බ්ලොග් සම්මාන දෙන නෙළුම් යාය සම්මාන උළෙල ගල්, මුල් හා මල් මැද තුන් වන වතාවටත් පවත්වන්නට යෙදුණ මොහොතක සම්මාන ගැනත්, සම්මාන අස්සේ සිදුවන අවමාන ගැනත් මෙතෙක් මා ලද අත්දැකීම් මත නොකී කතාවක් ලියන්න ගත්තා. ඒත් කතාව දිග වෙන නිසා කොටස් දෙක-තුන බවට පත් වුණා. අද ලියන්නේ අවසාන කොටසයි.
පෙර ලියූ කතා වල link මෙසේයි.
සම්මාන හා අවමාන
සම්මාන හා අවමාන-2 නොහොත් ඝාතකයින් අතින් සම්මාන
තුන්වන අවසන් කොටස ලියන්න පමාවක් ගත්තෙ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලට සහභාගි වෙලාම ඒ අත්දැකීම් එක්ක ලියන්නම් කියලයි. ඒත් ඒ ගැන විවිධාකාර අදහස් ලියැවී ඇති නිසා තවත් එකම දේ කියන එකේ තේරුමක් නෑ. කොහොමත් නොකියාම බැරි ටිකක් විතරක් කියන්නම්.
ඒකත් ලියන්නෙ නෙළුම්යාය සම්මාන ගැන ගොඩක් දේවල් කලිං ලිව්ව නිසයි. නැත්නම් නවකතා පළමු ස්ථානයට මුදලින් රු. ලක්ෂ 7 1/2 ක් සහ සෙසු නිර්දේශ පහකට රු. ලක්ෂය ගානෙත්, කවි හා කෙටිකතා පළමු ස්ථානයට මුදලින් රු. ලක්ෂ 2 1/2 ක් හා නිර්දේශ තුනකට රු. පනස්දාහ බැගිනුත් ගෙවන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ගත්තම පළමු තැනට සොච්චමක් දීල නිර්දේශ වලට ලී කෑලි, කඩදහි කෑලි දෙන බ්ලොග් සම්මාන ගැන මොනා කතා කරන්නද..
ඒකෙන්ම පේනව සම්මාන උළෙලකට පිළිගැනීමක් එන්නෙ ලොකු හෝටල් වල උත්සවේ ගත්තම නොවෙයි සම්මාන තේරීමේ විවෘතභාවය හා ප්‍රදානය කරන මුදලේ අගය එක්කයි කියල.
නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙලෙ විනිශ්චය මංඩලය උත්සවය දවසෙ හෙළිදරව් කරනව කිව්වට මේ දක්වාම ප්‍රසිද්ධ කරල නැති පාටයි. මීට කලිං අය-වැය වාර්තා යට ගියා වගේ මේකත් යට ගියත් පුදුම වෙන්න දෙයක් නෑ.
සම්මාන උළෙල ගැන මට තියෙන ප්‍රධාන විවේචන තමයි....
* හෝටලයක උත්සවය ගත්ත එක නොවෙයි. ඒත් සම්මානලාභීන්ට දෙන්න සල්ලි නැතිව හෝටලයට හා සංග්‍රහ වලට අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීම
- මේක හොඳින් දැනෙන්නෙ මේ වගේ ශාලාවක් මීට අඩු මුදලකට කොළඹින් සකසාගත හැකි නිසයි.
