Powered By Blogger

Thursday 28 January 2016

පොලිසිය ගැන බලු කතා





















මේ දවස් වල පොලීසිය ගැන එක එක විදිහෙ කතා ඇහෙද්දි පොලිසියට සම්බන්ධ නොකී කතා දෙක තුනක් මතක් වුණා. 

මේවා සමාජයෙ සිද්ධ වෙන, අහන දකින පත්තර වල යන විදිහෙ කතා වුණාට මට පෞද්ගලිකව ලැබුණු අත්දැකීම් නිසා කියල දාන්නම්.

ලංකාවෙ පොලිසිය බලු නොවටී කියන්නෙ නිකම්ම නොවෙයි. බලු කතා කියන එක පොලිස් බල්ලන්ටත් අපහාසයක්.

පොලිස් සුනඛයො තව හොඳයි. අඩුම ගානෙ කන්න දෙනවට, රැකබලා ගන්නවට හිලව්වට හොරෙක් හතුරෙක් ඉව කරල හරි අල්ලල දෙනව.

ඒත් පොලිස්කාරයන්ගෙ වේෂයෙන් ඉන්න පොලිස් බල්ලො අපේ බදු මුදල් වලින් පඩි අරගෙන, ඒ මදිවට අපිටම අංචිය අදිනව.

ඒ හංද මේ ලියවිල්ලෙ පොලිස් බල්ලො කියන්නෙ සුනඛයින්ට නොවෙයි ඕං.

(අර මාධ්‍ය සදාචාරයට අනුව මෙහෙම කියන්නෙ හැමෝටම නොවෙයි...හොඳ අයත් ඉන්නව කියල ලිව්වෙ නැත්තෙ මට මුණගැහිල තියෙන උංගෙන් 90% ක්ම ඒ වර්ගයෙ නිසයි. මේ හොඳට ඉන්න ඈයො පොලිසියට බැඳිල ටික කාලෙකින් බලු වෙනව. ඇස්පනාපිටම.)

තමංගෙ දේශපාලන කාර්‍යාලය ඇතුළෙ තමං හදාගත්ත උසාවියක නඩු අහන්න තරං නීතිවිරෝධී වැඩක් කළ හිරුණිකා පෝරුවට ගෙනියන්න වගේ සීරුමාරුවට උසාවියට වඩම්මන් යන පොලිසියම තමයි, මහ රෑ ගෙවල්වල තියෙන සාද වලට කඩං පැනල පිනට අරක්කු ඉලල්ල දුන්නෙ නැතිවුණාම තරුණයෙක්ව ගහල, කපල මරා දාන්නෙත්.

මේ කතාව ඒකට  හුරුව ලබාගන්න විදිහ ගැන කියවෙන එකක්.

1. දැනට අවුරුදු පහ හයකට කලිං මම හිතවත් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුගෙ චිත්‍රපටයක් මුදාහරින මොහොතෙ ඒකෙ මංගල දර්ශනයට අදාළ කටයුත්තකට සම්බන්ධ වෙලා උන්න.

මේ චිත්‍රපටයෙ නිෂ්පාදන අංශයෙ ලොකු වගකීමක් තිබුණ නෝන කෙනෙකුගෙ කාර්යාලයේ තමයි මේ වැඩ කරමින් උන්නෙ. 

කැලණි සරසවියෙ ඉගෙනගනිමින් හිටිය ගෑනු ළමයි වගේකුත් පාර්ට් ටයිම් වැඩ විදිහට එතන අපට සහයෝගය දුන්න. 

එක දවසක් නපුරු ආරංචියක් ආව.

අර නෝන මහත්තයගෙ සහෝදරියක් ගේ ඇතුළෙ මරා දාල.

අපි වහාම තොටළඟ පැත්තෙ ගෙදරට පිටත් වුණා.

එතන එකම මළගෙයක්.

සමාජයේ වැදගත් රස්සාවන් කරමින් උන්න මේ පවුල එක රැයින් නිහීනයෙකු විනාශ කරල.

සිද්ධිය හිතාගන්න බැරි ප්‍රහේලිකාවක්.

සිද්ධිය මෙහෙමයි.

මහත්තය වැඩ ඇරිල ගෙදර ඇවිත් තියෙන්නෙ අඳුරු වැටෙන්න ඔන්න මෙන්න. ඒ වෙලාවෙ නෝනම තමයි ස්වයංක්‍රීය ස්විචය ඔබල rolling gate එක ඇරල තියෙන්නෙ. 

මහත්තය ඇවිල්ල ටිකකිං ආයෙම එලියට යද්දි වයසක අම්මයි දුවයි පහළ තට්ටුවෙ tv බලමින් ඉඳල තියෙන්නෙ. 
නෝන උඩ තට්ටුවෙ ඇඳුම් මදිමින් උන්නෙ.

මට මතක විදිහට පැය බාගෙකට වැඩි කාලෙකට පස්සෙ අම්ම හොයාගෙන දුව එද්දි ඇඳ උඩ අඩ නිරුවතින් මරා දාල.

ඉන්පසු ඇති වුණ තතත්වයන් මම විග්‍රහ කරන්න යන්නෙ නෑ.

මිනීමරුවව පොලිසිය හොයාගත්ත ඉතා කෙටි කාලෙකින්. ඒ අතින් පොලිසිය දක්ෂයි. කොහොමත් සල්ලි බාගෙ තියෙන, සමාජයේ පිළිගැනීමක් තියෙන අයගෙ ඒවට ක්ෂණික ප්‍රතිචාර.

මිනීමරුව පොළොන්නරුව පැත්තෙ ඉඳන් ගොඩනැගිලි ඉදිකිරීම් වල අත් උදව්වට ආව කුලීකාරයෙක්.

