Powered By Blogger

Friday, 28 August 2015

වර්ණපාල Method නොහොත් සරම ඔළුවෙ.....පුක එළියෙ....

දේශපාලන සංධානයක මහලේකම් විදිහට නම් කිරීමත් සමග මෙතෙක් ආ ගිය අතක් දකින්නට නැතිව සිටි මහාචාර්ය විශ්වා වර්ණපාල කරළියට ඇවිත්.

ටයි කෝට් දාගෙන උසාවි ගානෙ බඩ ගාමින් මහලේකම් තනතුරේ අයිතිය ඉල්ලා දේශපාලන අපතයින් සමග ගාල් වෙලා ඉන්න මහාචාර්යවරයා දැක්කම දුකක් එක්කම හිනාවකුත් ඇති වුණා, පරණ කතා මතක් වෙලා.

පරණ කතාවක් නිසා නොයෙක් අය මේ කතාව අහල ඇති. කියවල ඇති. ඒ නිසා නොඇසූ කතාවක් නොවුණත් අලුතෙන් කියවන ටික දෙනෙකුට හරි නොකී කතාවක් විදිහට දැනෙයි.

අපි පේරාදෙනි විශ්වවිද්‍යාලයට ගිය අලුතම මේ වර්ණපාල මෙතඩ් එක ගැන දැන ගත්තෙ ජ්‍යෙෂ්ට උත්තමයින්ගෙනුයි. 

කැම්පස් එකේදි කරත්තයක් දක්කන්න ඕනෙ නං, ටිකක් ග්‍රාම්‍ය විදිහට කියනව නං බඩුවක් දාගන්න ඕනෙ නං (මානවිකාවන්ට බඩුව කියන එකට විරුද්ධ වුණත් මාර බඩුවක් තමයි කියල අපටත් නොදැනුවත්වම කියවෙනවනෙ.) ඒකට විවිධ ක්‍රම තියෙන බව අපට මේ ජ්‍යෙෂ්ට උත්තමයින් කියා දුන්න.

ඒ අතරින් වඩාත් ප්‍රචලිත වගේම නිර්මාණශීලී ක්‍රමවේදය තමයි වර්ණපාල මෙතඩ්.

මම දන්න විදිහට විශ්වා වර්ණපාල ඔය මෙතඩ් එකෙන් දාගත්ත මානවිකාව එක්ක තමයි විවාහ වෙලා දරුමල්ලන් හදල දිවි මගේ මෙතෙක් දුර ඇවිත් තියෙන්නෙ.

පේරාදෙනිය වගේ කැම්පස් එකකට ගිය එකේ උරචක්කරමාලාවකුත් කරේ එල්ල ගත්තම පොඩි ගතියක් තියෙනවනෙ. හවසට ගත කරන පාළු ජීවිතේට ගැම්මක් එනවනෙ. හරියට පෙළවහක් කරගත්ත වගේ තමයි ඉතිං. කන්නෙ එකට, බොන්නෙ එකට, යන්නෙ එකට, ඉන්නෙ  එකට, පාඩම් කරන්නෙ එකට, වළ බහින්නෙ එකට........ආයෙ ඉතිං නාස් ලණුව වැටුනම ගැලවිල්ලක් නෑ.

වර්ණපාල ශිෂ්‍යයටත් තමන්ගෙ වසරෙම ඉගෙන ගන්න ගෑනු ළමේක් ගැන, කැම්පස් භාෂාවෙන් කියනව නං බැචියෙක් ගැන අදහසක් ආව කියමුකො.

ඉතිං ඔන්න සුපුරුදු විදිහට ට්‍රයි කරන්න පටන් ගත්ත.

හිච් වෙනකල් ඉතිං හිත දිනා ගන්න විවිධ උපක්‍රම භාවිතා කරනවනෙ.

සමහරුන්ට නං අහන පමාවෙන් බඩුව වැටෙනව. සමහරුන්ට එක එක විදිහෙ දේවල් කරමින් හිත දිනාගන්න වෙනව. 

