Powered By Blogger

Tuesday, 24 November 2020

කොපි කැට් කලාව

 



කලා නිර්මාණ කොපි කිරීම පිළිබඳ ඉතිහාසය බොහෝ ඈතට යන්නක්. Copycat (කොපිකැට්) යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් වචනයක් බිහි වී ඇත්තේ ද මේ නිසායි.

චිත්‍ර, මූර්ති, සිනමාව, ගීත, කවි, කෙටිකතා, නවකතා යනාදී විවිධ කලාංගයන්ට අදාළ නිර්මාණ කොපි කිරීම නැතහොත් අනුන්ගේ නිර්මාණ හොරා ගෙන තමන්ගේ සේ සමාජගත කිරීමේ ගඳ ගසන ඉතිහාසය යළි ගොඩ ගැනීම මේ රචනාවේ අරමුණ නොවෙයි.


තමන් යතුරු ලියනයට බාරගත් නවකතාවක් පොතේ නම වෙනස් කොට තමන්ගේ නමින් ප්‍රකාශකයෙකු ලවා එළිදක්වා වංචා කිරීමට අධිකරණයෙන් වරදකරුවෙකු වූ ප්‍රසිද්ධ පත්තරකාරයෙකුගේ නම ලේඛනාගාරයේ ලියාපදිංචියෙන් ඉවත් කළේ 60 දශකයේ මුල් භාගයේදී.


කලෙක ගුවන් විදුලි ගීත රචනා බැංකුවට ආධුනිකයින් යැවූ නිර්මාණ ප්‍රවීනයින් තම නමින් ගායකයින් ලවා ගායනා කළ බවට චෝදනා නැගුණා. තරඟ සඳහා හෝ කියවන්නට ලැබුණ චිත්‍රපට තිර රචනා ප්‍රවීනයින් විසින් මංකොල්ල කනු ලැබූ බවටද චෝදනා එල්ල වූ අවස්ථා තිබුණා.


එපමණක් නොවේ තමන්ගේ නවකතාවක් ඇසුරෙන් නිෂ්පාදනය කළ චිත්‍රපටයට වෙනෙකෙකු ලියූ ගීත තමන්ගේ නමින් ලේබල් ගසා ගත් ප්‍රසිද්ධ සිංහල උපකාර පංති ගුරුවරයෙකු ලියූ තිරනාටකයක්ද තවත් උන් සොරකම් කිරීමේ අත්දැකීම් අප කියවා තියෙනවා. 


විශිෂ්ට චිත්‍රපටයකට හෙළ කව්, ගී අරණේ දැවැන්තයා ලියූ ගීතයක් තමන්ගේ නමින් ලේබල් ගසා ගත් මහාචාර්ය චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් ගැනද, ජ්‍යෙෂ්ඨ ජන වහර පර්යේෂකයෙකුගේ පර්යේෂණ සොරා ගෙන තමන්ගේ පොත් වලට යොදා ගත් ලේඛක ප්‍රකාශකයෙක්, හෙළ කලා ලොව මුදුන් මල් කඩක් වන් නිර්මාණකරුවන්ගේ පොත් පිටින් හොරෙන් මුද්‍රණය කොට විටෙක උසාවි ගොස් වැරදි කරුවන් වූ බවද, උසාවි නොගිය සොරකම් එසේම ඉතිහාසයේ වැලි තලාවට යට වූ බවද ප්‍රචලිතයි.


වාමාංශික යැයි කියන දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටිමින්  “ඇත්ත මිනිස්සු” ලෙස තමන් හඳුන්වාගත් කලාවට සම්බන්ධ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් අභාවප්‍රාප්ත ප්‍රකට​ පරිවර්තිකාවක සහ ලේඛිකාවක මෙන්ම පරිපාලන නිලධාරිනියක ගුවන්විදුලියේ කළ කතා පෙළක් තමන්ගේ නමින් මුද්‍රණය කොට අසුවී උසාවියෙන් මෑතදී වරදකරුවෙකු වුණා. 