ඒකත් කෙටියෙන් කියන්නම්කො.

මේ හාදය එක්ක ඔය නෝන එකම දවසයි කතා කරල තියෙන්නෙ. ඒත් හාදය පාරෙ යද්දි බැල්කනියෙ ඉඳං.

නෝන හවසට වැඩ ඇරිල ඇවිල්ල බැල්කනියට වෙලා ටිකක් ඉන්නවලු. සමාන්‍යයෙන් වැඩ ඇරිල ගෙදර එන්නෙ එකම වෙලාවට හංද බැල්කනියට යැවෙන්නෙත් එකම වෙලාවට වෙන්නැතිනෙ.

මේ හාදය වැඩ ඇරිල යන්නෙත් ඔය වෙලාවට. සමහර විට නෝනව බලන්න ඒ වෙලාවටම එතනින් ගියාමද දන්නෙ නෑ කියල හිතෙන්නෙ කතාව ඇහුවමයි.

මේ පුද්ගලයට නෝන පිළිබඳ සිතක් පහළ වෙලා. දවස් ගාණක් පෙරුම්පුරල එක දවසක් වචන කීපයක් කතා කරල. කතා කරන්න ඕනෑවට පරණ බඩු විකුණන්න තියෙනවද හරි ඒ වගේ දෙයක් ගැන හරි අහල.

නෝන ඉතිං හිතේ අවුලක් නැතිව හොඳින්, සුහදව උත්තර දීල. කවුද හිතන්නෙ එහෙම එකෙක් මෙහෙම හිතයි කියල.

අනතිමේදි නෝන එක්ක බුදිය ගන්න තියෙන ආසාව මේ කතා බහෙන් පස්සෙ පිස්සුවක් වෙච්චි මේ හාදය එළියෙ රැකගෙන ඉඳල මහත්තය පිටතට යන්න ගේට්ටුව උස්සපු ටිකට වත්තට රිංගගෙන තියෙනව.

ඊට පස්සෙ කොහොමින් හරි උඩ තට්ටුවට පැනගෙන නෝන ඇඳුම් මදින කාමරයට ගිහිං ආයුධයක් පෙන්නල බය කරල මරාදාල, දූෂණය කරල හීං සිරුවෙ වත්තෙ අනෙක් පැත්තෙ පාළු ඉඩමට පැනල පළා ගිහිං.

පොළොන්නරුවේ ගමට ගිහිං මොකුත් නොවුණ වගේ ඉද්දි අලල් ගත්තෙ අරං ගිය ෆෝන් එකට වෙන සිම් එකක් දාල පාවිච්චි කරන්න ගත්ත නිසා ෆෝන් එක තියෙන ඉසව්ව trace කරලයි.

ඊට පස්සෙ මේ හාදයම තමයි උඩින් ලියල තියෙන සිද්ධිය වුණ ආකාරය වමාරන්න ගත්තෙ.

පොලිසිය මේකව කොළඹ ගෙනැවිත් ඉතා හොඳින් සංග්‍රහ කරල සියල්ල ගැන ප්‍රකාශයක් ගත්ත. ඒ විස්තරේ මුගෙ හඬින්ම පටිගත කළා.

අම්මවයි, බිරිඳවයි ගෙන්නල මූ ඉස්සරහම රෙකෝර්ඩ් එක දාල අහන්න සැලැස්සුව. මූ ඒ අය ඉදිරියෙ වරද පිළිගත්ත.

නඩු නෑ. උසාවි නෑ. හිර ගෙවල් නෑ. එල්ලුම් ගස් නෑ.

මූව අල්ලපු වත්තෙ කෙසෙල් පඳුරක් ළඟ හංගපු ආයු‍ධය
පෙන්නන්න එක්ක ගිහිං, මිනිමරුව පොලිස්කාරයන්ට බෝම්බයකින් ගහන්න ගියාම ආත්මාරක්ෂාව සඳහා වෙඩි තියල මරා දාල chapter එක close කළා. 

හැමෝම සතුටු වුණා. පොලිසියෙ ලොක්ක පොර වුණා.

මාව නං කොර වුණා. ඒක බලු වැඩක් නොවෙයිද.

----------------------------------------------------------------------------------

2.  පොලිසිය සල්ලි වලින් වගේම භාණ්ඩ වලිනුත් පගා, කප්පන් ගන්නවනෙ.

මස් කඩේට ගියාම හොඳම මස් කුට්ටිය අරං යනව. අපිට ඇහෙන්න සල්ලි එමින් ගමන් දෙන්නං කියනව. තැබෑරුමට ගිහින් අරක්කු බෝතල් නිකං හරි නිකංම වගේ පොඩි ගාණකට හරි ගන්නව.

පාරෙ වාහන පදවද්දි හැංගිලා ඉඳල පාරට පැනල අල්ලගෙන ගාන කපනව.

අවුරුදු ගාණකට කලිං ඔහොම වැඩක් වුණා. අපි නුවර ඉඳං කොළඹ එමින් උන්නෙ. කඩුගන්නාවෙදි මම විදපු ගල අස්සෙන් කාර් එක දැම්ම. මෙන්න බොලේ පොලිස්කාරයෙක් අත දැම්ම.

මම කාර් එක ටිකක් ඇතින් නවතල ආපස්සට ඇවිදගෙන ආව. වැරැද්ද මට පැහැදිලි කළා. මම ඒක දැනන් උන්නෙ නැහැ කීවම නොදැන සිටීම නීතිය ඉදිරියේ රැකවරණය ලබන්න හේතුවක් නොවන බව මට කියා දුන්න.