* හෝටලයක්ම ගන්න ඕනෙ මානසිකත්වයක් තියෙනව නං ඒ සඳහා කාටත් පහසුවෙන් ප්‍රවාහන පහසුකම් ගන්න පුළුවන් කොළඹ නගරයේ හෝටලයක් තෝරා නොගැනීම
- උදේ පාන්දර 5 ට ගලෙන්බිඳුනවැව ඉඳන් සම්මාන උළෙලට ආව සම්මානලාභියෙක් (පළමු තැන නොවන නිසා ඔහුට මුදල් ත්‍යාගයක් නැහැ) බත්තරමුල්ලෙ ඉඳන් පිටකොටුවට ඒ රාත්‍රියෙ යන්න පොදු මගී සේවාවක් නැති නිසා කොයි තරම් අපහසුතාවට පත් වෙන්න ඇද්ද? මා ඔහුව බොරැල්ලෙ පිටකොටුව බසයට ගෙනැවිත් හැරලද්දි කිව්ව ගෙදර යද්දි පාන්දර 5 වෙයි කියල. හැම සම්මානලාභියෙකුටම කීයක් හරි දුන්න නං හෝටල් වලට වියදම් කළාට වඩා කොයි තරම් අගේද? (ඒ වගේ අපහසුතාවට පත් කීප දෙනෙකුටම කල්‍යාණමිත්‍ර ප්‍රවාහන පහසුකම් දුන්න කියල කීප තැනකම ලියැවිලා තිබුණ. තවත් එහෙම කළ අය ඇති.
* දේශපාලුවන් ගෙනාව විතරක් නොවේ බ්ලොග්කරුවන්ගෙ පානෙන් එළිය බලමින් තමන්ගෙ සැඟවුණ උවමනාවන් නිර්ලජ්ජිතව ඉටු කර ගැනීම
- කලිං දෙවතාවෙම නිසා කරුව ගෙනාවම කියමුකො. හොඳ ව්‍යාපාරිකයෙක් විදිහට දේශපාලනයට ආව නිසා සල්ලි පිල්ලි ගහන්නෙ නෑ කියමුකො. (මේ මජර සිස්ටම් එක පවත්වා ගෙන යන, හොරුන්ට එරෙහි නොවන නිසා විවේචන ඇතත්) ඒත් රාජිත වගේ අවස්ථාවාදී, ජන විරෝධී, ජන සංහාරක දේශපාලුවෙක් ගෙනාව මදිවට පට්ට හොරෙකුට නිවේදක නිවේදිකාවන්ට බලපෑම් කොට "නූතන සේනක බිබිලේ" යනුවෙන් කියවීම. තමංගෙ පවුලේ පාටියකට ගෙන්නල ඕනෙ ගොං කතාවක් කියල ඇමැත්තල ඇන්දුවට අපට කාරි නෑ. ඒත් මේ පජාති වැඩේ කළේ බ්ලොග් ලියන්නන්ගෙ කරපිටිං ගිහිනුයි.
* කාල කළමනාකරණයක් හා උත්කර්ශය දැනෙන විදිහට අළෙල ඉදිරිපත් නොකිරීම
-කිසිම ඉවෙන්ට් මැනේජර් කෙනෙක් නැතිව යම් යම් අඩුපාඩු මැද ගියවර සම්මාන උළෙල මොන්ටිසෝරි අංග එක්ක හරි කළානෙ. මේ පාර ඉවෙන්ට් මැනේජර්ස්ලට බාර දීල ගමෙි අවුරුදු උත්සවේ නැත්නම් ඉස්කෝලෙ විවිධ ප්‍රසංගයක් වගේ කිසිම පිළිවෙළක් නැතිව ඔහේ ඇදි ඇදි ගිය එක මාරම අපරාදයක්. හොඳ අයිටම් තිබිලත්. අනෙක දේශපාලුවට යන්න ඕනෙ වුණාම වැදගත්ම සම්මාන ටික දීල දානව කියන්නෙ සම්මානයට අවමන් කිරීමක්.
සම්මාන වලට අවමාන සිද්ධ වුණෙත්, වෙන්නෙත් අද ඊයෙ ඉඳල නොවෙයි කියල කලිං ලිපි දෙකේදිත් උදාහරණ දැක්වුවනෙ.
කියන් ගියොත් ඉවරයක් නෑ. ඒත් මේ අවසන් ලිපියෙත් කීපයක් සඳහන් කරන්නම්.
මේක නං නොකී කතාවක් නොවෙයි. පත්තරේටත් ලියල නොකී කතාවලත් සඳහන් කළ කතාවක්.