මෙලෙස නිර්මාණ මංකොල්ලකනවා යැයි කියන්නේ වෙනත් කෙනෙකු කළ නිර්මාණයක් එම තැනැත්තාගේ අනුමැතියක් ඇතිව හෝ නැතිව තමන්ගේ කාර්යයක් තුළ ඒ ගැන සඳහන් නොකොට ඉදිරිපත් කිරීමයි. මෙයට ප්‍රකාශයට පත් කරන ලද හා නොලද සියලුම අත්පිටපත්, මුද්‍රිත දේ මෙන්ම ඉලෙක්ට්‍රොනික මාධ්‍යද ඇතුළත් වෙනවා. 

මේ ලිපිය  ලියන්නට පදනම වැටුණේද එවන් කොපිකැට් කලාවක් නිසා තමයි. අවසර ගෙන පරිවර්තනය කළාදැයි නොදන්නා විදෙස් නවකතාවක සිංහල පරිවර්තනයෙන් තෝරාගත් ජේද තමන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණයකට ගෙඩි පිටින් කොපි ඇන්ඩ් පේස්ට් (copy and paste) කිරීම ගැන මෑතකදී එම කෘතියට සම්මාන ලැබූ වැඩිහිටි ලේඛිකාවක් ගැරහුම් ලැබුවා. 

ඒ පමණක් නොවෙයි ඇයට හිමි වූ සම්මාන හා මුදල් ආපසු ලබා ගත යුතු බවට පොත නොකියවූ අය පවා ඝෝෂා කළා.


ඇය එම සම්මානය හා මුදල් ආපසු හරවා යැවූ බව අසන්නට ලැබෙනවා. එය ඇත්තක් වෙන්න පුළුවන්. මන්ද ඒ හැම සියලු ඝෝෂාවන් අහවර වුණා. ඒ කියන්නේ යටි අරමුණ සම්මාන වලට කෙලවීමයි. 


දැන් අපට හිතෙන්නේ සමාජ මාධ්‍ය හරහා විශාල ඝෝෂාවක් කළේ ලැබූ සම්මාන ආපසු හැරවීමට මිස මේ හරහා සිදු වූ, සිදු වෙමින් පවතින අගතිගාමී ක්‍රියාවලිය ආපසු හැරවීමට නොවන බවයි. 


සම්මාන ආපසු හැරවූ පසු කටපුකවල් වහගෙන ඉඳීමෙන් අපට ගම්‍ය වන්නේ එවැන්නක්. එසේ නොවී මින් ඉදිරියට එවන් කොපිකැට් කිරීම් සිදු නොවීමට අවශ්‍ය මතවාදීමය හා භාවිතමය කතිකාවක් ගොඩ නැගීම සිදු නොවීම ඛේදවාචකයක්.


අපට නම් කොපි කිරීම නිර්මාණකරුවෙකුගේ පැවැත්මට කිසිසේත්ම සුදුසු කාරණාවක් නොවෙයි. කොටින්ම කොපි කැට්ලා නිර්මාණකරණයට නුසුදුසුයි.


ඒත් සම්මාන බොරුහිල පස්සේ ගොස් සම්මාන ආපසු හරවා නිහඬ වීමත් තවත් බොරුහිලක්.


අන්තිමේට අහන්නට වෙන්නේ ලේඛක චෞරත්වයට (Plagiarism) වඩා “සම්මාන බොරුහිල ලොකුද?” කියලයි.

 

සෙස්ස පස්සට…

 

Monday, 23 November 2020

නාවික භාෂාව වෙනම භාෂාවක්

 

නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  

නොකීකතා පෙළක්.
 

 
 

නාවික ජීවිතය ගැන කතා බහ කරද්දී නාවික භාෂාව ගැන යම් දැනීමක් තිබීම අවශ්‍යයි. ඊට හේතුව නාවික කටයුතු වලදී යොදන සමහර වචන අප සාමාන්‍ය ජීවිතයේ සමාන අවස්ථා හා දේවල් හැඳින්වීමට යොදන වචන වලට වඩා එහැම පිටින්ම වෙනස් වීමයි.

