විශ්වවිද්‍යාලයේ දෙවෙනි වසරෙදී නේවාසික පහසුකම් අත්හිටුවන්න පටන් ගත්තෙ අපි විශ්වවිද්‍යාලයට ගිය අලුතමයි.
පළමු වසරෙ පේරාදෙනියෙ අක්බාර්-නෙල් ශාලාවෙ නේවාසිකව උන්න අපට දෙවන වසරෙ පිටත නවාතැන් ගන්න වෙනව කියල කලින්ම දැනුම් දීල තිබුණ.
මේ වෙද්දි ගොඩක් ජ්‍යෙෂ්ඨ උත්තමයො නවක වදයෙන් පස්සෙ ෆ්‍රෙෂාල වෙච්චි අපිත් එක්ක කුළුපග වෙලා උන්න නිසා ඒ අය නැවතිලා උන්න ගෙවල් වල කාමර අපට සෙට් කළා.
සමහර නවාතැන් වලට යන්න ලොකු ඉල්ලීමක් තිබුණ. ඒකට හේතු වුණේ ගෙදර ඉන්න කාන්තා පක්ෂයකින් ලැබුණ ධනාත්මක ප්‍රතිචාරත් එක්කයි.
සමහරුන් නවාතැනින්ම දවල් බත් එකත් ඔතාගෙන එද්දි හොරෙන් බිත්තරයක් හෙම බත් මුලට වැටෙන තැන් එහෙමත් තිබුණ.
දවල්ට එහෙම වෙන්නෙ රෑට වෙහෙස වෙලා හාංසි වුණ දවසට කියලත් සමහරු කිව්ව.
එහෙම ගෙවල් වලට ඉල්ලුම වැඩි වුණා.
මොන හේතුවක් හංදද මංදා අපට එහෙම තැනක් සෙට් වුණේ නැහැ. එහෙම හොයන්න උනන්දු වුනෙත් නෑ. ඒ කාලෙ අපි ඕවට බයයි.
සමහරුන්ට බෝඩිං බත් කන්න ගිහිං ඒ තැන් වලින්ම කරකාර බැඳගන්නත් සිද්ධ වෙලා තිබුණ නිසා බය තවත් වැඩි වෙන්න ඇති.
සමහරුන්ට බෝඩිං බත් කන්න ගිහිං ඒ තැන් වලින්ම කරකාර බැඳගන්නත් සිද්ධ වෙලා තිබුණ නිසා බය තවත් වැඩි වෙන්න ඇති.
ධම්මිස්සරෙන් ආව පාලිතත්, ජෝශප් වාස් එකෙන් මා එක්කම ආව සරතුත් කාමර හොයන්න පටන් ගත්තෙ එකටමයි.
අපිට මාතරින් ආව පියසේනත් එකතු වුණා. පියසේන පස්සෙන් පහු ප්‍රියන්ත බවට පත් වුණත් මේ කාලෙ පියසේනම තමයි.
අපි පැණිදෙනියෙන් පටන් අරං අඟුනාවල, කොස්සින්න පැත්ත සිසාරා කාමර හොයන්න පටන් ගත්ත. දවස් ගාණක් එක දිගට ඇවිදල හෙම්බත් වෙලා උන්නෙ.
දන්න කියන අයගෙ හෝඩුවා වලට ගිය තැන් පවා අපේ හිතට ඇල්ලුවෙ නෑ. හතර දෙනෙකුට එක තැනකින් හොයනව කියන එකත් ලේසිපාසු කාරියක් වුණේ නෑ. මොකද ඒ වෙනකොට කාමර කුලියට දෙන්න කැම්පස් අවට ගම්වල උදවිය පුරුදු වෙලා උන්නෙ නැති නිසා.
අපි ඇවිදගෙන යන ගමන් ටිකක් පිළිවෙළක් තියෙනව වගේ පෙනෙන ගෙවල් වලට තට්ටු කරල නිකමට අහන්න පටන් ගත්ත කාමර හෙම කුලියට දෙනවද කියල.