මේ 90 දශකයෙ. රංජිත් මල්ලියාවඩුගෙ "ඇස් ලැබීම" කවි පොතට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබිය යුතුව තිබුණා. අදාළ වසරේ එතරම් ප්‍රතිභාන්විත කවි පොතක් නොතිබූ නිසා. ඒත් මල්ලියාවඩු තරුණයෙක් නිසා මේක නොදී ඉඳීවි යැයි සැකයක් තිබුණ. මොකද ඒ කාලෙ සාහිත්‍ය සම්මාන ලැබුණෙ ජ්‍යෙෂ්ඨයන්ටම නිසා.
කිව්වත් වගේ සම්මානෙ ලැබුණෙ වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍රයේ සිටි
රොහාන් පියදාසගේ "මට බෑ" කියන අජූත කවි පොතට. ඒ අතර අපට කනිං කොනිං ආරංචි වුණා විනිශ්චය මංඩලේ තීන්දුව කලිං දා රෑ වෙනස් කරලයි මේ සම්මානෙ දීල තියෙන්නෙ කියල.
දැන් වගේ නොවෙයි ඉස්සර. සම්මාන දුන්නට පස්සෙ දවසක ඒ ගැන ප්‍රසිද්ධ පසුවිපරම් සංවාදයක් පවත්වනව.
ජෝන් ද සිල්වා රඟහලේ මේ සංවාදය පැවැත්වුවා. කමල් පී. අලහකෝන් වගේ රැඩිකල් කවිකෙුත් එක්ක මං සෙට් වෙලයි ගියේ කේස් එක අදිමු කියල.
සාහිත්‍ය අනුමංඩලේ සභාපති මහාචාර්ය මිනිවන් පී. තිලකරත්න සම්මාන දීම ගැන පම්පෝරියක් ගැහුව.
කමලුත් මාත් ප්‍රේක්ෂකාගාරයේ ඉඳං ප්‍රශ්න කරන්න පටන් ගත්ත. මුලින් ලෙස්සල යන උත්තර දෙමින් හිටිය මහාචාර්යතුමාට තේරෙන්න ඇති අපි සියල්ල දැනගෙනයි ගේම ඉල්ලන්නෙ කියල.
"කවියට හිමි සම්මානෙ හිමි වෙලා තිබුණෙ රංජිත් මල්ලියාවඩුට කියල අපි දන්නව. ඒක වෙනස් වුණේ කෙහොමද? කවුද කැපුවෙ. ඔබතුමාද...වෙනින් කෙනෙක්ද ?"
මිනිවන් මහත්තය ඉදිරියට ආව.
"ඔව්...සම්මානෙ තැපුව තමයි. එක රතු පෑන් පහරින් කැපුව. කැපුවෙ ඇමති. ඉතිං මට මොකද ?"
ඔය කරුලටත් එහා දේශපාලන සුදු රෙදි ඇඳගෙන උන්න වි.ජ.මු. තමයි ඒ කාලෙ සංස්කෘතික ඇමති.
සම්මාන අවමානෙට පාත්‍ර වෙනව කියද්දි මතක් වුණේ දැනට අවුරුදු කීපෙකට කලිං සිනමා සම්මාන උළෙලකදි තමන්ට ලැබුණ සම්මානෙ ගන්න වේදිකාවට නැග්ග ප්‍රසන්නගෙන් නිවේදකය අදහස් විමසුව.
ප්‍රසන්න ගත් කටටම කිව්වෙ නැතැයි "ලංකාවෙ සිනමාවයි, සිනමා උළෙල වලයි අතර කිසිම සම්බන්ධයක් නෑ" කියල.
ඒ මයික් එක අතට දීල ඉල්ලං කෑව අවස්ථාවක්.
දේශපාලුවො උස්සන්න ගොං කතා කියනවට මයික් එක බලෙන් අතට අරං සන්නස්ගල මෙදා පාර දුන්න ප්‍රහාරෙ නං රාජකීයයි. "නූතන බිබිලෙ ගියාද?" ගූ කප්පරක් කාපු එකාට ආමවාතෙත් ගඳක්ද කියන්නැහෙ PRRAජිතලටයි, උන්ට ගොංපස් අල්ලන උංටයි මේව දැනෙන්නෙවත් නැතිව ඇති.