නෞකාවන්හි එක් එක් අංශයන්, නැතිනම් කොටස් වගේම ක්‍රියාකාරකම් හැඳින්වීමට යොදන වදන් මාලාව ඉතා පුළුල් වුවත් අපට නිතර දෙවේලේ භාවිතය වූ වචන අපට ඉක්මනින් ඉගෙන ගන්න සිදු වුණා.

නැවක කොටස් නම් කෙරුණේ මේ ආකාරයටයි. පහත රූප සටහන් දෙකෙහි ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් කොට ඇති ප්‍රධාන කොටස් මා පැහැදිලි කරන්නම්.

Funnel – නාවික ව්‍යවහාරයට අනුව නැවේ දුම් බටයයි. නැවේ එන්ජින් ක්‍රියා කිරීමේදී තෙල් දහනය වීමෙන් නැගෙන දුම් පිට වන්නේ ෆනල් එක හරහායි. මේ ෆනල් එක එන්ජින් කාමරයේ (Engine room) සිට නැවේ මතුපිටින් ඉහළට එසැවීම දක්වා සවි කොට තිබෙනවා. එන්ජින් කාමරයේ යනු විශාල ඉඩකඩක් අත්පත් කොට ගන්නා, විශාල නැවක නම් තට්ටු දෙකක් තුනක් උසට යන්ත්‍රාගාර හා උපකරණ සවි කොට ඇති ආරක්ෂිත ප්‍රදේශයක්.

මගේ පුහුණුවේ වැඩි කාල පරාසයක් ගත කළේ මෙවන් එන්ජින් කාමර වලයි.

Stern – ස්ටර්න් නමින් හැඳින්වෙන්නේ නැවක පසුපසම කොටසයි. ස්ටර්න් එකට ගොස් මස්ටර් වෙන්න කී විට මට එකවරම උඩ බිම බැලුණා. මස්ටර් වෙනවා යනු පෙළගැසී සිට ගැනීම බව මූලික පුහුණුවේදී මා දැන සිටියා. සෑම දිනකම උදෑසන රාජකාරියේ නියුතු මෙන්ම වැඩමුර අවසන්ව විවේක ගන්නා සියලුම නැවියන් හා නිලධාරීන් ස්ටර්න් කොටසේ මස්ටර් වුණා. තම තමන්ගේ අංශ වලට අයත් සෑම දෙනෙකුම නිරුපද්‍රිතව සිටින්නේද යන්න නිලධාරීන් ස්ථිර කොට දැනගත්තේ මේ පෙළ ගැසීමේ දී. අසනීප අයට පමණක් ඒ බව කලින් දන්වා තමන්ගේ කැබින් (Cabin) එකේ රැඳී සිටීමට අවසර ලැබුණා. කැබින් නොහොත් නේවාසික කාමර පිහිටා තිබුණේ නැවක ඈතින් පෙනෙන superstructure එකේ, එනම් accommodation කොටසේයි.

 
 ඉතිරිය  පහත link එකෙන් ආලෝචනා  අන්තර්ජාල සඟරාවෙන් කියවන්න.
 
 
 
 

Monday, 26 October 2020

නැව් වලට නම් තැබීම

                              


නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  

නොකීකතා පෙළක්.

"......හැත්තෑව සමගි පෙරමුණ රජය සමයේ චීනයෙන් ගෙන්වන ලද වේග ප්‍රහාරක බෝට්ටු ‘සූරයා’, ‘වීරයා’, ‘රණකාමී’ හා ‘දක්ෂයා’ ලෙස නම් තබා ඇත්තේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක නමේ මුල් අකුරු යොදාගෙනයි.

අසූව දශකයේ මුල් භාගයේ නාවික හමුදාවට අලුතෙන් ලැබුණු වේග ප්‍රහාරක බෝට්ටු ‘ජගතා’ හා ‘රක්ෂක’ ලෙස නම් තැබුවේ එවකට ජනාධිපති වූ ජේ. ආර්. ජයවර්ධනගේ නමේ මුල් අකුරු යොදා ගෙනයි.