දඬුවම දඩයක්. දඩ කොලේ ලියන්න ලයිසන් එක ඉල්ලුව. මම මා ගැන පොර ටෝක් එකක් දුන්න. ඒ කාලෙ වැඩ කළේ ස්වර්ණවාහිනියෙ නිසා එහෙම කතා කළාම ෂේප් වෙන්න පුළුවනි. "අදට යන්න දෙන්නම්. අපිටත් වැරැද්දක් වුණාම ඕකෙ නොදා චාන්ස් එකක් දෙන්නෙ නැතැයි" ඔය වගේ දෙයක් කියල යවනව.

මේ පොර නං එක්කෝ දඩයක් ගහනව. නැත්නං ගාණක් කපනව.

මොකද පොලිස්කාරය කිව්ව මං මෙතන ඉන්නෙම ඔතනින් දාන අයව අල්ලන්නම තමයි කියල.

හරි නං කරන්න තිබුණෙ ගලට කලිං ඉඳල එතනින් දාන්න යන අයව නවත්තන එකනෙ. කරන්න යන්නෙ බලුවැඩක් කියල මට හිතුණ.

ඉන්න පර්ස් එක අරං එන්නං කියල ටිකක් ඉදිරියෙන් තිබුණ කාර් එකට නැංග මම කඩුගන්නාව පල්ලමේ හැටට හැටේ නොවෙයි සීයට සීයේ වේගෙන් ඇද්ද ඇදිල්ලක්....මාවනැල්ලට ගිහිනුයි වේගය අඩු කළේ.

පස්ස ෂීට් එකේ උන්න පුතණ්ඩිය ඇරල යං තාත්තේ කිය කිය ඔත්තු බැලුවෙ පොලිසිය පස්සෙන් පන්නනවද කියල බලන ගමන්මයි.

--------------------------------------------------------------------------------

3.  මේ කතාව සිද්ධ වුණේ මාස ගාණකට කලිං.

ලංකාවට ගියාම මං කොළඹ ඉන්නව නං නවතින්නෙ පුතා එක්ක, නුගේගොඩ.

එහෙම දවසට උදේට කෑම ගන්න මං එන්නෙ නාවල පාරෙ අලුතෙන් හදපු පාර්ක් එක ළඟින් පාගොඩ පාරට හැරෙන විකල්ප මාර්ගයට ඇතුළු වෙන හංදිය ළඟ කඩේට.

එතන පදික වේදිකාව පළලයි. පාර බ්ලොක් වෙන නිසා පාර අයිනෙ නවත්තන්නෙ නැතිව පොඩ්ඩක් පේව්මන්ට් එකට වෙන්න වාහන නවත්තල මිනිස්සු කෑම අරං යනව.

මාත් එහෙම නැවැත්තුව. කෑම අරං එද්දි හංදියෙ ට්‍රැෆික් කොන්ට්‍රෝල් කරපු රාළහාමි කාර් එක ළඟ.

යනකොටම සද්දෙ දාන්නගත්ත. මම වැරැද්ද මොකක්ද ඇහුව. "පදිකවේදිකාව අවහිර කිරීම."

"අනෙක් වාහනත් නවත්තනවනෙ." මම කිව්ව. "දැන් තියෙන්නෙ මේකනෙ. කෝ දෙන්න ලයිසන් එක."

මම පොලිස්කාරයන්ට ලේසියෙන් ලයිසන් එක දෙන්නෙ නෑ. ලයිසන් එක දුන්න ගමං අපි බලු වෙනවනෙ.

මං රට ඉඳං ආව බවත්, දවස් දෙකකින් යන බවත්, තව ටිකකින් අසනීපෙන් ඉන්න තාත්ත බලන්න ගමේ යන බවත් නඩු දැම්මොත් උසාවි එන්න නං වෙන්නෙ නැති බවත් මම කිව්ව.

කරන්න දෙයක් නෑ.... උසාවි දාන්නම වෙනව කියල ලයිසන් එක ඉල්ලුවෙ මා එක්ක සෙල්ලං කරන්න එන්න එපා. නීතිය කාටත් එකයි කියල පාරම්බාමින්.

මම කිව්ව "එහෙනම් ලියන්න. මට ලයිසන් ඕනෙ වෙන්නෙ තව මාස ගාණකින් ආයෙ ලංකාවට ආවමනෙ. එතකොට ගන්නං" කියල.

ලයිසන් එක අරං බයික් එක ළඟට යන්න කිව්ව පොලිස්කාරය ට්‍රැෆික් කොන්ට්‍රෝල් වැඩේ පටං ගත්ත. හිතාමතාම මාව රස්තියාදු කළේ මට වැඩේ එපා කරවන්න කියල තේරුණේ පැය කාලකට විතර පස්සෙ ඇවිත් කිව්ව දෙයින්.

ලයිසම අතට ගත්ත පොලිස්කාරය කියනව "ඕකට ඉතිං ගොඩක් රස්තියාදු වෙන්න වෙනව. රට යන්නත් තියෙවනෙ. මං ගෙවන්නං වෙන වරදක් දාල. මේ වරදට නං උසාවිම තමයි. මහත්තය දාහක් දීල යන්න" කියල.

මෙච්චර වෙලා නීති කතා කළ එකාගෙ තුප්පහි වැඩේ ගැන මට මළ පැන්න. හරි උඹට දෙන්නං කියල මම හිතාගත්ත.

මගෙ අතේ තියෙන්නෙ පන්සීයයි කිව්වම මිනිහ කිව්ව මොනා කරන්නද ඒකට හරියන්න වරදක් ලියල දඩේ ගෙවන්නං කියල. 

