Powered By Blogger

Monday, 30 January 2023

අහෝ සිංහල චිත්‍රපට

සිංහල චිත්‍රපට ප්‍රදර්ශනයේ අපිළිවෙළ අප දිගින් දිගටම අත්විඳිනවා. චිත්‍රපට පෙන්නන එක තීරණය කරන්නෙ හෝල් කාරයෝ. ඒකත් ඉවසනවා කියමුකෝ...ඒත් හෝල් කාරයෝම තීරණය කරන වෙලාවත් ඔවුන්ම වෙනස් කරන්න ගත්තාම අපහසුතාවට පත් වෙන්නෙ ප්‍රේක්ෂකයා. 

ඉතිං මිනිස්සු එයිද චිත්‍රපටි බලන්න?

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ "ගාඩි" චිත්‍රපටය දෙවන වර නරඹන්න හාමිනේත් එක්ක ගිය වෙලාවේ ලද අත්දැකීම අහන්න.

ගාඩි බලන්න ලිහිං නෝන්ඩි වුණ හැටි

 
මෙහෙම වැඩ කීප වතාවක් වෙලා තියෙනවා.
වලි දාලා බලලත් තියෙනවා.

වතාවක් මෙහෙම ප්‍රශ්නයක් ප්‍රසන්නටම call කරලා කිව්වා. ඒ කොළඹ ලිබර් ටි හෝල් එකේ. එවෙලාවෙ ප්‍රසන්න කිව්වෙ හොල්කාරයෝ වෙලාව වෙනස් කරන එක නිෂ්පාදකට හෝ බෙදාහරින්නන්ට දන්වන්නෙත් නෑ කියලා.

 ඒ අවුරුදු ගණනාවකට කලින්. තවමත් ඒ තත්ත්වය එහෙමමයි.

ඉතිං මිනිස්සු එයිද චිත්‍රපටි බලන්න?

අහල බලන්න. අදහස් කියන්න.

දිගටම අහන්න කැමැති නම්  subscribe කරලා bell අයිකන් එකත් ක්ලික් කරන්න.

සෙස්ස පස්සට…

 


Friday, 27 January 2023

අම්මලාගේ ශිෂ්‍යත්ව විභාගය.

 


ම්මලාගේ විභාගය තමයි ශිෂ්‍යත්ව විභාගය.

සා.පෙ. විභාගය ගුරුවරුන්ගේ, උ.පෙ. විභාගය දරුවන්ගේ, ශිෂ්‍යත්ව විභාගය අම්මලාගේ කියලයි කියන්නේ.

ඒ ගැන කතාබහක් අරඹමු.

ශිෂ්‍යත්ව විභාගය

අහල බලන්න. අදහස් කියන්න.

දිගටම අහන්න කැමැති නම්  subscribe කරලා bell අයිකන් එකත් ක්ලික් කරන්න.


Thursday, 26 January 2023

අමානුෂික බදු හා බුද්ධි ගලනය

 

 

මානුෂික බදු හා බුද්ධි ගලනය  ගැන ඔන්න කෙටියෙන් අදහස කියලා short video එකක් YouTube දැම්මා.

අහල බලන්න. අදහස් කියන්න.

දිගටම අහන්න කැමැති නම්  subscribe කරලා bell අයිකන් එකත් ක්ලික් කරන්න.

බදු හා බුද්ධිගලනය 


සෙස්ස පස්සට…

 

Sunday, 22 January 2023

pdf ප්‍රශ්නය කෙසේද යත්...

මුදල් නොගෙවා හොරෙන් පොත් pdf කරලා කියවන්න බෙදා හරිනවා කියලා ලොකු හාහූවක් යනවා. හැබැයි බොහෝ දෙනා අමතක කරන කාරණයක් තමයි  අපේ පොත් typesetting කරන, කවර නිර්මාණය කරන මෘදුකාංගත් හොරෙන් බාගත කරගත්තු ඒවා කියන ක. ඒවා original නොවේ කියන .
 

වැරැදි නම් කොයිකත් වැරැදි.

ඊටත් වඩා කිව්වොත් සිංදු නොමිලේ download කරගෙන අහන, චිත්‍රපට නොමිලේ download කරගෙන බලන අපි අපිම පොත් pdf කර කියවන්න බෙදා හරිනවා කියලා රෙද්ද උස්සන් නටනක කොයි තරම් සදාචාරාත්මකද?

