Powered By Blogger

Monday, 11 August 2025

දළදා මාළිගාවේ නිලමේවරුන්ගේ සම්ප්‍රදායික වස්ත්‍ර ගැන ඉතිහාසය

 



1. ආරම්භය – නායකර් ආගමනය
1739 සිට නායකර් රාජවංශය ශ්‍රී ලංකාවේ මහනුවර රාජධානිය පාලනය කිරීම ඇරඹීය.
මේ රාජවංශය ආරම්භ වී ඇත්තේ ඉන්දියාවේ මදුරායි නගරයෙන් වන අතර, මදුරායි නායකර් මහා රජවංශයට අයත් විය.
මදුරායි නායකර්වරුන්ගේ රාජකීය වස්ත්‍ර රටාවන් ඉතා සැරසිලිමත් වූ අතර, වස්ත්‍ර සාදනු ලැබූයේ වර්ණවත් රෙදි වලිනි.
මෙම වස්ත්‍ර සම්ප්‍රදාය, නායකර් රජවරුන්ගේ මහා මණ්ඩලයේ උසස් නිලධාරීන් මඟින් ශ්‍රී ලංකාවට ගෙන්නා ගන්නා ලදී. 

2. සිංහල හා දකුණු ඉන්දියානු රටා මිශ්‍රවීම
නායකර් උත්සව වස්ත්‍ර, පැරණි මහනුවර රටාවන්ට වඩා “රාජකීය” පෙනුමක් ලබා දුනි.
කාලයත් සමඟ, එය සිංහල රාජකීය වස්ත්‍ර සම්ප්‍රදායන් සමඟ මිශ්‍ර විය.
—උදාහරණ අද නිලමේ වස්ත්‍රයේ දැකිය හැකි සැරසිලිමත් කැපි කබාය, සලුව, මනෝරම  මාලාවන් සහ මුදුගෙඩි පූර්ණයෙන්ම නායකර් අධිකාරී මණ්ඩලයේ රටාවන්ගෙන් ආරම්භ වී පසුව මහනුවර සංස්කෘතිකාංග මත  ගොඩ නැගුණි.

මෙම වස්ත්‍ර රාජකීය බලය, ගෞරවය සහ උත්සව ගරුත්වය නියෝජනය කළේය.

3. රජු කිර්ති ශ්‍රී රාජසිංහ යුගයේ ස්ථිර කිරීම
1747–1782 දක්වා පාලනය කළ රජු කීර්ති ශ්‍රී රාජසිංහ, දළදා මාළිගාවේ සහ අනෙකුත් රාජකීය උත්සව සම්ප්‍රදායන් විශාල ලෙස වර්ධනය කළේය.
මෙහිදී රජු, බෞද්ධ හා රාජකීය උත්සව වලට නායකර් සම්ප්‍රදායන් බොහොමයක් ඇතුළත් කළේය.
මෙලෙසයි නිලමේ වස්ත්‍රය නිශ්චිත රටාවකට ගෙනාවේ—කැබලි කැපූ සැරසිලි කබාය, දිගු සැරසිලි රෙදි, උත්සව තලවාර් පටිය, උස මල්පොත් ගැසූ මුදුගෙඩිය සහ අදත් පවතින උත්සව මාලාවන් සමඟ.

4. ඕලන්ද සහ පසුව බ්‍රිතාන්‍ය බලපෑම්
ඕලන්ද යුගය (1658–1796) සහ පසුව බ්‍රිතාන්‍ය යුගය (1815–1948) අතර, බටහිර උත්සව වස්ත්‍රවල අතිශයින් කුඩා බලපෑම්—උදාහරණ ලෙස රෙදි, මාලා, අලංකාර සහ ඇඳුම් කැපීමේ තාක්ෂණ—වස්ත්‍ර රටාවට එක් විය.

විශේෂයෙන් මහනුවර ඇසල පෙරහැරේදී, රාජාණ්ඩු බිඳ වැටුණු පසුවත් රාජකීය බලය අඛණ්ඩව පවතින බව නියෝජනය කරමින් නිලමේ වස්ත්‍රය යොදා ගන්නා ලදී.


