'කුණු' තමන්ගේ පර්යේෂණ විෂය පථයට අයත් කොට ගත්, එසේම සිය පශ්චාත් උපාධිය (මාස්ටර්ස්) කසල කළමණාකරණය හා ලෑන්ඩ් ෆිලින්ග් ගැනත්, ආචාර්ය උපාධියෙනුත් තරමක ප්‍රමාණයක් ඒ ගැන පර්යේෂණ කිරීමෙනුත් පර්යේෂණ පතිකා කිහිපයක්ම ලියා පලකර ඇති අපගේ මිතුරියක් වන දැනට ඕස්ට්‍රේලියාව පදිංචි සමුද්‍රා ජයලත් ෆේස්බුක් හි පළ කළ මේ අදහස් සමග මගේ අදහස් කිහිපයක්ද මෙවර නොකී කතාවට ඇතුළත් වෙනවා.
"අවාසනාවකට වගේ අපේ රටට හා අපේ මිනිසුන්ට කුණු යනු කුණුමය.
ඒවා ගැන කතා කරන අයත් කුණුගොඩවල්ය. නිල මැස්සෝය.
හැකි ඉක්මනින් ඒවා කොහේට හරි තල්ලු කර දමනු හැර ඒ ගැන ඉන් එහාට හිතන්නටවත් උවමනාවක් නැත. මේ සා විසාල කුණු කඳු නිපදවන්නේ තමුන්ම බව කිසි කෙනෙකුට නිච්චියක් නැත.
කසල කළමනාකරණය ගැන වගේ වගක් නැත.
කසල කළමනාකරණයේ ප්‍රාථමිකම අවදියේවත් එනම් recycle කිරීමේදීවත් අප ලෝක මට්ටමට තබා අවම තත්ත්වයටවත් ළඟා වී නැත.
අප තවම ඉන්නෙ එහි ප්‍රාග් ඓතිහාසික යුගයේ, එනම් dumping අවධියේය.
නමුත් ලෝකය අප පසුකොට බොහෝ දුර ගොස්ය.
කසල කළමනාකරණයේ ප්‍රාථමිකම අවස්තාව වන recycling පවා දැන් සැලකෙන්නේ least preferred විදිහටය.
recycle ----> reuse ----> reduce -----> rethink දක්වා ලෝකය ගමන් කරමින් සිටී. අප තවමත් dumping යුගයේය. එහිත් අවිධිමත්ම ලෙසය.
කසල කළමනාකරණය හැදෑරිය යුතු විද්‍යාවක්ය. තාක්ෂණයක්ය. කලාවක්ය. සාමූහික වැඩ පිළිවෙලක්ය. ජනසමාජයක මූලිකම අවශ්‍යතාවයකි. විශාල ආයෝජනයක් අවැසි කර්මාන්තයකි.
Land filling යනු අතිශය සංකීර්ණ ක්‍රියාදාමයකි. land filling සඳහා සුදුසු බිම් තෝරා ගැනීම, ඒවායින් පරිසරයට (විශේෂයෙන් භූගත ජලයට) වන හානි අවම කිරීම, landfill liner එක ඩිසයින් කිරීම, landfill එක තුල ඇතිවන වායූන් හා leachate කලමනාකරණය, landfill එක මැනේජ් කිරීම, ආදී සියලු දේ ඉතා කල්පනාකාරිව, ඉංජිනේරු හා පරිසර විද්‍යානුකූලව කලයුතු දෑය.
මේවා ගැන දැනුම ඇති විද්‍යාඥයන්, ඉංජිනේරුවන්, පරිසරවේදීන්, නගරනිර්මාණ ශිල්පීන් ඕනෑතරම් ලංකාවේ ඉන්න බව රහසක් නෙවේ. එසේනමුත්, සියල්ලම දේශපාලනීකරණය වී, කුණුවී ඇති රටක, කුණු ගැන කුමණ කතාවක්ද?
ඒවා නිසිලෙස කළමනාකරණය නොකළ වැරැද්දට අපි හැමෝම තනි තනිව මෙන්ම සාමූහිකව වගකිව යුතුය.
ඉංජිනේරු වරුනි, පරිසර විද්‍යාඥවරුනි, මේ ඔබගේ වාරයයි!
කසල කළමනාකරණය ගැන ප්‍රායෝගික හා ඉක්මන් වැඩපිලිවෙලක අවශ්‍යතාවය රජයට මෙන්ම මහජනයාට තදින් දැනෙන සේ බලකිරීමට කාලය ඕනෑවටත් වඩා දැන් එළඹ ඇත.
කරුණාකර එය, හිතහොඳ මිනිස්සු ටිකක් එකතුවී කරන පිටිකිරි, තේකොල, සනීපාරක්ෂක තුවා එකතු කිරීමකින් පමණක් වැසීයන්නට ඉඩ දෙන්න එපා."