මෙහෙම කිව්වම අපේ සහෝදර ලේඛකයින්ට හිත් අමාරු වෙන්න පුළුවන්. ඒත් මේ කතා කරන්නේ මගේ ඇතුළු හිත.

පොත් pdf කිරීම 

 

සෙස්ස පස්සට…

 

Friday, 20 January 2023

ජනවාරි 21-සිංහල සිනමාවේ හා සුමිත්‍රාගේ මළගම



සිංහල සිනමාව නිල වශයෙන් ආරම්භ වූ බව සඳහන් වෙන්නේ "කඩවුණු පොරොන්දුව" තිරගත වූ 1947 ජනවාරි 21දා. (කුමන්ත්රණයකින් පළමු සිංහල චිත්රපටය විනාශ කොට "කඩවුණු පොරොන්දුව" අංක එක වීම වෙනම කතාවක්)
දැන් ඇත්තටම සිංහල සිනමා  කර් මාන්තයක් නැහැ. 
 
එලෙස ඇරඹි සිංහල සිනමාවේ මළගම සනිටුහන් කරමින් දෝ සිංහල සිනමාවේ පළමු චිත්රපට අධ්යක්ෂවරිය මෙන්ම දක්ෂ සංස්කරණ ශිල්පිනියක වූ සුමිත්රා පීරිස් මැතිණියගේ මළගම සිදුවන්නේද ජනවාරි 21 දා. 
 
උත්ප්රාසාත්මකයි තමයි. ඒත් ඉතිහාසය ලියැවෙන්නේ එලෙසිනුයි.

සුමිත්‍රාගේ වෘත්තාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය- 

ගැහැනු ළමයි (1978), ගඟ අද්දර (1980), යහළු යෙහෙළි (1982), මායා (1984) සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා (1988), ලොකු දුව (1996), දුවට මවක මිස (1997) සක්මන් මළුව (2003), යහළුවෝ (2007), වෛෂ්ණාවී (2017)

සුමිත්‍රාගේ වෘත්තාන්ත චිත්‍රපට සංස්කරණය-

ගම්පෙරළිය (1963), දෙලොවක් අතර (1966), රන් සලු (1967) අක්කර පහ (1970), ගොළු හදවත (1960) ද ගෝඩ් කිං (1976), මඩොල් දූව (1976), අහසින් පොළොවට (1978), දෑස නිසා (1975) වෛෂ්ණාවී (2017)


සෙස්ස පස්සට…



Wednesday, 18 January 2023

සරසවි ප්‍රේමය




"අද සිතුවිල්ල" බලලා  චැනල්ක subscribe කරලා බෙල් අයිකන් ක ඔබපල්ලා...
                                        

අද සිතුවිල්ල


සෙස්ස පස්සට…

 

 

Monday, 16 January 2023

රට පුරා තැන් තැන් වල පත්තිරිප්පු

 

ළදා මාලිගයේ ‘පත්තිරිප්පුව’ නිමවා  තිබෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ (1798-1815)  රජතුමාගේ සමයේ දී.  රජුට අවශ්‍ය වී තිබුණේ ජනතාව ඉදිරියේ පෙනී සිටීමට සහ පෙරහර නැරඹීමට අලංකාර මණ්ඩපයක්. 

සැලැස්මට අනුව ගොඩනැඟිල්ල ඉදිකිරීමට තීරණය වුණේ ඒ වනවිට රජ වාසල පැරණි මුළුතැන්ගෙය තිබූ තැනයි. එයට පිටුපසින් පිහිටියේ දළදා මාලිගයයි. ඒ සැලැස්ම සැබෑවක් බවට පත් කිරීමට තෝරා ගත්තේ ඒ වනවිටත් මහනුවර රාජධානියේ වාස්තු විද්‍යාත්මක නිර්මාණ කිහිපයක්ම කළ දේවේන්ද්‍ර මූලාචාරීවයි.

පත්තිරිප්පුව සඳහා නම ලැබී ඇත්තේ පාර්ත (බලනවා) + ඉරිප්පු (ඉඳගෙන) යන දෙමළ වදන්වලින්. එහි අර්ථය ඉඳගෙන නරඹනවා යන්නයි. රජතුමා මේ වගේ ගොඩනැඟිල්ලක් ඉදි කළේ දළදා මාලිගාවේ කොටසක් හැටියට නොවේ. එය දළදා මාලිගය මෙන් පූජනීය තැනක් නොවෙයි. එය තැනුවේ රජුට වැසියන් ඉදිරියේ පෙනී සිටීම සඳහායි. විවේකයෙන් නගරයේ සිරිය නැරඹීමටත් රජු මෙය භාවිත කර තිබෙනවා. යුක්තිය පසිඳලීම සඳහා ද රජතුමා මෙතැනට පැමිණ තිබෙනවා. රජ මාලිගාව තියෙන්නෙත් ඒ අසල ම නිසා රජතුමාට මෙතැනට එන්න ලේසි වුණා.

