රසික හරිශ්චන්ද්‍ර සූරියඅාරච්චි නම් වූ මගේ සරසවි සගයා නිතිපතා ලියන "රසිකොලොජි" බ්ලොග් එකේ මෑත සටහනක මෙසේ ලියා තිබුණා.
හෙන්රි වර්ණකුලසූරිය යනු වෘත්තියෙන් මැවිසුරුවෙකි. විශ්ව විද්‍යාලයෙන් පිටවීමෙන් අනතුරුව කලක් නාවික හමුදාවේ ද සේවය කළ අයෙකි. වත්මනෙහි ද මැද පෙරදිග රටක මැවිසුරුවෙකු ලෙස සේවය කරන්නෙකි.
එහෙත්, එදා මෙදා අතරතුර ඔහු ගේ ජීවිතය කවි පොත්, කෙටිකතා පොත්, නවකතා, පුවත්පත්, ගුවන් විදුලිය සහ සිනමා සිත්තම් හරහා ඇදී ගිය විසිතුරු එකකි. ඒ දිවි මගෙහි දී ඔහුට හමුවූ අය බොහෝ ය. ඔහු ලැබූ අත්දැකීම් බොහෝ ය. ඒ ගැන නොකී කතා ඔහු කාලයක් තිස්සේ පුවත්පත් දෙකක තීරු ලිපි ලෙසින් අප හා බෙදා ගත් අතර පසුව එය ග්‍රන්ථයක් ලෙසින් ද ජනගත වුණි.
හෙන්රි වර්ණකුලසූරිය අරඹා ඇති "නොකී කතා" බ්ලොග් අඩවියේ තවමත් පළ වී ඇත්තේ ලිපි තුනක් පමණක් වුවද හෙන්රිගේ කැරැට්ටුව හොඳින් දන්නා මා මෙහි ඊළඟට ලිපියක් පළවෙන තුරු බලා සිටිනේනේ ඉතා උනන්දුවෙන් බව කිව යුතු ය.
වැරැදි අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිඵලයක් හැටියට වෘත්තියෙන් ඉංජිනේරුවකු බවට පත් වන්නට සිදු වුණත් ඉංජිනේරුවා හඳුන්වන්නට "මැවිසුරුවා" යනුවෙන් සිංහල වචනයක් ඇති බව මා දැනගත්තේ රසිකගේ සටහනෙන්.
ඒ නිසා මේ සටහන අමතක කොට දැමූවත් "මැවිසුරුවා" යන වචනය නම් කිසිදා අමතක වෙන එකක් නැහැ.
හෙන්රිගේ කැරැට්ටුව හොඳින් දන්නා නිසා "නොකී කතා"වක් පළවෙන තුරු රසික ඉතා උනන්දුවෙන් බලා සිටින බවයි අන්තිමේට සඳහන් කරල තිබුණේ.
ඉතිං ඒක දැක්කම හිතුණා රසිකටත් අදාළ වෙන කැම්පස් කතා ලියන්න ඕනෙ කියලා මේ වතාවෙ "නොකී කතා"වෙන්. එහෙම හිතුව විතරක් නං බැරියෑ...."රසිකොලොජි" බ්ලොග් එකේ කොමෙන්ටුවක් දාල ඒ බව සනාථ කළා.
"ඉල්ලං කාලා බලං ඉන්න එකයි ඇත්තේ" කියලයි මම කොමෙන්ටුව අවසන් කළේ. නිකං කින්ඩියට වගේ.
ඒකට රසිකගෙ උත්තරේ තවත් ටිකක් ඉල්ලං කන එකක්ම තමයි. කොහොමත් ඒ මිනිහගෙ හැටි. ඒ කාලෙ ඉඳන්ම ඉල්ලං කනව.
"අපි බය වෙයි ඕවට. සොහොනෙ වුණත් ගෙවල් හදන්නම් !"
මමත් නිකං උන්නෙ නැහැ. ඒකටත් උත්තර දුන්නා මෙහෙම.
" හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙටලුනේ..." කියලා.