උදේ හොස්ටල් එකේ ඉඳන් කැන්දන් ඇවිත් හවසට නිරුපද්‍රිතව ගෙනිහිං ඇරීම, කැන්ටිමේදි එක ළඟ ඉඳන් බොන්න කන්න ඕනෙ නිසා තේ සහ ආහාර ඉඳං ඉන්න පුටුව ළඟටම ගෙනැවිත් දීම, නොතේරන පාඩම් කියා දීම, කඩේ තොටේ පොළේ යෑම,  විවිධ පක්කලි සර්විස් කිරීම යනාදී වශයෙන් මෙකී නොකී විවිධාකාර උප්පරවැට්ටි යොදලත් කැමති කරගන්න බැරි වෙන අවස්ථා එමටයි.

ඒ වුණාට සමහරුන්ට නං පතාගෙන ආව වගේ මේ ඇහුව මේ වැටුණ.

තවත් සමහරුන්ට නං දෙකක්ම පොසිටිව් වගේ පෙනුනට අන්තිමේට එකක්වත් වැටෙන්නෙ නැහැ.

සමහරු පළමු වෙනි අවුරුද්දෙ පටන් ගන්න සෙට් කරගැනීමේ ව්‍යාපෘතිය ජයගන්නනෙ අන්තිම අවුරුද්දෙ. නැත්නං අවුට් වුණාටත් පස්සෙ. හැබැයි එහෙම සෙට් වෙන ජෝඩුවලට පස්සෙන් පහු හිතෙනව ඇති නේද අපරාදෙ කැම්පස් ආදරේ මිහිර විඳගත්තෙ නැත්තෙ කියල.

Lovers lane එ‍කේ ඇවිදල Kissing bend එකේදි හාද්දක් දීල Gym එක පිටිපස්සෙ ගලක් කපාගන්න තිබුණ චාන්ස් එකනෙ අතහැරිල තියෙන්නෙ.

වර්ණපාල උන්නැහෙත් ඉතිං තමන්ගෙ හිත ගිය මානවිකාවට පොඩි ට්‍රයි පාරක් දාල බලන්න ඇති. නෑ......කිසිම අනුකූලතාවක් නැහැ. කොටින්ම කියනව නං කිසිම තාවයක් නැහැ.

මේකට වෙන බැචාලගෙන් බැචීලගෙන් උදව් ගන්න ගියොත් කාඩ් වදින හංදද කොහෙද වර්ණපාල ලොක්ක තමන්ටම ආවේණික ක්‍රමයක් අත්හදා බැලුව.

වර්ණපාල ඉඳල තියෙන්නෙ හිල්ඩා ඔබේසේකර නේවාසිකාගාරයෙ. සංඝමිත්ත, රාමනාදන් නේවාසිකාගාරවල ඉන්න ගෑනු ළමයින්ට දේශන වලට යන්න වෙන්නෙ හිල්ඩා එක ඉස්සරහින්ම තමයි.



ඔන්න ඉතිං තමන් හිත දිනාගන්න උත්සහ කරන ගෑනු ළමය එන වෙලාවට හිල්ඩා එගේ බැල්කනියට එන වර්ණපාල සරමෙන් ඔළුව වහගෙන පාරෙ යන අදාළ කෙනාට ඇහෙන්න කෑ ගහනවලු...

" ංආාාාා....වර්ණපාලට ලව් නේද......ඊයෙ ලෙක්චර්ස් වලදි 
වර්ණපාල ළඟින්ම ඉඳන් නේද උන්නේ....." කියල.

මෙහෙම අහන්නෙ වර්ණපාල කලිං දවසෙ කොහොම හරි අර ළමය ළඟින්ම ඉඳගෙන දේශන වලට සවන් දීලයි.

වහාම සරමෙන් කලිසමට බහින අපේ පොර කඩාගෙන ලෙක්චර්ස් යනවලු. එදත් ළඟින්ම ඉඳ ගන්නවලු. දවල්ට තේ බොද්දිත් අසල ගැවසෙනවලු.

හවස දේශන ඉවර වෙද්දිම පිඹගෙන හොස්ටල් එකට යන වර්ණපාල කලිසමෙන් සරමට මාරු වෙලා ගෑනු ළමය එනකල් බලන් ඉඳල කෑ ගහනවලු.

" ංආාාාා...... අදත් වර්ණපාල ළඟම ඉඳං නේද ලෙක්චර්ස් ඇහුවේ.....තේ බොන්න යන්නෙත් එකට නේද......වර්ණපාලට ලව් නේද........අපට බොරු එපා නංගී..."