තට්ටු කරන්නාට දොර ඇරේ කියල කතාවක් තියෙන්න වගේ අපටත් ගෙදරක දොර අහම්බෙන් ඇරුණ.
මේක ඒ පැත්තෙ හැටියට තරමක් විශාල ගෙයක්. නිකං වලව් පෙනුමක් තිබුණෙ. ඕනෙ එකක් කියල අපි දොරට තට්ටු කළා.
ගේ අයිතිකාරය එතරම් වයස කෙනෙක් නොවෙයි. අපි උවමනාව කිව්වම පොඩ්ඩක් ඉන්න කියල ගේ ඇතුළට ගියා. සතර කන් මංත්‍රණයක් සිද්ධ වුණා.
ඒ ගොල්ල අලුත බැඳපු ජෝඩුවක්. අලුත කිව්වට අලුතමත් නොවේ. අතදරුවෙක් උන්න.
භාර්‍යා තොමෝ එළියට ආවෙ කවුද මේ කැම්පස් ගොබිලො ටික කියල බලන්න වෙන්නැති.
උන්දැව දැක්කම අපි මොහොතකට ගල් වුණා. ලස්සන කාන්තාවක්. අපි හතර දෙනා ඇස් වලින් එකිනෙකා සමග එකඟ වුණා. ආයෙ මොනා අහන්නද...මේ සිරියාකාන්තාව උදේට දැක්කත් මදැයි.
ඔන්න අපි එකිනෙකට යාබද ඉස්සරහ කාමර දෙකක පදිංචි වුණා.
පළවෙනි අවුරුද්දෙත් පාලිත මගෙ රූමා වුණ නිසා මෙවරත් අපි ඒ විදිහටම ඉන්න හිතාගෙන උන්නෙ.
මේ සුන්දර කාන්තාව හරිම කරුණාවන්තයි වගේම ලජ්ජාශීලී කෙනෙක්. අපි නානකාමරයට යන වෙලාවට විතරයි ගේ මැද්දෙන් ගියෙ. ඒ වෙලාවට උන්දැ එළිපහළියට නොයන්න වග බලා ගත්ත.
මෙහෙම සතියක් හමාරක් ගත වුණා. ගෘහමූලික අපට බොහොම හිතවත් වුණා. අපිත් බෝ පැල වගේ හොඳ හැසිරීමෙන් අපේ වැඩක් කරගෙන මේ අයට කරදරයක් නොවෙන්න උන්න.
එක දවසක් රෑ මම මගෙ පොත්පත් වගයක් පිළිවෙළකට තියන්න හිතල අපට දීල තිබුණ කැබිනෙට්ටුව අස්පස් කරන්න ගත්ත.
මළකෙලියයි. මෙන්න යටම ලාච්චුවෙ බ්‍රා එකක්. පත සයිස් බ්‍රා එකක්.
අපි වහාම නේවාසික සංගමය කැඳවල අටකන් මංත්‍රණයක් කළා. අපේ කාමරේ බ්‍රා එකක් තිබීම ලොකු අවුලකට මුල බව තමයි හැමෝගෙම අදහස වුණේ.
හතර දෙනාගෙ අදහස් සම්පිණ්ඩනය කළාම මෙහෙමයි කියැවුණේ.
1. මේ බ්‍රා එක අනිවාර්යයෙන්ම ගෙදර ඇත්තිගේය.
2. එය ගොඩාක් පරණ නැති බව පෙනෙන නිසා (මේ බව තීරණය කළේ එකිනෙකා වෙන වෙනම සිදුකළ සියුම් පරීක්ෂාවකින් අනතුරුවය.) මෑතක් වන තුරු අඳිමින් සිටින්නට ඇත.