5. අද කාලයේ
දළදා මාළිගාවේ නිලමේවරුන්ගේ වස්ත්‍රය, නායකර් සහ සිංහල සම්ප්‍රදායන්ගේ ජීවමාන මිශ්‍රණයක් ලෙස පවතින්නේය.
මෙය උත්සව වස්ත්‍රයක් පමණක් නොව, උසස් නිල තනතුරේ, ආචාරාත්මක උරුමයේ සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික-ඓතිහාසික  සංකේතයක් ලෙසද භාවිතා වේ.

  



Monday, 21 July 2025

සුදු කළ නොහැකි කළු ජූලිය....

 


1983 ජූලි මස මුල් භාගයේ දී හමුදාව චාවකච්චේරියේ දී එල්ටීටීඊ සාමාජිකයන් ඉලක්ක කර එල්ල කළ ප්රහාරයක දී වේලුපිල්ලේ ප්රභාකරන්ගේ සමීප හිතවතෙකු සහ එල්ටීටීඊ සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස හැඳින්වෙන චාල්ස් ලූකස් ඇන්තනී හෙවත් සීලන් ඇතුළු කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
 
මෙයට ප්රතිප්රහාරයක් ලෙස පලාලි මාර්ගය ඔස්සේ ගමන් කරමින් තිබූ ගුරුනගර් කඳවුරින් පිටවුණු හමුදා හමුදා ජීප් රියක්‌ සහ ට්රක්‌ රථයකට එල්ටීටීය විසින් බෝම්බ සහ වෙඩි ප්රහාරයක් එල්ල කරනු ලැබීමෙන් සෙබළුන් දහතුන් දෙනෙක් මිය ගියහ.
 
සෙබළුන් 13 දෙනාගේ සිරුරු බොරැල්ල කනත්තේ භූමදාන කෙරෙන බවට වාර්තා වීමත් සමඟ විශාල පිරිසක් ඒ වෙත ඇදී එන්නට වූහ. රජයේ වාහනවලින් ද විශාල පිරිසක් එම ස්ථානයට රැගෙන එන ලදහ. උ්රග්ර ජාතිවාදියෙකු වූ එක්සත් ජාතික පක්ෂයේ කර්මාන්ත හා විද්යා කටයුතු ඇමති සිරිල් මැතිව්ගේ හා එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිතිය වූ ජාතික සේවක සංගමයේ මැර පිරිස් දෙමළුන්ට විරුද්ධ මැර ප්රහාරවලට ආරම්භය ලබා දුනි. (ඊට පෙර යාපනය පුස්තකාලය ගිනි තැබීමේ තිරශ්චීන ක්රියාවට මූලිකත්වය දුන් අයෙකු ලෙස සිරිල් මැතිව්ගේ නම සටහන් වේ.)
ඒ අනුව කොළඹ ඇතුළු තදාසන්න ප්රදේශවල ද්රවිඩ පුද්ගලයන්ට පහර දෙන්නත්, නිවාස සහ ව්යාපාරික ස්ථාන කඩා දමා ගිනිබත් කිරීමත් ඇරඹිණි. එයින් නොනැවතුණු කළු ජූලිය, 3000කට ආසන්න පිරිසකට ජීවිත අහිමි කළේය.
 
ඒ කළු ජූලියයි.
 
පොලිස්පති රුද්රා රාජසිංහම් ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් කොළඹ කනත්ත වෙත ගිය අතර තත්ත්වය එතරම් හිතකර නොවන බැව් ඔවුනට පසක් විය. පොලිස්පතිවරයා වහා වෝඩ් පෙදෙසේ පිහිටි ජනාධිපති ජයවර්ධනගේ නිවෙස කරා ගොස් ඉරිදා රාත්රියේ ඇඳිරි නීතිය ප්රකාශයට පත් කරන ලෙසට ඔහුගෙන් ඉල්ලා සිටිය ද එය ප්රතික්ෂේප කෙරිණි.
ප්රචණ්ඩත්වය පාලනය කරන ලෙසට ජාත්යන්තරයෙන් ජනාධිපති ජයවර්ධන හට බලපෑම් කරන ලදැයි පැවසේ. “කළු ජූලිය එල්.ටී.ටී.ඊ.ය විසින් උතුරේදී සොල්දාදුවන් 13 දෙනකු ඝාතනය කිරීමට එරෙහිව දකුණේ සිංහල ජනයා විසින් ක්ෂණිකව දක්වන ලද ප්රතිචාරයක් යැයි” ජනාධිපති ජයවර්ධන හා පාලක පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරු ප්රකාශ කොට ඇඟ බේරා ගන්නට උත්සහ කළහ..
 