ලයිසන් එකයි, බලපත්‍රය අස්සට දාපු සල්ලියි බයික් එකේ සීට් එක උඩින් තියන්න කිව්ව. මම එහෙම කළා. මොනවද කුරුටු ගගා ඉඳල ලයිසන් එකයි, බලපත්‍රයයි මට දෙද්දි පන්සීය දඩකොල ලියන පොත ඇතුළෙ.

කොහොමත් උදේට වෙලාවට කන්න බැරි වුණාම  මළ පනින මම කාර් එකට නැගල කෙලින්ම ගියෙ මිරිහාන පොලිසියට.

ක්‍රාෂ්...ගාල ගේට්ටුව ළඟ කාර් එක බ්‍රේක් ගැහුවම කොස්තාපල් දුවගෙන ආව. "මම ආවෙ පොලිසියට විරුද්ධ පැමිණිල්ලක් කරන්න. ලොකු මහත්තයගෙ ඔෆිස් එක කොහෙද...?" බඩගින්නෙ මළෙන්ම මං ඇහුව. ප්‍රශ්න මොනාත් නෑ. තැන පෙන්නල, කාර් එක පාර්ක් කරන තැනත් පෙන්නල බැරියර් පොල්ල ඉස්සුව.

මිරිහාන පොලිසියේ HQI දේශබන්දු, පාර්ලිමේන්තු රාජකාරි සඳහා පිටත් වෙන්න ඔන්න මෙන්න. මම එතන හිටිය පොලිස් කාන්තාවකට කිව්වා පොලිසියට විරුද්ධව පැමිණිල්ලක් කරන්න අවශ්‍යයයි කියල.

හැරෙන තැපෑලෙන් කැඳවීමක් ලැබුණ. දේශබන්දු අර මම මුලින් කිව්ව 10% ට අයිති කෙනෙක්.

විස්තරේ කිව්වා. Ex Navy Officer බවත් කිව්වා. රාළහාමිට ඒ බව කිව්වෙ නැද්ද ඇහුවා. මම පුරවැසියෙක් විදිහට එහෙම කියන්නෙ නෑ කිව්වා.

Traffic OIC ට එන්න කිව්වා. මේ හිටපු හමුදා නිළධාරියෙක්. මොකාද අතන duty ඇහුවා. ජයන්ත කිව්වා. කළු කෙට්ටු එකාද කියල මගෙන් ඇහුවා. ඔව් කිව්වා.

"ඔය හුත්තිගෙ පුතාව දැන් ගෙන්නල මේ මහත්තයගෙ සල්ලි ඉල්ලල දීල මං එනකල් මෙතන තියන්න" කිව්වා.

Traffic OIC මාව එක්කන් ගිහිං ජයන්තගෙ අම්ම මෝ ඇරියා. වහාම පොලිසියට වාර්තා කරන්න කිව්වා. "මම කිව්ව මට දඬුවම් කරන්න අවශ්‍ය නෑ. සල්ලි ඕනෙත් නෑ. මම උදේට කාලත් නෑ. පුතත් බඩගිනෙ. මම යන්නම්. "ජයන්ත රාළහාමිට අවවාද කරන්න" කියල.

අපෝ බෑ. ලොක්ක මගෙ ඔළුව කයි. සමාවෙලා පොඩ්ඩක් ඉන්න කිව්වා.

ජයන්ත ආව. මාව දැක්කම uniform එකේ චූ ගිය ගානයි.

"කැරි හුත්තිගෙ පුතෝ මේ සර්ගෙන් ගත්ත 500 දීපන් " කිව්වා. 

ජයන්ත බය වෙලා, ගල්බීත වුණා. සල්ලි සාක්කුවෙන් ගත්ත. "මම ආවෙ පගාව ආපහු ගන්න නොවෙයි. මට කතා කරපු විදිහයි, රස්තියාදු කරපු විදිහයි වැරැදියි කියන්නයි මට ඕනෙ."

" මේ ඉන්නෙ අපට වඩා වැදගත් uniform එකක් ඇන්ද මහත්තයෙක්. බලුවැඩ කරන්න එපා."

" මට කිව්ව නං හමුදාවෙ උන්න බව මං මේක ගන්නෙ නෑ"

"මං මොකටද ඔහේට කියන්නෙ මගෙ පැටිකිරිය...මමත් මේ රටේ තවත් පුරවැසියෙක්" මම කිව්වා.

"ඈ පරයො කොයි පොතේද තියෙන්නෙ දඩත් ගහල පොලිස්කාරයම දඩේ ගෙවන්න කියල. බලුවැඩ කරන්න කලිං මිනිස්සු කවුද කියල බලපං"

Traffic OIC ගෙ අවවාදයේ අනෙක් පැත්ත වුණේ "බලුවැඩ කරපං...මිනිස්සු කවුද කියල බලල" කියන එකද කියල හිත හිත මං ගෙදර ගියා.




කෙටිකතා එක්ක කවි   කියවන්න. මෙතැනට යන්න


47 comments:

  1. Replies
    1. ඕවා කියල ඇබිලිපිටිය පැත්තේ යනවා හේම නෙවෙයි ඔන්න...

      Delete
  2. මේ දවස්වල හැමෝම පොලීසිය ගැන කතාවෙනවා.කුණුවෙලගිය සිස්ටම් එකක් ඇතුලේ පොලීසියගැන විතරක් තනිව කතාකිරිම කොච්චර සදාචාරාත්මකද?(ඔවුන් කරන වැරදි හරියි කීමට උත්සහයක් නෙමෙයි ).පළමු සිදුවීමම ගන්න.ආයුධ පෙන්නන්න ගිහින් දිව්‍යලෝකයේ යැවීම අනුමත කලෙත් මේ රටේ මිනිස්සුමයි නේද?ඒ දේම තමන්ගේ මිනිහෙක්ට වෙනකොට පොලීසියට ගල් ගහන්නෙත් ඔවුන්මයි.මේ ලියන මම උනත් මාර්ගනීතී උල්ලන්ඝනයකදී උසාවියේ රස්තියාදුවීමට වඩා පගාවදීම ලේසිනිසා ඒකම කරනවා.ඒකදීලා බේරිලා එනගමන් අර පොලිස්කාරයාගේ අම්මව මතක්කරනවා.

