ශිෂ්‍යයෙකු ලෙස වසර හතරක් ගත කොට ඉන්ටෙක් (Instructor) විදිහට ටික කාලයක් වැඩ කළේ 80 දශකයේ.
ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයට පිවිසුණාට පස්සෙ අවුරුදු 8 ක් සේවය කළා 90 දශකයේදී.
ආයෙම 2010 දී සිනමාව පිළිබඳ දේශකයෙකු විදිහට වැඩ කරන ගමන් මහාචාර්‍ය මුනිදාස පී. රණවීර පිළිබඳත්, ඉංජිනේරු පීඨය ගැනත් වාර්තා වීඩියෝ චිත්‍රපට දෙකක් නිර්මාණය කළා.
පේරාදෙනිය ඉංජිනේරු පීඨය ගැන වාර්තා වීඩියෝව
මහාචාර්‍ය රණවීර ගැන වීඩියෝව.
මේ වගේ කාරණා වලදී විශ්වවිද්‍යාලය එක්ක සමීප ගනුදෙනුවක් කළ නිසා මම මගේ ගම් පියසට පසුව මගේ දෙවැනි නිවහන විදිහට සළකන්නෙ හන්තානේ අඩවියයි.
මේ වැඩවලදී අවුරුදු 15 විතර මේ ඉසව්වේම කරක් ගහපු හංදම පේරාදෙනිය සරසවිය ආශ්‍රිත කුරුටු කවි කිසියම් ප්‍රමාණයක් එකතු කරගන්නත් මට අවකාශ සැලසුණා.
පුස්තකාලෙ රාක්ක වල වගේම දේශන ශාලා වල ඩෙස්ක්, පුටු වලත්, කලාගාරයේ ආසන වලත් මේ කුරුටු කවි තියෙනවා.
පුස්තකාලෙ කුරුටු කවි හොයන්න ගිහින් පස් වෙනි තට්ටුවෙන් උඩ පාළු පොත් රාක්ක අස්සෙ ගල් කපල ඉහිරිච්චි දියර අතේ පයේ නොතැවරුණාමත් නොවෙයි. තාමත් දැනෙනව වෙරළු මල් සුවඳ..
(මේ බ්ලොග් සටහනේ මාතෘකාවත් වැඩිහිටි කවි නිසා කියවන් යද්දි මොකක්ද මොකක්ද වගේ දැනෙන පොඩිහිටියන් ඉන්නව නං වැඩිහිටියන්ට ඉඩ දීල කට පුක වහගෙන පැත්තකට වුණොත් හොඳයි.)
මෙන්න ඒ අතරින් කීපයක් .
======================
නටව නටව පස්ස පැත්ත
යන විට මම පාරේ බැස
යකෙක් යකෙක් කියා කොල්ලො
කෑ ගහනව බැල්කනි වල
මටත් කුහුල දැනේ එවිට
එතරම් මම කැතද කියා
හැන්ඩියො ගැන හිතා මාත්
මනෝ ගැහැව්වත් කොපමණ
මේ අවුරුදු දෙක තුන තුළ
එකෙකුන් වත් නෑ නොවේද
මා දෙස නිකමට බැලුවේ.
(පුස්තකාල පොතකින්)
=========================
අනාගතේ විසිතුරු මල්
එක හිතකින් පොදි බැඳගෙන
ලක්ෂ්මන්ගේ අණඩරයක්
නෝට් පොතින් කියවන විට
මුළු ලෝකෙම එපා වෙලා
හිතුණා මට නිදාගන්න
ලොව කාගෙත් දුක නිවන්න
කවියේ ඇති පුදුම බේත
දිව ගෑවුනෙ එවිටයි මට
(පුස්තකාල මේසයකින්)
========================
දුටුවේ තනිව යන කල මාවතක් දිගේ
වසරක් මනෝ ගැසුවෙමි රූපයට ඇගේ
සැමවිට මදෙස බැලුවත් ආදරෙන් වගේ
ගට හොරකමක මහතක් දෙයියනේ මගේ
(පුස්තකාල මේසයකින්)
=======================
අහස සිප ගෙන නැණැස වඩවන
තක්සලාවේ පුස්තකාලය
වසර ගණනක් ගෙවුණ මුත් එහි
ඔබෙන් මා ලද ඵලය කිම අද?
දහස් ගණනක් සමනලුන් මැද
පියාපත් සිඳි සමනලෙකු ලෙද
ඔබේ තුරුලේ උණුසුමට මම
යටගියාවූ සැඳෑ සමයේ
බුද්ධියේ මහ සිප්හලේ
යසෝරාවය නැගූ පෙර දින
දහස් ගණනක් දූ පුතුන් මැද
මමද තනි වෙමි- අනාගතයේ
තවත් නුවණැති පුතෙකු විලසින්.
(පුස්තකාල බිත්තියකින්)
==========================
එම්බා මනෝ ධාතුව!
පුරා සිව් අවුරුද්දක්
භෞතික විද්‍යාවේ
සියලු න්‍යායන්ගෙන්
මම නුඹ පෝෂණය කොට ඇත්තෙමි..
ක්වොන්ටම් යාන්ත්‍රණයෙන්ද,
පරමාණුක භෞතිකයෙන්ද,
සාපේක්ෂතාවාදයෙන්ද,
විද්‍යුත් චුම්භක සංස්ථිතියෙන්ද
ඇතුළු මෙකී නොකී න්‍යායන්
හැම දිනකම, පැයකම, තත්පරයකම
මම නුඹ වෙත දැනුම ගැබ් කළෙමි...
ඉදින්,
අදින් එළැඹෙන විභාගය තුළ
ඔබ තුළ පිළිසිඳ ගත් ඒ දැනුම
සුදු කඩදාසිය මත
පැය තුනක් දිග හරින්නට
ඔබට සියලු ධෛර්‍යය ලැබේවි..
(පුස්තකාල මේසයකින්)
=============================
ඇයි
ඔබ මගේ
ජීවිතය එක්ක
සෙල්ලම් කළේ...
තව
කොයි තරම්
දේවල් තිබුණාද
සෙල්ලම් කරන්න.
(පුස්තකාල මේසයකින්)
ඒ වගේම බොහෝ සරසවි වැඩිහිටි කවි කටින් කට එන ඒවා.
අපේ රැග් සීසන් එකේ ජේෂ්ඨ උත්තමයින් අපිට පාඩම් කෙරෙව්ව වගේම අපිත් අපේ ෆ්‍රෙෂාලට ඕව පාඩම් කෙරෙව්වා.
මේ වැඩිහිටි කවි වල සමහර අකුරු X අකුරින් සඳහන් කොට ඇත්තේ අහම්බෙන් හෝ අඩුහිටියෙකු කියෙව්වොත් යම් අපහසුතාවකට පත් වෙන්නට ඉඩ ඇති නිසාය.
ඒත් බොහෝ ලාංකිකයන් තමන්ගේ ගෙදරදී නොවේ නම් අල්ලපු ගෙදරින්, පාසලෙන්, විශ්වවිද්‍යාලයෙන් මෙන්ම කාර්‍යාලයේදී "මොන පයියක්ද", "හුත්තිගෙ පුතෙක්", "පුක තමයි", "හුකන්නෙ නැතිව හිටපන් ඩෝ" වැනි අසභ්‍ය යැයි සම්මත කොටගෙන ඇති එහෙත් තම පියාගේ හෝ මවගේ මෙන්ම තමන්ගේම ලිංගික අවයව හඳුන්වන වචන අසා ඇතිවාට සැක නැත.
මෙන්න ඒ අතරින් කීපයක්
====================