1983 ජූලි 24 දා මම පස්සර, හිඟුරුකඩුවේ සැඟවී සිටි සරසවි සගයෙකුගේ නිවසින් මහනුවර බලා එමින් සිටියෙමි. සැඟවී සිටියේ විශ්වවිද්යාල ශිෂ්ය අරගලයකදී ආචාර්යවරයෙකු ප්රාණ ඇපකරුවෙකු ලෙස රඳවා තබා ගැනීමේ චෝදනාව මත රහස් පොලිසිය මා අත් අඩංගුවට ගනීවි යැයි සැකයෙනි. බදුල්ලට ළඟා වනවිට සවස් වී තිබිණ. මගේ සැලසුම වී තිබුණේ බදුල්ලේ පදිංචි මගේ තවත් සරසවි සගයෙකුගේ නිවසේ නැවතී සිට පසුවදා උදේ මහනුවර බලා පිටත් වීමටය. රාත්රිය ගෙවී ගියේ වෙඩිහඬ මධ්යයේය.
වෙඩි තබා තිබුණේ දමිළ නීතිඥයෙකුගේ ගෙදරට කඩාවදින්නට තැත් කළ ජාත්යාලයෙන් ඔද වැඩුණු සිංහල මකොල්ලකාරී මිනීමරුවන්ටය.
තමන් පෙරදා බේත් ගත් ඩිස්පෙන්සරියේ දෙමළ දොස්තරද, වරදින් ගැලවීම සඳහා නීති උපදෙස් ලබාගත් කළු කෝට්කාරයාද, තමන් නගරයට රැගෙන ගිය බස් රථයේ දෙමළ රියැදුරුද, ණයට සිල්ලර බඩු ගත් කඩේ දෙමළ මුදලාලිද පණ පිටින් පුළුස්සා මරා දමන්නට තරම් ජත්යාලය විෂඝෝර විය. කඩා දැමූ දෙමළ කඩවලින් වැසිකිළි නැති ගෙවල් වලට කොමඩ් කර තබන් යන්නටද, විදුලිය නැති ගෙවල් වලට ටීවී ඔසවාගෙන යන්නටද තරම් ජාත්යාලය පිස්සුවක්ම විය.
 
ඒ කළු ජූලියයි.
 
පසුදා මම මහනුවර බලා පිටත් වීමි. දහවල් නගරයට සේන්දු වෙද්දී නගරය පාළුය.. බසයෙන් බැස අනිවත්ත නවාතැන බලා පාගමනින් ගියේ පිලිස්සෙන මළ මිනීවල පුළුටු ගඳ මැදින්ය. රටේ අනෙක් ප්රදේශවල තත්ත්වය අති බිහිසුණු බව මා දැනගත්තේ අනිවත්තේ අපේ නවාතැනේ රැඳී සිටි සගයින්ගෙනි. 
 
මහනුවර දෙමළ ව්යාපාරික පවුලක් ම්ලේච්ඡ ප්රහාරකයින්ගෙන් බේරාගැනීම සඳහා රැකවල් යොදාගෙන විශාල අවදානමක් යටතේ රැගෙන යන්නට අපට හැකිවීම ජීවිත කාලයේදී කරන ලද සත් ක්රියාවක් බව සිහිපත් කරමින් අදද සතුටු විය හැකිය. 
 
ඒ කළු ජූලියේ සිංහල මැරයින් දෙමළුන් සංහාරය කළේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ අනුග්රහය මැදය. ජේ.ආර්. ජයවර්ධන නම් වූ කුරිරුතම පාලකයාට මෙන්ම ඔහු නායකත්වය දුන් යූ.ඇන්.පී.යටද මා අදටත් වෛර කරන්නේ ඔවුන් විනාශ කළේ දකුණේ විසූ දෙමළා පමණක් නොව මුළු මහත් රටක අනාගතය බැවිනි. 
 
ජේ.ආර්. මේ නිහීන ක්රියාවේ වගකීම පැවරුවේ වාමාංශික පක්ෂවලටය. ඒ අනුව කළු ජූලියට කිසිසේත්ම සම්බන්ධ නොවූ සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද තහනම් කරනු ලැබීය. මැතිවරණ දේශපාලන ප්රවාහයට අවතීර්ණ වී සිටි ජවිපෙ බිම්ගත දේශපාලනයට පිළිපන්නේ මේ තහනමත් සමඟය. 87-89 ඛේදවාචකය ආරම්භ වන්නේ පක්ෂ තහනමේ දිගුවක් ලෙසය.
 