3. මේ තත්ත්වය යටතේ බ්‍රා එක කාමරයේ තිබීම ඉතා අනතුරුදායකය. විශේෂයෙන් අප දේශන වලට ගිය අතරතුර ගෘහමූලිකයා කාමරයට ඇවිත් යමක් සොයන්න ගොස් සඟවා ඇති බ්‍රා එක දැක්කොත් මෙය පවුලේ ප්‍රශ්නයක් වනු ඇත.
සැමියා නැති අතර බිරිඳ නේවාසික තරුණයන්ගේ කාමරයට පැමිණ තිබේ. ඒ මදිවාට කාමරයේදී බ්‍රා එක ගලවා තිබේ. එය එසේ මෙසේ කාරණයක් නොවේ.
මෙය මෙතරම් කලබල විය යුතු නැති සරල කාරණයක් සේ අද දවසේ පෙනෙුනද එදා අපි සැබැවින්ම කළබල වුණා. 80 දශකයේදී නොවැ.
ඒ කාලෙ බ්‍රා එකක් කියන්නෙ වැල් පොයින්ට් එකක් නෙ. දැන්න නං ඔය stage වලටත් විසි කරන්නෙ.
බ්‍රා එකක් ලාච්චුවක තිබී හමු වූ බව කියා අයිතිකාරයන්ට ලබා දීම එක විසඳුමක් බව කියවුණත් ඒ සඳහා කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නෑ.
එසේ නම් මෙය පිටතට ගෙන ගොස් අතුරුදන් කළ යුතු බව තමයි අවසානයට තීන්දු කළේ. එය කරන්නට සිදු වුණේත් මටම තමයි. ඊට හේතුව බ්‍රා එක නමැති සර්පයා සොයා ගත්තේ මා විසින් වීමයි.
ඒ කාලේ ෂොපිං උර තිබුණෙ නෑ. දැං කාලෙ වගේ කැම්පස් ළමයි school bag අරං නොවෙයිනෙ දේශන වලට ගියේ. ෆයිල් කවරෙ දෙකට නමා ගත්ත. ගියා.
අසංක වගේ අය ෆයිල් කවරෙ ගෙනාවෙත් නෑ. half sheet දෙක තුනක් හතරට නවල කලිසං සාක්කුවෙ දාගෙන අාවෙ.
ඉතිං බ්‍රා එක පිටතට නොපෙනෙන්න ගෙනියන එකයි ඊළඟ ප්‍රශ්නෙ වුණේ.
මොකද ස්ත්‍රී පාර්ශවය දැක්කොත් හිතයි මූ මේනියා කාරයෙක්. බ්‍රා එක හොරකං කරන්න ඇති කියල.
පිරිමි පාර්ශවය දැක්කොත් බලයි තමන්ගෙ බිරිඳගෙ බ්‍රා එක කොහෙන්ද මූ ළඟ කියල.
අන්තිමේදි ලොකු ව්‍යායාමයකින් පස්සෙ කඩදාසි කොළ වල ඔතල, පරණ brown paper උරයක දාල, උරේ ගම් ගාල අලවල තමයි ගෙදරින් එළියට අරං ගියේ. නිකං නොවෙයි තුන් දෙනෙකුගෙ ගාඩ් පිට. කෑමදාසයි, ලුබ්බයි, මී හරකයි තමයි තුන්දෙනා. (කැම්පස් කාඩ් දැම්මෙ අපේ සමකාලීනයො නමින් දන්නෙ නැති නිසා. නැතිව මේ නිකං කින්ඩියට වගේ නං නොවෙයි ඕං)
පාර්සලය අරං ගියේ හරියට පංසලට පිරිකර ගෙනියන්න වගේ. පල්ලියෙ පූජාවට පඬුරු ගෙනියන්න වගේ බොහොම සාන්තදාන්ත විලාශයෙන්. කාටත් සැක නොහිතෙන්න.
ඒත් ඒක විසි කළේ කුරුඳුවත්ත හරියෙ වංගුවෙ තිබුණ කුණු ගොඩකට.
කෙටිකතා එක්ක කවි කියවන්න. මෙතැනට යන්න.