මෙහෙම දවස්, සති ගණං වර්ණපාල උදේට උදේට කලිං දවසෙ වෙච්චි දේවලුයි, හවසට හවසට දවල් වෙච්චි දේවලුයි පාර යන ගෑනු ළමයට ඇහෙන්න කෑ ගහල කියනවලු.

ඊට පස්සෙ වර්ණපාලම අර ගෑනු ළමය මුණ ගැහුනම අහනවලු  අපේ අසමජ්ජාතියො ඔයාට මං ගැන එක එක දේවල් කියල කෑ ගහනව ඇහුණද කියල...
ඉතිං ගෑනු ළමය අනුකම්පාවටම කැමති වෙන්න ඇති නේද ?

මේ හැම වෙලාවෙම එදා සරම උස්සල ඔළුවෙ ඉඳං වහගෙන උන්න, අද ටයි කෝට් දාගෙන උසාවි ගානෙ යන වර්ණපාලගෙ පස්ස එළියෙ තියෙන්න ඇති නේද කියල හිතුණම තමයි මේ කතාව නොකී කතාවට දාන්න හිතුණෙ.

ටයි කෝට් දැම්මට වැඩක් නැහැ. පුක එළියෙ නං.






Sunday, 16 August 2015

ඡන්දෙන් කොරයි බම්බුවක්.....


න්දෙන් කොරයි බම්බුවක් රටට.

මෙච්චර කාලෙකට කොරල තියෙනවද ?


මම නං මේ දක්වා ගෙවී ගිය කාලෙදි කිසිදු පාර්ලිමේන්තු මැතිවරණයකදි මගේ වටිනා ඡන්දය පාවිච්චි කරල නැහැ.


අඩුම ගානෙ මහමැතිවරණයකදි ඡන්ද පොළට ගිහිල්ලවත් නැහැ.


එක එක තක්කඩි පාර්ලිමේන්තු යවල පහුව දා ඉඳං උන්ගෙ ගොංපාට් බලනවට වඩා නරකද ඔය ප්‍රෝඩාවට හවුල් නොවී ඉන්න එක.


හැබැයි විශේෂ හේතු මත ජනාධිපතිවරණ තුනකදි ඡන්දෙ දාල තියෙනව.


එක - 1982 දී මගේ පළමු ඡන්දය නිසා ඡන්ද පොළට ගියා. රෝහණ විජේවීර සහෝදරයට කතිරෙ ගැහුව.


දෙක - 1988 දී එවකට නාවික හමුදාවෙ සේවය කරමින් උන්න නිසා ඡන්දෙ නොද‍ා ඉන්න එක සැකයට තුඩු දෙන්න පුළුවන් බැවින් ඡන්දෙ කුරුටු ගාල දැම්ම.


තුන - 2010 දී තකහනියක් නුවර ඉඳන් කොළඹ ඇවිත් කතිරෙ ගැහුව මහින්ද රාජපක්ෂට. වෙන කරන්න දෙයක් නැතිම නිසා. මොකද මිලිටරිකාරයෙක් රටේ නායකය වුණොත් පුකේ තුවක්කුව බැඳගත්ත වගේ වෙන නිසා.


ඔච්චරම තමයි. ආයෙ නං කවදාවත් ඡන්දෙ දෙන්න යන්නෙ නෑමයි.


ඡන්දයකදි  රටේ වැඩිමනත් ඡන්දදායකය හැසිරෙන ගොං, මරිමෝඩ, අවස්ථාවාදී විදිහ දැක්කම ඡන්දයක් දෙන්න යන එක මෝඩ කමක් නොවෙයිද?


දැං කියයි ඡන්දෙ දාන්න ලැබෙන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියල....


බම්බුව.




Thursday, 13 August 2015

හෘද(ය) සාක්ෂියේ කතිර කතා

හ ඡන්දයක් අභිමුඛව සිටිමින් ඡන්ද කෙරුවාවෙ මතකය අතීතයට රැගෙන යද්දි නැවතුණේ 2005 ජනාධිපතිවරණයෙයි, මහමැතිවරණයෙයි.