කළු ජූලියේ නිර්මාතෘවරුනි, ඊට උඩගෙඩි දුන් පාපතරයිනි, ඒ ආණ්ඩුවේ තනතුරු දරා දෙමළ සංහාරයට නිහඬ අනුමැතිය ලබාදුන්, තොපට සාප වේවා...!
 
~ හෙන්රි වර්ණකුලසූරිය

Wednesday, 7 May 2025

"වාලම්පුරි හෙවත් හීන හතහමාරක්"

 

පෙර සටහන-
"වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" තවම නරඹා නැති අය මේ ලියවිල්ල කියවීමෙන් වැළකීම සුදුසුය.
චිත්රපටය නැරඹූ හෝ නරඹන්නේ නැති අය කියවීම සුදුසුය.
එසේම චිත්රපටය නරඹන්නේ නැතිව සමාජ මාධ්යවල පුළුල් විචාර ලියන්නන්ටද මේ ලියවිල්ල ප්රයෝජනවත් වෙනු ඇත. අද සමහරු විචාර ලියන්න පටන් ගන්නේම "මං චිත්රපටය බලා නෑ", "මං චිත්රපටය බලන්නටත් අදහසක් නෑ." කියා පොරටෝක් දෙමිනි.
ඒකත් මරුය.
මේ ලියවිල්ල සමහරුන්ට මාරකයකි.
"වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" සිංහල සිනමාවේ පොල්මඃකාර උරුමක්කාරයින්ට මාරකයකි.
 
 

"වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" දේශපාලන චිත්රපටයක් (Political Cinema) නොවන්නේ පැය දෙකහමාරක් තුළ රූපාවලියෙන් කරන ඇඟවීම්, දෙබස් වලින් කරන ඇඟවීම්, රංගනයෙන් කරන ඇඟවීම් ඍජු දේශපාලනික මානයක් ඉලක්ක කොට නොමැති බැවිනි. "පාරදිගේ", "බඹරු ඇවිත්", "මේ මගේ සඳයි" මගේ දේශපාලන චිත්රපට උදාහරණයි.
 
එහෙත් "වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" චිත්රපටයේ යටි පෙළේ දිවෙන දේශපාලනමය කතිකාවක් ඇත. එය තිරනාටකයෙන් මතු කිරීමට අධ්යක්ෂ ලක්මාල් ධර්මරත්න සියුම් උත්සහයක් ගෙන ඇත. ඒ උත්සහය "කූඹියෝ" ටෙලි සිත්තමේද අඩංගු විය.
 
"වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" චිත්රපටය ගැන, එහි රංගනය, සංගීතය, කැමරාකරණය, සංස්කරණය, කලා අධ්යක්ෂණය, අංග රචනය හා අධ්යක්ෂණය ගැන අඩුවැඩි වශයෙන් බොහෝ දේ ලියැවී, සංවාදගත වී හමාර හෙයින් මගේ මේ සටහනේදී ඒ ගැන කෙටියෙන් ලියා තබා මේ දේශපාලන කතිකාවට බරක් දෙන්නෙමි.
 
"වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" 70 දශකයේ අප අත්විඳි වාණිජ සිනමාව සිහි ගන්වයි. සමහර දර්ශන තල, රංගන රටා, සිද්ධි ගලායාම් ඊට දෙස් දෙයි. ඇත්තටම මේ 70/80 දශකවල කතාවකි. සංඛේතාත්මකව ජහුටා නාට්ය කණ්ඩායම යන බසය, මුදලාලි හා සාමි යන කාර් ඊට දෙස් දෙයි. එසේම ආංජලෝ සැලූනයද ඒ දශකවල පෙනුමින් යුක්තය. 
 