    ReplyDelete
    Replies
    1. සිස්ටම් එක කුණු වුණා කියල කතා නොකරම උන්නම හරිද. මිනිස්සු අනුමත කරන දේ කරන්නද රටේ නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය ඉන්නෙ? ඒක නං මාරයි. එහෙම නං මොකටද පොලිසියක්. මිනිස්සු අනුමත කරන දේ කරගෙන ඉඳීවි.
      මාත් 500 දීලම තමයි ගොඩ යන්නෙ. හැබැයි ඒ ලංකාවෙ. මම රස්සාව කරන බහරේන් වල පොලිසියට පගාව දෙන්න තියා හිතන්නෙවත් නෑ. දුන්නොත් බඩුම තමයි.
      ලංකාවෙ පොලිසියත් එහෙම වෙනව නං නේද හොඳ.

      Delete
  3. ට්‍රැෆික් කොන්ට්‍රෝල් කරන එවුංගෙ බලු වැඩ පොතක් පිරෙන්න ලියන්න පුළුවනි.
    ජරා යක්කු. යක්කු නෙවෙයි පක්කු.

    ReplyDelete
    Replies
    1. මටත් තව කප්පරක් තියෙනවා. බ්ලොග් පිටු කීපයක්ම ලියන්න වුණත්. මගෙන් ආයුර්වේද හංදියෙදි පගාව ඉල්ලුවම මම ප්‍රසිද්ධියෙ පර්ස් එක ඇදල දාහෙ කොලේ දික් කළා. "ඔය මොනාද කරන්නෙ. හැමෝටම පේනව" කිව්ව පොලිස්කාරය බයික් එකේ පළා ගියා. "ඇයි සල්ලි එපාද........" කියල මං කෑගහද්දි පොර මාරු.

      Delete
  4. නොකී කතා මට පොලිසියට සම්බන්ධයක් තියාන නිසා මෙහෙම කියන්න කැමතියි. පොලිසියේ ඇතුලේ ඉන්න එවුන්ට දරුණු කැපිල්ලක් තියනවා. ලංකාවේ පොලිසිය ස්වාධින නැහැ. පගා දෙන්නෙත් මිනිස්සුමයි. හොරු අවහම ගහන්න කියන්නෙත්, අර වගේ මරන්න කියන්නෙත් මිනිස්සුමයි. ඇඹිලිපිටියේ අර වගේ මරන්න පුරුදු කලෙත් දේශපාලකයෝ. නේවි ආමි කියල වෙනසක් නැහැ එතනට අහු වුනොත්. නෙවි ඔෆිසර් කෙනෙක් ආමි ඔෆිසර් කෙනෙක් පොලිස් ඔෆිසර් කෙනෙක් වුණාම අමුතු අහන්කාරයකුත් එනවා. ඔය එහෙම නිලය නොකිව එකෙන් ඔයා එහෙම නැහැ කියල පේනවා. නමුත් එහෙම අය තමා වැඩි. පොලිසිය තරම් පන්ති භේදය තදින් ඇති තැනක් වෙනේ කොහෙවත් නැහැ. පොඩි පොලිස් කරය හැම පැත්තෙන්ම තැලිලා ඉන්නේ. අර ලංකාවේ අහිංසක ගැහැනුන්ට ගහන අරාබි ගැහැණු වගේ තම පොඩි පොලිස් කාරයත්. තමන්ට යට ඉන්න එකා තමා අල්ල ගන්නේ. අර නඩු නැතුව මරණ එක . 87-89 නඩු නැතිව කැකිල්ලේ අධිකරණ වලින් තීන්දු දීල මිනිස්සු මැරුව ජවිපෙ අයත්. ගෝනවල සුනිල් හෙම එහෙම මරණ කොට මිනිස්සු අත්පුඩි ගැහුවා. අන්තිමට කැරකිලා ආව . ඔය මරණ ඒවා ආණ්ඩු විසින් පුරුදු කලේ එහමයි පොලිසියට. මොකද 1965 වෙනකන් වගේ ඔය තත්වේ තිබ්බේ නැහැනේ. පගවටම පුරුදු වෙච්ච සමාජෙක (ඉස්කෝල වලට ළමයා ඇතුළු කිරීමේ සිට බොරු කියන මිනිසුන් සිටින රටක) පොලිසිය විතරද වැරදි මහත්තයෝ.

    ReplyDelete
    Replies
    1. පොලිසිය බලු වෙන්නෙත්, බලු කළෙත් දේශපාලකයො තමයි. නීති සම්පාදනය කරන උන්ම තමයි නීති කඩන්න පුරුදු කරන්නෙත්.
      රටේ නීති ක්‍රියාත්මක කරන්න ඉන්න සංස්ථාව පොලිසිය නම්, පොලිසියට ඇඟිල්ල දික් නොකර අපට දික් කරගන්නයැ.
      සමා‍ජෙ පගාවට පුරුදු වෙලා නං පොලිසිය කරන්න ඕනෙ පගා ගන්න එකද, පගා ගන්න උන් අල්ලන එකද ?
      මොකද අපිනෙ පොලිසියට පඩි ගෙවන්නෙ නීතිය ආරක්ෂා කොරල දෙන්න කියල. නැහ්නං පොලිසියක් මොන බම්බුවකටද එටකට ?

