Powered By Blogger

Monday, 18 April 2016

සරසවි කුරුටු කවි එක්ක වැඩිහිටි කවි


පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙසත්, අධ්‍යයන කාර්‍ය මංඩල සාමාජිකයෙකු ලෙස අවස්ථා දෙකකදීත් ගත කළ දිවිය විටෙක කටුකයි වගේම ආශ්වාදජනකයි.

ශිෂ්‍යයෙකු ලෙස වසර හතරක් ගත කොට ඉන්ටෙක් (Instructor) විදිහට ටික කාලයක් වැඩ කළේ 80 දශකයේ. 

ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයට පිවිසුණාට පස්සෙ අවුරුදු 8 ක් සේවය කළා 90 දශකයේදී. 

ආයෙම 2010 දී සිනමාව පිළිබඳ දේශකයෙකු විදිහට වැඩ කරන ගමන් මහාචාර්‍ය මුනිදාස පී. රණවීර පිළිබඳත්, ඉංජිනේරු පීඨය ගැනත් වාර්තා වීඩියෝ චිත්‍රපට දෙකක් නිර්මාණය කළා.

පේරාදෙනිය ඉංජිනේරු පීඨය ගැන වාර්තා වීඩියෝව

මහාචාර්‍ය රණවීර ගැන වීඩියෝව.

මේ වගේ කාරණා වලදී විශ්වවිද්‍යාලය එක්ක සමීප ගනුදෙනුවක් කළ නිසා මම මගේ ගම් පියසට පසුව මගේ දෙවැනි නිවහන විදිහට සළකන්නෙ හන්තානේ අඩවියයි. 

මේ වැඩවලදී අවුරුදු 15 විතර මේ ඉසව්වේම කරක් ගහපු හංදම පේරාදෙනිය සරසවිය ආශ්‍රිත කුරුටු කවි කිසියම් ප්‍රමාණයක් එකතු කරගන්නත් මට අවකාශ සැලසුණා.

පුස්තකාලෙ රාක්ක වල  වගේම දේශන ශාලා වල ඩෙස්ක්, පුටු වලත්, කලාගාරයේ ආසන වලත් මේ කුරුටු කවි තියෙනවා.

පුස්තකාලෙ කුරුටු කවි හොයන්න ගිහින් පස් වෙනි තට්ටුවෙන් උඩ පාළු පොත් රාක්ක අස්සෙ ගල් කපල ඉහිරිච්චි දියර අතේ පයේ නොතැවරුණාමත් නොවෙයි. තාමත් දැනෙනව වෙරළු මල් සුවඳ..
(මේ බ්ලොග් සටහනේ මාතෘකාවත් වැඩිහිටි කවි නිසා කියවන් යද්දි මොකක්ද මොකක්ද වගේ දැනෙන පොඩිහිටියන් ඉන්නව නං වැඩිහිටියන්ට ඉඩ දීල කට පුක වහගෙන පැත්තකට වුණොත් හොඳයි.)




 මෙන්න ඒ අතරින්  කීපයක් .

======================
නටව නටව පස්ස පැත්ත
යන විට මම පාරේ බැස
යකෙක් යකෙක් කියා කොල්ලො
කෑ ගහනව බැල්කනි වල
මටත් කුහුල දැනේ එවිට
එතරම් මම කැතද කියා
හැන්ඩියො ගැන හිතා මාත්
මනෝ ගැහැව්වත් කොපමණ
මේ අවුරුදු දෙක තුන තුළ
එකෙකුන් වත් නෑ නොවේද
මා දෙස නිකමට බැලුවේ.
(පුස්තකාල පොතකින්)

=========================
අනාගතේ විසිතුරු  මල්
එක හිතකින් පොදි බැඳගෙන
ලක්ෂ්මන්ගේ අණඩරයක්
නෝට් පොතින් කියවන විට
මුළු ලෝකෙම එපා වෙලා
හිතුණා මට නිදාගන්න
ලොව කාගෙත් දුක නිවන්න
කවියේ ඇති පුදුම බේත
දිව ගෑවුනෙ එවිටයි මට
(පුස්තකාල මේසයකින්)

========================
දුටුවේ තනිව යන කල මාවතක් දිගේ
වසරක් මනෝ ගැසුවෙමි රූපයට ඇගේ
සැමවිට මදෙස බැලුවත් ආදරෙන් වගේ
ගට හොරකමක මහතක් දෙයියනේ මගේ
(පුස්තකාල මේසයකින්)

=======================
අහස සිප ගෙන නැණැස වඩවන
තක්සලාවේ පුස්තකාලය
වසර ගණනක් ගෙවුණ මුත් එහි
ඔබෙන් මා ලද ඵලය කිම  අද?
දහස් ගණනක් සමනලුන් මැද
පියාපත් සිඳි සමනලෙකු ලෙද
ඔබේ තුරුලේ උණුසුමට මම
යටගියාවූ සැඳෑ සමයේ
බුද්ධියේ මහ සිප්හලේ
යසෝරාවය නැගූ පෙර දින
දහස් ගණනක් දූ  පුතුන් මැද
මමද තනි වෙමි- අනාගතයේ
තවත් නුවණැති පුතෙකු විලසින්.
(පුස්තකාල බිත්තියකින්)

==========================
එම්බා මනෝ ධාතුව!
පුරා සිව් අවුරුද්දක්
භෞතික විද්‍යාවේ
සියලු න්‍යායන්ගෙන්
මම නුඹ පෝෂණය කොට ඇත්තෙමි..
ක්වොන්ටම් යාන්ත්‍රණයෙන්ද,
පරමාණුක භෞතිකයෙන්ද,
සාපේක්ෂතාවාදයෙන්ද,
විද්‍යුත් චුම්භක සංස්ථිතියෙන්ද
ඇතුළු මෙකී නොකී න්‍යායන්
හැම දිනකම, පැයකම, තත්පරයකම
මම නුඹ වෙත දැනුම ගැබ් කළෙමි...

ඉදින්,
අදින් එළැඹෙන විභාගය තුළ
ඔබ තුළ පිළිසිඳ ගත් ඒ දැනුම
සුදු කඩදාසිය මත
පැය තුනක් දිග හරින්නට
ඔබට සියලු ධෛර්‍යය ලැබේවි..
(පුස්තකාල මේසයකින්)

=============================
ඇයි
ඔබ මගේ
ජීවිතය එක්ක
සෙල්ලම් කළේ...

තව
කොයි තරම්
දේවල් තිබුණාද
සෙල්ලම් කරන්න.
(පුස්තකාල මේසයකින්)

ඒ වගේම බොහෝ සරසවි වැඩිහිටි කවි කටින් කට එන ඒවා.

අපේ රැග් සීසන් එකේ ජේෂ්ඨ උත්තමයින් අපිට පාඩම් කෙරෙව්ව වගේම අපිත් අපේ ෆ්‍රෙෂාලට ඕව පාඩම් කෙරෙව්වා.

මේ වැඩිහිටි කවි වල සමහර අකුරු X අකුරින් සඳහන් කොට ඇත්තේ අහම්බෙන් හෝ අඩුහිටියෙකු කියෙව්වොත් යම් අපහසුතාවකට පත් වෙන්නට ඉඩ ඇති නිසාය.

ඒත් බොහෝ ලාංකිකයන් තමන්ගේ ගෙදරදී නොවේ නම් අල්ලපු ගෙදරින්, පාසලෙන්, විශ්වවිද්‍යාලයෙන් මෙන්ම කාර්‍යාලයේදී  "මොන පයියක්ද", "හුත්තිගෙ පුතෙක්", "පුක තමයි", "හුකන්නෙ නැතිව හිටපන් ඩෝ" වැනි අසභ්‍ය යැයි සම්මත කොටගෙන ඇති එහෙත් තම පියාගේ හෝ මවගේ මෙන්ම තමන්ගේම  ලිංගික අවයව හඳුන්වන වචන අසා ඇතිවාට සැක නැත.