සම්මාන උත්සව වලට යන්න උනන්දුවක් නැති වුණාට එහෙම යන්න වෙච්චි අවස්ථා නැත්තෙමත් නෑ.
90 දශකයේ මුල පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ "මාගේ දේශය අවදි කරනු මැන" ශිෂ්‍ය සාහිත්‍ය උළෙලේ පළමු සම්මාන ප්‍රදානෝත්සවයට ගියේ එවකට ආචාර්ය මංඩලයේ සේවය කරමින් ඊට පසුබිමින් සහය දුන් අයෙකු හැටියටයි. ඇරත් ඒ උළෙලේ තේමා ගීතය ලිව්වෙත් මං නිසා. ඇරත් මේ උත්සවේ සම්මාන පුදන්න ජරාජීර්ණ දේශපාලුවො ආවෙත් නෑ.
"හන්තානේ කඳුපාමුළ වැගිරෙන
ලේ කඳුලැ'ලි දෝ මේ ගලන්නේ
මහවැලි දිය කඳ සේ....." කියලයි ගීය ආරම්භ වුණේ.
ඊට අවුරුදු දහයකට විතර පස්සෙ චන්ද්‍රිකා ජනාධිපති කාලෙ ජනාධිපති මන්දිරේ පැවැති 'ජනාධිපති සිනමා සම්මාන' උළෙලට ගියේ හඳගමලත් එක්ක. "මේ මගේ සඳයි" චිත්‍රපටයට සම්බන්ධ වෙලා උන්නත් සහය අධ්‍යක්ෂලාට සම්මාන නොදෙන නිසා බයක් හැකක් නැතිව ගිහිං ජනාධිපතිතුමිය එක්ක වයින් ටිකක් බීල ආව.
ස්වර්ණවාහිනියෙ ඉද්දි නං "සරසවි" සම්මාන උළෙලට යන්න වුණා රාජකාරි වැඩ වලට. ඒ එක්කම ස්වර්ණවාහිනියෙන් අයින් වෙලා ඉවෙන්ට් කරන්න ගත්ත ගමං "ජනාධිපති සිනමා සම්මාන", "රයිගම් ටෙලි සම්මාන" දෙකකට යන්න වුණ කතා කලින් ලියල තියෙනවනෙ. ඒ ඉතිං රස්සාවට තමයි.
ඒ ඇරෙන්න පොතපත ලිව්වත් ස්වර්ණ පුස්තක, ගොඩගේ, රාජ්‍ය යනාදී සාහිත්‍ය උත්සව වලට කවමදාවත් ගිහිං නෑ වගේම යන්න අදහසකුත් නෑ. මොකද මේ සේරම දේශපාලනීකරණය වෙලා. නැත්තං සම්මාන දෙන්නෙ කල්ලිවාදී විදිහට.
හමෝටම සැඟවුණ උවමනාවල් Hidden Agenda's තියෙනව තමයි. ඒත් ඒව සම්මාන අස්සට තැවරුණාම බලු කක්ක පෑගුණා වගේ තමයි...ගඳ ගහනව.
ඉඳහිට හිතවතෙක් හිතවතියක් ආරාධනා කළාම නොගොහිං බැරිකමට සම්මාන උත්සව වලට ගිහිං පැත්තකට වෙලා ඉන්න අවස්ථාවල් තියෙනව තමයි.
එහෙම ගිහිං නෙ ගිය වතාවෙ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලෙ සම්මාන ප්‍රදානයට වේදිකාවට නගින්නත් වුණේ.
ඉදිරියටත් සම්මාන උත්සව වලට නොගොහිං බැරිකමට යයි. ඒත් ජරාජීර්ණ (හැමඑකාම එහෙම තමයි) දේශපාලුවො අතිං නං සම්මාන අරං සම්මානෙටත් අවමාන කරන්නෙ නං නෑ කියල දැඩි අධිෂ්ඨානයක් තියෙනව.
සම්මාන හා අවමාන ගැන තුන් ඈඳුතු නොකීකතා මෙතෙකින් නිමයි....෴෴෴