කොටස් වශයෙන් පළවන ලිපියක දෙවන කොටස
ලාංකික දේශපාලන ගමන් මගෙහි හැරවුම් ලක්ෂ්‍යයන් දක්නට
ලැබෙන්නේ පළමුව මහ මැතිවරණ මගින් වන අතර දෙවනුව ජනාධිපතිවරණ මගිනුයි.
ජනාධිපතිවරයෙකු ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමේ ක්‍රමවේදයට පෙර රටේ බල තුලනය මහමැතිවරණ
හරහා සිදු වුණා. අවස්ථා කිහිපයකදීම රට ඉදිරියට යන මගෙහි අතිශය තීරණාත්මක වෙනස්කම්
ඇති වූයේ ඒ අනුවයි.
ඒ පිළිබඳ සමාලෝචනයක යෙදෙමින් පසුගිය ජනාධිපතිවරණයේදී
රටෙහි දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් වූ ආකාරය ගැන සාකච්ඡා කිරීම මේ
ලිපියෙහි අරමුණයි.
පණස් හයේ පෙරළිය
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ මූලිකත්වයෙන් 1951 සැප්තැම්බර් මස 02 වැනි දින “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය” නමින්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිපත්තිය කරගත් නව දේශපාලන ව්‍යාපාරයක්
ආරම්භ කළා. 1955 සැප්තැම්බර් 24 දින බණ්ඩාරනායකගේ නායකත්වය සහිත ශ්‍රී ලංකා නිදහස්
පක්ෂය සහ ලංකා සම සමාජ පක්ෂය නිතරග ගිවිසුමක් ඇතිකර ගත්තා. 1955 ඔක්තෝම්බර් 19 වන
දින ඇන්.ඇම්. පෙරේරා සිංහල හා දෙමළ භාෂා රාජ්‍ය භාෂා ලෙස පිළිගැනීමට හැකිවන ලෙස
රාජ සභා ආඥාව සංශෝධනය කළ යුතු බවට යෝජනා කළ විට නැගී සිටි බණ්ඩාරනායක සිංහල භාෂාව
පමණක් ලංකාවේ රාජ්‍ය භාෂාව වශයෙන් පිළිගැනීමට හැකි ලෙස සංශෝධනයක් ඉදිරිපත් කරනු
ලැබුවා. බණ්ඩාරනායක උත්සහ කළේ සිංහල ඡන්ද වලින් පමණක් බලය ලබා ගැනීමටයි.
එසේම 1955 දෙසැම්බර් 17 දින සිංහල බස ලංකාවේ රාජ්‍ය භාෂාව වශයෙන්
පත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවක දී සම්මත කරගත්තා. එසේම සිංහල
භාෂාව පමණක් ලංකාවේ රාජ්‍ය භාෂාව විය යුතුය යන හඬින් එක්සත් භික්ෂු පෙරමුණ
ඉදිරිපත් කළ “දස පනත” බණ්ඩාරනායක
විසින් පිළිගනු ලැබුවා. තම ඉදිරි ආණ්ඩුවක් මඟින් එය ඉටු කරන බවටත් ප්‍රතිඥා දුන්නා. ඒ අනුව භාෂා ප්‍රශ්නය ඉදිරියට පැමිණි නිසා 1956
පමණ වන විට සිංහල භාෂාව ලංකාවේ රාජ්‍ය භාෂාව විය යුතුයි යන මතය වර්ධනය වෙමින් පැවතුණා.
1956
පැවති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත්
පෙරමුණ (ම.එ.පෙ.) නම් සන්ධානයක් පිහිටුවා ගත්තා. එය සමන්විත වූයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විසින්
නායකත්වය සැපයුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , පිලිප් ගුණවර්ධන විසින් නායකත්වය සැපයුණු විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂය සහ විජයානන්ද දහනායක විසින් නායකත්වය සැපයුණු සිංහල භාෂා පෙරමුණ යන පක්ෂ වලිනුයි .