 මෙන්න ඒ අතරින්  කීපයක් 
====================
හස්තෝපක්‍රමය හස්තෝපක්‍රමය
කරනා විටදි නැතිවෙයි බලවික්‍රමය
ඊට වඩා හොඳ ක්‍රමයකි පුක්ක්‍රමය
කොයික කලත් යන්නේ එක ශුක්ක්‍රමය
======================
ගුත්තිල මහ සිපී
මුසිලට ගලක් කපපී
මුසිල ඉන් කිපී
සරම විසිකර අතේ ගසපී
=====================
මහ බඹා වැල්ලේ
ගසනා විටදි අල්ලේ
රිස්ස ගොස් පොල්ලේ
වැටුනි ඇට දෙක ගලක් පල්ලේ
======================
පැරකුම් කුමරුවා
රුහුනේ සටන් කෙරුවා
දැක සුගලාගෙ කලවා
කඩුව විසිකර අතේ ගැසුවා

විජිතපුර සටනට
ගොස් එන ගැමුනු කුමරුට
හිතුනා Xකන්නට
ගලක් කැපුවා වේලුසුමනට
======================
සදවා සුදු වැලි පිවිතුරු
පෙරලාගෙන ඇය උඩිකුරු
මිරිකාගෙන ඇගෙ පියයුරු
දනෝ කෙලිති හම යනතුරු
======================
ලිලානිගෙ කලවා
දැක මගෙ වකුටු පිලවා
ඇට දෙකද සොලවා
මයිල් අතරින් එබී බැලුවා
=====================
පොල්ගොලු උයන්වතු
ගුරු මෙනෙවියන්ගේ Xතු
කළහොතින් ජනසතු
අතේ නොගසමි මම මෙයින් මතු
=====================
Xත්තේ මුලු තුනකි කිරි කවඩියා වගේ
ඇත්තේ හිලකි එය කක්කුටු බෙනේ වගේ
ඒකේ Xකනවිට කිරි කැඳ හැලිය වගේ
එහෙව් එකට මේ Xත්තියො කරන අගේ
====================
යාදෙක නොරත රත
සමග පෑහීමක් නැත
බලුපුක එසේ නැත
එකෙක් ගැහුවම දෙකම හාවෙත
====================
එදිරිවීර සරත්චන්ද්‍ර පිටරටගිය තැන
සිරිගුනයා අයිලින්ගේ කාමරයට පැන
දෙන්න පටන්ගති දෙන්න පටන්ගති දන බිම ඇනගෙන
අති උත්තම ශුක්‍ර ධාතු සාරියේ හැමතැන
====================
කිරි බැමිනිය රෑ පැමිනිය ඇඳ ලඟට
මට නැගුනිය මා නැගුනිය ඇඟ උඩට
මට Xකුනිය Xරි පැමිනිය Xක අගට
සැලලිහිනිය Xක Xක පල මග දිගට
======================
රාමනාදන් වත්තේ
වම්බොටු ගසකි ඇත්තේ
එක ගෙඩියකි පලගත්තේ
ඒක ඇත්තේ කුක්ගෙ Xත්තේ
======================
දෙල්ගහ මුදුනේ ටකේ බඳින්නේ
ටකේ ලනුව ගෙන Xකේ බඳින්නේ

එලිවෙන ජාමෙට Xක නැගිටින්නේ

Xක නැගිටින කොට ටකේ වදින්නේ

=====================
ආටිගල පප්පා
තෙල්ගා Xයිය පුප්පා
ඇටදෙකද හප්පා
ගනී කැම්පස් Xතු උලුප්පා
=====================
තිබුනත් මාල සහ රත්‍රන් පෙරවාලා 
හැම Xත්තම එකයි බැලුවම Xකාලා
ඒකනොදත් අපෙ Xත්තිගෙ පුතාලා
නොXකා මැරෙයි එක Xත්තක් පතාලා






Wednesday, 30 March 2016

"නොකී කතා" බ්ලොග් එකටත් කෙළිය එහෙනං...අහුවෙද්ද ඔය කල්‍යාණ මිත්‍රයා



කොළඹ ගමයා නොහොත් අජිත් ධර්මකීර්ති සමග වේදිකාවේ සීරුවෙන්...

ඇටුවම් බැහැපු පට්ට බ්ලොග්කාරයො දෙන්නෙක් වන "රසිකොලොජිස්ට්"ලියන රසික හරිශ්චන්ද්‍ර සූරියආරච්චිත්, "සැහැල්ලුව" ලියන ඉන්දික උපශාන්තත් නොවෙන්න මට "නොකී කතා" බ්ලොග් එකක් ලියන්න උත්තේජනය සැපයෙන්නෙ නෑ.

බ්ලොග් ගැන මෙලෝ හසරක් නොදන්න කාලෙ ඉන්දික තමයි මගේ පළමු බ්ලොග් එක ලියන්න උනන්දු කළේ. රසික තමයි අවුල් ලිහා ගන්න ඕස්ට්‍රේලියාවෙ ඉඳන් දුරකතන බිල් ගෙවාගෙන තාක්ෂණික උපදෙස් දුන්නෙ.

රසිකටත් ඉහළම සම්මානයක් ලැබීමත් සතුටක්.



ඒ බ්ලොග් එක ලිව්වෙ මම කියල දන්නෝ දනිති වගේම නොදන්නෝ සැක කරති කියල විතරක් දැනට සටහන් කරන්නම්.... 

සෙස්ස පස්සට...!

පත්තර කොලමක් විදිහට ලියැවිලා , පස්සෙන් පහු ග්‍රන්ථයක් විදිහට එළිදැක්ක "නොකී කතා" වල ඉතිරි කතා බ්ලොග් එකක් විදිහට ලියන්න ගත්තෙ ඒ බ්ලොග් එක ලියල ලබපු පන්නරයෙන් තමයි.

නෙළුම් යාය කියල බ්ලොග් සම්මාන උළෙලක් තිබිල තියෙනව කියල මම දැනගත්තෙත් මෑතකදි.

කවදත් සම්මාන පස්සෙ නොයනව විතරක් නොවෙයි සම්මාන තේරීමේ කුහක, කුඩුකේඩුකම් ඇස් පනාපිට දැකල තියෙන සාහිත්‍යකාරයෙක් හා සිනමාලෝලියෙක් විදිහට මේ සම්මාන ගැනත් මං වගේකට ගත්තෙ නෑ.

මෙන්න බොලේ එක දවසක් කොළඹ ගමයගෙ බ්ලොග් එකේ සම්මාන නිර්දේශිත ලැයිස්තුවක් දාල. ඒකෙ "නොකී කතා"ත් තියෙනවා.

ඒත් මං ඕක තඹේකට ගනං ගත්තෙ නෑ.

ඒත් රසිකයි, ඉන්දිකයි බ්ලොග් ලියන්න මාව පෙළැඹෙව්වා වගේම එතෙක් ෆේස්බුක් එකේ පිටුවක් ලෙස පවත්වාගෙන ගිය "දසත සැරිසර" බ්ලොග් එකක් විදිහට එළිදක්වන්න මගේ බලකිරීමෙන්  උනන්දු වූ ශානිකා පවනී හේවගේ ගේ බ්ලොග් පෝස්ට් දෙකකුත් සම්මාන සඳහා නිර්දේශ වෙලා තියෙනව දැක්කම නම් සියුම් සතුටක් දැනුණා.

දවස් කීපෙකට පස්සෙ "කලාහිත" බ්ලොග් එකේ ආයෙම අවසන් වටයට නිර්දේශිත ලැයිස්තුවක් දාල. ඒකෙ "නොකී කතා" හැළිල කියල කිව්වෙත් ශානිකාම තමයි.

අන්තිමේදි "දසත සැරිසර"ටත් සම්මානයක් ලැබුණා. මේ තියෙන්නේ හිනා කට..



මෙන්න සම්මානයක් දිනූ "දසත සැරිසර"
http://dasathasarisara.blogspot.com/2015/07/blog-post.html


"නොකී කතා" නිර්දේශ වෙලා තියෙනව දැක්කම තඹේකට ගනං ගත්තෙ නැති වුණාට හැළිල බව දැක්කම මට එක පාරටම සිහිපත් වුණේ ඉතිහාසය පුරා දැක තියෙන සම්මාන මගඩි



මේ හැළිල්ල අත්වැරදීමක්ද, කකුල් මාට්ටුවක්ද කියල හැරෙන තැපෑලෙන් ප්‍රසිද්ධියේ ඇහුවෙ ඒ නිසයි.

ඒකට කල්‍යාණ මිත්‍ර මාගලක් දිගට හේතු දැක්වුවම කොළඹ ගමයා නොහොත් අප මිත්‍ර අජිත් ධර්මකීර්ති පැනල දෙන්න ගිහිං කරගත්ත අලකලංචියක් බව තේරුණා.

අත්දැකීම් අඩු වුණාම ඔහොම දේවල් වෙනව. ඒත් මෙවැනි අගය කිරීමක් කරන්න මූලිකත්වය ගැනීම ගැන අජිත්ට සිරස නමා ප්‍රණාමය පළ කරන්න ඕනේ.

හැබැයි මත බේදයට තුඩු දෙන බ්ලොග්, සම්මාන වලට නිර්දේශ නොකළ බව හේතු දැක්වීමෙදි කියල තිබුණ නිසා කොහෙත්ම අවුලක් නැති වුණා. 

ඇයි අප්පා රටේ ජනාධිපතිගෙ මල්ලි කෙටේරි පාරකින් මිය පරළොව ගිය අතීත හොල්මන් කතා ආයෙ ඇදල අරං  සම්මාන දෙන්නෙ කොහොමද යහපාලනේ පාර්ලිමේන්තුවේ කතානායකතුමා ප්‍රධාන අමුත්ත වෙච්චි සම්මාන උළෙලකදි.

මෙන්න ඒ බ්ලොග් කතාව.
http://nokieekatha.blogspot.com/2015/06/blog-post_23.html

කොහොමින් හරි අතිශය පෞද්ගලික කාරණයකට දවස් තුනකට ලංකාවට යන්න වුණාම නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලටත් ගොඩවැදුණෙ මේ වැඩේ අවංකභාවයෙන් කරන සද් ක්‍රියාවක් බව වැටහුණ නිසයි.