වැලිකතරේ වාහන පෙළ, කොළඹ අතර මං වන ජහුටලා වාහනයට ගොඩවීම හා ඒ ආශ්රිත දර්ශන හා රංගන, බංඩා කොළඹ ආවා සේ නාන තටාකයේ කරන කෝලං, සශිකාගේ පූසා, සිවිල් පොලිස්කාරයින් ගමේ බඩු සොයා යෑමේ අලකලංචිය වැනි දර්ශන මා පෙර සඳහන් කළ පැරණි වාණිජ සිනමාවේ ලක්ෂණය. ඒ කොමඩි ටච් එක වාණිජ සිනමාවේ උරුමයන් වේ.
 
වාලම්පුරි මංකොල්ලයට සෙට් වෙන පොලිස්කාරයා, ඇමතිගේ ගෝලයා වන කස්තුරිගේ නිහඬ තර්ජනත්මක පෙනුම වැනි කාරණා දෙමළ හෝ මලයාලම් සිනමාවට ළං වේ. බල අධිකාරියේ හා තන්හාවේ ආගමික ප්රවේශය සාමි වේ. සාමි නොවී සිවුරක් හෝ ලෝගුවක් ඇඳි චරිතයක් පෙන්නුවේ නම් ෆිල්ම් එකට බඩුමය. අපි ඒවා අවධාරණය කරගත යුතුය.
 
සියලුම රංගන ශිල්පීන්ගේ රඟ නොපා රඟපෑමේ හැකියාව චිත්රපටයේ සාර්ථකත්වයට ඉහළින් බලපා ඇත. එයිනුත් ප්රියන්ත සිරිකුමාර, සරත් කොතලාවල, වසන්ත මොරගොඩ, අංජන ප්රේමරත්න හා දර්ශන් ධර්මරාජ්ගේ චරිත නිරූපන වඩාත් අගයමි.
 
 චින්තක ජයකොඩිගේ සංගීත සංකලනය මෑතකදී චිත්රපටයකින් මා විඳි ඉහළ රසයකි. විටෙක සංගීත ඛණ්ඩ ඇසෙන්නේ නැතිවාක් මෙන් වුවද ඇත්තෙන්ම සංගීතය පිටපතේ හිඩැස් පුරවා හෝ අවස්ථා උද්දීපනය කොට ඇත. චිත්රපට සංගීතය යනු තවත් එක් චරිතයක් බවට පත් වී ඇත.
 කාලිංග දේශප්රිය විදේශගත වීමෙන් ගිලිහුණු කැමරා යෂ්ටිය දිමුතු කාලිංග අගේට සපුරා ඇත. 
 
පැය දෙකහමාරේ ධාවන කාලය මිනිත්තු එකසිය තිස්පහකට, හතළිහකට අඩු කළ හැකිව තිබුණ බව මගේ හැඟීමයි. ඒත් ලකාට පෙන්නන්න ඕනෑම නං අපට කපන්නට යෝජනා කළ නොහැක.
 
ඒත් මම මගේ ප්රේක්ෂක අයිතිය ඉදිරියට ගෙන එසේ යෝජනා කරමි.
සිඩ්නිගේ හා බිරිඳගේ යහන් දර්ශනය, එනම් මෙන්සස් හැදිලා නිසා හැමනෙන්නට නොහැකි වීමේ කතාබහ, අබ්බගාත සැමියෙකු එක්ක කොළඹ නිවසේ කුළීමළි කතා කිරීම, වාලම්පුරියක් ෆයිබර් කිරීම, සැලූනයේ කාන්තා කෑම කතා, ටීවී එකේ වාලම්පුරි සාකච්ඡා වැනි දර්ශන නොතිබුණා කියා මට නම් අඩුවක් පාඩුවක් දැනෙන එකක් නැත.
අනෙක් අතට ටීවී වාලම්පුරි සාකච්ඡාව මෙන්ම අබ්බගාත සැමියා බලෙන් එබ්බුවකි.



දැන් දේශපාලන කතාවට බහිමු.
 
අධ්යක්ෂවරයා කිසියම් රූපාවලියක් එක් කරන්නේ තමන්ගේ කතිකාව ගොඩනගන්නට අනුපාන ලෙස විය යුතුමය. ඒ අනුව ආරම්භයේදී මෙරට සිටි පාලකයින් කිහිප දෙනෙකුගේ කථා කීපයක පුස්තකාල දර්ශන ගෙන එයි. ඔවුන් කතා යොමු වන්නේ තරුණ ප්රශ්න, දුගී බවට එරෙහිව සමාජය ගොඩගැනීම වැනි කාරණා ගැනය. ඒත් ඊළඟ වටයේ චන්ද්රිකාගේ උපහාසාත්මක සිනාව, ජේ.ආර්. තොලපිට ලෙවකෑම පෙන්නන්නේ මේවා මුංගේ බයිලා කියන්නටය.
 