ස්වර්ණවාහිනි‍යේ ඉන්දැද්දිම ජනතා විමුක්ති පෙරමුණේ  ප්‍රචාරක අංශය එක්ක විවේක ලැබෙන පරිදි වැඩ කරමින් සිටි නිසා මේ ඡන්ද දෙකේදිම මට ප්‍රචාරක කමිටුවට සම්බන්ධ වන්නට ආරාධනා ලැබුණා.


පක්ෂයේ මාධ්‍ය අංශය භාරව සිටි ගම්ලත් හරිම නිහතමානී, නම්‍යශීලී පුද්ගලයෙක් වුණ නිසා මගේ විෂයය වූ වීඩියෝ විශේෂාංග මෙන්ම දැන්වීම් නිර්මාණය කිරීමේදී මාදිවෙල මංත්‍රී නිල නිවාසයක පිහිටි ස්ටුඩියෝ එකේ වැඩ කරන එක පහසුවක් වුණා.


සිරසේත්, ස්වර්ණවාහිනියේත් නිෂ්පාදන අංශයේ අත්දැකීම් බහුල ජයන්තගෙන් ලද සහයත් අමතක කරන්නම බැහැ.


2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට උපරිමයෙන් කඩේ ගොස්, ඔහු සිංහාසනාරූඪ කිරීම හරිද, වැරදිද නැත්නම් ජයග්‍රහණයෙන් පසු පැත්තකට වී අත සෝදා ගෙන පාරම්බෑම හරිද, වැරදිද කියා තක්සේරු කිරීම මේ මොහොතේ වැදගත් නොවුණත්, පසු කාලීනව ජ.වි.පෙ. මුහුණ දුන් අර්බුද රැසක මූල බීජය එතැන කියා මට සිතෙනවා.


මහින්ද ජනාධිපති කරවා සති කිහිපයක් ගත වන්නට පෙරම "පුටුවේ ඉන්දෙව්වා වගේම පුටුවෙන් ඇද දාන්නෙත් අපි" කියා සිරි අයියා (සෝමවංශ අමරසිංහ) කෑ මොරදුන් අයුරු මට මේ දැන් ඇහෙනවා වගෙයි.




සිරි අයියාගේ කටට බ්‍රේක් නැති බව පක්ෂය අවබෝධ කොටගෙන සිටින බව මා දැන ගත්තේ පක්ෂයේ 40 වන සංවත්සරය වෙනුවෙන් "දිදුලඹර" නමින් ජ.වි.පෙ. ඉතිහාසය පිළිඹිබු වූ වාර්තා විචිත්‍රාංයේ පිටපත සකසා අධ්‍යක්ෂණය කරන්නට දවස් ගණන් ඔහු සමග තොරතුරු කතා බහ කරද්දී මෙන්ම ජනාධිපතිවරණයේදී මහින්ද දිනවිය යුත්තේ ඇයි කියා පැහැදිලි කරමින් "නව යුගයක අරුනැල්ල" නමින් රූපවාහිනී ප්‍රචාරාත්මක විචිත්‍රාංගය නිර්මාණය කරද්දීයි.


"දිදුලඹර"  

https://www.youtube.com/watch?v=NBKMH_MyUAE

"නව යුගයක අරුනැල්ල" 

https://www.youtube.com/watch?v=mARfxbTit-k

මේ අවස්ථා දෙකෙන් පළමු අවස්ථාවේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන් මට ලැබුණ උපදෙස වූයේ සිරි අයියා කියන දේවල් තාර බර හැර යොදා ගන්නා ලෙසයි. දෙවන අවස්ථාවේදී පක්ෂයේ නියමුවන් වූ ටිල්වින්, විමල්, අනුර කුමාර, ලාල්කාන්ත, බිමල් වැන්නවුන්ගේ Voice cut ගත්තත් සිරි අයියාගේ ප්‍රකාශයක් ලබා ගැනීමට උපදෙස් ලැබුණේ නැහැ.


සිරි අයියා මොනා කියයිදැයි විජිතලා, අනුරලා, විමල්ලා විපිළිසර වුණා. දැන් ඔහු කියන දේ ඇහුවම ඔවුන්ගේ අනියත බිය සාධරණ යැයි හිතෙනවා.