මදැයි ගියා. කිසිම පෙර දැනුම්දීමකින් තොරව මෙන්න "නොකී කතා"කාරයව තෑගි දෙන්න වේදිකාවටත් කැඳෙව්ව්.






 


මේකට මූලික වුණ කල්‍යාණ මිත්‍ර එතෙකින් නොනැවතී මෙන්න "නොකී කතා" නමත් උස්සල බ්ලොග් පෝස්ට් එකක් දාල.

************************************************
අජිත් එක වැරද්දක් කළා. ඒක තමයි නිර්දේශ වෙන වෙන ලිපිය එයාගේ බ්ලොග් එකේ ප්‍රසිද්ද කිරීම. ඇත්තටම අපි බලාපොරත්තු උනේ අවසන් නිර්දේශ ඒ කියන්නේ සම්මාන තුනක් දෙන කැටගරි වලට උපරිම නිර්දේශ 5ක් පමණක් වශයෙන් තෝරාගත් පසු පමණක් ඒවා ප්‍රසිද්ද කරන්න. නමුත් අජිත් සමහර කැටගරි වලට නිර්දේශිත නම් දහය දොළහා එයාගේ බ්ලොග් එකේ දැම්මා. මේක නිසා මට සිද්ද උනා සම්මාන උළෙලට සතියක් තියලා වෙනම පොස්ටුවකින් අවසන් නිර්දේශ කියලා යලි ඉදිරිපත් කරන්න.

මෙතැනදී පලවෙනි කොක්ක වැටුනේ 'නොකී කතා' ගෙන්. නමුත් කරුණු පැහැදිලි කිරීමෙන් පසු ඔහු ඉතා ඉහල මහත්මා ගුණයක් පෙන්නුම් කරමින් එයට ප්‍රතිචාර දක්වලා එපමණකින් නොනැවතී සම්මාන උළෙලට සහභාගී වීමට තරම් නිහතමානී උනා. එයට උපරිම රෙස්පෙක්ට් එක. ඒ වගේම පුංචි කොක්කක් විචාරක තුමාගෙනුත් වැටුනත් මම හිතන්නේ කරුණු පැහැදිලි කිරීමටත් ප්‍රථම ඔහු තත්වය තේරුම් ගත්තා. එලෙසම ඉතා ව්‍යාකුල තත්වයක හිඳිමින් පවා මේ අවස්ථාවට සහභාගී වී ඔහුගේ මහත්මා ගතිය පිළිබිඹු කිරීම ගැනත් මගේ උපරිම රෙස්පෙක්ක්ට් එක.

************************************************
මෙහෙම ලියල නැවතුණා නම් මදැයි. මුරුංග අත්තෙම නග්ගල.

හොඳ වෙලාවට බොහොම කාලෙකට කලිං මුරුංග අතු කඩාගෙන වැටිල තියෙන නිසා දැන් ලේසියෙන් නගින්නෙ නෑ.
************************************************
නොකී කතා.. හෙන්රි වර්ණකුලසුරිය.. බ්ලොග් වලදී දැක්කත් නැතත් හෙන්රි කියන්නේ ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙක්.. හෙන්රිට සෙට් වෙන්න පුළුවන් මේ ලංකාවේ ඕනෙම ගැදරින් එකකට.. ඒකෙ දෙකක් නෑ.. නොමිනේෂන් අතර තිබිලා නම කැපුනම ඒක ගැන කෙලින්ම ප්‍රශ්න කරන්නත්, ගැටුළුව තේරුම් කරලා දුන්නම මහත්මයෙක් වගේ ඒක පිලිගන්නත් ඉන් පස්සේ කිසි වෙනසක් නැතුව අනිත් උන් සම්මාන ගන්නවා බලන්න එන්නත් ඒ අවස්ථාවේ හදිසියේ ලද ආරාධනයෙන් නොපැකිලි වේදිකාවට නැග තම සගයින්ට සම්මාන පුද දෙන්නත් සාමාන්‍ය එකෙකුට බෑ. එකට එසේ මෙසේ පෞරුෂයක් නොව මහා කොන්දක් තිබිය යුතුයි. නේවි එකේ බාසාවෙන් කියනවනම් 'Respect You, Sir!
************************************************
ඔන්න ඉතිං...නේවි පාර්ට් මතක් වෙලා.

බලං යද්දි බ්ලොග් එකට කෙළලම නෑ. උස්සල තියලනෙ බොලේ...

මෙහෙම කිව්වම "නොකී කතා" නම  හොරකම් කළත් කමක් නෑ කියල හිතෙනව. 

කොහොමත්  බ්ලොග් වලින් දැන හඳුනාගෙන සම්මාන උළෙලෙදි පළමු වතාවට හමුවුණ  කල්‍යාණ මිත්‍ර සැබෑ "කල්‍යාණ මිත්‍රයෙක්"ම තමයි කියල හිතෙනව.

මෙන්න කලාහිත බ්ලොග් එක එහැම පිටින්ම.

http://kalahitha.blogspot.com/2016/03/blog-post.html



Tuesday, 22 March 2016

අනූ නමයෙන් බේරුණ "අනූවේ පරපුර"


"අනූවේ පරපුර" පිළිබඳ මතකය අලුත් වුණේ සුනිල් මාධව ප්‍රේමතිලක උපහාර උළෙල ගැන විවිධ කතාබහ කියැවීමත් එක්කයි.

80 දශකයේ හෝ ඊට පසු ඉපදුණ පරම්පරාවට, නාමික නිදහසින් පසු මේ දක්වා රටේ ඇතිවූ භීෂණයන් ගැන අත්දැකීම් නැති වීම තේරුම් ගත හැකි වුවත්, බොහෝ අය හැසිරෙන්නේ සියල්ල දත් විලසින්.

ඒ නිසාම මේ කතා බහට පෙර මතකයන් හාරා අවුස්සන්නට හිතුණා.

83 දී දෙමළාට විරුද්ධව ජාත්‍යාල ප්‍රහාර එල්ල කළේ යූ.ඇන්.පී. එකේ සිරිල් මැතිව් ප්‍රමුඛ ජේ.ආර්. ජනාධිපතිවරයාගේ හුරතල්ලු. ඒත් අන්තිමේට මේ නිහීන ප්‍රහාර වල වගකීම ජේ.වී.පී. එක මතින් යවා පක්ෂය තහනම් කළේ එක ගලකින් කුරුල්ලෝ දෙදෙනෙක් බිම දාගන්නටයි..

ජනතා විමුක්ති පෙරමුණ යටි බිම් දේශපාලනයට බලහත්කාරයෙන් තල්ලු කොට  දමන්නේ ඒ සමගයි.

එසේ නොවන්නට ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසය ලියැවෙනු ඇත්තේ එහැම පිටින්ම වෙනස් ආකාරයකින්.

උතුරේ සිදු කළ මානව විරෝධී හමුදා මෙහෙයුම් ඉදිරියේ සිය බලපරාක්‍රමය විදහා හළ ඉංදියාව මුහුදෙන් එවා බැරිම තැන අහසින් පරිප්පු දමා ජේ.ආර්. සිය අණසකට නතු කොට ගත්තා.

උතුරේ දෙමළ ජනතාවට පරිප්පු ඇතුළු ආහාර ආධාර රැගෙන එමින් තිබූ යුධ නෞකා ජේ.ආර්. ගේ නියෝග මත එවකට ලුතිනන් කොමාන්ඩර් තනතුරේ සිටි  රාජරත්න පළවා හරිද්දී නාවික හමුදා නිළධාරියෙකු ලෙස මට උතුරු ආරක්ෂක වළල්ලේ  ඒ ආසන්නයේම වූ මව් නෞකාවක සිටිමින්  සිද්ධිය  නිරීක්ෂණය කරන්නට වරම් ලැබුණා

ඉංදීය හමුදාව උපක්‍රමශීලීව ආපසු හැරී යාම  වරදවා වටහා ගැනීමෙන් ජයපැන් බිවූ අයට තරු පෙනුණේ පසුදා දේශ සීමා බලහත්කාරයෙන් තරණය කරමින්   ඉංදීය යුධ ගුවන් යානා මගින් ආහාර මළු  උතුරේ ගම්මාන වලට හෙළීමෙන් නොනැවතී, රජීව් ගාන්ධි පැමිණ  හොම්බෙන් ගොස් සිටි ජේ. ආර්. සමග ඉංදු-ලංකා  ගිවිසුම අත්සන් කොට ඉංදීය සාම සාධක  හමුදාව  අතට උතුරේ හමුදා පාලන බලය අත්පත්  කොට දීමත් සමගයි.