1956
අප්‍රේල්
5 දින සිට 1956 අප්‍රේල් 10 දින දක්වා කාලය අතරතුරදී පැවැත්වූ මහා මැතිවරණයෙන්
එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට ලක්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන
එක්සත් පෙරමුණට විශිෂ්ඨ ජයක් හිමිකර දෙමිනුයි. මහජන එක්සත් පෙරමුණට ආසන 51 ක ජයක්
හා 39.52% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබෙද්දී ලංකා සමසමාජ පක්ෂයට ආසන 14 ක් හිමි වුණා. එක්සත් ජාතික පක්ෂයට ආසන 8 ක් ලබමින් අන්ත පරාජයක්
හිමි වුණේ 27.91% ක ඡන්ද ප්‍රතිශතයක් ලබමිනුයි. පෙඩරල් පක්ෂය ආසන 10ක්
දිනා ගනිමින් 5.39% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුවා.
බණ්ඩාරනායක සිංහල ජාතියේ ගැලවුම්කරු ලෙස පෙනී සිටිමින් සිය දේශපාලන
ව්‍යාපාරය එක්තරා අන්තයකට මෙහෙයවූවා පමණක් නොව “සිංහල පමණයි” සංකල්පය ජනගත කරමින්
56 පරම්පරාවේ කොඳු නාරටිය බිඳ දැමුවාසේම, දකුණේ සිංහල බෞද්ධ ආණ්ඩුවක් ලෙස නාමකරණයට
ලක් වූ 56 ආණ්ඩුව ගත් ප්‍රගතිශීලී තීන්දු රැසක් වෙනවා.
ඒ අතර සෙනට් මණ්‌ඩලය අහෝසි කිරීම සලකා බැලීම, ආණ්‌ඩුව
මගින් මන්ත්‍රීන් පත් කිරීම අහෝසි කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්‌ඩු ක්‍රමයක්
ඇති කිරීම, ලෝකයේ බලවතුන්ගේ යුද්ධ බලමණ්‌ඩලවලට නතු නොවී සියලු රටවල් සමග රාජ්‍ය
මිත්‍රත්වය ගොඩනැගීම, විදේශ යුද කඳවුරු මෙරටින් ඉවත් කිරීම, විදේශ යුද
හමුදා ඉවත් කිරීම යනාදී අරමුණු ඇතුළත් වුණා. ඒ තුළින් නොබැඳි විදේශ ප්‍රතිපත්තියක අවශ්‍යතාව පෙන්වා
දුන්නා. සියලුම මූලික කර්මාන්ත ආණ්‌ඩුව මගින් පාලනය කළ යුතු බවටත් සෙසු කර්මාන්ත
පෞද්ගලික අංශයට ද විවෘත කළ යුතු බවට එකඟ වූ ප්‍රතිපත්තිය සමග පැය 08 වැඩ
මුරයන් හා විශ්‍රාම වැටුප් හෝ අර්ථසාධක අරමුදල් ඇති කිරීම වැඩ කරන ජනතාව වෙනුවෙන්
සිදුකිරීම කළ යුතු බවත් අප රටේ වෙළෙඳ ව්‍යාපාර ලාංකිකයන් අතට පත් කිරීම සඳහා විධි
විධාන සැලසිය යුතු බවටත් එකඟ එකඟතා ඇති වුණා. විදේශිකයන් සන්තකව පැවැති වතු, බැංකු රක්‍ෂණ
ආදී ව්‍යාපාර ක්‍රමානුකූලව ජාතිය සන්තක කිරීම ද අරමුණ වුණා.
....ඉතිරිය මීළඟ කොටසින්
සෙස්ස පස්සට...
සිංහළ පමණයි දෝත දරාගෙන
ReplyDelete"පනස් හයේ පෙරළිය" ආවා
පනස් හයේ දරුවන්ගෙම දෑතින්
බණ්ඩ මැතිඳු එලොවට වැඩියා