මහමළුවේ පවත්වන මල්ලව පොර හා කඩු සටන්, ඇත් පොර ආදී තරඟ  නැරඹීම, මහමළුවේ එකතු වන ජනතාවට රජතුමා බැහැ දැකීමට අවස්ථාව ලබා දීම ආදී කාරණාද පත්තිරිප්පුවෙන් ඉටු වුණා. විශේෂ අවස්ථාවලදී මෙහි දළදා ප්‍රදර්ශනද  පවත්වා තිබෙනවා. අදත් දළදා ප්‍රදර්ශන පැවැත්වීමට යොදා ගන්නේ පත්තිරිප්පුවයි.

අද පත්තිරිප්පුවේ උඩුමහලෙහි දළදා මාලිගයට අයත් පුස්කොළ පොත් තැන්පත් කර තිබෙනවා. එහි කුඩා බුදු පිළිමයක් ද තබා ඇත්තේ පූජනීය බවක් ලැබීමටයි.
 
1998 ජනවාරියේ දළදා මාලිගයට එල්ල කළ කොටි බෝම්ම ප්‍රහාරයෙන් පත්තිරිප්පුවේ පියස්සටත් හානි සිදුවුණා. ඉන්පසුව පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ හිටපු මහාචාර්ය මුනිදාස පී. රණවීර එය පරික්ෂා කර පියස්ස නැවත පුරාවිද්‍යා මූලධර්මවලට අනුව ප්‍රතිසංස්කරණයට දායක වුණා. 

අෂ්ටාස්‍ර මණ්ඩපයක් වන පත්තිරිප්පුව ඉදිරිපිට දිය අගලක්ද සැලසුම් කර තිබුණා. දේවේන්ද්‍ර මූලාචාරිට අරත්තන නාරායන ආචාරි මේ සඳහා සහාය වී තිබෙනවා. ගොඩනැඟිල්ලේ වහලයට අවශ්‍ය “නා” ලී ලබාගෙන තිබෙන්නේ මාතලේ නාලන්දෙන්. අලංකාර පත්තිරිප්පුව සාදා නිම කර ඇත්තේ 1812දී නම් අපේ රට ඉංග්‍රීසීන් යටත් කරගන්නට අවුරුදු තුනකට පෙර බවයි සඳහන් වෙන්නේ.

උඩරට වාස්තු විද්‍යා ශිල්පයේ අගනා සංකේතයක් බවට පසුව පත්තිරිප්පුව පත් වුණා. අද වනවිට පත්තිරිප්පුවේ ආකෘති සහිත ගොඩනැගිලි රට පුරා විහාරස්ථාන, ආගමික ස්ථාන වල වගේම ප්‍රේමදාස පාලන සමයේ හැදූ උදාගම් භූමි වලත් අපට දැකිය හැකියි.

 (උපුටාගත් කරුණු වලින් රචිතයි. ඡායාරූප ෆේස්බුක් පෝස්ට් වලින්.)


  

Friday, 6 January 2023

මේ මොන ලබ්බක්ද?



සුදු රැවුලාගේ ලබ්බෙ කතාව හංදා අපේ පොඩි කාලේ අහපු ලබ්බෙ තොවිලෙ කතාව මතක් උනා. දන්නැති අය කියවන්න. දන්න අය නම් ඉතින් කියවලා වැඩක් නැහැනෙ.

ඔන්න මෙහෙමයි ලබ්බෙ තොවිලෙ කතාව පටන් ගන්නේ. එක ගමක ගමරාළ කෙනෙකුයි, ගමමහගේ කෙනෙකුයි, ගම පුතෙකුයි, ගම දුවෙකුයි හිටියා. ගමමහගේ හදිසියේම අසනීප වුණා. මේ අසනීපයට ලබ්බෙ තොවිලයක් කරමු කියලා ගමේ දැනුමැත්තෝ යෝජනා කළාට පස්සේ ගමරාළ කිව්වා අපි එහෙනම් තොවිලයක් කරමු කියලා. ඉතින් මේ තොවිලය කරන්න වෙන්නේ ලොකු ලබ්බක් ගෙනල්ලා ඒක ඇතුළෙ.