මේ සමුද්‍රාගේ ආයාචනයයි.
එය වෘත්තීයවේදිනියකගේ අවංක ආයාචනයකි.
මේ ආයාචනය පාදක කොටගෙන, ඇයගේ ඉල්ලීමට ගරු කරමින් මගේ දැක්ම ලියා තබමි.
විවිධ මත පළ කරන්නවුන්ගේ අදහස් කීපයක් මුලින්ම:
"කසල කළමනාකරණයේ පිරමීඩයක් තියෙනවා.
1.reduce
2. Reuse
3. Recycled
4. Waste to enegy
5. Dispose
ඔය විදිහට තමා ප්‍රමුඛතා ලයිස්තුව හැදෙන්නේ . ලෝකයේ තත්‍ත්වය ගත්තම පළවෙනි දෙවනි පියවර වලින් කුණු ප්‍රශ්නය 75% ට වඩා විසඳ ගන්නවා. ඒත් ලංකාව ඒ තත්‍ත්වය ට එනව තියා එන්න හිතලවත් නෑ. මේ තාම තෝරන්නේ අවසාන මට්ටමේ අඩුම ප්‍රමුඛත්වයක් දිය යුතු පියවර. අනාගතේට නෙවෙයි ඒක දැනටම ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.."
(උපුටා ගැනීමකි.)
"ඉතිහාසය පුරා කොළඹ නගර සභාව පුරුදුව සිටියේ එකතු කරගන්නා කුණු කොහේ හෝ තෝරාගත් පිටියක ගොඩගසන්නටය. එක තැනක ඉඩ මදිවූ විට කුණු පිටිය ලෙස වෙනත් තැනක් තෝරාගැනුණි. අද අපට බ්ලූමැන්ඩල් හා සේදවත්තේ දකින්නට ලැබෙන්නේ කලකට පෙර නගර සභාව ගොඩ ගැසූ කුණු කන්දවල්ය. දැනට වසර ගනනාවක සිට ප්‍රධාන වශයෙන්ම කුණු ගෙන යනු ලබන්නේ මීතොටමුල්ලටය. මේ වන විට මීතොටමුල්ලේ ගොඩ ගැසී ඇති කුණු ප්‍රමාණය ටොන් මිලියන ගනනක් වන අතර කුණුකන්ද පසුගිය දිනවල මීටර් 200කටත් වඩා ඉහලට ගොඩ ගැසී තිබුණි. අලුත් අවුරුදුදා අහිංසක මිනිසුන් පිරිසකගේ හිස මතට කඩාවැටුණේ එසේ ගොඩ ගැසී ඇති කුණු වලින් කොටසකි. මෙවන් හදිසි අනතුරක් සිදු නොවූනත් කුණු කන්දෙන් නිකුත්වන අපිරිසුදු වායු හා පොලව යට ජලය අපිරිසිදු වීම නිසා පළාතේ ජනතාවගෙන් 90% කටවත් විවිධ ලෙඩ රෝග සෑදෙන බව රාජ්‍ය නොවන සංවිධාන මගින් කළ පරීක්ෂණ වලින් දැනටමත් සොයාගෙන ඇත."
(උපුටා ගැනීමකි.)
"කොළඹ හා තදාසන්න නගරවල කුණු බැහැර කිරීමේ ප්‍රශ්ණයට පිලිතුරක් සෙවීමට ලෝක බැංකුව නාගරික සංවර්ධන අමාත්‍යාංශය සමඟ එක්වී අධ්‍යයනයක නිරත විය. ලෝකයේ අනෙක් රටවල මේ ප්‍රශ්ණයට සොයාගෙන ඇති විවිධ විසඳුම් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
එම අධ්‍යයනයේ ප්‍රථිපලය වූයේ සමාන්‍යයෙන් යෝජනා කරණු ලබන කුණු දහනය කිරීම, කුණු වලින් පොහොර හෝ විදුලිය නිපදවීම වැනි කිසිදු ක්‍රමයකින් මෙම ගැටලුවට නිසි පිලිතුරක් නොලැබෙන බවයි. අවසාන විසඳුම ලෙස යෝජනා වූයේ ආසියාවේ බොහෝ දියුණු රටවල් විසින් භාවිත කරනු ලබන කුණු සනීපාරක්ෂක ප්‍රමිතීන්ට යටත්ව බැහැර කිරීමේ ක්‍රමවේදයයි. මෙහිදී සිදුවන්නේ යමි පිටියක කුණු විවෘතව ගොඩගසනවා වෙනුවට ඒ වෙනුවෙන්ම සැකසූ ස්ථානයක විද්‍යාත්මක ක්‍රමයකට අසුරාලීමයි. මේ තුළින් විෂවායු හා අපිරිසුදු ජලය පරිසරයට එක්වීම වළක්වා ගත හැකිය. දකුණු කොරියාව මෙම ක්‍රමය ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන රටකි.