      Delete
    2. එංගලන්තේ සමාජය පගාවට පුරුදු වෙලා නැති නිසා තමා පොලිසිය පවා ගන්නෙත් නැත්තේ. හැබැයි ගණන් පොලසි කාරයෝ ඉන්නවා. උන්ව ටක් ගාල අල්ලනවා. ඔය පගා නොදී ඉන්න ඉස්සෙල්ල. අර ගොනවල් සුනිල් මරපු කාලේ මම කිව්වා දෙයක් තමයි අපරාධ කාරයෙක් වුනත් මරන්න ඕනේ නීතියට අනුව කියල. පහුගිය කාලේ පොලිසියට නඩු නැතිව බදු දෙන්න කිව්වේ ඒ කාලේ හිටිය ලොක්කෙක් මයි. හැබැයි දැන් ඒ ලොක්කව නිතිය ඉදිරියට ගෙන්න බැරි එක්තරා මිනිස්සු කොටසක් එයාව ටහ්වමත් ආරක්ෂා කරන නිසා. පොලිසියට බලන හරි යනවද? ලංකේ කි දෙනක් ඉන්නවද ඕව අනුමත කරන? බලන්නකෝ බුකියේ. අර වැලිකඩ සිරකරුවෝ මරපු එකට සහයෝගෙට කොයි තරම කටත් කලා ද කියල. පගා නොදී ඉන්න. එතකොට ගිය ආණ්ඩුව කාලේ පලා බබල පොලිසියට ගැහුවා හැටි මතක පාරේ දාගෙන. ටික ටික තමා මේවා නැති කරලා හදන්න ඕනේ. අනික ලංකාවේ පටි ගහගෙන් අපි අර ඔෆිසර් මේ ඔෆිසර් කියන ඒවත් නැති කරන්න ඕනේ. ඕනෑවට වැඩියි. ඊයේ පපෙරේද ත් අපේ බ්ලොග් කරුවෙකුට එකක් වුනානේ.

      Delete
    3. මම මේ ලියපු එක ටයිපෝ නිසා අදහස සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා. සමාවෙන්න...........
      එංගලන්තේ සමාජය පගාවට පුරුදු වෙලා නැති නිසා තමා පොලිසිය පවා පගා ගන්නෙත් නැත්තේ. හැබැයි ගන්න පොලිස් කාරයෝ කලාතුරකින් ඉන්නවා. උන්ව ටක් ගාල අල්ලනවා. අර ගෝනවල සුනිල් හෙම මරපු කාලේ මම කිව්ව දෙයක් තමයි අපරාධ කාරයෙක් වුනත් මරන්න ඕනේ නීතියට අනුව කියල. නමුත් මතකද එතකොට ජවිපෙ ඇතුළු අපේ ප්‍රගතශීලි ජනතාව සතුටු වුන හැටි. පහුගිය කාලේ පොලිසියට නඩු නැතිව අපරාධකාරයන්ට වෙපොන් බලන්න ගිහින් නැති කරන්න කියල ඊට පස්සේ එගොල්ලට ප්‍රශ්න නැහැ කියල ඉඟියක් දුන්නෙත් ඒ කාලේ හිටිය ලොක්කෙක් මයි. මිනිස්සුන්ගෙන් කොටසක් ඒකටත් පක්ෂ වුණා. හැබැයි දැන් ඒ ලොක්කව නිතිය ඉදිරියට ගෙන්න බැරිත් එක්තරා මිනිස්සු කොටසක් එයාව තවමත් ආරක්ෂා කරන නිසා. පොලිසියට බැනලම හරි යනවද?ලංකාවේ කි දෙනෙක් ඉන්නවද ඕව අනුමත කරන? බලන්නකෝ බුකියේ. අර වැලිකඩ සිරකරුවෝ මරපු එකට සහයෝගෙට කොයි තරම කට්ටිය කතා කලා ද කියල. එතකොට ගිය ආණ්ඩුව කාලේ පලා බබාල පොලිසියට ගැහුව හැටි මතකද පාරේ දාගෙන. ටික ටික තමා මේවා නැති කරලා හදන්න ඕනේ. අනික ලංකාවේ පටි ගහගෙන් අපි අර ඔෆිසර් මේ ඔෆිසර් කියල මහන්තත්වෙන් කටයුතු කරන එකත් වහාම නවත්වන්න ඕනේ.. ඕනෑවට වැඩියි. ඊයේ පපෙරේද ත් අපේ බ්ලොග් කරුවෙකුට එකක් වුනානේ.

      Delete
  5. සාක්ෂිකරුවන් නොමැතිව

    http://transyl2014.blogspot.ca/2015/04/blog-post_12.html

    ReplyDelete
    Replies
    1. බඩුත් හාංදුරුවන්ගෙ, නඩුත් හාංදුරුවන්ගෙ...පොලෝසිය ලංකාවෙ.

      Delete
  6. 02. වැරැද්දක් කරලා දඩේ නොගෙවා පැනලා එන එක... පුතාවත් ඒකට හවුල් කරන් වැරදි ආදර්ශයක් දීම... පොලීසියෙන් බේරෙන්න වේගයෙන් ධාවනය කිරීම..

    03. පුරවැසියෙක් හැටියට වැරැද්දක් කරාම දඩ කොලයක් නොයිල්ලා පගාව දීම.....

    මෙව්වා බලු වැඩ කියලා හිතෙන්නේ මටම විතරද මන්දා......