"නව යුගයක අරුනැල්ල" ට අදහස් දැක්වූ ජ.වි.පෙ. නියමුවන් රටේ ගැලවුම්කරු මහින්ද රාජපක්ෂ බව අවධාරණය කළේ මහින්දගේ ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති රැගත් මහින්ද චින්තනය ඔසවා තබමින්. එදා ඔවුන් රනිල්ගේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ පතුරු ගැහුවා.


ජනතාව ඉදිරියේ ධනපති පංතියේ දේශපාලකයෙකු පිළිබඳ ඉහළ තක්සේරුවක් කරමින් ඔහුව බලයට ගෙන එන්නට තීරණාත්මක දායකත්වයක් ලබා දී අනතුරුව පසෙකට වී හිඳිමින් හුදු විවේචනයෙන් පමණක් ජාම බේරාගැනීමේ දේශපාලනය එදත් මට ප්‍රශ්නයක් වුණා.


ඒත් එදා මගේ රාජකාරිය වූයේ ඔවුන් පවසන දේ වාර්තා කිරීම පමණයි.


වැඩසටහනේ පූරිකා කාරිය ඉටු කළ කල්හාරී, ගායනයටත් වඩා පිටපතක් අනුව රූපවාහිනී ඉදිරිපත් කිරීමට දක්ෂ බව මා දැනගත්තේ එදායි. (ඉහත වීඩියෝව නැරඹුවොත් මා කියන දේ ඔබට වැටහේවි.)


ඒ වගේම ප්‍රවාරාත්මක දැන්වීම් සඳහා පෙනී සිටි දයාදේව වැන්නවුන්ගේ නිහතමානී කැපකිරීමත්, පසුබිම් කථනය කළ ප්‍රබල ගුවන් විදුලි හඬ පෞරුෂයකින් හෙබි අමරසිංහගේ දායකත්වයත් අමතක කරන්න බැහැ. අද මේවා කී දෙනෙකුට මතකද දන්නේ නැහැ.

අක්ෂි වෛද්‍යවරයෙකු ඇස් පරීක්ෂා කරද්දී රෝගීන්ගේ අක්ෂි කාචයේ සීනුවක ලාංඡනය දකින ආකාරයේ වූ දැන්වීමේ අක්ෂි වෛද්‍යවරයා ලෙස රංගනයේ යෙදුණේ දයාදේවයි. මේ සඳහා තම වෛද්‍ය මධ්‍යස්ථානය ලබා දුන්නේ එවකට ජ.වි.පෙ. අදෘශ්‍යමාන අභ්‍යන්තර නායකයා වූ ගැමුණු (ගුණරත්නම්)ගේ මස්සිනායි.

ඒ වගේම උදෑසන අවදි වන විට විවිධ ආගම්වලට සම්බන්ධ සීනු, ඝණ්ඨාර හැඬවෙනු ඇසෙන දැන්වීමේ පෝරේ පන්සලේ ඝණඨාරයත්, ගම්පහ පැත්තේ උදිත සම්බන්ධීකරණය කළ කතෝලික පල්ලියේ සීනුවත්, ටොරිංටන් කෝවිලේ සීනු හැඬවීමත් යොදා ගත්තා මතකයි.

මේ දැන්වීම් වල මූලික සංකල්පය එවකට පක්ෂයේ ප්‍රචාරක ලේකම් වූ වීරවංශගේ. එකී සංකල්පයන් වඩාත් ඔප මට්ටම් කොට ආකර්ශනීය දෘශ්‍යාවලියක් බවට පත් කිරීමට අපට වඩාත් වෙහෙස වන්නට සිදු වුණේ ඉතා අඩු සම්පත් වලින් වැඩ කරන්නට සිදු වූ නිසයි.

මේ කාර්යයේදී ස්වර්ණවාහිනියේ රැකියාව කළ හිතවත් කැමරා ශිල්පීන්ගෙන් ලැබුණේ විශාල දායකත්වයක්.

ඉන් වසර 15 ට පසු ජ.වි.පෙ. සිය දේශපාලන ගමන් මගේ තවත් තීරණාත්මක මොහොතක ජනතා ප්‍රසාදය උරගා බැලීමේ සූදුවේ යෙදෙනවා.

