කොටස් වශයෙන් පළවන ලිපියක තෙවන කොටස
ලාංකික දේශපාලන ගමන් මගෙහි හැරවුම් ලක්ෂ්‍යයන් දක්නට ලැබෙන්නේ පළමුව මහ මැතිවරණ මගින් වන අතර දෙවනුව ජනාධිපතිවරණ මගිනුයි. ජනාධිපතිවරයෙකු ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමේ ක්‍රමවේදයට පෙර රටේ බල තුලනය මහමැතිවරණ හරහා සිදු වුණා. අවස්ථා කිහිපයකදීම රට ඉදිරියට යන මගෙහි අතිශය තීරණාත්මක වෙනස්කම් ඇති වූයේ ඒ අනුවයි.
ඒ පිළිබඳ සමාලෝචනයක යෙදෙමින් පසුගිය ජනාධිපතිවරණයේදී
රටෙහි දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් වූ ආකාරය ගැන සාකච්ඡා කිරීම මේ
ලිපියෙහි අරමුණයි.
අගමැතිනි සිරිමා බණ්ඩාරනායක
1970 සමගි පෙරමුණ ප්‍රගතිශීලී ආණ්ඩුව
1970 දී බිහිවූ සමගි පෙරමුණ ආණ්ඩුව සමන්විත වූයේ ශ්‍රී ලංකා නිදහස්
පක්ෂය මූලික කොට ගත් ලංකා සම සමාජ පක්ෂය
සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය එක් වීමෙනුයි. සමගි
පෙරමුණ ආණ්ඩුවට ආසන 168 න් 116 ක්, එනම් 2/3 ක්, දිනා ගත හැකි
වුණා. ඒ අනුව සමගි පෙරමුණ ආණ්ඩුවට 48.93% ක ඡන්ද ප්‍රතිශතයක්
ලැබුණු අතර එක්සත්
ජාතික පක්ෂයට ආසන 17 ක්ද, පෙඩරල් පක්ෂයට ආසන 13 ක්ද ලැබුණේ පිළිවෙළින්
37.91% හා 4.92% ඡන්ද ප්‍රතිශත ලබමිනුයි.
1970
ආණ්ඩුව මෙරට කර්මාන්ත යුගය
ආරම්භ කළේ වානේ කර්මාන්තය, ලෝහ කර්මාන්තය, රෙදිපිළි කර්මාන්තය, කඩදාසි කර්මාන්තය, ලුහුභාණ්ඩ කර්මාන්තය, පේෂ කර්මාන්තය, දේශිය කිරි කර්මාන්තය පමණක් නොව පෞද්ගලික අංශය යටතේ මෙරට මෝටර් රථ
ස්කූටර් ට්‍රැක්ටර් නිෂ්පාදනයද ආරම්භ කරමින්. එසේම බැංකු
ජනසතුව, තෙල් ජනසතුව,
ඉඩම් ජනසතුව, වානේ, ටයර්, පිටි කර්මාන්තශාලා ආරම්භය, නව ජනරජ
ව්‍යවස්‌ථාවක් ඇරැඹීම, සෙනට් සභාව අහෝසි කිරීම, උත්තරීතර අධිකරණය ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය බවට
පත් කිරීම මෙන්ම වගා සංග්‍රාමය ආරම්භ
වූයේ ද මේ යුගයේදීයි. මෙරට නිපදවිය හැකි සෑම වගාවක්ම නිෂ්පාදනයක්ම මෙරට
නිපදවීම සඳහා යම් දුෂ්කර එහෙත් අතිශයින් ම පලදායි ප්‍රතිපත්ති ආරම්භ කළ නමුත්
ලෝක ආර්ථික අර්බුදය සහ වෙනත් ආර්ථික බලපෑමෙන් එහි යම් දුෂ්කරතා සහ සංකීර්ණතා
ඇති වන්නට වුණා.
නාමික නිදහසින් පසු ජනරජ ව්‍යවස්ථාව ගෙන එමින්
බ්‍රිතාන්‍ය කිරීටයෙන් සැබෑ නිදහසක් රටට අත්පත් කොට දුන්නේද 70 බිහිවූ සමගි
පෙරමුණු ආණ්ඩුවයි. එසේම ඒ දක්වා පැවැති සියලුම ආණ්ඩු අතරින් සාපේක්ෂව වඩාත්
ජනහිතකාමී, ඉදිරිගාමී වැඩකොටසක් ඉටු කළේද එකී ආණ්ඩුවයි. මීට හේතුව සමගි පෙරමුණ
යටතේ සමසමාජ කොමියුනිස්ට් පක්ෂ තීරණාත්මක වැඩ මැදිහත්වීමක් කළ බවට අර්ථ ගන්වන්නට
හැකි නමුදු ඒ සඳහා ශ්‍රී
ලංකා නිදහස් පක්ෂයේ නායිකා සිරිමා බණ්ඩාරනායකගෙන් ලද අනුග්‍රහය නොසලකා හරින්නට
බැහැ.
සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් 1970 සමඟි පෙරමුණු
ආණ්‌ඩුවේ සිටි ආචාර්ය එන්. එම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සහ ලෙස්‌ලි ගුණවර්ධන
සමග ඇතිවූ දේශපාලන ගැටුම් අවසානයේ ඔවුන් දැරූ ඇමැති පදවිවලින් ඉවත් කිරීමට බණ්‌ඩාරනායක
මැතිනිය පියවර ගත්තා. ඒ අනුව සමසමාජ පක්‍ෂය ආණ්‌ඩුවෙන් ඉවත් වුණා. එම ආණ්‌ඩුවේ අනෙක්
හවුල්කාර පක්‍ෂය වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට් පක්‍ෂයද 1977 ජනවාරි මාසයේදී ආණ්‌ඩුවෙන්
ඉවත් වූ අතර ඉන් ටික දිනකට පසු සමඟි පෙරමුණු ආණ්‌ඩුවේ ප්‍රගතිශීලී මන්ත්‍රීන් ලෙස
ප්‍රසිද්ධව සිටි නන්ද එල්ලාවල,
ඒ. එම්. ජිනදාස, ටෙනිසන් එදිරිසූරිය සහ ගාමිණි ආරියතිලකද, කර්මාන්ත
ඇමැතිව සිටි ටී. බී. සුබසිංහද ආණ්‌ඩුවෙන් ඉවත්ව ගියා. මේ සියලු දෙනාම ආණ්‌ඩුවෙන්
ඉවත්වී විපක්‍ෂයට ගියේ පෞද්ගලික වරප්‍රසාද වරදාන තනතුරු බලාපොරොත්තුවෙන් නොවේ.
පළමු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන
අධර්මිෂ්ඨ වූ “ධර්මිෂ්ඨ පාලනය” හා විධායක ජනාධිපති ක්‍රමය
1977
මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට පා ර්ලිමේන්තුවේ
ආසන 140 ක්, එනම් 5/6 ක බලයක් දිනා ගත්තේ 50.92% ඡන්ද ප්‍රතිශතයක් ලබා
ගනිමිනුයි. ශ්‍රී
ලංකා නිදහස් පක්ෂයට ලැබුණේ 29.72% ඡන්ද ප්‍රතිශතයක් සමග ආසන 8 ක් හිමි වුණා.
දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ආසන 18 ක් හිමි කර ගෙන පාර්ලිමේන්තුවේ විපක්ෂය ලෙස
බලය අත්පත් කර ගත්තේ 6.75% ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින්. සමසමාජ, කොමියුනිස්ට්,
මහජන එක්සත් පෙරමුණ යන පක්ෂ සෝදා පාළුවට ලක් වී තිබුණේ නැවත හිස ඔසවන්නට නොහැකි වන
ලෙසටයි.
1977 මැතිවරණයෙන් පසු ශ්‍රී
ලංකාවේ අගමැතිවරයා බවට ජේ.ආර්. ජයවර්ධන පත් වූ අතර
ඉන්පසු ජාතික ව්‍යාවස්ථාවක් මඟින් විධායක ජනාධිපති ක්‍රමය ඇති කළා. ධර්මිෂඨ සමාජයක් ගෙන එන බවට සපථ කොට බලයට පැමිණි ජේ.ආර්.
රට අධර්මිෂ්ඨ භූමියක් බවට පරිවර්තනය කළා. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින්
විධායක ජනාධිපතිධුරය හඳුන්වා දී අසීමිත බලයක් ගොඩනගා ගත්තා. ලංකාවේ මුල් ම විධායක
ඡනාධිපති වු ජේ.ආර්. ජයවර්ධන ප්‍රකාශ කළේ "මට කළ නොහැක්කේ ගැහැණියක
පිරිමියෙකු කිරීමත් පිරිමියෙකු ගැහැණියෙකු කිරිමත් පමණයි යන්නයි". එම ප්‍රකාශය
තුළින් විධායක ජනපති සතු කර ඇති බලය මනාවට පිළිඹිඹු වුණා..
1977 එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයෙන් පසු 1983
පාර්ලිමේන්තු මැතිවරණය අහෝසි කර, 1977
පාර්ලිමේන්තුව, 1989
තෙක් දීර්ඝ කිරීමේ ප්‍රෝඩාකාරී ජනමත විචාරණ ඡන්ද විමසීමක් පැවැත්වූවා. යුද්ධයෙන්
උතුරේ ප්‍රදේශ බොහොමයක් එල්.ටී.ටී.ඊ. තුස්තවාදීන් අත්පත් කර ගනිද්දී ජයවර්ධන හා රජිව් ගාන්ධි අතර ඇති වූ ඉන්දු ශ්‍රි
ලංකා ගිවිසුමෙන් ඉන්දියානු සාම සාධක
හමුදාව උතුරේ රඳවා දෙමළ පාලන ප්‍රදේශවල බලය ඔවුනට පැවරුවා . මෙම ගිවිසුමට
එල්.ටී.ටී.ය එකඟ නොවූ අතර සිංහල ජාතිකයින් විදේශ හමුදා මෙහි රැදී සිටිනවාට කැමති
වූයේ නැහැ .ඒ අතර, ජනතා විමුක්ති පෙරමුණ විසින් ආයුධ සන්නද්ධ කැරැල්ලක්
නිර්මාණය කළ අතර ජේ.ආර්. ජයවර්ධන 1989 වර්ෂයේ දී දේශපාලනයෙන් විශ්‍රාම ගත්තා.
....ඉතිරිය මීළඟ කොටසින්
සෙස්ස පස්සට...
තාප්පවල ලාප්මු කලගෙඩි ඇඳලා තිබුනා ලාවට වගේ මතකයි....
ReplyDeleteඇත්තම කිව්වොත් J ර් ගේ ජයග්‍රහනය කියන්නෙ නිදහස් ලංකාවේ පසු-හරුම් ලක්ෂ්‍යයක් නේද ?
Delete