මම දන්නව ඔය කියන ගෙදර..අඟුණාවල නේද?
ReplyDeleteහා..හා..කට..කට..
Deleteගිහින් කියන්න රවී තුමා, ඒ කාලේ නැති උන බ්‍රා එක විසි කලේ මෙන්න මේ කඩප්පුලි කොල්ලෝ ටික ය කියල.
Deleteදැනුත් හොඳ බ්‍රෑන්ඩ් වල බ්‍රා ටිකක් විතර මිලෙන් වැඩියි. ඉතින් ඒ කාලේත් එහෙම නම්, එහෙම මිල අධික දෙයක් නැති උනාම ඒ ඇත්තී ට මොනව හිතෙන්න ඇතිද හැබෑටම?
ඒ ඇත්තො ඇත්තියො කවදාවත් හිතන්න නැතිව ඇති අනාගතේ දවසක බලොග් ලියන කඩප්පුලි කොල්ලෙක්ටයි නවාතැන් දුන්නෙ කියල..
Deleteරවියෝ... ගිහිං කියනව හෙම නොවෙයි.
//එහෙම මිල අධික දෙයක් නැති උනාම ඒ ඇත්තී ට මොනව හිතෙන්න ඇතිද හැබෑටම?//
Deleteඅර අහිංසකයගෙ කීයකට හරි කෙලවෙන්න ඇති ආයෙ පාරක් :D අපිට වාගෙම තමා .හැක්
අපිට වාගෙම තමා......හික්...කෙලවෙන්නෙම අපිට තමා.
Deleteඅඩේ මේ බ්‍රා එක වෙනස් කලාද? කලින් තිබ්බෙ නිල් පාට එකක් නේද?....:)
ReplyDeleteඔව්....නිල් පාට එක save කරල කිබුණෙ නැති නිසා thumbnail වල පෙනුණෙ නෑ. පස්සෙ මේකදැම්ම. බලොග් එකේ පාටටත් ගැලපෙන නිසා. කෝක වුනත් බ්‍රා..යනු බ්‍රා..මයි නොවැ.
Deleteහෙහ් හෙහ් හෙහ්, 'ඔපරේෂන් බ්‍රා ඩිස්පෝසල්' කියලා, ජේම්ස් බොන්ඩ් වර්ගයේ පිචෑර්ස් එකක් ගහන්න තිබුණා. ඉතින් ඔය භයානක දේ එතනට ආව හැටි හෙව්වේ නැද්ද?
ReplyDeleteඒක අපට දෙද්දි අතපහු වෙලා කැබිනෙට්ටුවෙ තියෙන්න ඇති. අපිත් ඇදල බැලුවෙ නැහැනෙ. හැබැයි කැම්පස් කොල්ලො නං එක එක කතා හැදුව බ්‍රා එක ආව විදිහ ගැන.
Deleteබොඩියකට එච්චර බය උනා මදැයි
ReplyDeleteකාලෙ හැටියටනෙ..
Deleteබ්‍රා පිස්සුව මේ කාලේ විතරක් නෙමේ ඒ කාලෙත් තිබිලා නේ?:P
ReplyDeleteහම්මෝ ඒ ගෙදර ඇත්තී මේ බ්ලොග් එක බැලුවොත් එහෙම මොනවා වෙයිද?
බ්ලොග් එක බැලුවත් දන්නෙ නෑනේ එයාගෙ බ්‍රා එක කියල .බ්‍රා එක හෙව්වද දන්නෙ නෑ පස්සෙ කාලෙක.
Deleteබලන් යද්දී දැන් විතරක් නෙමෙයි ඒ කාලෙත් බ්‍රා එක සෑහෙන්න ප්‍රශ්ණ ඇති කරලා තියෙනවා එහෙනම්.
ReplyDeleteහැමදාම බ්‍රා ප්‍රශ්න ඇති කරනව නේන්නං.
Deleteඑනදර් බ්‍රා...