‘ජයසාගර’, ‘සාගරවර්ධන’ යාත්‍රා දෙකට නම් තැබුවේද ජයවර්ධන නාමය සනිටුහන් වන ආකාරයටයි.

මේ ආකාරයෙන් රටේ පාලකයා සතුටු කරන්නට හෝ ඔහුට ගෞරවයක් ලෙස අලුතින් අධිකාරියට පත් වෙන නෞකා නම් කිරීමට ඒ ඒ යුගවල සිටි නාවික හමුදාපතිවරුන් පියවර ගනු ලැබුවා......"

 

ඉතිරිය  පහත link එකෙන් ආලෝචනා  අන්තර්ජාල සඟරාවෙන් කියවන්න.

නැව් වලට නම් තැබීම

  

සෙස්ස පස්සට…



 

 

Tuesday, 13 October 2020

ගැඹුරු මුහුදේ දිය කෙළි

 

නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  

නොකීකතා පෙළක්.


"...
නැංගුරම් දැමීම සඳහා නැව නොගැඹුරු මුහුදට ගෙන යනවා. නැවේ නැංගුරම් පිහිටා ඇත්තේ ඉදිරි පස (Bow) දෙපසිනුයි. නැංගුරම ඉහළ හා පහළ ඇදීම සිදු කෙරුණේ යන්ත්‍රානුසාරයෙන්. නැංගුරම නොහොත් ඇන්කර් (Anchor) එක විශාල දම්වැලක් මගින් මුහුදු පතුළට අතහරිනවා. දහවල් නැව සංචාරය කරද්දී නැංගුරම ඉදිරිපස බඳට ආසන්නයේ සිර කොට එල්ලෙමින් තියෙනවා. නැංගුරම්ලන්නට නැතහොත් ඇන්කර් කරන්නට තීරණය කළ පසු මෝටරය ක්‍රියාත්මක කොට නැව් බඳේ රඳවා තිබෙන දම්වැල දිගේලි කරමින් ඇන්කරය මුහුදු පතුළට සේන්දු කරනවා. නැංගුරම දැමූ පසු සුළඟේ දිශාවට අනුව නැව නිශ්චිත දිශාවකට හැරී දම්වැලෙන් ඇදී නවතිනවා...."

 


".....දිනක් මා කැඳවූ නැවේ කපිතාන්වරයා නාන ඇඳුමින් (Swimming kit) සැරසී ඩෙක් එකට එන්නැයි කියා නැවේ ඩෙක් එකේ සිට ගැඹුරු මුහුදට පිම්මක් පනින්නැයි නියෝග කළා. මට දෙලෝ රත් වුණා. මූලික පුහුණුවේදී පිහිනන්නට පුරුදු කොට තිබුණත් මා ඒ වන විට පිහිනීමේ දක්ෂයෙක් වී සිටියේ නැහැ. මට වඩාත් හුරු වී තිබුණේ උඩුබැලි අතට වැතිරී පාවීමට(floating) හා පිහිනීමටයි. මට අවකාශ ලැබුණේ ජීවිතාරක්ෂක ජැකට්ටුවක් (Life jacket) එකක් හැඳගන්නට පමණයි. මට මතක විදිහට එය මට ලබා දුන්නේ මාස්ටර් චීෆ් පෙටි ඔෆිසරයි (Master Chief Petty Officer). ඒ නමින් හඳුන්වන්නේ නාවික සෙබළුන්ගේ ඉහළම නිලය දරන්නායි.

මා නැවෙන් පහත මුහුද දෙස බැලුවා. නාවිකයින් කිහිප දෙනෙකු ගැඹුරු මුහුදේ පිහිනමින් සිටියා. දිය කෙළියේ යෙදෙමින් සිටියා.

“මට හොඳට පිහිනන්න බෑ” කියා කියන්නවත් අවකාශයක් නොදුන් කොමාන්ඩර් රසීක් Jump කියා කෑ ගැසුවා.

ඕනෑ මඟුලක් වෙද්දෙන් කියා සිතූ මා හොඳ හුස්මක් සිරකර ගෙන ගැඹුරු මුහුදට පැන්නා....

