මගේ පස්වැනි කෙටිකතා එකතුව ජනගත කරන්නට සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතින මොහොතක මෙතෙක් ලියූ කෙටිකතා කිහිපයක් ගැන මෙන්ම මේ කෘතියේ එන කෙටිකතා ගැනත් කෙටි මතකයන් අවදි කරන්නට සිතුවා.
මා මුලින්ම එළිදැක්වූ කෙටිකතා සංග්‍රහය වන්නේ "තිරිසන් රාත්‍රිය" යි. ඒ 1996 දී.
ඊට එහැමපිටින්ම පාදක වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාල ජීවිතය ආශ්‍රිත අත්දැකීම්.
මේ කෙටිකතා ලියැවී ඇත්තේ කිසියම් අමු ආකාරයකට යැයි පසු කලෙක මටම හැඟීගියත් ඒ සඳහා ඉල්ලුමක් තිබූ හෙයින් 2003 දී දෙවන මුද්‍රණයක්ද නිකුත් කළා. එයත් අද වෙළෙඳපොළේ නැහැ. මේ ඉල්ලුමට හේතුව සරසවි මතක යළි යළිත් සිහිපත් කිරීමේ නොස්ටැල්ජියාව කියා සිතෙනවා.
"තිරිසන් රාත්‍රිය" එළිදැක්වීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කලාගාරයේදී පවත්වන්නට හැකි වූයේ එවකට මා එහි සේවය කරමින් සිටි නිසයි.
ප්‍රධාන දේශනය කරන්නට මහාචාර්ය සුචරිත ගම්ලත් බාරගෙන සිටියත් නියමිත දින ආසන්නයේ පැමිණීම ප්‍රතික්ෂේප කළේ පේරාදෙණියේ සිංහල දෙපාර්තමේන්තුව සමග ඇතිකරගෙන තිබූ විරසකය නිසාද නැතිනම් මට ජේ.වී.පී.කාරයෙකු ලෙස හංවඩු වැදී තිබුණ නිසාදැයි නොදන්නාමුත් මේ කාරණා දෙකම අඩුවැඩි ලෙස බලපෑ බව මට පසු කලෙක තේරුම් ගියේ සුචරිත ගම්ලතුන් සමඟ සමීප ඇසුරකට වැටුණාට පසුවයි.
ඉතා කෙටි දැනුම් දීමකින් දේශනය බාරගෙන මා පත් වූ අපහසුතාවෙන් මුදා ගත්තේ එවකට පැනිදෙණිය ඉංග්‍රීසි ගුරුවිද්‍යාලයේ විදුහල්පති වූද ප්‍රකට සාහිත්‍යධරයෙකු වූද හේමරත්න ලියනාරච්චියි.
නිවාඩු කාලයකදී කිසියම් ව්‍යාපෘතියක් සඳහා සරසවි නේවාසිකාගාරයක රැඳී සිටි තරුණයින් පිරිසක් අබිසරුලියක කැඳවාගෙන එන සිද්ධි දාමයක් රැගත් "තිරිසන් රාත්‍රිය" කෙටිකතාව කියැවූ මගේ සරසවි සගයෙකු පැවසුවේ "උඹ ලියන පොත් ගෙදර ගෙනියන්නෙ කොහොමද....ගෙදර ගිය ගමන් ගෑනියි, ළමයි ලොකු මහත් වුණාමයි කියෙව්වාම අපේ පටි රෝල්නෙ" කියාය.
දෙවන කෙටිකතා සංග්‍රහය "සරණාගත කඳවුරේ යුවතියගේ මල්වර මඟුල" නිකුත් වූයේ 1997 දී යි. මේ කෙටිකතා බොහොමයක් ලියැවුණේ මා නාවික හමුදා නිළධාරියෙකු ලෙස සේවය කරන කාලයේදී.
පොතේ නමින් එන කෙටිකතාව ලිවීමට පෙළැඹවීමක් ඇතිවුණේ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේ ඉංජිනේරු පාසලේ සේවය කරන අතරතුරදී කඳවුරේ උස් බිම් පෙදෙසක පිහිටුවා තිබූ සරණාගත කඳවුරක ජල ප්‍රශ්නයක් විසඳීමට ගිය මොහොතක අත්දුටු සිදුවීම් මතිනුයි.