උතුරේ සටන් තීව්‍ර වෙද්දී, ඉංදීය සාම සාධක හමුදාව දෙමළාට එරෙහි අමානුෂික මෙහෙයුම් දියත් කරද්දී, දේපොළ මංකොල්ල කමින් කාන්තාවන් දූෂණය කරද්දී ලංකා රජය සිය සිංහල හමුදා දකුණට කැඳවූයේ දකුණේ කැරැල්ල මැඩ පැවැත්වීමටයි. 




මාසික වැටුපට රස්සාව කරන ලංකා රාජ්‍ය හමුදා සිය සුපුරුදු භීෂණය දකුණේ මුදා හරිද්දී, ජනාධිපති ධූරයට පත් ප්‍රේමදාස පැවසුවේ තමන් භාර ගන්නේ දෙකොණ ඇවිළුණ විලක්කුවක් බවයි.

මේ සමගම ජනතා විමුක්ති පෙරමුණත්, එහි සෘජු පාලනයෙන් මිදී මුදා හළ වෘක රැලක් සේ කටයුතු කළ එහිම දිගුවක් වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයත් ඉංදීය විරෝධී සටන් දියත් කළේ ජනතා ආකර්ෂණය දිනා ගනිමිනුයි.

දෙමළාට විරුද්ධව භීෂණය දියත් කළ සිංහල හමුදාව, සිංහලයාට එරෙහිව ගහලයෙකුගේ භූමිකාවට  අවතීර්ණ වෙමින් ගෙවල් වල නිදා සිටි තරුණයන් පවා පැහැර ගෙන ගොස් දස වද දී මරා දමන, අතුරුදන් කරන තත්ත්වයකට පත් වුණා.

එකල කවන්ධ මළ සිරුරු මහ මග අද්දර ටයර් සෑයන්හි දැවෙනු මෙන්ම ගංගා වල පාවී යනු සුලබ දසුනක් වුණා.












පැන්සල්, පෑන් වලින් ඇන කණ් අඩි පසාරු කරන, අත් පා වල නියපොතු උගුල්ලන, ලිඟුව මේස ලාච්චු වලට දමා වසන, අධෝමුඛයට එස්ලෝන් බටයක් යවා කටු කම්බියක් බස්සා බටය ඉවතට අදින, මිරිස් ගෝනි, වතුර ටැංකි වල හිස ඔබා හුස්ම හිර වෙන්නට හරින, නිරුවතින් එල්ලා යටි පතුල් වලට පහර දී අත් පා බැඳ ධර්ම චක්‍රයේ ගසන, තරුණියන් දූෂණය කරන ආකාරයේ මෙකී නොකී දස වද බන්ධන දෙන්නට සමහර හමුදා පුද්ගලයන් පසු බට වුණේ නැහැ.






සන්නද්ධ කැරැලි වලින් බලය ලබා ගන්නට උත්සහ කරන බොහෝ ව්‍යාපාර වලට සිදු වන්නා සේම නායකත්වය විනාශ කරන මොහොතේම එකී ව්‍යාපාරය වළ පල්ලට යනු දකුණේ මෙන්ම උතුරේ අරගල වලදී සාක්ෂාත් වුණා.

රෝහණ විජේවීර  ප්‍රාණය නිරුද්ධ වන්නට පෙර සොහොන් ගත කිරීමෙනුත්, වේලුපි‍ලලේ ප්‍රභාකරන් කලපුවකදී මරා දැමීමෙනුත් සන්නද්ධ ව්‍යාපාර දෙකක් යුධමය වශයෙන් අඩපණ කරන්නට රාජ්‍ය හමුදා සමත් වුණා.






88-89 ධවල භීෂණය ලෙස හඳුන්වන ප්‍රේමදාස ජනාධිපතිවරයාගේත්, රනිල් අගමැතිවරයාගේත් අනුදැනුම මත මුදා හල භීෂණය නිමා වන්නට කලක් ගත වෙද්දී ඊට සම්බන්ධව සිටි මෙන්ම හිතවාදීව සිටි, අනූනවයෙන් දිවි බේරා ගත් තරුණ පරම්පරාවක් තැන තැන හුදෙකලාව විසිරී සිටියා. 

ඉතා රහසිගත ආකාරයට තරුණයන්  සම්බන්ධතා ගොඩ නගා ගත්තේ එකිනෙකා පිළිබඳ සැකයෙන්. ඊට හේතුව වුණේ කොටසක් ගෝනිබිල්ලන් ලෙස කටයුතු කරමින් තමන් සමග එකට සිටි පිරිසක් පාවා දෙමින් සිටි නිසයි. තම දිවි බේරා ගැනීම සඳහා හමුදා වල සුරතලුන් බවට පත් වී අත්අඩංගුවට ගත් හෝ පැහැර ගත් සගයින් හෙළිදරව් කළ නිසයි.

මේ උණුසුම පහව යන්නටත් මත්තෙන්  "අනූවේ පරපුර" නමින් සාහිත්‍ය, කලාව පිළිබඳ කතිකාවතක යෙදෙන සංවිධානයක් ඇරැඹෙන්නේ 90 දශකයේ මුල් භාගයේදී.


ඊට මුල පිරෙන්නේ ධර්මසිරි ගමගේ කලාකරුවාණන්ගේ මූලිකත්වයෙන් සංවිධානය වූ කොග්ගල පැවැති තෙවන "යොවුන් පහන් වැට" සාහිත්‍ය සමුළුවේදී.


කිසිදු ආකාරයක දේශපාලන මතවාදීමය පදනමක් නොතිබූ  "යොවුන් පහන් වැට" සාමාජිකයන් ඉන් එහා වූ දැනුම්වත් කලාලැදි පිරිසක් බවට රූපාන්තරණය කිරීමේ වැදගත්කම අහුමුළු වල කතා බහ කෙරෙන්නට ගත්තා.


මීට මූලික වුණේ දකුණේ අරගලය හා අවියෝජනීය බද්ධව සිටි "අපේ කාලයේ ගෝරකි" ලෙස නම් ලැබූ විරෝධාකල්ප තරුණ කවියෙකු වූ චන්ද්‍රකුමාර වික්‍රමත්නයි. කමල් පී. අලහකෝන් නමැති කවියා මෙන්ම නාට්‍යකාරයාද ඊට එක් වුණා.


අනූවේ පරපුරේ අපි ඒදවස් වල දිවයින පත්තරේ සුනිල් මාධව ප්‍රේමතිලක සංස්කරණය කළ " 8 වෙනි පිටුව"ට කවි හා වෙනත් නිර්මාණ ලිව්වේ පුදුමාකාර ආශ්වාදයකින්.

චන්දරේගේ නිර්මාණ එහි නිතර පළ වුණා.

එවන් එක කවියක් මට මතකයට එන්නේ මෙහෙමයි. හිස් තැන පුරවා අඩුපාඩු ඇත්නම් සමාව භජනය කරත්වා.

"එකම අපායක අප සැම දැවෙන සඳ
වෙනම අපායක ඉන්නට පතයි නුඹ
................................................
කඳුළ කඳුළමයි කාගේ වුණත් මට"

"අනූවේ පරපුර" නමින් සංවිධානයක් පිහිටුවා ගැනීමේ මූලික සාක්ච්ඡාව පැවැත්වුණේ මට මතක හැටියට තරුණ බෞද්ධ සංගමයට හෝ මහා බෝධි සමාගමට අයත් පිටකොටුවේ ගොඩනැගිල්ලකයි.

එතැන සිටි අප කිහිප දෙනා අතර වික්‍රමරත්න, අලහකෝන්ට අමතරව හඳගම, වීරසිංහ, රෝහණ, ලලිත් වැන්නන්ද මේ සාකච්ඡාවට එක් වී සිටියා.

සංවිධානයේ ලිපිනය වුණේ කටුබැද්ද, ලක්ෂපතියේ මා නැවතී සිටි කුලී නිවසයි. එය අයත් වුණේ විදෙස් ගතව සිටි මොරටුව විශ්වවිද්‍යාල ආචාර්‍යවරයෙකුටයි.

"අනූවේ පරපුර" වැඩ වලට දයාසේන ගුණසිංහ, සුනිල් මාධව, සුනිල් ආරියරත්න, නන්දා මාලනී, රත්න ශ්‍රී විජේසිංහ, මොනිකා රුවන් පතිරණ වැනි කලාකරුවන්ගෙන් ලැබුණේ නොමද සහයක්.

අපි හාහාපුරා කියා වැඩ ඇල්ලුවේ දීප ව්‍යාප්ත "කාව්‍ය රචනා තරඟයක් හා වැඩමුළුවක්" සංවිධානය කිරීමෙන්.
එය පැවැත්වුණේ මොරටුව සර්වෝදය මූලස්ථාන බිමේදී.

මේ සඳහා එවකට එහි ලොක්කෙකු වූ හර්ෂ කුමාර නවරත්නගෙන් අවසර ලබාගන්නට දැනට අමෙරිකාවේ වෙසෙන දක්ෂ රංගන ශිල්පියෙකු වන ලින්ටන් සේමගේ උදව් කළා. ප්‍රවීණ කවියෙකු වන එවකට ශිෂ්‍යයෙකු ලෙස සර්වෝදයේ නැවතී සිටි තිඹිරියාගම බංඩාරත් අපට උදව් වුණා.