හෙන්රිගෙ කැරැට්ටුව හොඳින් දන්නව කියන එකෙන් රසික අදහස් කරන්න ඇත්තෙ පටු සීමා මායිම් වල හිර නොවී, පුද්ගලවාදී නොවී ඇත්ත ඇති සැටියේ කියාපානවයි කියන එක නම් ඒ ප්‍රකාශය ගෞරවයක් විදිහටයි සළකන්නෙ.
රසිකට කෙලින්ම අදාළ නොවුණත් ඒ කාලෙ සිද්ධ වුණ මගේ ලිවීමේ කලාවට සම්බන්ධ කතාවක් මතක් වුණා. කැරැට්ටුව එළිවෙන ජාතියෙ කතාවක්.
මගේ පළමු කෙටිකතා සංග්‍රහයේ නම "තිරිසන් රාත්‍රිය". එහි එන
"තිරිසන් රාත්‍රිය" කෙටිකතාවට පාදක වෙන්නෙ විශ්වවිද්‍යාල නිවාඩු කාලෙක පිරිමි නේවාසිකාගාරයකට (අක්බාර්-නෙල් ශාලාවට) රාත්‍රියේ ඉතා රහසිගතව ගණිකාවක් රැගෙන ඒමේ සිද්ධියක්.
කතාවෙ විදිහට මේ සිද්ධිය වෙද්දි මා ඇතුළු මිතුරන් කීප දෙනෙකු නිවාඩු කාලෙක විශේෂ ව්‍යාපෘතියක් සඳහා නේවාසිකාගාරයේ ලැගුම් ගෙන ඉන්නවා.
ඇගේ පහස විඳින්නට යන අයට ඊට ඉඩක් ලැබෙන්නෙ නැත්තෙ මේ සුන්දර ගණිකාව කුස ගින්නෙන් හාමත්ව සිටිමේ හේතුවෙනුයි.
"තිරිසන් රාත්‍රිය" පළමු මුද්‍රණය නිකුත් වුණේ මා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සේවය කරන අතරතුරයි. Arts Theatre (AT) නොහොත් කලාගාරයේ තමයි මේ පොත දොරට වැඩීමේ උත්සවය තිබුණේ.
මේ අවස්ථාවට මගෙ බැචාල කීප දෙනෙකුත් සහභාගි වුණා. විශ්වවිද්‍යාල ජීවිතයේ ලද අත්දැකීම් මත ලියැවුණ "තිරිසන් රාත්‍රිය" පොතේ එන කෙටිකතා මොනවාදැයි විපරම් කරන්නට ඔවුන් පෙළඹීම පුදුමයක් නොවෙයි.
"තිරිසන් රාත්‍රිය" කෙටිකතාව ඊට කලින් "නවලිය" පත්තරේ පළ වෙලා තිබුණට ඒක කවුරුත් කියවලා තිබුණේ නැහැ. (මේ කෙටිකතාව පාදක කරගෙන එනමින්ම අපූරු කෙටිනාට්‍යයක් චන්දිම දෙල්පචිත්‍ර නාට්‍යකරුව වේදිකා ගත කළා.)
පොතේ පෙරවදන කියවපු දැන් ඔස්ට්‍රේලියාවෙ පදිංචි වෙලා ඉන්න එක බැචෙක් මූණ ඇඹුල් කරගත්ත.
"යකෝ...තෝ ගම කාල. දැන් කොහොමද මං මේ පොත වයිෆ් අතට ගිහිං දෙන්නෙ. ගෑනි අද බලං ඉන්නෙ උඹේ පොත ගේන කල් කියවන්න...."
මගේ අතිජාත මිත්‍රය අවුල් වෙන්න හේතුව මේකයි.
පෙරවදනෙ මම ස්තූති කරල තියෙනව මා සමග සරසවි ජීවිතයේ අත්දැකීම් බෙදා හදා ගත් බක්කා, මැක්කා, පූසා, ඉබ්බා, කුරුම්බයා, ඩොං
ඩොං, ගල් කොල්ලා, වැල් සිරා, ජිල්බු ඇතුළු සත්ත්ව සමූහයාට කියල.