ප්‍රධාන ධාරාවේ පක්ෂයක් හෝ සංධානයක් සමග එක් වී තරග කිරීමේදීත්, තනිව සටන් කිරීමේදීත් ජනතා ප්‍රතිචාරය කෙසේ වනු ඇද්දැයි දැනගන්න සූදුව කෙලින්නම වෙනවා.

එදා මේ පසුපස සිටි කී දෙනක් අද පක්ෂය සමග ඉන්නවාදැයි මේ ලියන මොහොතේ ආවර්ජනය කරන්නට සිතුණා.

එවකට ජ.වි.පෙ. නිල නායකත්වය දැරූ සිරි අයියා, නොනිල නායකත්වය දැරූ ගැමුණු, ප්‍රචාරක ලේකම් වූ විබ්බා, මාධ්‍ය අංශය භාරව සිටි ගම්ලත්, කලාකරුවන් සමග සුහද සම්බන්ධතා ගොඩනැගූ ලසිත්, ලංකා පත්තරේ කළ ධර්මෙ, චන්දන වැන්නවුන් අද පක්ෂය සමග නැති වීමේ අඩුව වර්තමාන නායකත්වයට දැනෙනවද දන්නෙ නැහැ.

කාලෙන් කාලෙට නියමුවන් පක්ෂය හැර යද්දී අවශේෂ ජනතාවද ආවෝ ගියෝ වීම ගැන එක අතකට පුදුම විය යුතුත් නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනයේදී තාවකාලිකව නවාතැන් ගන්නා අම්බලමක් වීමේ වැරැද්ද කොතනදැයි වර්තමාන නායකයන් හෝ විමසා බලන්නේ නම් රටට සුබදායකයි.

මා එහෙම කියන්නේ කවර අඩුපාඩුකම් මැද වුවත් ජ.වි.පෙ.ට එක් වන පහළ මට්ටමේ කාඩරයන්ගේ අවංකභාවය හා කැපවීම ගැන ඇති ගෞරවයෙනුයි.

මෙදා වතාවේ බලයට පත්වන කවර පක්ෂයක් හෝ හැසිරවීමේ සුක්කානම ජ.වි.පෙ. ට ලැබේදැයි තක්සේරු කරමින් අනාවැකි කියනවට වඩා මේ දවස් කීපය ඉවසන්න මා කැමතියි.

ඒකට හේතුව ලංකාවේ ඡන්දදායකයන්ගේ හැසිරීම හරිම අවස්ථාවාදී, චංචල මෙන්ම අදේශපාලනික බව මා සිතන නිසයි. 


පුදුම වෙන්න දෙයක් නැහැ. ජ.වි.පෙ. වැනි ජනතාවගේ පෙර ගමන්කරුවා කියන පක්ෂෙකුත් වතාවක් මිලිටරි නායකයෙකු බලයට පත් කරන්නට කඩේ යාමේ අන්ත අදේශපාලනික තීන්දුව ගත්තේ...

ඉතිං තවත් නම් කවර කතාද...?





Tuesday, 4 August 2015

අබුද්දස්ස කාලෙ කවිය



පිටි කොටන්න විදිහක් නෑ
වංගෙඩියත් අරං ගිහිං
පිටි අනන්න විදිහක් නෑ
බත්තලඳත් අරං ගිහිං
පුච්චන්නට විදිහක් නෑ
රොටි තැටියත් අරං ගිහිං
රොටි කන්නට විදිහක් නෑ
හැම් බේකන් තමයි ඉතිං......

කොරහත් බිඳගෙන යනවලු
යන්න යද්දි යන යකා
අබුද්දස්ස කල ලැබුවම
ලබුත් තිත්ත වෙයි ඉතා
පිටිකරයට බේත් බැන්ඳෙ
පයබරවායට එදා
හෙවනැල්ලත් ඇද වෙනවලු
නොකෙරෙන දීගෙට මෙදා.....

පොළොව ඇදයි කියල කිව්වෙ
නටන්න බැරි මිනිහා
කෝඳුරු තෙල් හත් පට්ටෙයි
තවත් ටිකක් ඕනෙ නේද
නොකෙරෙන වෙද කමටා
මිදි තිත්තයි කිව්ව තමයි
බැරි වුණ තැන හිවලා
පෙරළුණු පිට හොඳයි කියල
පදිමු ඔරුව පෙරටා......