මා සහය අධ්‍යක්ෂණයෙන් සම්මාදම් වූ හඳගමගේ " මේ මගේ සඳයි" චිත්‍රපටය රූ ගත කරද්දී ලිංටන් ළඟින් ඇසුරු කරන්නට ලැබුණත් මා අධ්‍යක්ෂණය කළ "නොනිමි ගමන" කෙටි චිත්‍රපටය සමග ලොස් ඇන්ජලීස් ගිය වෙලාවේ එහි සිටි ලිංටන් සම්බන්ධ කර ගන්නට අවකාශ සැලසුණේ නැහැ.

දැනට ජර්මනියේ වෙසෙන සමාජ ක්‍රියාකාරිකයෙකු වන රෝහිත භාෂණ අබේවර්ධන ලියූ "ගම, මකුළ හා මම" නම් වූ කවිය තරඟයේ ප්‍රථම ස්ථානය ලැබුවේ විනිශ්චය කළ තිදෙනා වන දයාසේන ගුණසිංහ, සුනිල් ආරියරත්න, මොනිකා රුවන්පතිරණ තිදෙනාගේ ඒකමතික තේරීමෙනුයි.

භාෂණ "ලක්දිව" පුවත්පතේ කවිපිටුව සංස්කරණය කරන්නට සුනිල් මාධව විසින් තෝරාගනු ලැබුවේ මේ ජයග්‍රහණයෙන් ලද පිළිගැනීම නිසා වෙතැයි සිතනවා. කොහොමත් ඔහු දක්ෂ කවියෙක්.

අනතුරුව නන්දන වීරසිංහගේ "ගිං ගඟේ විලාපය", දයාසේන ගුණසිංහගේ "කේතුමතී හෝටලයේ රාත්‍රියක්", සුනිල් මාධවගේ "හඬනු මැන නිදහස" වැනි කෘති ජනගත කිරීමේ උත්සව "අනූවේ පරපුර" සංවිධානය කරද්දී නව පරම්පරාවක් තුඹසට ඇදෙන වේ රැළක් සේ සතර දිග් භාගයෙන් පැමිණ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ අතුරු සිදුරු නැතිව පිරෙන්නට වුණා.

සත්‍යපාල ගල්කැටිය වැනි පිරිස් පවා හිතාමතා හෝ විහිළුවට මෙන් "අනූවේ පරපුර" කියන්නෙ "අනූ නමයෙන් බේරුණ පරපුර"  කියා තැන තැන දොඩද්දී තත්ත්වය නරක අතට හැරුණා.

"අනූවේ පරපුර" පසුපස රහස් පොලිසිය සමීප වන බවත්, වෙනම ෆයිල් එකක් විවෘත කර ඇති බවත් දැනගන්නට ලැබීමත් සමග අපි මදක් පසු බැස්සේ 'පියවරක් පසුපසට, පියවර දෙකක් ඉදිරියට' න්‍යාය අනුගමනය කරමිනුයි.

එතෙක් නාවල, විවෘත විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිටි මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවයට යාමත් සමග කොළඹ සෙල්ලම් වලට තිත වැටුණා.






කෙටිකතා එක්ක කවි   කියවන්න. මෙතැනට යන්න


























"


















Sunday, 6 March 2016

අභීත පත්තරකාරයෙකුවූ මානවහිතවාදියා


සුනිල් මාධව ප්‍රේමතිලක ගැන අටුවා ටීකා ලියන්න යන එක  තේරුමක් නැහැ කියල හිතෙන්නෙ ඔහු ගැන බොහෝ දේ ලියැවිලා තියෙන නිසාත්, ‍සමාජය ගැන සවිඥානිකව ඉන්න බොහෝ දෙනා ඔහු ගැන දන්නා නිසාත්.

ඒත් සුනිල් මාධව ගැන මේ මොහොතෙ සඳහනක් නොකර ඉන්න මගෙ හිත දෙන්නෙ නැත්තෙ සුනිල් අයිය වෙනුවෙන් ඔහුගේ ජීවන අත්දැකීම් පොතක් විදිහට එළි දකින මොහොතක ඊට සහභාගි වීමේ වරම් අහිමි වීමේ කම්පාවත් එක්කයි.


සති කිපයකට පෙර  සුනිල් අයියාගේ දුකසැප බලන්නට කදමලු අත දරාගෙන ගිය මොහොතේ මගෙන් මෙහෙම ඇසුවා.

"මචං වර්ණෙ...උඹ කවදද ආපහු යන්න‍ෙ...?"

සුනිල් අයියා මට කවදත් කතා කළේ 'වර්ණෙ' කියලයි. මගේ නමේ මුලට තියෙන විදෙස් ඌරුවෙ 'හෙන්රි' නමට ඔහු එතරම් කැමැත්තක් නැතිවා වෙන්න ඕනෙ. මට 'වර්ණෙ' නමින් අමතන එකම පුද්ගලයාත් ඔහුම තමයි.

ඒකට මං මොනවා කරන්නද? මම දාගත්ත නමක් නොවෙයිනෙ.

"ඇයි සුනිල් අයිය එහෙම ඇහුවෙ"

"නෑ මචං මගෙ ජීවිත කතාව එළි දකින්නෙ මාර්තු 10. උඔ එදාට ඉන්නම ඕනෙ එකෙක්. අසංගි කියල පොඩි කෙල්ලෙක් බං මේ ලොකු වැඩේ සංවිධානය කරන්නෙ"

ඇත්ත. එදාට ඉන්නම ඕනෙ එකෙක් වුණාට මට ඉන්න වෙන්නෙ නැති බව මා කීව. ඇත්තටම පුළුවන් කමක් තියෙනව නං මං නොයිඳ ආපහු එන්නෙ නෑ.

ඒත් අපේ ජීවිත අපට ඕනෙ විදිහට හසුරුවන්න වරම් නෑ.


සුනිල් මාධව සමග සමීප ඇසුරේ අලගිය, මුලගිය තැන් එහෙන් මෙහෙන් සටහන් කළ "නොකී කතා" පොතේ පිටපතක් පිරිනැමුව මොහොතේ සුනිල් අයිය මාව බදා වැළඳ ගත්තේ සුපුරුදු සෙනෙහසින්.

පිටු පෙරලන්න නොහැකිව වෙව්ලන අතින් පොත අතපත ගාද්දී මම පොතේ පිටු පෙරලමින් ඔහුට උදව් වුණා. 


සුනිල් මාධව සංස්කරණය කළ දිවයින පත්තරේ "අටවෙනි පිටුව"ට ලිව්වත් මා මුලින්ම ඔහුව මුණ ගැහුණේ ඊට වසර කිහිපයකට පසුව "ලක්මිණ" පත්තරේ පටන් ගත්තාට පසුව බව මෙන්ම ඒ හමුව හා ඉන්පසු අප අතර වූ සබැඳියාව ගැන මා "නොකී කතා" පොතේ සුනිල් මාධව ප්‍රේමතිලක වෙනුවෙන් වෙන් කළ පරිච්ඡේදයේ සටහන් කොට ඇති නිසා ඒ ගැන වැඩිමනත් ලියන්නේ නැහැ.

සුනිල් මාධව සෙවනේ මහගිරිදඹ තරණය කළ බෙහෝ දෙනෙකු අතින් ඉටුවිය යුතු සද්කාර්යයක් අසංගි අංජු විජේසූරිය නම් වූ රසිකාවිය කරටගෙන සිටිද්දී ඒ වෙනුවෙන් කළ හැක්කේ හැකි සෑම දෙනාම මේ අවස්ථාවට සහභාගිවීම කියලයි මට හිතෙන්නේ.

මේ සද්කාර්යය ගැන තැන තැන කියවෙන විවිධ කතාබහට අසංගි සොයුරිය ෆේස්බුක්හි දැක්වූ ප්‍රතිචාරය මෙසේ ගෙනහැර දක්වන්නට කැමැතියි.

++++++++++++++++++++++++++++++++++++++++++
සහෝදරවරුනි.. ඉතාම කෙටියෙන් පැහැදිලිව කිවයුතු යමක් ඇත. මෙම
උපහාරය දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් මඟින් සංවිධානය
කරන්නක් නොවේ.
නමුත් පක්ෂ බේදයකින් තොරව පුද්ගලිකව සියල්ලන් මට මේ විටත් විවිධ කාර්‍යන්හිදී සහය පළකර ඇත.හදවත් ඇත්තන් සහ සුනිල් මාධව ප්‍රේමීන් ලෙස ඔවුන්ගේ සහය ලබාගත්තා මිස දේශපාලන මතය මත ලබාගත් සහයක් නොවේ.

