Powered By Blogger

Tuesday, 22 October 2019

“ප්‍රා” සමඟ රාජිත, ෆෙස්ටස් හා රනිල්




රණසිංහ ප්‍රේමදාස පියාණෝගේ යුගයෙන්.....3


 “ප්‍රා” සමඟ රාජිත,  ෆෙස්ටස් හා රනිල් 
මේ කාලයේ “ප්‍රා” සංවිධානයට පරිබාහිර ක්‍රියාත්මක වූ සෙසු නිල නොවන සන්නද්ධ කණ්ඩායම් වූයේ “ස්‍රා“, “උකුස්සෝ”, “රාජාලියෝ”, “කහ බළල්ලු”, “කළු බළල්ලු” සහ “කොල කොටි” වැනි සංවිධානයන්ය. ප්‍රා සංවිධානය ද්‍රවිඩ ඊලම් සන්නද්ධ කල්ලි සමඟද එජාප ආණ්ඩුව සමඟද රජයේ අදාළ ආරක්ෂක අංශ සමඟද නිරතුරුව සම්බන්ධතා පැවැත්විය. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක ඔසී අබේගුණසේකර ගේ ඉල්ලීම අනුව එජාප ආණ්ඩුව මගින් ප්‍රා සංවිධානය සන්නද්ධ කිරීමෙන් අරමුණු දෙකක් අපේක්ෂා කල අතර එය ඉතා සාර්ථක විය. එනම් ජවිපෙට එරෙහි අරගලය ශක්තිමත් කිරීම සහ එජාපයට එරෙහි ජවිපෙ ප්‍රහාරයන්, වාමාංශිකයින් සහ ජවිපෙ අතර කෙරෙන යුද්ධයක් බවට පත් කිරීමයි.
ප්‍රා සංවිධානය එජාප රජය මගින් ඔසී අබේගුණසේකර හරහා මුදලින් රුපියල් ලක්ෂ 20ක්ද කුලී වාහනද අවි ආයුධද ලැබිණි. එයට අමතරව ඉන්දියාවේ රෝ රහස් ඔත්තු සේවය මගින් ප්‍රා සංවිධානයට ලබාදීම සඳහා මහජන පක්ෂයට රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදුන් බවද කියති. ජවිපෙ විසින් එල්ල කල භීෂණය හමුවේ අබල දුබල වී සිටි වමේ කොටස් ධෛර්ය සම්පන්නව නඟා සිටුවීමට ප්‍රා සංවිධානය යම් තරමකින් සමත් විය. එකල මහජන පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු වූ  වත්මන් සෞඛ්‍ය ඇමති රාජිත සේනානායකද ප්‍රා සංවිධානයේ ප්‍රබලයෙකුව සිටි බව ප්‍රචලිත විය.  


ප්‍රා සංවිධානයේ බංකර් සහ නිවාස ගණනාවක් කොළඹ සහ තවත් ප්‍රදේශ කිහිපයක පවත්වා ගෙන ගියේය. කොම්පඤ්ඤවීදියේ රජයේ ලිපිකරු සේවා සංගම් ගොඩනැගිල්ල, බැරැක්ක පටුමගේ නව වමේ බංකරය, නොරිස් කැනල් පාරේ බංකරය, බොරැල්ලේ ඔස්ලෝන් බංකරය, අනුරාධපුර රජරට සේවය අසල වෘත්තිය සමිති බංකරය, වෙන්නප්පුවේ ෆෙස්ටස් පෙරේරාගේ බංකරය, කුරුණෑගල ජයවික්‍රමගේ බංකරය ඒ අතර ප්‍රධාන විය. ප්ලොට් සංවිධානයේ සන්නද්ධ නායකයෙකු වන උමා ප්‍රකාශ් සිටියේද ෆෙස්ටස් පෙරේරාගේ නිවසට ආරක්ෂාව සපයමිනි. පසුව ඔහු ප්ලොට් නායක උමා මහේෂ්වරන් 1989 ජුලි මස ඝාතනයට ලක් වීමෙන් පසු ඉන්දියාවට පැන ගියේය.

රනිල් වික්‍රමසිංහ සිය ආරක්ෂාවට රැඳී සිටි නිවස අසල වූ  බටලන්ද වධකාගාරය කළු බළල්ලු සංවිධානය මගින් මෙහෙයවූ අතර ඒ සමඟද ප්‍රා සංවිධානය හොඳ ගනුදෙනුවක් තිබිණි. ප්‍රා නායක පොඩි සිල්වා සහ ධර්මසිරි 1989 ජුනි 19 වැනිදා රනිල් වික්‍රමසිංහද හමුවී තිබිණි. කර්නල් ජානක පෙරේරා ගෙන් 1989 අප්‍රේල් සහ මැයි මාසයේ වාර දෙකකදී අවි ලබාගත් බවට වාර්තා වේ. පොඩි සිල්වා සහ ධර්මසිරි, ඔසී අබේගුණසේකර සමඟ ඩග්ලස් පීරිස් ඇතුළු බටලන්ද වධකාගාරයේ මෙහෙයුම්වලට සම්බන්ධ කිහිප දෙනෙකු සමඟ ප්‍රා සංවිධානය වෙනුවෙන් සම්බන්ධතා නිරතුරුව තබා ගත්තේය. පොඩි සිල්වාගේ දිනපොත අනුව පද්මනාභ සමඟ නිරතුරුව උපදෙස් ලබාගෙන තිබිණි.