වාලම්පුරිය අයිති ඇමතිටත් ඉහළ අයෙකුටය. කස්තුරි ඒ රහස සිඩ්නිගේ කනට කර කියන්නේ ඔහු දමනය කරන්නටය. ඇමතිටත් ඉහළින් ඉන්නේ රටේ පාලකයා බව කෙනෙකුට අනුමාන කරන්නත් පුළුවන් ය. ඒ අර්ථයෙන් ගත් විට වාලම්පුරිය මේ රටේ සම්පත් නිධානය වෙන්නටත් බැරි නැත. නාමාවලිය යද්දී ගොවිබිම්, වැඩබිම් ආදී විවිධ තැන්වල වාලම්පුරි පසෙකින් ඇති බව පෙන්වන්නේ අපට හිතන්නටය. අපට අත්පත් කරගත නොහැකි වාලම්පුරි හැමතැනම ඇත.
 
වාලම්පුරිය අත්පත් කරගන්නට වූ තරගයෙන් කිසිවෙකු දිනන්නේ නැත. කිසිවෙකුට එය අයිති වන්නේද නැත. දීර්ඝ වටයක් කරකැවී ජහුටන් අතටම පත් වූවද ඔවුන් එය මිල කරන්නට දන්නේ නැත. නැතහොත් ඒ සඳහා සම්බන්ධතා නැත.
 
කොටින්ම වාලම්පුරිය අවසානයේදී හිමිවන්නේ "මේක මූදු බෙල්ලෙක්..
වැඩකට නැති සිප්පිකටුවක්" ලෙස සිතන සෙට් එකක් අතටය. 
 
පොලිස්කාරයාගේද ජහුටන්ට වඩා වෙනසක් නැත. දේශපාලකයා සතුටු කිරීමෙන් පෙන්ෂන් යන්න පෙර මාසයකට රුපියල් පන්දාහක වැටුප් වර්ධකයක් ලැබාගත හැකි වුවද එකතුව බැලූ විට සාපේක්ෂව සොච්චමකි. එහෙයින් ඔවුන්ට අනීතිකව එකවර හොයන මුදල බොහෝ වටී. එක අතකට රාජ්ය සේවකයා ජහුටන් සේම, නැතහොත් ඔවුන්ටත් වඩා අසරණය. ගොඩ එන්නට, සිහින සැබෑ කරගන්නට නිධානයක්ම හෑරිය යුතුය. වාලම්පුරියක් පස්සේ එලවිය යුතුය. 
 
මේ සමාජ ක්රමය ඔවුන් ඇද දමා ඇත්තේ එතැනටය.
 
අවසානයේ "වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" චිත්රපටය දේශපාලන තේමාවකට ලඝු කරන්නට නොකැමැත්තෙමි. මන්ද
මෙහි එන දේශපාලන කාරණා යම්තමින් හෝ අඩුවැඩි වශයෙන් නොදුටු ප්රේක්ෂකයින් වැඩිවශයෙන් ඉන්නා බව දන්නා නිසාය. මෙය කිසිසේත්ම දේශපාලන චිත්රපටයක් නොවේ යැයි මුලින්ම කීවේ එබැවිනි.
 
පළමු වතාවේ මා නොදුටු රූපරාමු, කතිකා, එළැඹුම් දෙවන හා තෙවන වතාවට නැරඹීමෙන් ග්රහණය කොට ගතිමි. වේගයෙන් සංස්කරණය වන dynamic රූපාවලිය අල්ලා ගැනීමට එක් වරක් නරඹා ප්රමාණවත් නැති බව මගේ අදහසයි. මා ඇතුළු චිත්රපට රසිකයින් එක් වරකට වඩා චිත්රපටය නරඹා ඇතිවා හෝ නරඹන්නට තීන්දු කොට ඇති බව දනිමි.
 
ලක්මාල් ධර්මරත්න අධ්යක්ෂණය කළ පළමු චිත්රපටය, පිටපතේ එන යම් යම් දුර්වලතා (විශේෂයෙන් twist කිරීමේදී) මධ්යයේ වුව සුපිරි චිත්රපටයකි. මා එසේ කියන්නේ අද අප දකින බොහෝ සිංහල චිත්රපටවල පිටපත වල්වැදී ප්රේක්ෂකයා වල්මත් කරන බැවිනි.
 