මෙහි නිවේදන කටයුතු කිරීමට අසංක සායක්කාර සම්බන්ධවන පමණින්, සංවිධාන කටයුතුවලට නලින්ද සංජීව ලියනගේ සහය දෙන පමණින් මෙය පෙරටුගාමී සමාජවාදී පක්ෂය මඟින් සංවිධානය කරන්නක් බව සිතා සිටින්නන් පිළිබඳව කණගාටු වෙමි. ඔවුන් දෙදෙනාම පෙරටුගාමීන් බව සත්‍යකි. නමුත් මේ සඳහා මා ඔවුන්ගේ සහය ලබාගත්තේ පුද්ගලිකව සුනිල් අයියා පිළිබඳව ඔවුන් තුළ ඇති හිතෛෂීභාවය හේතුවෙනි. මෙය මාගේ පුද්ගලික මුදලින් සහ මගේ හිතමිතුරන්ගේ සහයෙන් සිදුකරන්නක් මිස වෙනයම් පක්ෂයක හෝ කණ්ඩායමක ක්‍රියාවක් නොවේ.

හදවත් ඇති පෙරටුගාමීයෝත් හදවත් ඇති ජවිපෙ සහෝදරවරුනුත් මේ සඳහා දේශපාලනික මතය පසෙකලා පුද්ගලිකව මට සහය දුන් අතර එසේ දුන් හා දෙන සහය ඉතා අගයකොට සළකමි.
සුනිල් අයියා යනු ජවිපෙ සහෝදරත්වයටත්, පෙරටුගාමීන්ටත් පමණක් නොවේ මෙරට තුළ සියලු මානවහිතවාදීන්ට පෙරගමන්කරුවෙකු වූ චරිතයකි.එබැවින් සුනිල් අයියා සිය 50 වසරක මාධ්‍ය ජීවත අත්දැකීම් අතීතාවලෝකනය කරන මොහොතේ, ඔහු විසින්ම ලියූ සිය මාධ්‍ය ජීවිත අත්දැකීම් සහිත "නොනිමි ජීවිත කතාව" එළිදක්වන මොහොතේ, ඔහු වෙත ජනතා උපහාර පිරිනැමීමට සියලු සුනිල් මාධව ප්‍රේමීන් එක්විය යුතුබව මඟේ හැඟීමයි.
මෙම උළෙල යම්කිසි දේශපාලන පක්ෂයක් විසින් සංවිධානය කරනවා යැයි වැරදි වැටහීමකින් යුතුව, මීට සහය පළකිරීමෙන් හා සහභාගීවීමෙන් වැළකී සිටින සියලු මාධ්‍ය ආයතන, සංවිධාන සහ දේශපාලන කණ්ඩායම් වලට එම වැරදි වැටහීම ඉවත්කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
එසේ වැරදි වැටහීමකින් යුතුව මෙම උළෙල වර්ජනය කිරීමට උත්සහ කිරීමෙන් පැහැදිලිවම ප්‍රකට වන්නේ, වත්මන් සමාජ දේශපාලන ව්‍යාපාර තුළින් සහෝදරත්වය සහ මානුෂිකත්වය ගිලිහී ගොස් ඇතිබවයි.
එසේ ගිලිහී යන මානුෂිකත්වය සහ සහෝදරත්වය යළි අවුලුවාලමින්, පුබුදුවාලමින් "සුනිල් අයියා" වෙනුවෙන් ,ඔහුගේ 50 වසරක සමාජ හා මාධ්‍ය මෙහෙවර උදෙසා උපහාර පිදීමට මා හා අත්වැල් බැඳගන්නා මෙන් මෙම උළෙලේ සංවිධායක ලෙස සියලු සුනිල් මාධව ප්‍රේමීන්ට හෘදයාංගමව ඇරයුම් කරමි!!
ඔබ
වර්ණ වශයෙන් රතු, කහ, කොළ හෝ නිල් විය හැක..
වෙනත් වර්ණයක් ද විය හැක..
එහෙත් එහැම වර්ණධාරියෙකුගේම හදවත රතු යැයි මම හඟිමි..
ඒ ලෙයෙහි රතයි..
සුනිල් අයියා දරන්නේ අන්න ඒ රතයි..
ඉතින් වර්ණහරණය කර ඔබත් එන්න..
සුනිල් අයියාගේ හදවත දකින්න..
මේ සත්‍යවාදියෙකු සිය අඩසියවසක මාධ්‍ය සැමරුම් අතීතාවලෝකනය කරන මොහොතයි..
එතැනට ඔබේ වර්ණයන් රැගෙන ආ යුතු නැත..
මන්ද ඒ මනුෂ්‍යත්වය වර්ණවත් කළ සුනිල් අයියාගේ සැදෑව බැවිනි..

අසංගි විජේසූරිය
++++++++++++++++++++++++++++++++++++++++++

සුනිල් මාධව ප්‍රේමතිලකට ආදරය අැවැසි මොහොතක කුහක දේශපාලන
පාට කන්නාඩි පසෙකලා, පංගුපේරු ඉවතලා, සුනිල් අයියාගේ භාවිතයේ හෝ පෞද්ගලික ජීවිතයේ කෝන්තර හුවා දක්වන්නේ නැතිව මාර්තු 10 දා කොළඹ මහජන පුස්තකාලයට මොහොතකට ගොඩවදිනවා කියන්නේ මරණය පෙනි පෙනී එක්තරා අඳුරු යුගයක සුවහසක් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් අභීතව පෑන මෙහෙයවූ සෙන්පතියෙකුට දක්වන

අනුපමේය ලෙන්ගතුකමක්.....

කළගුණ සැළකීමක්.......








කෙටිකතා එක්ක කවි   කියවන්න. මෙතැනට යන්න

Thursday, 28 January 2016

පොලිසිය ගැන බලු කතා





















මේ දවස් වල පොලීසිය ගැන එක එක විදිහෙ කතා ඇහෙද්දි පොලිසියට සම්බන්ධ නොකී කතා දෙක තුනක් මතක් වුණා. 

මේවා සමාජයෙ සිද්ධ වෙන, අහන දකින පත්තර වල යන විදිහෙ කතා වුණාට මට පෞද්ගලිකව ලැබුණු අත්දැකීම් නිසා කියල දාන්නම්.

ලංකාවෙ පොලිසිය බලු නොවටී කියන්නෙ නිකම්ම නොවෙයි. බලු කතා කියන එක පොලිස් බල්ලන්ටත් අපහාසයක්.

පොලිස් සුනඛයො තව හොඳයි. අඩුම ගානෙ කන්න දෙනවට, රැකබලා ගන්නවට හිලව්වට හොරෙක් හතුරෙක් ඉව කරල හරි අල්ලල දෙනව.

ඒත් පොලිස්කාරයන්ගෙ වේෂයෙන් ඉන්න පොලිස් බල්ලො අපේ බදු මුදල් වලින් පඩි අරගෙන, ඒ මදිවට අපිටම අංචිය අදිනව.

ඒ හංද මේ ලියවිල්ලෙ පොලිස් බල්ලො කියන්නෙ සුනඛයින්ට නොවෙයි ඕං.

(අර මාධ්‍ය සදාචාරයට අනුව මෙහෙම කියන්නෙ හැමෝටම නොවෙයි...හොඳ අයත් ඉන්නව කියල ලිව්වෙ නැත්තෙ මට මුණගැහිල තියෙන උංගෙන් 90% ක්ම ඒ වර්ගයෙ නිසයි. මේ හොඳට ඉන්න ඈයො පොලිසියට බැඳිල ටික කාලෙකින් බලු වෙනව. ඇස්පනාපිටම.)

තමංගෙ දේශපාලන කාර්‍යාලය ඇතුළෙ තමං හදාගත්ත උසාවියක නඩු අහන්න තරං නීතිවිරෝධී වැඩක් කළ හිරුණිකා පෝරුවට ගෙනියන්න වගේ සීරුමාරුවට උසාවියට වඩම්මන් යන පොලිසියම තමයි, මහ රෑ ගෙවල්වල තියෙන සාද වලට කඩං පැනල පිනට අරක්කු ඉලල්ල දුන්නෙ නැතිවුණාම තරුණයෙක්ව ගහල, කපල මරා දාන්නෙත්.

මේ කතාව ඒකට  හුරුව ලබාගන්න විදිහ ගැන කියවෙන එකක්.

1. දැනට අවුරුදු පහ හයකට කලිං මම හිතවත් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුගෙ චිත්‍රපටයක් මුදාහරින මොහොතෙ ඒකෙ මංගල දර්ශනයට අදාළ කටයුත්තකට සම්බන්ධ වෙලා උන්න.

මේ චිත්‍රපටයෙ නිෂ්පාදන අංශයෙ ලොකු වගකීමක් තිබුණ නෝන කෙනෙකුගෙ කාර්යාලයේ තමයි මේ වැඩ කරමින් උන්නෙ. 

කැලණි සරසවියෙ ඉගෙනගනිමින් හිටිය ගෑනු ළමයි වගේකුත් පාර්ට් ටයිම් වැඩ විදිහට එතන අපට සහයෝගය දුන්න. 

එක දවසක් නපුරු ආරංචියක් ආව.

අර නෝන මහත්තයගෙ සහෝදරියක් ගේ ඇතුළෙ මරා දාල.