(උපුටා ගැනීම අන්තර්ජාලයෙනි)

Monday, 21 October 2019

බටලන්ද වධකාගාරයේ තරුණ ලතෝනි


රණසිංහ ප්‍රේමදාස පියාණෝගේ යුගයෙන්.....2

බටලන්ද වධකාගාරයේ තරුණ  ලතෝනි.




පොලිස්‌ දෙපාර්තමේන්තුවේ සිටින ඇතැම් පොලිස්‌ නිලධාරීන් කාකි ඇඳුම පැළඳි කළ නීතිය ඔහු අතේ යෑයි සිතමින් කටයුතු කරන අවස්‌ථා අප කොතෙකුත් දැක ඇත. පොලිසියට ගොඩ වදින මිනිසුන් ඉදිරියේ අඩි පොළවේ ගසා තිරිසනුන් මෙන් හැසිරෙන පොලිස්‌ රාළහාමිලා ඕනෑ තරම් පොලිසිවල සිටිති.

අඟුලාන පොලිස්‌ ස්‌ථානාධිපති නිව්ටන් ඇතුළු රාළහාමිලා අඟුලානේ අහිංසක නිරායුධ තරුණයන් දෙදෙනා ඝාතනය කළේ ද නීතිය තම කාකි කබායට යට වී ඇතැයි සිතමිනි.

ප්‍රේමදාස යුගයේ 88-89 භීෂණය කාලය මෙන් අති භයානක වකවානුවක්‌ වෙත මේ රට නොයනු ඇතැයි විශ්වාසය. එකල රනිල් වික්‍රමසිංහ පදිංචි නිවසට ආසන්යේ වූ බටලන්ද වධකාගාරයේ තරුණ තරුණියෝ ලතෝනි දුන් හඬ ඒ අසල නිවෙස්‌වල ජීවත් වූවන්ගේ හදවත් අදටත් පාරවන බව ඔවුහු පවසති. 

වසර විස්‌සකට පෙරාතුව සිදු වූ ඒ ඝාතන කළ බොහෝ පිරිස්‌ අද ජීවතුන් අතර නැත. ඉන්නා පිරිසද වයෝවෘද්ධය. ඇතැම් අය දේශපාලන වශයෙන් කොන්වී හමාරය.

භීෂණ කාලයේදී මේ රටේ තරුණ තරුණියන් ඇසීමට බිය වූ නම් කිහිපයක්‌ තිබිණි. එකක්‌ ආර්. ප්‍රේමදාස නාමයය. අනෙක රන්ජන් විඡේරත්නය. ඒ වාගේම රෝහණ විඡේවීරගේ නම සහ ඩග්ලස්‌ පීරිස්‌ගේ නමට ද තරුණ තරුණියෝ බිය වූහ.



(උපුටා ගැනීම අන්තර්ජාලයෙනි)

Sunday, 20 October 2019

භීෂණයට මුවාවූ තරුණ ඝාතන

රණසිංහ ප්‍රේමදාස පියාණෝගේ යුගයෙන්.....1

 භීෂණයට මුවාවූ තරුණ ඝාතන




1988-89 භීෂණය සමග ගමන් කරන නම් අතර රෝහණ විඡේවීර, ආරක්‍ෂක
ඇමැති රන්ජන් විඡේරත්න, ජනාධිපති ආර්. ප්‍රේමදාස තරමටම ඩග්ලස්‌ 

පීරිස්‌ නමැති පොලිස්‌ නිලධාරියා ද ජනතාව අතර සුප්‍රසිද්ධය.


භීෂණය පැවැති සමයේ පෑලියගොඩ පොලිස්‌ අධිකාරී වූයේ ඩග්ලස්‌ පීරිස්‌ය.  


බටලන්ද වධකාගාරය මේ රටේ ජනතාව අතර ප්‍රචලිත වූයේ යම් සේද 

ඊට  අනුබල දුන් රනිල් වික්‍රමසිංහ ඇතුළු දේශපාලනඥයන්ගේ මෙන්ම 

තව  අයගේ නම් ද තවමත් මේ රටේ ජනතාවට මතකය.