 

ඉතිරිය  පහත link එකෙන් ආලෝචනා  අන්තර්ජාල සඟරාවෙන් කියවන්න.

ගැඹුරු මුහුදේ දිය කෙළි 

  

සෙස්ස පස්සට…



 

Wednesday, 30 September 2020

සී සික් හා ෂිකේ ෂික්….

නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  

නොකීකතා පෙළක්.


උරහිස් පළඳනාව මගිනුයි කිසියම් නිලධාරියෙකුගේ නිලය (Rank) හඳුනා ගත්තේ. උරහිස් පළඳනාවේ වූ හීන් පටි සංඛ්‍යාව අනුව නිලයත්, පටි අතර වර්ණය අනුව අයත් වන අංශයත් පිළිබිඹු වුණා.

උප ලුතිනන්ට එක පටියක්ද, ලුතිනන්ට පටි දෙකක්ද ආදී වශයෙන් වෙන් වුණා. අප අතර උප ලුතිනන්ලා මෙන්ම ලුතිනන්ලාද සිටියේ මා වැනි සමහරු උපාධිය සම්පුර්ණ නොකොට හමුදාවට බැදී සිටි නිසයි. උප ලුතිනන් ලෙස බඳවා ගත් උපාධි අපේක්ෂකයින් උපාධිය සම්පූර්ණ කළ පසු ලුතිනන් තනතුරට පත් කරන්නට නියමව සිටියා. 

     


          

මා එඩිතර නෞකාවට ගොඩ වූයේ ලණු ඉණිමගක එල්ලීගෙනයි.ඊට හේතුව එඩිතර, ජයසාගරට වඩා තරමක් උසින් වැඩි වීමයි.

එඩිතර නෞකාව සාපේක්ෂව විශාලයි. මා කෙලින්ම මට වෙන් කළ කාමරයට කැඳවාගෙන ගියා. ඒ කැබින් (Cabin) එක ඇඳක්, කුඩා මේසයක් යාබද නානකාමරය හා වැසිකිළියක් සහිත පුංචි ඉඩක්. ලුණු මිශ්‍ර සුළඟේ තෙත් ගතිය නිසා ඇඟ ලුණු ගතියෙන් ඇලී තිබුණ නිසා මා හොඳින් ස්නානය කර අවසන් වද්දීම රාත්‍රී ආහාරයට වෝඩ් රූම් (ward room) එන ලෙස සහකාර නැවියෙකු පැමිණ කියා සිට මා කැඳවාගෙන ගියා.

මා වෝඩ් රූම් වෙත යද්දී කොට කලිසම් හා ටී ෂර්ට් හැඳ සිටි උසස් නිලධාරීන් දෙදෙනෙකු ආහාර ගනිමින් සිටියා. ඒ නැවේ අණ දෙන නිලධාරී (CO) හා ඉංජිනේරු නිලධාරී (EO) බව හඳුන්වා දුන්නා. මා සිටියේ බමන හිසින් යුතුවයි. මොකෝ සී සික්ද?  CO ඇසුවා. මට ආහාර අනුභව කරන ලෙස නියෝග ලැබුණා.

උණු බත්, පොල්සම්බල සමඟ කරවල බැඳුමක්. මා පෙරේතකමටත් එක්ක බඩ පිරෙන්න කෑවා. “No liquor for Trainees” අණදෙන නිලධාරියා එසේ පැවසුවේ ඉංජිනේරු නිලධාරියා සමඟ විස්කි වඩියක රස බලන ගමන්. 

ආහාර ගෙන අවසන් වීමත් සමඟ මගේ හිස කරකැවිල්ල උපරිමයට ළඟා වී මට වමනය ගියා. ආහාරයට ගත් බත්, පොල් සම්බල්, කරවල බැඳුම රැගත් වමනයෙන්  word room එකේ සින්ක් එක පිරුණා. මට “ෂිකේ ෂික්” කියා හිතුණා.    


ඉතිරිය  පහත link එකෙන් ආලෝචනා  අන්තර්ජාල සඟරාවෙන් කියවන්න.