අපි වහාම තොටළඟ පැත්තෙ ගෙදරට පිටත් වුණා.

එතන එකම මළගෙයක්.

සමාජයේ වැදගත් රස්සාවන් කරමින් උන්න මේ පවුල එක රැයින් නිහීනයෙකු විනාශ කරල.

සිද්ධිය හිතාගන්න බැරි ප්‍රහේලිකාවක්.

සිද්ධිය මෙහෙමයි.

මහත්තය වැඩ ඇරිල ගෙදර ඇවිත් තියෙන්නෙ අඳුරු වැටෙන්න ඔන්න මෙන්න. ඒ වෙලාවෙ නෝනම තමයි ස්වයංක්‍රීය ස්විචය ඔබල rolling gate එක ඇරල තියෙන්නෙ. 

මහත්තය ඇවිල්ල ටිකකිං ආයෙම එලියට යද්දි වයසක අම්මයි දුවයි පහළ තට්ටුවෙ tv බලමින් ඉඳල තියෙන්නෙ. 
නෝන උඩ තට්ටුවෙ ඇඳුම් මදිමින් උන්නෙ.

මට මතක විදිහට පැය බාගෙකට වැඩි කාලෙකට පස්සෙ අම්ම හොයාගෙන දුව එද්දි ඇඳ උඩ අඩ නිරුවතින් මරා දාල.

ඉන්පසු ඇති වුණ තතත්වයන් මම විග්‍රහ කරන්න යන්නෙ නෑ.

මිනීමරුවව පොලිසිය හොයාගත්ත ඉතා කෙටි කාලෙකින්. ඒ අතින් පොලිසිය දක්ෂයි. කොහොමත් සල්ලි බාගෙ තියෙන, සමාජයේ පිළිගැනීමක් තියෙන අයගෙ ඒවට ක්ෂණික ප්‍රතිචාර.

මිනීමරුව පොළොන්නරුව පැත්තෙ ඉඳන් ගොඩනැගිලි ඉදිකිරීම් වල අත් උදව්වට ආව කුලීකාරයෙක්.

ඒකත් කෙටියෙන් කියන්නම්කො.

මේ හාදය එක්ක ඔය නෝන එකම දවසයි කතා කරල තියෙන්නෙ. ඒත් හාදය පාරෙ යද්දි බැල්කනියෙ ඉඳං.

නෝන හවසට වැඩ ඇරිල ඇවිල්ල බැල්කනියට වෙලා ටිකක් ඉන්නවලු. සමාන්‍යයෙන් වැඩ ඇරිල ගෙදර එන්නෙ එකම වෙලාවට හංද බැල්කනියට යැවෙන්නෙත් එකම වෙලාවට වෙන්නැතිනෙ.

මේ හාදය වැඩ ඇරිල යන්නෙත් ඔය වෙලාවට. සමහර විට නෝනව බලන්න ඒ වෙලාවටම එතනින් ගියාමද දන්නෙ නෑ කියල හිතෙන්නෙ කතාව ඇහුවමයි.

මේ පුද්ගලයට නෝන පිළිබඳ සිතක් පහළ වෙලා. දවස් ගාණක් පෙරුම්පුරල එක දවසක් වචන කීපයක් කතා කරල. කතා කරන්න ඕනෑවට පරණ බඩු විකුණන්න තියෙනවද හරි ඒ වගේ දෙයක් ගැන හරි අහල.

නෝන ඉතිං හිතේ අවුලක් නැතිව හොඳින්, සුහදව උත්තර දීල. කවුද හිතන්නෙ එහෙම එකෙක් මෙහෙම හිතයි කියල.

අනතිමේදි නෝන එක්ක බුදිය ගන්න තියෙන ආසාව මේ කතා බහෙන් පස්සෙ පිස්සුවක් වෙච්චි මේ හාදය එළියෙ රැකගෙන ඉඳල මහත්තය පිටතට යන්න ගේට්ටුව උස්සපු ටිකට වත්තට රිංගගෙන තියෙනව.

ඊට පස්සෙ කොහොමින් හරි උඩ තට්ටුවට පැනගෙන නෝන ඇඳුම් මදින කාමරයට ගිහිං ආයුධයක් පෙන්නල බය කරල මරාදාල, දූෂණය කරල හීං සිරුවෙ වත්තෙ අනෙක් පැත්තෙ පාළු ඉඩමට පැනල පළා ගිහිං.

පොළොන්නරුවේ ගමට ගිහිං මොකුත් නොවුණ වගේ ඉද්දි අලල් ගත්තෙ අරං ගිය ෆෝන් එකට වෙන සිම් එකක් දාල පාවිච්චි කරන්න ගත්ත නිසා ෆෝන් එක තියෙන ඉසව්ව trace කරලයි.

ඊට පස්සෙ මේ හාදයම තමයි උඩින් ලියල තියෙන සිද්ධිය වුණ ආකාරය වමාරන්න ගත්තෙ.

පොලිසිය මේකව කොළඹ ගෙනැවිත් ඉතා හොඳින් සංග්‍රහ කරල සියල්ල ගැන ප්‍රකාශයක් ගත්ත. ඒ විස්තරේ මුගෙ හඬින්ම පටිගත කළා.

අම්මවයි, බිරිඳවයි ගෙන්නල මූ ඉස්සරහම රෙකෝර්ඩ් එක දාල අහන්න සැලැස්සුව. මූ ඒ අය ඉදිරියෙ වරද පිළිගත්ත.

නඩු නෑ. උසාවි නෑ. හිර ගෙවල් නෑ. එල්ලුම් ගස් නෑ.

මූව අල්ලපු වත්තෙ කෙසෙල් පඳුරක් ළඟ හංගපු ආයු‍ධය
පෙන්නන්න එක්ක ගිහිං, මිනිමරුව පොලිස්කාරයන්ට බෝම්බයකින් ගහන්න ගියාම ආත්මාරක්ෂාව සඳහා වෙඩි තියල මරා දාල chapter එක close කළා. 

හැමෝම සතුටු වුණා. පොලිසියෙ ලොක්ක පොර වුණා.

මාව නං කොර වුණා. ඒක බලු වැඩක් නොවෙයිද.

----------------------------------------------------------------------------------

2.  පොලිසිය සල්ලි වලින් වගේම භාණ්ඩ වලිනුත් පගා, කප්පන් ගන්නවනෙ.

මස් කඩේට ගියාම හොඳම මස් කුට්ටිය අරං යනව. අපිට ඇහෙන්න සල්ලි එමින් ගමන් දෙන්නං කියනව. තැබෑරුමට ගිහින් අරක්කු බෝතල් නිකං හරි නිකංම වගේ පොඩි ගාණකට හරි ගන්නව.

පාරෙ වාහන පදවද්දි හැංගිලා ඉඳල පාරට පැනල අල්ලගෙන ගාන කපනව.

අවුරුදු ගාණකට කලිං ඔහොම වැඩක් වුණා. අපි නුවර ඉඳං කොළඹ එමින් උන්නෙ. කඩුගන්නාවෙදි මම විදපු ගල අස්සෙන් කාර් එක දැම්ම. මෙන්න බොලේ පොලිස්කාරයෙක් අත දැම්ම.

මම කාර් එක ටිකක් ඇතින් නවතල ආපස්සට ඇවිදගෙන ආව. වැරැද්ද මට පැහැදිලි කළා. මම ඒක දැනන් උන්නෙ නැහැ කීවම නොදැන සිටීම නීතිය ඉදිරියේ රැකවරණය ලබන්න හේතුවක් නොවන බව මට කියා දුන්න.

දඬුවම දඩයක්. දඩ කොලේ ලියන්න ලයිසන් එක ඉල්ලුව. මම මා ගැන පොර ටෝක් එකක් දුන්න. ඒ කාලෙ වැඩ කළේ ස්වර්ණවාහිනියෙ නිසා එහෙම කතා කළාම ෂේප් වෙන්න පුළුවනි. "අදට යන්න දෙන්නම්. අපිටත් වැරැද්දක් වුණාම ඕකෙ නොදා චාන්ස් එකක් දෙන්නෙ නැතැයි" ඔය වගේ දෙයක් කියල යවනව.

මේ පොර නං එක්කෝ දඩයක් ගහනව. නැත්නං ගාණක් කපනව.

මොකද පොලිස්කාරය කිව්ව මං මෙතන ඉන්නෙම ඔතනින් දාන අයව අල්ලන්නම තමයි කියල.

හරි නං කරන්න තිබුණෙ ගලට කලිං ඉඳල එතනින් දාන්න යන අයව නවත්තන එකනෙ. කරන්න යන්නෙ බලුවැඩක් කියල මට හිතුණ.

ඉන්න පර්ස් එක අරං එන්නං කියල ටිකක් ඉදිරියෙන් තිබුණ කාර් එකට නැංග මම කඩුගන්නාව පල්ලමේ හැටට හැටේ නොවෙයි සීයට සීයේ වේගෙන් ඇද්ද ඇදිල්ලක්....මාවනැල්ලට ගිහිනුයි වේගය අඩු කළේ.