මෙහි එන "සෙබළියෙකුගේ ප්‍රේමය" මගේ සමීපතම හිතවතෙකු ලද අත්දැකීමක් ඇසුරෙන් ලියැවූවක්. හමුදා සේවයේදී සෙබළියක හා නිළධාරියෙකු අතර ප්‍රේමයට තහංචි වැටුණද දළු ලා වැඩුණු ඔවුනගේ ප්‍රේමයේ මා සාක්ෂිකරුවෙකු වුණා.
එහි එන තවත් කතාවක් වූ “අභිසාරිකාවකගේ ස්වයංවරය“ මුලින්ම පළ වූයේ “නවලිය“ පත්තරේයි. එය කියැවූ කාන්තාවක් උපාලි පුවත්පත් සමාගමට කතාකොට මා සේවය කරන තැන විමසා දැනගෙන දුරකතන ඇමතුම් දී මාව සම්බන්ධ කොටගෙන මා සොයා පැමිණියා.
එවකට මා සේවය කරමින් සිටියේ විවෘත විශ්වවිද්‍යාලයේයි.
ඈ පැමිණ තිබුණේ ඇගේ ජීවන අත්දැකීම් පවසන්නටයි.
“අයියෝ මං හිතුවෙ තලතුනා කෙනෙක් කියලයි. ඔයා තරුණ කෙනෙක්නෙ. දන්නවනං මං මේ ගමන එන්නෙත් නෑ. ඔයා කොහොමද මෙහෙම ලියන්නෙ“ කියා විමසූ ඇය අපේක්ෂාභංගත්වයට පත්ව සමුගෙන යන්න ගියා.
"සරණාගත කඳවුරේ යුවතියගේ මල්වර මඟුල" කෙටිකතා එකතුව ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ ග්‍රන්ථාධාර ව්‍යාපෘතියෙන් ප්‍රතික්ෂේප වූයේ මේ කෙටිකතාවල කිසිදු හරයක් නැති බව පවසමිනුයි.
එකල මේ ව්‍යාපෘතියට කෘති තෝරාගත්තේ අතයට ගනුදෙනු වලට බවට රාවයක් පැතිරුණා.
කෙසේ වතුදු "සරණාගත කඳවුරේ යුවතියගේ මල්වර මඟුල" කෙටිකතාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාවේ දේශනවලදී විශ්ලේෂණය කළ බව ඇසීමෙන් මා නිරහංකාර සතුටක් ලැබුවා.
මේ පොතත් වෙළෙඳපොළේ නැහැ.
“නගරාන්තර ප්‍රේමය“ කෙටිකතාව මුලින් පළ වූයේ “ඉරිදා ලක්බිම“ පුවත්පතේයි. එහිම දිගුවක් ලෙස ලියැවුණ “ගැබ් ගැනීම“ත් සති කිහිපයක් ඇතුළත ඉරිදා ලක්බිමේම පළ වුණාම මට කාන්තාවන්ගෙන් විශාල වශයෙන් ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා. කාන්තාවන් පමණක් නොව මගේ හිතමිතුරන් පවා දුරකතනයෙන් කතා කළා.
මහනුවර සිට දුරකතනයෙන් ඇමතූ කාන්තාවක් ඇයට දරුවන් නොමැති වීමේ අඳෝනාව මා සමඟ පවසා සිටියා. “ගැබ් ගැනීම“ කතාවේ අවසානයේදී ෂෙරිනුයි, ඉන්ද්‍රචාපයි ඉල්ලුව දේ මටත් ඉල්ලන්න ඕනේ...“ ඇය පවසද්දී ඒ කෙටිකතාවක් පමණක් බව කිව්වත් ඈ පිළිගන්න සූදානම් වුණේ නැහැ.
“නගරාන්තර ප්‍රේමය“ කෙටිකතා එකතුව 2005 වසරේදී නිකුත් වූයේ මා “ස්වර්ණවාහිනී“ රැකියාවෙන් ඉවත් වූ පසුවයි. මාධ්‍ය ආයතනයක වැඩ කරද්දී නිර්මාණකරණයට තරම් විවේකී මනසක් ඇති වන්නේ නැහැ.
මගේ සිව් වන කෙටිකතා එකතුව පළ වූයේ දිගු විරාමයකට පසුවයි.