88-89 කාලය තරම් මේ රටේ මිනිසුන්ට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමි කළ
 කාලයක්‌ අපට නම් මතක නැත. භයානක භීෂණයක්‌ එකල මුළු රටම 
වෙලාගෙන තිබිණි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයා, පොලිස්‌ නිලධාරියා, ග්‍රාමසේවක, හමුදා 
සෙබළුන්ගේ පවුලේ උදවිය පමණක්‌ නොව තරුණ පරපුරම සිටියේ මරණය
එළිපත්තේය. පුංචි තුණ්‌ඩු කැබැල්ලකින් ඕනෑම දෙයක්‌ වෙනස්‌ කිරීමට
හැකියාව තිබූ එ කාලයේදී ප්‍රේමකීර්ති ද අල්විස්‌, විජය කුමාරතුංග, රිචඩ් ද 
සොයිසා වැනි රටක්‌ වටින අග්‍රගණ්‍ය මිනිසුන් ද නිරපරාදේ ඝාතනයට ලක්‌ වූහ.

එහෙව් ඝාතනයක්‌ පිළිබඳව ගම්පහ පළාත්බද මහාධිකරණයේ විභාග වූ 
නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් විය.


1989 ජුලි 07 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දී දෙල්ගොඩ, කඳුබොඩ
 "අඹසෙවන" නිවසේ පදිංචිව උන් උදයචන්ද්‍ර ලියනගේ සහ රත්නචන්ද්‍ර ලියනගේ
 යන එකම පවුලේ තරුණයින් දෙදෙනාගේ ඝාතනයට අදාළව මහාධිකරණය
 ලබාදුන් තීන්දුව භීෂණය නිර්මාණය කළ උන්ටත්, භීෂණයට මුවා වී පුද්ගලික 
පළිගැනීම් කළ පොලිස්‌ නිලධාරීන්ටත් හොඳ පාඩමක්‌ කියා දී තිබේ.


88-89 භීෂණයට මුවාවී මේ තරුණයන් දෙදෙනා ඝාතනය කිරීමේ අරමුණින් 
ඔවුන්ව රැගෙන ගිය පොලිස්‌ අධිකාරී ඩග්ලස්‌ පීරිස්‌ ඇතුළු පස්‌දෙනකුට 
බරපතල වැඩ සහිතව වසර පහක සිර දඬුවමක්‌ ලබාදීමට ගම්පහ පළාත්බද
 මහාධිකරණ විනිසුරු සමන් වික්‍රමාරච්චි මහතා දුන් තීන්දුව සාමය, සමගිය, 
ප්‍රජාතන්ත්‍රවාදය ඇගයීම පමණක්‌ නොව නීතිය සියල්ලටම ඉහළින් තිබෙන බව 
යළිත් තහවුරු කිරීමට තරම් වූ තීන්දුවක්‌ බවට පත්ව ඇත.


තීන්දුව ප්‍රකාශ කරමින් ගම්පහ පළාත්බද මහාධිකරණ විනිසුරු සමන් 
වික්‍රමාරච්චි මහතා කළ ප්‍රකාශයෙන් කොටසක්‌ උපුටා දැක්‌වීම වැදගත් යැයි 
සිතමි.



"නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින නිලධාරීන් නීතියට එකඟව ක්‍රියා කළ යුතුයි. 
උසස්‌වීම්, විවිධ වරප්‍රසාද, බලාපොරොත්තුවෙන් නීතියේ කඩතුරාවට, නිල 
ඇඳුමට මුවාවී නීතියට පටහැනිව ක්‍රියා කිරීමට කිසිවකුට නොහැකිය. අද 
ජාතික වීරයකු හෙට ජාති ද්‍රෝහියකු විය හැකියි. ඒ නිසා අප සියලු දෙනාම 
නීතියට අනුව සාධාරණව ක්‍රියා කළ යුතුයි.

අභියාචනාධිකරණය නියෝග නොකළා නම් මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ
 සිදු නොවන්නට ඉඩ තිබිණි. රටේ පැවති භීෂණයට විරුද්ධව භීෂණයක්‌ 
ක්‍රියාත්මක වී තිබූ නිසා දෙමාපියන්ට පැමිණිල්ලක්‌ කිරීමට නොහැකිව තිබුණා. 
අවසානයේදී දරුවා අහිමිවීමේ නඩු විභාගයට පෙර දෙමාපියන් මෙලොවින් 
සමුගෙන තිබුණා. රටක කැලෑ නීතියක්‌ ක්‍රියාත්මක විය යුතු නෑ. අධිකරණය රටේ
 සැමට සමාන විය යුතුයි. මෙම තීන්දුව යළි භීෂණයක්‌ ඇති නොවීමට 
පූර්වාදර්ශයක්‌ කරගත හැකියි."
(උපුටා ගැනීම අන්තර්ජාලයෙනි)