ReplyDeleteමමනං ඒ කාලෙ ඇත්තටම බ්‍රා වලට ආසම නෑ. මහ කරදරකාරී ඇඳුමක් විදිහයටමයි ඕක පෙණුනෙ.
ඇයි ඒ කාලෙ බ්‍රා ඇන්දද...කරදර නිසාද නැවැත්තුවෙ....?
Deleteහෙහ් හෙහ්.... ඇන්ද නිසා නෙමෙයි ගලවන්න ඕන වෙච්චි නිසා.
Deleteඒක නං ඇත්ත. හදිසියකට ගාංචුව පන්න ගන්න එක ලේසි නැ කමයි.
Deleteහත් දෙයියනේ !. ඒ කාලෙත් කට්ටිය මෙව්වා ඇන්දද ඈ ?
ReplyDeleteරසබර බෝඩින් කතාව . අපිත් දෙවැනි අවුරුද්දේ ටික කලක් ඊරියගම පැත්තේ බෝඩිමක හිටියා . පස්සේ අක්බාර් එකේ ගජේට ආවා
ඒ බ්‍රා එක කළු පාට එකක්. දැං වගේ මෝස්තර නෑ. යටට අඳිනව වුණාට බලන්න එපැයි දැන් ඒවයෙ මෝසතර.
Deleteඅපිත් අන්තිම කාලෙ අක්බාර් එකේ ගජේට ආවා..තව බෝඩිමකුත් පහු කරලා. ඔතන උන්නෙ මාස කීපයයි.
ඉස්සර කාලේ හොඳයි වගේ, දැන් බල්ලෝ ගෙනිච්ච ඒවටත් අහල පහල බෝඩිංකාරයේ තමයි ගුටිකන්නේ.
ReplyDeleteඑහෙම අකරතැබ්බක් වුණා වත්ද...ගුටි කාල බේරුණා ඇති..
Deleteෂහ්. ලියන ඉට්ටැයිල් ඒක හරි අගෙයි. ජයම ෙව්වා !
ReplyDeleteමේ ඉට්ටැයිල් එක හොඳය කියල ගොඩක් අය කියන නිසා එහෙඅම ලියන්න උත්සහ කරනවා...ස්තූතියි ...
Deleteඒ කාලෙ ජනාධ්පති ඕක දැනගත්තනං කියයි “දැන් මේ රොහාන් විජේවීරගෙ උදවිය විප්ලව කොරන්න හදන එකට විරුද්ධ අය බයගුල්ලො කියල පෙන්නන්න ගෑණු ඇඳුම් එහෙම පාර්සල් කරල යවන්න හදල තිබිල පොලිස්සියට අහුවුණා“ කියල.
ReplyDeleteඇත්තම තමයි...රොහාන් විජේවීර කියලනෙ ජේ.ආර්. උන්නැහේ කිව්වෙ.
Deleteපෙනුම තියෙන බිරිඳක් ඉන්නකොට ලමයි හතර දෙනෙක් නවත්වා ගන්නේ මොකටද කියලා මේ ගොල්ලන්ට තේරිලා නැහැ. ඒක තෙරුණානම් බ්‍රා එක ආපු විදිහ තේරුම් ගන්න පුළුවන්.
ReplyDeleteබෝ පැළ වගේ ළමයි බව තේරෙන්න ඇති... ඒක එහෙමම තමයි..බ්‍රා එක ලාච්චුවක තිබුණෙ ඇයි කියන එකයි ප්‍රශ්නෙ..
Deleteපෙනුම තියෙන බිරිඳක් ඉන්නකොට පිරිම ලමයි හතර දෙනෙක් නවත්වා ගන්නේ මොකටද හැබෑටම ඇ
Deleteඇයි ඉතිං නවත්ත ගත්ත කියල වරදක් වුණායැ ඒ ඇත්තන්ට. අනෙක පෙනුම තියෙන බිරිඳව හොඳටම විශ්වාස ඇති....අැරත් මේ පඟර නැට්ටො වගේ උන්න පිරිමි ළමයි දැක්කම පව් කියල හිතෙන්න ඇති.