ඉතිං මේ කාඩ් (අනවර්ථ නාම) දන්නා භාර්යාවො, දරුවො හිතන්න පුළුවන් මෙයත් අර තිරිසන් රාත්‍රියෙ සිද්ධියට සම්බන්ධ එක්කෙනෙක්ද දන්නෙ නෑ කියල.
"මේකෙන් අපේ ගෑනුත් දැනගන්නව ඒ කාලෙ කැම්පස් එක ඇතුළට ගණිකාවො ගෙනාව කියල. තෝ ගම කාල"
ඔය වගේ ලියවිලි නිසාද දන්නෙ නැහැ රසික හෙන්රිගෙ කැරැට්ටුව ගැන ලියල තිබුණෙ.
රසික විශ්වවිද්‍යාලයට එන්නෙ මට වඩා අවුරුදු දෙකකට පස්සෙ. මම තුන්වන වසරට ළඟා වෙද්දි රසික ෆ්‍රෙෂෙක් (නවකයෙක්).
ඔය කාලෙ අපේ කවි හා වෙනත් නිර්මාණ පළ වුණේ ධර්මසිරි ගමගේ සංස්කරණය කළ "යොවුන් ජනතා" පත්තරේ. කමන්ගෙ නිර්මාණයක් ඉඳහිට පළ වුණත් සතිපතා පත්තරේ මිලදී ගත්තෙ නමින් පමණක් දැන සිටි අනෙකුන්ගෙ නිර්මාණ කියවන්න.
ඔය නම් අතර විටින් විට දකින්නට ලැබුණු නමක් තමයි රසික හරිශ්චන්ද්‍ර සූරියආරච්චි.
මගෙ මතකය නිවැරදි නම් පේරාදෙනියෙ අපට කලින් ඉගෙන ගත්තු බණ්ඩාර ඇහැලියගොඩ (ප්‍රවීණ ගීත රචක) මට ලියුං කරදහියක් එවල තිබුණ එයා දන්න හඳුනන කෙනෙකුගෙ දරුවෙක් ඉංජිනේරු පීඨයට එනව. පොඩ්ඩක් අඳුනගෙන අවශ්‍ය උදව්වක් කරන්න කියල. ඉඳ හිට කවි එහෙමත් පත්තරේට ලියන රසික සූරියආරච්චි තමයි ඒ දරුව.
මමත් ඉතිං රැග් උණෙන් පෙළෙන කාලෙනෙ. දෙවෙනි වසරෙදි තමයි උණ වැඩිම. තෙවෙනි වසරෙදි ටිකක් උණ බැහැල. අන්තිම වසරෙදි නං ෆ්‍රෙෂාල, ෆ්‍රෙෂීල දිහා බලන්නෙවත් නැහැ.
ජ්‍යෙෂ්ඨ උත්තමයට නවකයෙක් මුණ ගැහුනම අහනව "මොකක්ද තොගේ නම... කොහෙ ඉඳංද තෝ ආවෙ කම්මලට" වගේ ප්‍රශ්න.
ඔන්න එහෙම අහද්දි තමයි රසිකව දැන අඳුනගත්තෙ. නැත්තං සිය ගානක් අස්සෙ කොහෙ හොයන්නද?
මේ මට මතක විදිහට අපි අතරෙ හුවමාරු වුණ මුල්ම දෙබස් කිපයක්.
"තොට කවි ලියන්න පුළුවන් නේද?"
" ඉඳ හිට ලියනව ජ්‍යෙෂ්ට උත්තමය"
"පත්තර වලටත් ලියනව නේද?"
"ඔව් ජ්‍යෙෂ්ට උත්තමය"
"එහෙනං කවි කියන්නත් පුළුවන් ඇතිනෙ. මෙන්න මේ කවි හයියෙන් කියවපං"
ඒ දවස් වල අපේ කලිසම් සාක්කු වල රෙඩිමේඩ් කැම්පස් කවි තිබුණ.