ඉතින් ගමේ ඉන්න මිනිස්සු රට පුරා ගිහිල්ලා කීපදෙනෙකුට ඉන්න පුළුවන් විශාල ප්රමාණයේ ලබ්බක් හොයාගෙන ආවා. ඇවිල්ලා මේ ලබ්බෙ කවුළුවක් කපලා ඇට, මද ටික අයින් කරලා ගමමහගේයි, ගමරාලයි ගම පුතයි, ගම දුවයි මේක ඇතුළට යැව්වා.
තොවිලෙ සතියක් කරන්න ඕනේ කිව්ව නිසා සතියක් කන්න අවශ්ය කෑම බීම අඩුම කුඩුම මේ ලබ්බ ඇතුළට දාලා ලබ්බේ දොර වැහුවා. ඊට පස්සේ මේකේ ඇතුළේ ඉන්න කට්ටිය තොවිලේ පටන් ගත්තා.

ඩෙන්න ඩෙනා ඩෙන ඩෙන ඩෙන ඩෙනා ඩෙනෝ..
ඩංකුටු කුටු..ඩංකුටු කුටු...
ඩෙන්න ඩෙනා ඩෙන ඩෙන ඩෙනා ඩෙනෝ... මෙහෙම කපුව කියෝමින්, අතවැසියෝ බෙර, තම්මැට්ට ගහමින් තොවිලෙ පටන් ගත්තාම ගමමහගේ මායම් වෙන්න පටන් ගත්තා.

දවසක් දෙකක් තොවිලෙ යන අතරතුර මහ වැස්සක් වැටෙන්න පටන් ගත්තා. මේ වැස්ස වැහැලා වැහැලා වැහැලා වැහැලා ගංවතුර ගැලුවා. මේ ගංවතුර එන්න එන්න වැඩි වෙලා ලබ්බ ගම මැද්දෙන් පාවෙන්න ගත්තා. ගංවතුරෙන් පාවෙමින් ගිය ලබ්බ ගමේ කෙළවරේ තිබුණු දොළට වැටුණා. දොළ දිගේ පාවෙලා පාවෙලා ගිය ලබ්බ ඇළට වැටුණා. ඇළ දිගේ පාවෙලා පාවෙලා පාවෙලා ගිය ලබ්බ ගඟට වැටුණා. ගඟ දිගේ පාවෙලා පාවෙලා පාවෙලා ගිය ලබ්බ මුහුදට වැටුණා.

තාමත් ගම ගෙදර කට්ටිය එක දිගට නොනිදා තොවිලෙ නටනවා. ඒ අතර කනවා. බොනවා. වැස්සක් වැහැලා ගංවතුර ගලලා තමන් දැන් ඉන්නේ මුහුදේ කියලා මේ කට්ටිය දන්නෙ නෑ.
ලබ්බ මුහුදේ පාවෙලා පාවෙලා යන කොට විශාල මාළුවෙක් ඇවිත් ලබ්බ ගිල්ලා. දැන් ලබ්බ තියන්නෙ මාළුවාගේ බඩ ඇතුළේ. ඒ කට්ටිය දන්නෑ තමන් ඉන්නෙ මාළුවෙක්ගේ බඩ ඇතුළෙ කියලා. මේ අව්වස්සේ විශාල බෝට්ටුවක් ඇවිල්ලා මාළුවව අල්ලගත්තා. බොහොම අමාරුවෙන් ඇදගෙන ගොඩ ගෙනාවා. මේ තරම් විශාල මාළුවෙක් ලැබුණයි කියලා ගම පුරා ප්රචාරය ගියා. මාළුවා මිලදී ගත්තු මුදලාලි මාළුවාගේ බඩ පැලුවා. එතකොටයි දන්නේ බඩේ ලබ්බක් තියෙන බව.

මෙච්චර විශාල ලබ්බක් කොහොමද මාළුවගේ බඩට ආවේ කියලා කල්පනා කරපු කට්ටිය මේ බව ඒ ගම් පළාතේ නායකයාට දන්නවා යැව්වා. අවසානයේ මේ තොරතුර රජ්ජුරුවන්නේ කනටත් ගියා. රජ්ජුරුවෝ සහපිරිවර එක්ක ආවා මේ විශාල ලබ්බ බලන්න. රජ්ජුරුවෝ අණ කළා මේ ලබ්බෙන් ලබු කිරිබත් හදලා රටටම කන්න දෙමු කියලා. ඒ අනුව ලබ්බ පැලුවා.