මීලඟ අභියෝහය වූයේ සනීපාරක්ෂක ප්‍රමිතීන්ට යටත්ව කුණු බැහැර කිරීම සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීමයි. ඒ අනුව පුත්තලමේ කුරුක්කාල් ප්‍රදේශයේ කලකට පෙර සිමෙන්ති නිශ්පාදනයට ලයිම් ගල් ගැනීම සඳහා හාරා තිබුන විශාල වලවල් සහිත හෙක්ටයාර් 30ක පමණ විශාල භූමි භාගයක් මේ කටයුත්තට සුදුසු බව නිර්දේශ විය. මෙම ව්‍යාපෘතියෙන් පරිසරයට වන බලපෑම පිළිබඳ කළ ශක්‍යතා අධ්‍යයනයකින් පසු මේ පිළිබඳ යෝජනාවක් රජයට ඉදිරිපත් කරණ ලදී.
එම යෝජනාවේ අන්තර්ගතය සරලව මෙසේය.
සනීපාරක්ෂක ක්‍රමවේදයකට අනුව කුණු බැහැර කිරීම සඳහා පුත්තල කුරුක්කාල් ප්‍රදේශයේ හඳුනාගෙන ඇති හෙක්ටයාර් 30ක භූමිය දැනට කොළබ විවිධ තැන්වල ගොඩගැසී ඇති ටොන් මිලියන ගනණාවක්වූ කුණු සියල්ලත් අනාගතයේ වසර පනහක පමන කාලයක් පුරා එකතුවන කුණු බැහැර කිරීමටත් ප්‍රමාණවත්ය. මේ ස්ථානය පිහිටා ඇත්තේ කොළඹින් කිලෝමීටර 170ක් පමණ දුරින් නිසා කුණු ප්‍රවාහණය කරනු ලබන්නේ දුම්රියෙනි. මේ සඳහා විශේෂයෙන්ම ගෙන්වූ අඩි 20 කන්ටේනර් වල අසුරන ලද කුණු මීතොටමුල්ලේ සිට කුරුක්කාල් දක්වා දුම්රියෙන් ප්‍රවාහනය කරනු ලබන අතර මීතොටමුල්ල භාවිත කරනු ලබන්නේ මෙම ක්‍රියාවලියේදී දිනක හෝ දෙකක කුණු පමණක් එකතුවන අතරමැදි ස්ථානයක් ලෙස පමණි. මීතොටමුල්ලේ දැනට ගොඩ ගැසී ඇති ටොන් මිලියන ගනණාවක කුණු වලින් නිදහස් වීමට මේ අනුව ප්‍රදේශවාසීනට හැකි වෙයි."
(උපුටා ගැනීමකි.)
මා මෙම උපුටා දැක්වීම් කරන්නේ තවමත් විවිධ මතවාද ගැටෙනු විනා වෘත්තිමය ආකාරයට ප්‍රශ්නයට පිළිතුරු සොයනවාදැයි සැකයෙනි.
තවමත් අවසන් විසඳුම සේ දකින්නේ කොහේ හෝ තැනක කසල කඳු ගොඩගැසීමය.
බ්ලූමැන්ඩල් ගිනි ගන්නා විට මීතොටමුල්ලටත්, මීතොටමුල්ල කඩා වැටෙන විට තවත් තැනකටත් කුණු ඇදීමෙන් තොර විසඳුමක් නැතිද...
වෘත්තීයවේදීන්ගේ දැනුම හා පළපුරුද්ද අවශ්‍ය වන්නේ මෙතැනදීය. කුණු ප්‍රවාහනයෙන් ලැබෙන ධන ඉල්ලමට පිටුපානා දේශපාලුවන් අපට, රටට ලැබෙන්නේ කවදාද...
ඝන අපද්‍රව්‍ය කළමනාකරණය අද වෙනම විෂයයකි. එය ලෝක මට්ටමින් බොහෝ දැනුම් සම්භාරයකට උරුමකම් කියයි. සමුද්‍රා ඉතා නිවැරදිව කියන පරිදි කසල කළමනාකරණයේ ප්‍රාථමිකම අවදියේවත් එනම් recycle කිරීමේදීවත් අප ලෝක මට්ටමට තබා අවම තත්ත්වයටවත් ළඟා වී නැත.
ප්‍රතිචක්‍රීයකරණය පවා යල් පැන ගිය ලෝකයේ තවමත් අප සිටින්නේ dumping මත වහල් වෙමිනි.
Dump කළ යුත්තේ කුණුද, හරිහැටියට කුණු ප්‍රශ්නය කළමනාකරණය කර ගත නොහී ගොං අමන තීරණ ගන්නවුන්ද යන්න අනාගතයේ ජනතාව තීරණය කළ යුතුය.