාවෙ පත්තර කොලම් විදිහට ලියල අන්තිමේට පොතකුත් අච්චු ගහල ප්‍රසිද්ධ කළානෙ, නොකී කතා නමින්ම.
"සියත" පත්තරේ කර්තෘ වෙච්චි මංජුල වෙඩිවර්ධන තමයි කොලමක් ලියන අදහස ඔලුවට දැම්මෙ. ජයසිරි ජයසේකර තමයි වැඩේ ඇදගෙන ගියේ මට කරදර කර කර. මංජුලල පත්තරෙන් ගියාට පස්සෙ "හෙළ දිව" පත්තරේ කර්තෘ ධර්ම ශ්‍රී කාරියවසම් "නොකී කතා" කොලම දිගටම ලියන්න කිව්ව.
තෝරා ගත් කොලම් එකතුවකින් පොත ප්‍රකාශයට පත් කළේ ආරියපාල ඉඹුල්දෙනිය. වරකපොළ ආරිය ප්‍රකාශකයෝ අධිපති. පොත් කෙරුවාවෙන් පාඩුයි කියල දන්න දා ඉඳන් අඳෝනා නගන ආරි මොන අලකලංචි මැද්දෙන් වුණත් පොත් වෙළඳාමෙන් අයින් වුණේ නැහැ.
එක අතකට මේක අබිං කෑව වගේ වැඩක් තමයි.
පොත් ලියන එක වගේම පොත් බිස්නස් එක.
අත අරින්න හිතෙන්නෙම නැහැනෙ.
කොච්චර පාඩුයි කිව්වත් ඔය කොයි පොත් වෙළෙන්දත් තට්ටු පිට තට්ටු බිල්ඩිං ගහන්නෙ.
හැබැයි ඉතිං ලියන අයට නං හුප්පෙ. ඇම්මටම තමයි ලියන්නෙ.....වැඩි දෙනෙක්.
ලියලම කල්ල මරේ තියං යන අයත් නැත්තෙම නෑ.
නොකී කතා ගැන කියන්න ගිහිං වෙනම කතා බහක් ඇදිල ආව නොවැ.
ඕක තමයි මගේ ඉට්ටැයිල් එක.
පටන් ගන්නෙ එක කතාවකින්. කියන්නෙ වෙන කතාවක්.
ඉවර කරන්නෙ වෙනම කතාවකින්.
මේකයි මම කියන්න ගියේ.
අර පත්තර කොලම් ලියද්දි වගේ මාගල් කතා මේ බ්ලොග් එකේ ලියන්නෙ නැහැ.
ලිව්වත් මේ කළබල අස්සෙ කවුරු ඔය අටුවා ටීකා ටිප්පනි කියවයිද මං අහන්නෙ. ඒ හංද මෙදා පොටේ ලියන්නෙ පුංචි පහේ නොකී කතා.
සංක්ෂිප්ත නොකී කතා. කෙටිම කෙටි නොකී කතා.
වැල යන අතට මැස්ස ගහන්න එපැයි. මේ ඩිජිටල් ලෝකේ මාගල් වගේ ලියුං කියවන්න වෙලාවක් ඇතැයි......?
අතිශය පෞද්ගලික කතා වගේම පොදු මට්ටමේ කතා තමයි මෙවර නොකී කතා. පත්තරේට ලිව්ව වගේ පුද්ගලයින් ඉලක්ක කරගෙන නොවෙයි. සිද්ධි තමයි මූලික කරගන්නෙ.
හැබැයි ඉතිං පෞද්ගලික කතා කිව්වට ඔය සිද්ධි වලට ගෑවිලා ඉන්න අයගෙ තෝම්බුත් ලිහෙන්න බැරිකමක් නැහැ.
තරහා අවසර.....!
ලංකාවේ පාසල් වියේ කතා......විශ්වවිද්‍යාලවල කතා.....නාවික හමුදාවෙ කතා......මාධ්‍ය ලෝකයේ කතා......සාහිත්‍ය/කලා ලොවේ කතා......ඉංජිනේරු වැඩබිම්වල වගේම ආයතන වල කතා....සංචාරය කළ අමෙරිකාව/ස්විට්සර්ලන්තය/ මැලේසියාව/ සිංගප්පූරුව වගේම දැනට පදිංචි බහරේන් වගේ රටවල කතා.....
යනාදී වශයෙන් නොකී කතා නං කියල ඉවර කරන්න බැරි වෙයි.
සතියකට වතාවක්/ මාසෙකට වතාවක් කියල පොරොන්දු නොවී ඉඩක් ලැබුණ ගමං පොඩි පහේ නොකී කතාවක් ලියල දාන්නංකො.
හුදී ජන පහන් සංවේගය සඳහා.......!
නොකී කතා සෑහෙන්න පත්තර පිටු හරහා කියවලා තියෙනවා. පොත නම් දැකලා නෑ.
ReplyDeleteඔබේ මේ නව ඇරඹුම සාර්ථක වේවා කියා පතනවා.
හොඳයි ලියමු එහෙනම්. අපි කියවන්නම්.
බ්ලොග් අවකාශයේ දැවැන්තයෙකුගේ ආශිර්වාදය හරිම වටිනවා.
Deleteස්තූතියි.
මගේ සුබපැතුම්!
ReplyDeleteමගේ උණුසුම් සුභ පැතුම් හෙන්රි !!!
ReplyDeleteසුබ පැතුම් එක්ක ඔන්න ලියන්න ගත්තා.
Deleteහෙට දිහාවට දාන්නම්.
අපිත් ඉන්වා මග බලාගෙන
ReplyDeleteහොඳමයි මගේ කිචී...
Deleteමාත් කියවන්නම්. ලියන්න. මගේ බ්ලොක්එකත් බලන්න. 100lane.bogspot.com ලිපිනයෙන් විටින්විට කියවන්න
ReplyDeleteහොඳමයි ජගත්. බෙදා හදා ගෙන කියවමු.
Deleteසත්සමුදුරෙන් එපිට සිට වුණත්.
ඉමහත් වූ රුචියකින් කියවූවකි නොකී කතා.නොකී කතා දිගටම නොලියන්නේ ඇයි ද යන්න කලක සිට තිබූ පැනයකි.අලුත්ම කතා කියවීමට මඟ බලා සිටිමි.
ReplyDeleteනොකී කතා පොත කියවා එය අගයමින් අදහස් දැක්වූ කෙනෙකු ලෙස ඔබේ පැතුම ඉටු වෙනවා.
Deleteබ්ලොග් අවකාශයේ නොකී කතා කියවා අදහස් දක්වන්නේ නම් අගෙයි.
හති නොවැටෙන බ්ලොග් චාරිකාවකට ආසිරි....
ReplyDelete(මධුශංක)
මධුශංක,
Deleteහති වැටෙනවනං වැටෙන්නෙ ගොඩක් කලිං.
ඔහොම යං.....
ආයෙමත් නිදහස් ලේඛනයට මාවතක් විවර වීම සතුටක්............
ReplyDeleteජය වේවා...!
ඔව්...බ්ලොග් ලිවීම සාපේක්ෂව නිදහස්. ස්වයංවාරණය පමණයි.
Deleteසතුට ප්‍රකාශ කිරීම ගැන තුති.
මේ අබිං කෑවා වගෙයි කියපු කතාව නම් ඇත්ත තමයි.. බ්ලොග් ලියන්න අරන් මටත් ඒක දැන් අබිං කෑවා වගේ වෙලා
ReplyDelete