    ReplyDelete
    Replies
    1. බලු වැඩ නොවෙන්නං.
      හැබැයි මම ජනතාවගෙ බදු මුදලින් පඩි ගන්න කෙනෙක් නොවෙයිනෙ. පුරවැසියෙක් විදිහට බලු වැඩ කරද්දි ඒව නවත්තන්න ඉන්න පොලිසිය බලු වැඩ කරන්න ගන්න එකයි, ඒකට අපව පොළඹවන එකයි ගැන මොකද හිතෙන්නෙ.
      මම නං පොලිස්කාරයන්ට දෙන්නෙම පගාව. මොකද ඔය එක පොලිස්කාරයෙක්වත් රටේ නීතියට අනුව මාව පගාව දෙන්න ගියා කියල අල්ලන්නෙ නැති බව ටක්කෙටම දන්න නිසා.

      Delete
  7. හෙන්රි,

    මේ තැන් තුනේ දී ම ඔබේ හැසීරීමත් වැරදියි නේද?

    මට නම් පේන්නේ ඔවුන් ඔබට සාපේක්‍ෂව ඉතාමත් නරක තැනක සිටිනවා විනා, අන් දෙයක් නොවේ.

    මා නම් කිසි දිනයක පගාවක් දී හෝ ඇඳුණුම්කම්වලින් වාසි අරගෙන හෝ අයුතු දේ ලබාගෙන නෑ.

    එනිසා මාව "ලැබ්‍රඩෝර්" තත්වයේ ලා සළකන්න පුළුවන්ය කියා හිතෙනවා!

    ;-)

    ReplyDelete
    Replies
    1. ඇත්ත රසික, පුරවැසියෙක් විදිහට මම වැරදි කරද්දි ඒක නිවැරැදි කරන්න නේනන්ං නීති සම්පාදනය කරල ජනතාවගෙ බදු මුදල් වලින් පොලිසියක් පවත්ත ගෙන යන්නෙ.
      දැන් වෙන්නෙ නීතිය සුරකින්න බඩි ගන්න උංම නීතිය කඩල පුරවැසියවත් ඒකට පොළඹවන එකනෙ
      මමත් ඉස්සර පගාව නොදී උන්න. හැබැයි අපිව පහුකරන් පගාකාරයො යනකොට අපිව නිකං සල්ලං වෙනව දැක්කම පගාව දීල වැඩකරගන්න පටන් ගත්ත. දේසේ හැටියට වාසේ.

      Delete
  8. Meka liyapu EX NAVY officer danne neha Deshabnadu kiyanne SSP kenek miska HQI kenek neve kiyala.
    boru kiyanna epa...
    meka liyapu shantha dantha manussusaya mage putha wenna ona labana athme

    ReplyDelete
    Replies
    1. කවුද අප්පා මේ වගේ කතාවක් ලියද්දි ඇත්ත නම් දාන්නෙ. කටට ආ නමක් දැම්මා. දේශබන්දු කියල පොලිස් නිළධාරියෙක් ඉන්න බව දන්නෙ නෑ.
      එතනට වෙන නමක් දාගන්න.

      Delete
    2. ඔය සමන් වගේ හරි ජයලත් වගේ හරි නමක් දාගන්න.එතකොට අවුල ලිහෙයි.

      Delete
  9. පොලිසියේ රස්සාව හරියට කරන උන් කරන්නේ ඒක තමයි.. ඒ කියුවේ.. බලු වැඩ කරනවා.. මිනිහා කවුද කියලා බලලා..

    ReplyDelete
    Replies
    1. දන්නෝ දනිති. හරියට කරන අය එහෙ මෙහෙ විසිවෙති.

      Delete
  10. පොලිස් කාරයො ගැන චාටර් කතා තියෙන්නෙ ඒක තමයි. උදාහරණයක්:

    දවසක් පොලිස් කාරයෙකුයි ආමි කාරයෙකුයි හොල්ට් එකක ඉන්නවලු. ඉන්න ගමං දෙන්න කතාවට වැටුණලු. පොලිස් කාරයට හෙන හීනමානෙලු මොකද, ආමිකාරයන්ට මාර සැළකිලි නෙ රටේ තිබුණෙ එක්තරා කාලයක. (පස්සෙ කාණු සුද්ධ කරන්නයි, පොල් විකුණන්නයි දැම්මට)

    ඉතිං පොලිස් කාරය අරූගෙන් අහනවලු,

    “උඹලට ගමේ යන්න එහෙම නිවාඩු ලැබෙන්නෙ සෑහෙන කාලෙකට සැරයක් නේ?“

    “ඔව්. ඒකනෙ කියන්නෙ. හරිම අමාරු රස්සාව“ ආමි කාරය කියනවලු.

    “ඒ අතරෙ උඹලයෙ වයිෆ්ලට ළමයිත් හම්බෙනව නේ?“ ගොඩක් පොලිස් කාරයො ජරා විදිහට නෙ කතා කරන්නෙ.

    අරුත් “ඔව්“ කිව්වලු. ඊට පස්සෙ පොලිස් කාරය අහනවලු,

    “ඒ ඉපදෙන අවජාතකයන්ට මොකද කරන්නෙ ඉතිං?“

    ආමිකාරය අරූ දිහාවත් නොබල කියනවලු,

    “ඒ අවජාතකයො තමයි ලොකු වෙලා පොලිසියට බැඳෙන්නෙ...“

    ReplyDelete
  11. thamange waradi wahaganna poleesiyata baninna epaa. thamange hadichchakama penwanna.

    ReplyDelete
  12. පොලිසිය ගැන නම් මටත් තියෙන්නේ අපහැදීමක්.කොහොමත් මගේ ගනුදෙනුවක් ඔය පොලිස්කාරයෝ එක්ක නම් නැහැ.

    අර පළමු වැනි කතාවේ අපරාධකාරයා ඌ උණත් පොලීසියට අයිති නැහැනේ නඩු අහලා දඬුවම් දෙන්න.ඔය දේම තමයි හිරුණිකා කරන්න ගියෙත්.එක වෙන්න ඇති ඒ හිරුණිකාගේ සිදුවීමේදී පොලිසිය අලසව කටයතු කෙරුවේ.