පස්ස ෂීට් එකේ උන්න පුතණ්ඩිය ඇරල යං තාත්තේ කිය කිය ඔත්තු බැලුවෙ පොලිසිය පස්සෙන් පන්නනවද කියල බලන ගමන්මයි.

--------------------------------------------------------------------------------

3.  මේ කතාව සිද්ධ වුණේ මාස ගාණකට කලිං.

ලංකාවට ගියාම මං කොළඹ ඉන්නව නං නවතින්නෙ පුතා එක්ක, නුගේගොඩ.

එහෙම දවසට උදේට කෑම ගන්න මං එන්නෙ නාවල පාරෙ අලුතෙන් හදපු පාර්ක් එක ළඟින් පාගොඩ පාරට හැරෙන විකල්ප මාර්ගයට ඇතුළු වෙන හංදිය ළඟ කඩේට.

එතන පදික වේදිකාව පළලයි. පාර බ්ලොක් වෙන නිසා පාර අයිනෙ නවත්තන්නෙ නැතිව පොඩ්ඩක් පේව්මන්ට් එකට වෙන්න වාහන නවත්තල මිනිස්සු කෑම අරං යනව.

මාත් එහෙම නැවැත්තුව. කෑම අරං එද්දි හංදියෙ ට්‍රැෆික් කොන්ට්‍රෝල් කරපු රාළහාමි කාර් එක ළඟ.

යනකොටම සද්දෙ දාන්නගත්ත. මම වැරැද්ද මොකක්ද ඇහුව. "පදිකවේදිකාව අවහිර කිරීම."

"අනෙක් වාහනත් නවත්තනවනෙ." මම කිව්ව. "දැන් තියෙන්නෙ මේකනෙ. කෝ දෙන්න ලයිසන් එක."

මම පොලිස්කාරයන්ට ලේසියෙන් ලයිසන් එක දෙන්නෙ නෑ. ලයිසන් එක දුන්න ගමං අපි බලු වෙනවනෙ.

මං රට ඉඳං ආව බවත්, දවස් දෙකකින් යන බවත්, තව ටිකකින් අසනීපෙන් ඉන්න තාත්ත බලන්න ගමේ යන බවත් නඩු දැම්මොත් උසාවි එන්න නං වෙන්නෙ නැති බවත් මම කිව්ව.

කරන්න දෙයක් නෑ.... උසාවි දාන්නම වෙනව කියල ලයිසන් එක ඉල්ලුවෙ මා එක්ක සෙල්ලං කරන්න එන්න එපා. නීතිය කාටත් එකයි කියල පාරම්බාමින්.

මම කිව්ව "එහෙනම් ලියන්න. මට ලයිසන් ඕනෙ වෙන්නෙ තව මාස ගාණකින් ආයෙ ලංකාවට ආවමනෙ. එතකොට ගන්නං" කියල.

ලයිසන් එක අරං බයික් එක ළඟට යන්න කිව්ව පොලිස්කාරය ට්‍රැෆික් කොන්ට්‍රෝල් වැඩේ පටං ගත්ත. හිතාමතාම මාව රස්තියාදු කළේ මට වැඩේ එපා කරවන්න කියල තේරුණේ පැය කාලකට විතර පස්සෙ ඇවිත් කිව්ව දෙයින්.

ලයිසම අතට ගත්ත පොලිස්කාරය කියනව "ඕකට ඉතිං ගොඩක් රස්තියාදු වෙන්න වෙනව. රට යන්නත් තියෙවනෙ. මං ගෙවන්නං වෙන වරදක් දාල. මේ වරදට නං උසාවිම තමයි. මහත්තය දාහක් දීල යන්න" කියල.

මෙච්චර වෙලා නීති කතා කළ එකාගෙ තුප්පහි වැඩේ ගැන මට මළ පැන්න. හරි උඹට දෙන්නං කියල මම හිතාගත්ත.

මගෙ අතේ තියෙන්නෙ පන්සීයයි කිව්වම මිනිහ කිව්ව මොනා කරන්නද ඒකට හරියන්න වරදක් ලියල දඩේ ගෙවන්නං කියල. 

ලයිසන් එකයි, බලපත්‍රය අස්සට දාපු සල්ලියි බයික් එකේ සීට් එක උඩින් තියන්න කිව්ව. මම එහෙම කළා. මොනවද කුරුටු ගගා ඉඳල ලයිසන් එකයි, බලපත්‍රයයි මට දෙද්දි පන්සීය දඩකොල ලියන පොත ඇතුළෙ.

කොහොමත් උදේට වෙලාවට කන්න බැරි වුණාම  මළ පනින මම කාර් එකට නැගල කෙලින්ම ගියෙ මිරිහාන පොලිසියට.

ක්‍රාෂ්...ගාල ගේට්ටුව ළඟ කාර් එක බ්‍රේක් ගැහුවම කොස්තාපල් දුවගෙන ආව. "මම ආවෙ පොලිසියට විරුද්ධ පැමිණිල්ලක් කරන්න. ලොකු මහත්තයගෙ ඔෆිස් එක කොහෙද...?" බඩගින්නෙ මළෙන්ම මං ඇහුව. ප්‍රශ්න මොනාත් නෑ. තැන පෙන්නල, කාර් එක පාර්ක් කරන තැනත් පෙන්නල බැරියර් පොල්ල ඉස්සුව.

මිරිහාන පොලිසියේ HQI දේශබන්දු, පාර්ලිමේන්තු රාජකාරි සඳහා පිටත් වෙන්න ඔන්න මෙන්න. මම එතන හිටිය පොලිස් කාන්තාවකට කිව්වා පොලිසියට විරුද්ධව පැමිණිල්ලක් කරන්න අවශ්‍යයයි කියල.

හැරෙන තැපෑලෙන් කැඳවීමක් ලැබුණ. දේශබන්දු අර මම මුලින් කිව්ව 10% ට අයිති කෙනෙක්.

විස්තරේ කිව්වා. Ex Navy Officer බවත් කිව්වා. රාළහාමිට ඒ බව කිව්වෙ නැද්ද ඇහුවා. මම පුරවැසියෙක් විදිහට එහෙම කියන්නෙ නෑ කිව්වා.

Traffic OIC ට එන්න කිව්වා. මේ හිටපු හමුදා නිළධාරියෙක්. මොකාද අතන duty ඇහුවා. ජයන්ත කිව්වා. කළු කෙට්ටු එකාද කියල මගෙන් ඇහුවා. ඔව් කිව්වා.

"ඔය හුත්තිගෙ පුතාව දැන් ගෙන්නල මේ මහත්තයගෙ සල්ලි ඉල්ලල දීල මං එනකල් මෙතන තියන්න" කිව්වා.

Traffic OIC මාව එක්කන් ගිහිං ජයන්තගෙ අම්ම මෝ ඇරියා. වහාම පොලිසියට වාර්තා කරන්න කිව්වා. "මම කිව්ව මට දඬුවම් කරන්න අවශ්‍ය නෑ. සල්ලි ඕනෙත් නෑ. මම උදේට කාලත් නෑ. පුතත් බඩගිනෙ. මම යන්නම්. "ජයන්ත රාළහාමිට අවවාද කරන්න" කියල.

අපෝ බෑ. ලොක්ක මගෙ ඔළුව කයි. සමාවෙලා පොඩ්ඩක් ඉන්න කිව්වා.

ජයන්ත ආව. මාව දැක්කම uniform එකේ චූ ගිය ගානයි.

"කැරි හුත්තිගෙ පුතෝ මේ සර්ගෙන් ගත්ත 500 දීපන් " කිව්වා. 

ජයන්ත බය වෙලා, ගල්බීත වුණා. සල්ලි සාක්කුවෙන් ගත්ත. "මම ආවෙ පගාව ආපහු ගන්න නොවෙයි. මට කතා කරපු විදිහයි, රස්තියාදු කරපු විදිහයි වැරැදියි කියන්නයි මට ඕනෙ."

" මේ ඉන්නෙ අපට වඩා වැදගත් uniform එකක් ඇන්ද මහත්තයෙක්. බලුවැඩ කරන්න එපා."

" මට කිව්ව නං හමුදාවෙ උන්න බව මං මේක ගන්නෙ නෑ"

"මං මොකටද ඔහේට කියන්නෙ මගෙ පැටිකිරිය...මමත් මේ රටේ තවත් පුරවැසියෙක්" මම කිව්වා.

"ඈ පරයො කොයි පොතේද තියෙන්නෙ දඩත් ගහල පොලිස්කාරයම දඩේ ගෙවන්න කියල. බලුවැඩ කරන්න කලිං මිනිස්සු කවුද කියල බලපං"

Traffic OIC ගෙ අවවාදයේ අනෙක් පැත්ත වුණේ "බලුවැඩ කරපං...මිනිස්සු කවුද කියල බලල" කියන එකද කියල හිත හිත මං ගෙදර ගියා.




කෙටිකතා එක්ක කවි   කියවන්න. මෙතැනට යන්න