මේ වසර සිංහල සිනමාවේ ඉදිරි පිමි සනිටුහන් කරන චිත්රපට තිරගත වන වසරක් වීම සිංහල සිනමාලෝලියෙකු ලෙස (එක්තරා අර්ථයකින් පිස්සෙකු ලෙස) මගේ ප්රීතිප්රමෝදය වඩවයි.
 
"රාණි" රේස් එක පටන් ගත්තේය. "වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" රේස් එකේ ඉදිරියට යන්නේය. මා නරඹා ඇති චිත්රපට අතරින් මේ වසරේ තිරගත වීමට නියමිත "බහුචිතවාදියා" හා "මාරියා" චිත්රපට රේස් එකේ ඉදිරියට යනු ඇත.
 
 

Thursday, 1 May 2025

ආදම්ගේ සොහොන කෙබරයක්...!

දම්ගේ සොහොන ලෙස නම් ලබා ඇති මන්නාරමේ සංචාරක ආකර්ශනයක් ලැබූ සොහොන බලන්නට ගියෙමි.

 

ආදම්ගේ සොහොන යනු කෙබරයක් බව දැනගත්තේ එහි සිටි සොහ‌ොන භාරකරු සමඟ කළ කතා බහේදීය.

මේ හොහොන සෙයියදු අහමදු ඊබ්රහිම් බදුසා සොහොන-செய்யது அஹ்மது இப்ராஹிம் பாதுசா அவர்களின் சமாதி - தலைமன்னார்- ලෙස නාමකරණය කළ යුතුව ඇත.

ආදම්ගේ සොහොන ලෙස වැරැදියට නම් කළ තලෙයිමන්නාරමේ සෙයියදු අහමදු ඊබ්‍රහිම් බදුසා සොහොන පිහිටා ඇත්තේ තලෙයිමන්නාරමේ ඌරුමලේ ග්‍රාමයේ ය. මෙය ආදම්ගේ සොහොන ලෙස වැරැදියට නම් කෙරුණේ කෙලෙසකදැයි මේ කෙටි වීඩියෝවෙන් සාකච්ඡා කෙරේ. මෙහි පසුබිම් හඬ එම ස්ථානයේ භාරකරුගේය.

විස්තරය මෙතනින් අහන්න. දකින්න.

 සෙයියදු අහමදු ඊබ්‍රහිම් බදුසා සොහොන


 

 

Monday, 21 April 2025

මන්නාරම ලන්දේසි බලකොටුව Mannar Dutch Fort

  


 මන්නාරම ලන්දේසි බලකොටුව 1560 පෘතුගීසීන් විසින් ඉදි කළද 1658 දී ලන්දේසීන් අත්පත් කරගෙන 1696 දී නැවත ඉදිකිරීමෙන් පසුව හැඳින්වෙන්නේ ලන්දේසි බලකොටුව ලෙසිනි. 1795 දී බ්‍රිතාන්‍යයින් මෙය අත්පත් කරගති.

 Mannar Fort is located on Mannar Island, Sri Lanka. It was built by Portuguese in 1560 and christened São Jorge. The fort fell to the Dutch in 1658, and they rebuilt the fort in 1696. In 1795 the British occupied the fort following the surrender by the Dutch.

 මන්නාරම ලන්දේසි බලකොටුව Mannar Dutch Fort 

   

 

Sunday, 6 April 2025

Donkey Clinic & Rescue Centre -බූරු සායනය හා ගලවාගැනීමේ මධ්‍යස්ථානය

 පේසාලේ පැත්තෙ ගියොත් බූරු මධ්‍යස්ථානයත් බලලම එන්න.



Donkey Clinic & Rescue Centre. Olaithoduwai Road, Thailankudiyiruppu, Pesalai, Mannar.

 


 මන්නාරමේ පේසාලේ දයිලන්කුඩියිරිප්පු ප්‍රදේශයේ පිහිටි බූරු සායනය හා ගලවාගැනීමේ මධ්‍යස්ථානය

වැඩි විස්තර පහත වීඩියෝවෙන් අහන්න. දකින්න.