එදිරිවීර සරච්චන්ද්‍ර පිටරට ගිය තැන...
සිරිගුණයා අයිලින්ගේ කාමරයට පැන...
දෙන්ඩ පටන් ගති..දෙන්ඩ පටන් ගති
දණ බිම ඇණ ගෙන....
අති උත්තම ශුක්‍ර ධාතු සාරිය හැම තැන....
ජ්‍යෙෂ්ඨ උත්තමයො අක්බාර්-නෙල් ශාලාවෙ ඉද්දි පිරිමි නවකයන්ව මුලින්ම දැම්මෙ මාකස් ප්‍රනාන්දු, හිල්ඩා ඔබේසේකර වගේ නේවාසිකාගාර වලට. රසිකත් හිටියෙ මාකස් එකේ.
ජ්‍යෙෂ්ඨයො හවසට යනව නවකයින්ව හොයාගෙන නේවාසිකාගාර වලට. දැන හඳුනගන්න.
රසික මුණගැහෙන්නත් එක්ක මාකස් ප්‍රනාන්දු ශාලාවට යද්දි දවසක් මිනිහව රැග් කරන්න වෙන උත්තමයො තමන්ගෙ කාමර වලට උස්සන් ගිහිංද කොහෙද. අන්තිමේට කාමරේ උන්න අනෙක් උන්ට පාඩම් කරගනියව් කියල ටකේ බඳින කවිය දීල ආව. රසිකටත් ආවම දෙන්න කිව්ව. පාඩම් කරගන්න.
දෙල්ගහ මුදුණේ ටකේ බඳින්නේ.....
ටකේ ලණුව ගෙන xකේ බඳින්නේ..
එළිවෙන ජාමෙට xක නැගිටින්නේ....
xක නැගිටින කොට ටකේ වදින්නේ...
ඒ කවිය නං රසිකට තාම මතක ඇති.
හුටා....මෙන්න බොලේ රසිකට http://rasikalogy.blogspot.com/කවිය කට පාඩම්...
මට අමතක වුණ කොටස් මතක් කරල එවල තිබුණා...
මේකලු මම ලියා දීපු කවිය..
කජුගහ මුදුණේ ටකේ බඳින්නේ.....
ටකේ ලණුව ගෙන xකේ බඳින්නේ..
ජාමෙන් ජාමෙට xක නැගිටින්නේ....
xක නැගිටින කොට ටකේ වදින්නේ...
(x සමානයි ප.)
වයසට යන කොට අමතක වීම් වෙනව නොවැ...
ඔන්න නිවැරදි කළා...

දැන් ඉතිං ඔය අන්තිම කවියෙ එක්ස් අකුර අයින් කරාට කමක් නෑ. දැන් ඒක හැන්සාඩ්ගත වුන වචනයක් නේ හෙන්රි අයියේ
ReplyDeleteඔව්. කිචී....ගෙඩිය කියලම දාමුද..
Deleteමේවට කියන්නේ ඉල්ලගෙන පරිප්පු කනව කියලද මංදා.. ඔහොම යං ඔහොම යං.. කකා ටත් එහෙනම් කතන්දරයක් හැදුනා. තව නොකී කතා ඕනෙතරම් ඇතිනේ.. හැක්.. එළම තමයි හෙන්‍රි සර්. (නාවික හමුදාවේ කාලයක් උන්නා කියන්නේ ඉතින් අපෙත් ජේෂ්ඨ උත්තමයෙන්ක්නේ..)
ReplyDeleteකොහොමත් ඉල්ලගෙන පරිප්පු කෑම අනන්‍යතාවක්නේ.
Deleteඅහා...කල්‍යාණ මිත්‍ර නාවික හමුදාවෙ උන්නද...ඉන්නවද..
කොහොම වුණත් ඒ පැත්තෙ නං නොකී කතාමයි තියෙන්නේ. කවදාවත් කාටවත් කියලම නැහැ.
මුල් වරට මේ බ්ලොග් එකෙන් තමයි කියන්නේ.
කොහොමත් ඉල්ලගෙන පරිප්පු කෑම අනන්‍යතාවක්නේ.