    ReplyDelete
    Replies
    1. අපරාධකාරය තීන්දු කරන්න ඕනෙ රටේ නීතියට අනුව උසාවියකින්. පොලිසිය උන්න ගමන උසාවියෙ වැඩේ කරනව මදිවට අලුගෝසුවගෙ වැඩෙත් කරනවා..

      Delete
  13. පොලිසියේ හැමෝම නරක නැහැ. වැරැද්දක් කරාම හොද කරාට වඩා ප්‍රසිද්ද වෙනවා.

    ReplyDelete
    Replies
    1. හැමෝම නරකයි කියල කිව්වෙ නෑ. හොඳ අයත් නරක් වෙනව කියල කිව්වෙ. හොඳ අය නැත්තෙමත් නෑ වගේම මේ සිස්ටම් එක ඇතුළෙ හොඳ අයට පැවැත්මක් නෑ.

      Delete
  14. ඔය පොලීසිය කියන්නේ මොකක් ද බං.....................????? මට ඒහෙම නමක් මතක නැහැනේ......

    ReplyDelete
    Replies
    1. අර නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න ඒත් ඒක හරියට නොකර අනං මනං කරන කට්ටිය ඉන්න තැන.

      Delete
  15. රටේ හැටියටයි පොලිසියේ හැසිරීම....පොලිසියට සාපේක්ෂව ඔබද වැරදියි.

    ReplyDelete
    Replies
    1. ඒක ඔබ තීරණය කරන්න. අනෙක් අදහසුත් කියවන්න. ස්තූතියි.

      Delete
  16. watch this: 12.Rounds.3.Lockdown. (Film)
    Upon returning to work after recovering from an injury, a police officer discovers and attempts to turn in incriminating evidence of illegal activities against his fellow cops.

    ReplyDelete
    Replies
    1. O.k. Thanks. I will watch this because I am mad on films.

      Delete
  17. තරහ ගියාම අපිත් කොස්සන්ට බනිනවා තමා... ඒත් වෙලාවකට අපේ වෘතීය මිත්‍රයෝ කරනා අවබාවිතා ගැන හිතුවාම පොලීසියෙ ඉන්න හාදයෝ වඩා වැදගත් කියලත් හිතෙනවා....

    ReplyDelete
    Replies
    1. තරහ යන්නෙ කරන වැඩ වලට

      Delete
  18. වඳින්න වඳින්න ගහන එකත් ගහන්න ගහන්න වඳින එකත් මෝඩය කියනව නෙ
    ලංකාවෙ පොලිසිය ගැන නං ඒක සහතික ඇත්ත.
    පොලිස් පොඩ්ඩන්ට ගන්න තියන ප්‍රමෝෂන් ටිකට කෙලවල අරින්නෙ ලොක්කො උං කරන්කෙ අඩු පඩි හිංද පගා ගන්න එක.
    කියන්කෙ හෙන විනය ගරුකයි කියල ඇති රෙද්දක් නෑ.. කුප්පහි කම ඇර

    ReplyDelete
    Replies
    1. විනයගරුක නොවීම තමයි මූලික ප්‍රශ්නෙ. ඊළඟට අවංක නොවීම.

      Delete
  19. පොලිසිය විතරක් නෙවෙයි මේ රාජ්‍ය සේවෙම කුණුගොඩක් කරලා මහත්තයෝ. ආණ්ඩු මාරු කලාට රාජ්‍ය සේවෙ තාමත් කුණුගොඩක්. අපි තාමත් මන්ත්‍රීගෙ ලියුමට යටත් . ඔය පොලිස්කාරයාත් ගාන කපන්නෙ එයිට කලිං ඒ මිනිහගෙ ලැජ්ජ නහරය කාගෙහරි උවමනාවකට කපල හිංදයි.

    ReplyDelete
    Replies
    1. කුණු ගොඩේ හොඳටම ගඳ ගහන, ඕජස් ගලන තැනක්.

      Delete
  20. හෙන්‍රි අයියා... ලෙසටම ලියල... ඔකුන් ගැන පොත් ගනන් ලියන්න පුලුවන්...

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ.පොත් විතරක් නොවෙයි පත්තරත් ගහන්න පුළුවනි.

      Delete
  21. ශ්‍රී ලංකා පොලිසිය මුළු ලෝකෙම ඉස්සරහ හෑල්ලුවට ලක්වෙලා ඉවරයි. මම හිතන්නේ නැහැ පොලිසියේ කීර්තිනාමය නැවත ගොඩනගන්න පුළුවන් වෙයි කියලා. මිනිස්සුන්ගේ හිත්වල පොලිසිය ගැන විශ්වාසයක් නැහැ. මේ තියෙනේ මට වෙච්ච සිද්දියක්..http://ambalangodakatha.blogspot.com/2015/09/blog-post_52.html

    ReplyDelete
    Replies
    1. කොහොමත් වැඩ සිද්ධවෙන්නෙ කීර්තිනාමය ගොඩනැගෙන විදිහට නං නොවෙයි. දවසින් දවස විශ්වාසය බිඳෙන විදිහට.

      Delete
  22. ඔයාගේ පොත් තුනම ප්රා ගෙනත් දුන්න. දඩ කඳවුර ටිකක් දුර කියෙව්වට පස්සෙයි තේරුනේ විල්ලර වාඩිය කලින් කියවන්න ඕනේ කියල. කතෝලික ගමක් වටා ගෙවුන කටහ්වක් කලින් කියෙව්වා කියල මතකයක් නැහැ.

    ReplyDelete