ඒ විරාමයේදී මා වෙනත් නිර්මාණ වල යෙදී සිටියත් මා වඩාත් ඇලුම් කරන කෙටිකතාවෙන් මදක් ඈත් වුණා කිව්වොත් නිවැරැදියි.
කෙසේ වතුදු “නෙත්මා දකිනු පිණිසය“ නිකුත් වූයේ 2012 දෙසැම්බරයේදී. ඒ සමගම මා විදෙස් ගතවූ හෙයින් එහි ප්‍රචාරාත්මක මෙන්ම බෙදාහැරීමේ කටයුතුද අඩාල වුණා.
“නෙත්මා දකිනු පිණිසය“ කියන්නේ සුවිශේෂී කතාවක්.
මෙහි ප්‍රධාන භූමිකාව රඟන “නෙත්මා“ යනුවෙන් මා නම් කරන කාන්තාව වසර 35 ක් තිස්සේ මට පමණක් ප්‍රේමකරන බව පවසනවා.
එහෙත් මේ දක්වා මා ඇය මුණගැසී නැහැ. ඈ ස්වාමියාගෙන් වෙන්ව සිටින දෙදරු මවක්. මා ලියන දේ කියවා වසර 35ක පටන් මට විටින් විට ලියුම් එවමින්, දුරකතනයෙන් කතා කරමින් තොරතුරු, දුකසැප විමසන ඇය මේ බ්ලොග් එක නොකියවන බව මට විශ්වාසයි.
පොත නිකුත් වී කලකට පසු මා එය ඈ සේවය කරන පාසල වෙත තැපෑලෙන් යැව්වා. මා තවමත් හරියටම නොදන්නා දරුණු රෝගයකට ලක්ව ඒ වන විට සිටි ඇය කවර මානසිකත්වයකින් කෙටිකතාව කියැවූවාදැයි මා දන්නේ නැහැ.
මෙවර මා ලංකාවට පැමිණි පසු ඇය දුරකතනයෙන් කතා කළා.
මැය මගේ ජීවිතයට මැදිහත් වූ ආකාරය “නෙත්මා දකිනු පිණිසය“ කෙටිකතාවේ යම් පමණකට සඳහන් වන නමුත් කෙටිකතාවේ බොහෝ තැන් මනසින් මවාගත් දේයි.
“නෙත්මා දකිනු පිණිසය“ කෙටිකතා සංග්‍රහයේ වන “බාලාංශ ප්‍රේමය“ කතාවේ පිළිකා රෝගයකින් මිය යන්නේ පාසලේ 5වන වසරේදී මා පෙම් හසුනක් දුන් බාලිකාවයි.
බොහෝ කලකට පසු ඇය මට නැවත මුණගැසුණේ අප දෙදෙනාම උස්මහත් වූ දරුවන්ගේ දෙමාපියන් වූ පසුවයි. ඒ වන විටත් ඇය පියයුරු පිළිකා රෝගයට ලක්ව එක් පියයුරක් ශල්‍යකර්මයකින් ඉවත් කරගෙන සිටියා.
ඊටත් කෙටි කලකට පසු ඈ මියපරළොව ගිය බව මා දැනගත්තේ නිවාඩුවකට ගමේ පැමිණි අවස්ථාවකයි.
“නිරුවත් ජීවිත“ නිකුත් වන්නේ “විල්ලරවාඩිය“ හා “දඩකඳවුර“ නවකතා දෙක රචනා කිරීමෙන් පසු එහි තෙවන අර්ධය ලියන්නට කල් ගන්නා අතරතුරයි.
එහි එන බොහෝ කතා මගේ ජීවන අත්දැකීම් සමඟ බද්ධ වෙනවා.
ඒ ගැන පොතේ පෙරවදනේ මා මෙසේ සටහන් කළා.
“නිරුවත් ජීවිත“ කෙටිකතා සංග්‍රහය ජනගත කෙරෙන්නේ 2016 අගෝස්තු 04 වන බ්‍රහස්පතින්දා සවස 3.30 ට කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛනසේවා මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී.
එදාට සහභාගි වන්නැයි ලංකාවෙ ඉන්න හිතවත් බ්ලොග් රචකයින් ඇතුළු සහෘද හැමට මා හෘදයාංගමව ආරාධනා කරනවා.
කෙටිකතා එක්ක කවි කියවන්න. මෙතැනට යන්න