Deleteඅහා...කල්‍යාණ මිත්‍ර නාවික හමුදාවෙ උන්නද...ඉන්නවද..
කොහොම වුණත් ඒ පැත්තෙ නං නොකී කතාමයි තියෙන්නේ. කවදාවත් කාටවත් කියලම නැහැ.
මුල් වරට මේ බ්ලොග් එකෙන් තමයි කියන්නේ.
හිටිය.. ඔබට සෑහෙන්න කලකට පස්සේ ඉඳල මීට හය අවුරුද්දකට වගේ ඉස්සරක් වෙනකම්. මම නම් ඉඳල හිටල ඔය නොකී කතාවක් දෙකක් ලියනව ඒ ගැන. අයුතුද මංදා.
Deleteහෙන්‍රි..හපොයි මේ නම ලියන්න බැහැනේ..හෙන් රි කියල තමයි ලියන්න වෙන්නේ..යුනිකෝඩ් එසැනින් පරිවර්තකය නේ භාවිතා කරන්නේ තියෙන මැටි කමට..
ReplyDeleteඒ කෙසේ වෙතත්..ඉස්සර කකා..දැන් රසිකලොගිස්ට් වත් මැට්ටෙක් කිරීම නම් හරි අගනේය...හෝ හෝ ගාල පෝස්ට් සීයකුත් ලියලා, ඒ මදිවට ඒ බව ඊයකිනුත් අපිට දන්වලා පොර වෙලා ඉන්න වෙලාවේ මොනාද මේ කරන්නේ...
රසිකලොගිස්ට්ව හෝ වෙන කිසිවෙකුත් මැට්ටෙක් කිරීමට හෝ කිසිවෙකුට කිසිදු ප්‍රහාරයක් එල්ල කිරිමට අදහසක් නැතිවා පමණක් නොව එසේ කරන්නේද නැත.
Deleteනොකී කතා හුදී ජන පහන් සංවේගය සඳහාම පමණි.
හෙහේ කවි ටික නම්.
ReplyDeleteඅර රන්බණ්ඩා සෙනෙවිරත්න මහත්තයා ලියපු "ළඳුනේ"ගීතයට තේමා වෙන්නෙත් "තිරිසන් රාත්‍රිය"ට තේමා වෙලා තියෙන්නෙත් එක වගේම සිදුවීම් දෙකක් නේද ?
ගණිකාවන්ගේ ඛෙදවාචකය මේ නිර්මාණ දෙකටම පාදක වී ඇති බව සත්‍යයක් වුවද, රංබණ්ඩා සෙනෙවිරත්නගේ "ළඳුනේ" ගීතය වඩාත් සංවේදීය. අබිසාරිකාවකගේ ස්වයංවරය" නමින් මගේ දෙවන කෙටිකතා පොතේ එන කෙටිකතාවද ගණිකාව දෙස හෘදයාංගමව බලන්නට ගත් උත්සාහයකි.
Deleteපෝස්ට් එක සෝක්. රසිකගෙ පාරෙන් ආවෙ. welcome on board
ReplyDeleteමේක නිකං ඩබල පිටකහ ගන්නව වගේ සීන් එකක්ද මන්දා..? (නිකං කෝචොක් එකට වගේ ඇහුවෙ හිටං.. හෙහ්...හෙහ්.....)
හරි එහෙනන් කකා නොකී කතා බලමු. රසිකත් ප්‍රතිඋත්තර පොස්ට් දැම්මනං එල වලියක් බලාගන්න තිබ්බ අර අනංග යුද්දෙ වගේ..... හෙහ්....හෙහ්....
මගේ ඒ ලිපියේ හෙන්රි (සහ තවත් අය) ගැන සටහන දැම්මේ ඔහු ලියූ ගැරඬියා ගේ කතාව නිසායි. පිට කැසීම්, අයියා-මල්ලී කතා අපේ නැත.
Deleteරසික, ඇත්ත. පිටකසා ගැනීම් අපට හුරු නැත.