Donkey Clinic & Rescue Centre 

 

 

 

Thursday, 27 March 2025

රෝහිණී ළමාරත්නගේ රෙදි ඉල්ලේ...

 රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියගේ පියාණෝ තරුණයන් 8 දෙනෙක්ට ජීවිත අහිමි කරවපු බැනර් එකක් තමා මේ..



1989 මහ මැතිවරණයට ලග්ගල ආසනයට " එ.ජා.ප. යෙන් තරග වදින්නේ " ජම්බුගහ පිටියේ විජේරත්න බණ්ඩා" .
මේ තියෙන්නේ ඔහුගේ මැතිවරණ දැන්වීම් බැනර් එකක්.
මෙන්න මේ බැනර් එක එක්තරා රාත්‍රියක තරුණයන් පිරිසක් ගලවා ඉවත් කරනවා..
මේ කියන විජේරත්න බණ්ඩා තමන්ගේ ප්‍රතිචාරය දක්වන්නේ, ඒ සිද්ධියට සම්බන්ධයි කියලා තරුණයන් 8 මාතලේ මහකන්ද කියන ප්‍රදේශයට අරන් ගිහින් දස වද දීලා, ඝාතනය කරලා.. බලකඩුව කන්දට ගිහින් දාපු එක..
ඒත් එක්කම ඒ කාලසීමාවෙදිම තරුණයන් 24 දෙනෙක් පැහැරගෙන , වදයට ලක්කරලා ඝාතනය කරලා, ඔවුන්ගේ හිස කඳින් වෙන්කරලා,
ඒ ඔළු .. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අල්විස් වටරවුමේ වැටේ කම්බිවල අමුණනවා..
ලග්ගල වගේම රත්තොට ප්‍රදේශය තමා මාතලේ වැඩියෙන්ම මෙවැනි සිද්දි උනේ..
විජේරත්න බණ්ඩා ලගේ කවිරත්නලාගේ කෙරුවාව තාම ඔය ප්‍රදේශවල මිනිස්සු දන්නවා.
ඊටත් පස්සේ විජේරත්න බණ්ඩා තමන්ගේ දුව රෝහිණීව , කවිරත්නගේ පුතාට බන්දලා දෙනවා.. රෝහිණී විජේරත්න , රෝහිණී කවිරත්න වෙනවා. පස්සෙ ළමාරත්න...😂 බබාරත්න😂😂 වෙනවා.
1994 දි ඒ විවාහය සිද්ද කරන්නෙත්,
තමන්ගේ බැනර් එක කැපුවා කියලා තරුණයන් 8 දෙනෙක්ගේ ජීවිතය අහිමි කරවපු මහකන්ද ප්‍රදේශයේ මයි.
(සංශෝධිතව සකස් කළේ මාලන් ජයකොඩිගේ සටහනකින්.)
======================
එහෙම මිනීමරු අප්පගෙ දුව පාර්ලිමේන්තුවේ මරපු ලිස්ට් එකක් කියවනවා. ඉස්සෙල්ලා කියවපං අප්ප මරපු තරුණයින්ගේ නම් ලිස්ට් එක.
 

Monday, 17 March 2025

සංචාරේ- කුංචිකුලම් එල්ලෙන පාලම - Kunchikulkam Hanging Bridge


 කුංචිකුලම් එල්ලෙන පාලම නොහොත් සංගිලි පාලම 

මැදවච්චිය-තලෙයිමන්නාරම පාරේ මන්නාරමට කි.මී. 42ක් දුරින් පිහිටා ඇත. දිගින් මී.100 වන මෙම පාලම, මල්වතු ඔය ඉවුරු දෙකක් යා කොට මගීන්ගේ ගමනාගමන පහසුව සඳහා ඉංග්‍රීසී සමයේ ඉදි කරන ලද්දකි. 

මඩු වන්දනාවට එන අයගේ ආකර්ශනයට ලක් වූ ස්ථානයකි. Kunchikulam Suspension Bridge is situated along the Medawachchiya-Talaimannar Highway in Kunchikulam in the northern part of Sri Lanka. 

It stretches across the Malwathu Oya and is also known as Hanging Bridge and Sangili Paalama. 

The suspension bridge is more than 100 m long and can be seen en route to the Madhu Church when coming from Medawachchiya. Distance from Mannar to Kunchikulam is 42.0 km 

 කුංචිකුලම් එල්ලෙන පාලම