Delete/* මාතරින් ආව පියසේනත් එකතු වුණා. පියසේන පස්සෙන් පහු ප්‍රියන්ත බවට පත් වුණත් මේ කාලෙ පියසේනම තමයි. */
ReplyDeleteඔබේ මේ මිතුරා මේ දිනවල බුකියේත්, පසුගිය දවස්වල බ්ලොග්වලත් මත පලකරමින් ඉන්නවා මා දැක්කා!
බුකියේ නම් දකින්නෙ නෑ...ඒත් බ්ලොග් ලියන බව ඒ දවස් වල රසිකගේ ප්‍රචාරය හරහා දැන ගත්ත. දැන් බ්ලොග් නැවතිලාද..
Delete/* පියසේන පස්සෙන් පහු ප්‍රියන්ත බවට පත් වුණත් ....... */
ReplyDeleteඒ දිනවල සිටි W.H. Fernando වැනි නමක් තිබුණු අයෙකු දන්නවා ද?
දන්නෝ දනිති. නොදන්නෝ දැන ගත්තද අවුලක් නැත. ඒ කතාවත් නොකී කතාවකින් කියන්න වටී යැයි සිතේ.
Delete;-)
Deleteඅපිම ඉන්න ඕනෑ ඕවා මතක් කරළා දෙන්න!
ගෙදර ඇත්ති තනියෙන් ඉන්න වෙලාවක් බලල හෙන්රිම ගිහින් ඕක ආපහු දුන්නා නම් තමයි හොඳ?
ReplyDeleteඒ කාලෙ කොහෙන්ද ඒ තරම් ගටක්...බ්‍රා එකක් දකින්නෙත් කලාතුරකින්.
Deleteඔය බෝඩිං කාමරේ එන්රික් වගේ සිංදු කියන එකෙක් හිටියද?
ReplyDeleteහොඳ වෙලාවට එකෙකුටවත් සිංදු බෑ...නැත්නං බ්‍රා අට්ටි ගණං එක්කහු කරන්න වෙන්නෙ.
Deleteඒ ගෙදර නෝනා අල්ලපු ගෙදර නෝනා එක්ක කිව්වලු... කොල්ලෝ හතර දෙනෙක්ම දාගත්තා,, එකෙක්ගෙන් වත් මෙළෝ වැඩක් නෑ මෙයා කියලා...
ReplyDeleteමාතලන් අල්ලපු ගෙදර රිංගනව වගේ...ඔය අහුවෙන්නෙ...ඇත්තටම එහෙම කිව්වලුද...
DeleteEnter your comment...aiya ewa "enrique bra " neweida aiya.. dan oka galewwe kawda?
ReplyDeleteගලෝපු එකා දන්නෙ නෑ මල්ලි....ඕං කිව්ව අපි නං නොවෙයි.
Deleteතාම බ්‍රා රජ කරනවා නේද???
ReplyDeleteරජ කරන්න වටිනව...දැවටෙන්නෙ රජ තැන් වලනෙ.(තැන් හොඳේ..)
Delete"බ්‍රා" වලට ස්ථාවර ඉල්ලුමක් වගේ තිබිලා තියෙන්නේ.
ReplyDeleteඉල්ලුමට සරිලන සැපයුමක් නැති එකනෙ මේ සේරටම මුල.
Deleteමම හිතුවේ හෙන්‍රිත් පුරුදු ටොපික් එකක්ම ලියලා කියලා. හොඳ වෙලාවට එහෙම නොවුනෙ. නැත්නම් වමනේ යන තරමටනේ දැන් ඔය මාතෘකාව.