අන්න එතකොට ඩෙන්න ඩෙනා ඩෙන ඩෙන ඩෙනා ඩෙනෝ...
ඩෙන්න ඩෙනා ඩෙන ඩෙන ඩෙනා ඩෙනෝ
කියමින් තොවිල් කාරයොයි, ගමරාළයි ගමමහගෙයි, ගම පුතයි, ගම දුවයි ලබ්බ මැද්දෙන් එළියට ආවා. මේ වෙනකොට ගමමහගෙගේ අසනීපය හොඳටම හොඳ වෙලා.
තමන් විශ්මයට පත් කළ ගම පවුලට රජ්ජුරුවෝ ගම්වරයක් එක්ක තෑගි බෝග දීලා තාන්නමාන්නත් දුන්නා.
ලබ්බෙන් රටම ලබු කිරිබත් කෑවා.

ඔන්න ඕකට තමයි ලබ්බ කියන්නේ.

ඊට සියවස් ගාණකට පස්සෙ මේ ලබ්බ ගැන කිව්ව සුදු රැවුලාව පිනට රජවෙච්චි රටේ පිං රජ්ජුරුවෝ අල්ලලා හිරේ දැම්මා.

ලබ්බෙ තොවිලේ කතාව මෙතෙකින් නිමි. ~

Sunday, 1 January 2023

පාසල් සිසුන්ට දඬුවම් කිරීම

 

 
යේ උදේ පොළට ගිහිං ඉස්කෝලෙ දරුවන්ට උයන්න දේ අතින් කටින් එල්ලන් එද්දි තරුණයෙක් මග හරස් කළා.
 
ටීචර්- ආ..කොල්ලෝ..උඹ දැක්ක කල්
 
කොල්ලා- ටීචර්ව දැකලා ආවේ...අම්මෝ අවුරුදු කීයකට පස්සෙද...
 
ටීචර්- විභාගෙ හොඳට පාස් වුණානෙ. දැන් මොකෝ කරන්නෙ කොල්ලෝ..
 
කොල්ලා- A-1යි, B-2යි නේ..කැම්පස් තේරුණේ නෑ...මං දැන් සිනෙක් යනවා. ලබන අවුරුද්දෙ හාර්බර් ට්රේනිං..
 
මම- A-1යි, B-2යි කැම්පස් තේරෙන්නැද්ද?
 
කොල්ලා- නෑ..සර්..ආර්ට් නේ..මං සිනෙක් එකේ ලොජිස්ටික් කෝස් එකක් කරනවා. මේ ටීචර් හංදා තමයි ගොඩ ගියේ...නැත්තං අනාථ වෙනවා.
 
ටීචර්- අම්මෝ..මං මූට කොයි තරං ගහල ඇද්ද..මතකනෙ කොල්ලෝ...
කොල්ලා- නැතුව. මං ඒ කාලෙ හොඳම අපතයෙක්. අන්තිම නරකයි. 
පිස්සුමයි කෙලියේ...ටීචර්ගෙන් ගුටි කාලා තමයි හැදුණේ...ටීචර් නැත්තං මං මෙතන නෑ..
 
ටීචර්- මූ කරපු තරමක් කරේ කඩප්පුලි වැඩ. ගහලම තමයි හදාගත්තේ..
කොල්ලා- ඒක නං සම්පූර්ණ ඇත්ත. එහෙම නොගහන්න කොහෙං නවතීද දන්නෑ..
 
ටීචර්- ඒ කාලෙ නං මට වෛර කරන්නැති. දැන් තේරෙනවා නං මදැයි.
තරුණයා මහපාරේ දණ නවා වැන්දා..ටීචර්ගෙ හස්බන්ඩ් නිසා මටත් වැන්දා. ඌ සමුගෙන ගියා. 
 
මම- ඔය ළමයට ගහල හැදුවා කිව්වේ කීයෙ පන්තියෙදිද?
 
ටීචර් - 10-11 දි තමයි. ඕකුන් මට විතරයි බය. 
 
මට මතක් වුණේ මාව. මාත් නියම කඩප්පුලියෙක්. ගුරුවරුන්ගෙන් ගුටි කාලා, බුරිය මිරිකවගෙන තමයි හැදුණේ. 
 
රජයේ නිවේදනය- පාසල් සිසුන්ට දඬුවම් කිරීම සිරගත වීමට හේතුවක් වේ.