SAITAM කියන්නෙ පෞද්ගලික විශ්වවිද්‍යාලයක්. සල්ලි ගෙවලයි ඉගෙන ගන්න වෙන්නෙ.
ලංකාවෙ රාජ්‍ය විශ්වවිද්‍යාල වලට රිංගන්න A/L වියසිදුරෙන් අහස දකින්නට බැට කන දරුවන්ට පිටරට විශ්වවිද්‍යාලයකට සල්ලි පූජා නොකොට රට ඇතුළෙම ඉගෙන ගන අවස්ථාවක් සයිටම් විශ්වවිද්‍යාලෙන් ලබා දීල තියෙනව.
එහි මේ ආකාරයේ පාඨමාලා පවත්වා උපාධි ප්රදානය කරනව.
ඒ සයිටම් ගැන කෙටියෙන්.
නැත්නම් මේ සටහන වෙළඳ දැන්වීමක් වෙනව. ඒත් ඔය ටික නොකිය මාතෘකාවට එන්න බෑ.
ඔය අතරවාරෙ තවත් නහුතයක් ආයතන ලංකාව ඇතුළෙම උපාධි දෙනව. සල්ලි අය කරල උගන්නල.
ඒ නැතත් සමහර දෙමාපියො ඉඩකඩම් උගස් කරල හරි පිටරට යවල උගන්නනව.
සල්ලි අය කරල උගන්නන එක මොන්ටිසෝරි පංතියෙ ඉඳං 5 වසරෙ ශිෂ්‍යත්වෙ හරහා සාමාන්‍ය පෙළ දක්වා හැම පංතියක් වෙනුවෙන්මත්, උසස් පෙළටත් විතරක් නොවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල කථිකාචර්යවරුම සල්ලි අය කරල උගන්නන බාහිර උපාධි පංති දක්වාම සිද්ධ වෙන නිසා සමාජෙට ජීර්ණය වෙලා. ඒ මදිවට ආංඩුවෙ ඉස්කෝල වලට ළමයි දාන්නෙ පගාවට. නැත්නං ජාත්‍යන්තර පාසැලකට. ඒකටත් සල්ලි දීල.
දැන් මේ කිසිම දෙයක් ගැන කට ඇරියෙ නැති උදවිය සයිටම් එකෙත් වෛද්‍ය උපාධිය විතරක් අල්ල ගෙන මාරාන්තික සටනකට එළැඹිලා.
දැන් කියයි සයිටම් උපාධියෙ ප්‍රමිතියක් නෑ කියල. එතකොට හැටහුටාමාරක් උපාධි දෙන තැන්වල ප්‍රමිතිය ගැන කවුද කටක් අරින්නෙ. මං අහන්නෙ මොන්ටිසෝරි අධ්‍යාපනේ ඉඳලම. ශිෂ්‍යත්වෙ ඉඳලම. 6,7,8,9 පංතිවල ඉඳලම. OL, AL ඇතුළුව. බාහිර උපාධි පංති වල.
තර්කය සරලයි. ඒවයෙ හරියට ඉගැන්නුවෙ නැත්නං ළමයට ඉහළ ප්‍රතිඵල ගන්න බෑ.
ඉතිං සයිටම් දොස්තරල වෙන්න ඉගෙන ගන්න ළමයින්ටත් එහෙම කරමු.
උගන්වන දේ විතරක් නොවෙයි ඉගෙන ගත්තට පස්සෙත් නියාමනය කරමු. ඔය රට රටවල ගිහිං වෛද්‍ය උපාධි අරං එන අයව වෛද්‍ය සභාව නිකංම පිළිගන්නෙ නෑනෙ. මේ අයවත් ඒ ක්‍රමවේදෙට යටත් කරමු.
ඕනෙ නං අත්වැරදීම් වෙන අයගෙ දොස්තරකම අහෝසි කරන්නත් බලපත්‍ර ක්‍රමයක් හදමු. හැබැයි සයිටම් දොස්තරලට විතරක් නොවේ. රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් එන දොස්තරලටත්.
එතකොට බඩේ ගෝස්ට් කෑලි දාල මහන අයගෙනුයි, නිරපරාදෙ අත් කකුල් කපන අයගෙනුයි ලෙඩ්ඩු බේරෙයි.
තව එකක්. සයිටම් ළමයින්ට නිසි පුහුණුවක් නෑ කියන්න නං එපා. ඒක ගන්න නොදෙන්නෙත් ඔය කෑගහන කට්ටියක්මනෙ. ඒකටත් ඉඩ දීල පුහුණුවත් නියාමනය කරමු.
පෞද්ගලික උපාධි "කඩ" එපා කියන අයට පෞද්ගලික ඉස්පිරිතාල, චැනලිං, ඩිස්පැන්සරි "කඩ"ත් එපා කියල සටන් පාඨ අලුත් කරගන්න යෝජනා කරමින් මගේ සටන් පාඨය:
පෞද්ගලික විශ්වවිද්‍යාල අහෝසි නොකරනු. නිසි ලෙස නියාමනය කරනු..!
පෞද්ගලික රෝහල්, චැනලින් සෙන්ටර් හා ඩිස්පැන්සරි අහෝසි නොකරනු. නිසි ලෙස නියාමනය කරනු..!!