Deleteතිරිසන් රාත්‍රිය කියවා නෑ. දිවයිනේ ගිය කෙටිකතා කිහිපයක් කියවා තියෙනවා.
ReplyDeleteකියවූ ඔබේ මුල්ම පොත ඝාතනයට පෙර. ඊළඟට නගරාන්තර දුම්රිය, උත්පලවන්නා විචාරය, නෙත්මා. අන්තිමට විල්ලර වාඩිය.
"තිරිසන් රාත්‍රිය" කෙටිකතා පොත මගේ පළමු කෙටිකතා සංග්‍රහයයි. එහි එන බොහොමයක් කතා කෙටිකතා නොව හුදු ප්‍රලාප බවයි මගේ අවංක හැඟීම.ඒත් දෙවන මුද්‍රණයක්ද නිකුත් කරන්නට සිදු වූයේ පේරාදෙනිය සරසවි අත්දැකීම් කියවන්නට පිරිසක් උනන්දු වන නිසා විය යුතුයි.
Delete"නගරාන්තර ප්‍රේමය"ට කලින් තව කෙටිකතා පොතක් පිට වුණා.
"තිරිසන් රාත්‍රිය" ඔබ කියවීම වටිනවා.
අනේ මංදා.නොකී කතාව නොකිය යුතු කතාවක්ද මංදා.වැඩිහිටියන්ට පමණයි වගේ හිංදා අවුරුදු 14 රසිකාවියට අසාධාරණයක් වෙලා වගේ.ඊළග කතාව වත් බලමු නේද.
ReplyDeleteමේ බ්ලොග් එක බලන්න කියන්න.
Deletehttp://littleflowerbuds.blogspot.com/
කිසියම් නිර්මාණයක් හෝ ලියැවිල්ලක් වයස් භේද සළකා මා සමාජ ගත කරන්නේ නැහැ. මේ කතාව පළ කළේ ළමයින් සඳහා වෙන් වූ පිටුවක නොවන බැවින් මට අනුව අවුලක් නැහැ.
ReplyDeleteඇරත් අපි බබ්බු කියා සිතා හිටියට අවුරුදු 14 ළමයි මේව ගැන දන්නවා.
නොකී කතා නිදහසේ ලියැවෙන්නක්.
මෙය ඔබ කලින් දිනයේ ම කිව්වා නේද?
Deletehttp://nokieekatha.blogspot.com/2015/05/blog-post_29.html?showComment=1433209353324#c3230552095591553501
රසික ඔබ හරි. කිව්ව නේන්නම්.
Deleteඒත් දරුවන් කියවන්නට උනන්දු කරන අම්මලා මේ කාලෙ හරිම හිගයි. අම්මලත් කියවන්නෙ නැති කොට.
ඒ නිසා කියවීම ජීවිතයේ කොටසක් කරගත් අමමා කෙනෙකුට වැඩිහිටියන්ට පමණයි වගේ වුණාම අසාධාරණයක් වගේ පේන එක ගැන වරදක් කියන්නත් බැහැ.
'තිරිසන් රාත්‍රිය' කෙටි කතාව මෙතන දාන්ට බැරිද? :)
ReplyDeleteකොහෙ දාන්නද අප්පා....ඩිජිටල් text එකක් නැහැනෙ.
Deleteහිත ඇත්නම් පත කුඩාද?
Deleteඑක්කෝ ආයෙත් ටයිප් කරලා පළ කරන්න පුළුවනි.
ස්කෑන් කරලා, ඒක අර ෆේස්බුක් කෙටිකතා පිටුවට දාලා මෙතැනින් ලින්ක් කරන්න පුළුවනි.
හිත නැති එකනෙ වැඩේ...
Deleteමේව ටයිප් කරන්නෙත් කොට කොට...
ස්කෑන් කරන්න මෙහෙ පිටපතක් නැහැනේ.
රසිකලොජිස්ට්ගේ දැනුම්වත් කිරීම මත බලොග් එකේ මාතෘකාව සහ අවසන් කවිය වෙනස් කළෙමි.
ReplyDelete