ReplyDeleteහෙන්‍රි මේ කියන කාලේ මොනවද එතකොට ටැබූ කියන එක පිළිගන්න පුළුවන් හරිනේ. ලංකාවේ කාන්තාවන් වුනත් යට ඇඳුමක් දැක්කම ඒක ටැබු තමයි. හොරෙන් හොරෙන් හෝදන්නෙත් වේලන්නෙත්. කිසිසේත්ම තවත් කෙනෙක් ඒ ඇඳුම් අස් කරනවටවත් ලොන්ඩ්‍රි කරන එකත් ඒ අයට ටැබූ.
මට නේද හිනාවෙන්නේ කොහෙන්ද කියලා මතක් වුනේ නෑ. අනික අපේ සමාජවල ඕවා කාගෙද අරයගෙද මෙයාගෙද කියලා නෑ ලොන්ඩ්‍රි කරන්න අස් කරන්න කඩෙන් අරන් දෙන්න ඕනේ එකක් සාමාන්‍යයි නේ. කොටින්ම අපේ සමාජයේ නත්තලේ හෝ උත්සව අවස්ථාවල කාන්තාවන්ට බහුලවම පිරිමින් ගෙන් ලැබෙන තෑගිත් ඔය යට ඇඳුම්
පිරිමින්ගෙ අමුඩ, ලංකට්, ජොක්කු, සස්පෙන්ඩර් ඇදගෙන වෙලට යනව, විරෝධතා දක්වන්න අගනගරෙටත් එනව, එළියෙ ළිඳෙන් වගේම ඇලේ, දොළේ, මුහුදෙ නානව වුණාට ගැහැණු බ්‍රා එකක්, පෑන්ටියක් නොවෙයි යට සායක් ඇඳගෙන එළිපහළියට ආවොත් ඉඳල හමාරයි. අපේ තියෙන්නෙ කුහක පුරුෂ මූලික සමාජයක් නිසාද මෙහෙම වෙන්නෙ.
Deleteමට මතක විදියට දයා අල්විස් වෙන්න ඕන ඔව් ඔව් බුවා තමයි හිටපු නාට්ටියක් තිබ්බ. පොඩ්ඩක් ලැජ්ජ කාරය කෝම හරි පොරටත් පොඩි ලයින් එකක් දාං ගෑණුකෙනෙක් ඉන්නව දවසක් ඔය ගෑණු කෙනා බොඩියක් දෙනව ඒකෙ සයිස් එකට අලුත් එකක් ගෙනත් දෙන්න මිනිහතක් අකමැත්තෙන් බාර ගන්නව. කෝම හරි දැං බ්‍රා එක බෑග් එකේනෙ මිනිහ හෙන බයයි කවුරුත් දකි කියල ඔපිස්සෙක ඉවර වෙනකං අමාරුවෙං රැකගෙන ඉදල බ්‍රා එක විහික්කල දානව.. අර ගෑණු එක්කෙනාට අර හිල්වෙච්ච බොඩියත් නෑ අලුත් එකත් නැ
ReplyDelete(ටෙලියෙ නම මතක නෑනෙ0
මට මේක කියවපුවම ඒක මතක් වුනේ මොකද බුවත් බ්‍රා එකක් හිංද මාර කට්ටත් කෑවෙ
අයියෝ....නියමෙට තියෙන්න ඇති. ඔව් ඉතිං ඔෆිස් බෑග් එකේ බොඩියක් තියෙනව දැක්ක නං ඉඳල ඉවරනෙ. ඒකෙත් හැටි. බොඩි, බ්‍රා කියන්නෙ තහනම් ඇඳුම් වගේ...
Deleteඅපිත් ඉස්සර නැවතිලා හිටියා කොස්සින්න පැත්තේ...
ReplyDeleteකොස්සින්නෙ මමත් නැවතිලා උන්න කැම්පස් එකෙන් පිට වුණ ගමන්...එතැනත් නොකී කතාවක් තියෙනවා...කියම්දෝ නොකියම්දෝ කියලයි හිතමින් ඉන්නෙ..
Deletehttp://unmanthaka.blogspot.com/2016/01/blog-post.html
ReplyDeleteනිර්මාණාත්මකයි.
Delete